මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹීමට නියමිතය.
වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර වෙනුවෙන් මෙවර අගෝස්තු 15 වැනිදා කප් සිටුවීමේ උත්සවය පැවැත්විණි. 15 වැනිදා සිට දින 5ක් අභ්‍යන්තර පෙරහර පැවැත්වුණු අතර අද සිට කුඹල් පෙරහර වීදි සංචාරය කෙරේ.
අගෝස්තු 25 වැනිදා රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙන අතර එතැන් සිට 29 වැනිදා නිකිණි පෝදා අවසන් රන්දෝලි පෙරහර දක්වා නොකඩවා ගමන් ගන්නා පෙරහර අගෝස්තු 30 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරින් අවසන්වීමට නියමිතය.
මෙවරද පෙරහර වෙනුවෙන් දියවඩන නිළමේ තනතුර හොබවන්නේ ප්‍රදීප් නිලංග දෑල මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd