(මහින්ද නිශ්ශංක)
මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර හෙට (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත.
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම වායු සමනය කළ දුම්රිය ධාවනයට යෙද වු බව නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.
මෙම දුම්රිය යෙදවීම නිසා කොළඹ කොටුව- මහනුවර හා මහනුවර කොටුව අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය කරන දුම්රියන් හෙට (3) සිට අවලංගු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටුව කඩා බංකුවක් හදලා. මෙහෙමත් විකාර.
නව සේවාවක් එකතු වීම හොඳයි. නමුත් මේ කරල තියෙන්නේ අටුව කඩා පුටුව හැදීමක් නෙමේද? කොළඹ-නුවර දුම්රිය සේවය දියුණු නොකරන්නේ මන්ද? එන්න එන්නම බස්වලට ගතවන කාලය වැඩි වනවා මිසක් කිසි ප්‍රගතියක් නැහැ. තිබෙන දුම්රියත් නවත්තලා දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ?
සීගිරියට සුද්දන්ට යන්න වැසිකිළි නැහැ.
කොළඹ වගේ නෙමෙයි... ඒ පැත්ත හරිම සීතලයිනේ.
සුද්දන්ට යන්න වැසිකිළි නැහැ කියන්නේ අපේ අය යන්නේ මහපාරේද? මහලොකුවට නිදහස අරගෙන වසර 70යි කියලා මහා තොයිලයක් නැටුවා. රටේ අයට තියා සුද්දන්ටවත් වැසිකිළි යන්න තැනක් නැහැ.
අපි නුවර වැව හිඳලා මඤ්ඤොක්කා වගාකරමු. ඕක දාන්න තිබුණේ අනුරාධපුර, යාපනේ වගේ පැත්තට... උඩරටට වායු සමනය කළ දුම්රියක් අවශ්‍ය නැහැ. ශුවර් එකටම මේක පසුපස ඉන්නවා. බස් මුදලාලි කෙනෙක් දුම්රිය ස්ථානාධිපතිට අල්ලස් දීලා.
මෙන්න තවත් සුපිරිම යහපාලන සංවර්ධන ව්‍යපෘතියක්...
තවත් මහනුවර මගියා අතරමන් කිරීමක්. කොළඹ - නුවර පාරේ බස් එකේ පැය හතරක් යනවා. දුම්රිය තමා පිහිටට තිබුනේ. එ්ක වැඩි දියුණු කරන්න කියලා ඉල්ලුවම තියෙන එකත් නැතිකරනවා. පුදුම තීරණ. වැඩිම අදායම් තියෙන දුම්රිය ගමන් වාරයක් නවත්තලා... පුද්ගලික බස් මාෆියවද? හැමෝම වෙනුවෙන් මේ ප්‍රතිචාරය..
පුදුම තීරණ. මේ වගේ තීරණ අරන් අන්තිමට කියනවා ලංකාවට එන්නේ දවසකට ඩොලර් 100ක්වත් වියදම් කරන්නේ නැති දුප්පත් සුද්දොලු. ඒ මිනිස්සු එන එක ගැනවත් අපි සතුටුවෙන්න ඕනෑ. කොච්චර කිව්වත් සංචාරකයින්ට බලන්න තියෙන්නේ ලංකාවේ සීමිත ස්ථාන කිහිපයක් පමණයි. ඒවායෙත් ඒ මිනිස්සුන්ට කිසිම පහසුකමක් නෑ. විසිකිළි, කැසිකිළි, ආපනශාලා කිසිදෙයක් නියමිත ප්‍රමිතියකට එක්කෝ නෑ. නැතිනම් කොහෙත්ම නෑ. අනික අපේ අය ලොකුවට කියවනවා තැන් තැන් වල කුණු දානවා කියලා. මේ වගේ ස්ථානවලට එන මිනිහෙක් කන බත් එකේ ඉතුරුවෙන කසල ටික දාන්න හරි හමන් භාජනයක් තියනවද? තියන එකත් කට උඩටම පිරිල කාක්කො ඇද ඇද යනවා. පළාතම ඉවරයි. මං නම් කියන්නේ අපේ හැම කෙනෙක්ම දවස් දෙකකට හරි හොඳ දියුණු රටවලට යවලා ඒ රටවලින් ගත යුතු හොඳ දේවල් පෙන්වන්න ඕනෑ. මේක රජයේ ව්‍යාපෘතියක් විදියට ගියත් රටට එන වාසිය පැත්තෙන් ලාබයි. (හැබැයි දේශපාලන කාක්කන්ට කොමිස් නැති නිසා ක්‍රියාත්මක වෙන එකක් නෑ)
තුට්ටු දෙකේ සංචාරකයා යන්නේ අල්ලට... මෙයට කලින් 70 දශකයේ හික්කඩුවට ගියා වගේ රුපිය 800, 1000 කාමරයක් අරගෙන කුඩු, ගංජා ගහලා පළාතම නැතිකරන කොටසක් දැන් ඉන්නේ... මේ ප්‍රදේශයේ අර කවුදෝ ඇමති කෙනෙක් තමන්ගේ අලුතිෙන් පටන් ගත්ත ක්‍රමය කාටවත් ආදායමක් නැති, රටට විනිමය නොලැබෙන, එපාම කරපු මේවාට අනුබල දීමක්... මේ වෙන්නේ නුවර කොළඹ පැයෙන් පැයට දුම්රිය ධාවනය වුණත් යන්න එන්න මිනිස්සු ඉන්නවා. එ්ක වැඩ දියුණු නොකර මේ කරන විකාර අලුත් දුම්රිය ගමනක්ද?
සීතල කඳුරටට කුමටද වායුසමනය කළ දුම්රිය මැදිරි? මේවා සුදුසු උෂ්නාධික ප්රදේශවලටයි.
මෙම දුම්රිය යෙදවීම නිසා කොළඹ කොටුව-මහනුවර හා මහනුවර-කොටුව අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය කරන දුම්රියන් හෙට (3) සිට අවලංගු කර ඇත.. මේක වැරදි ආකාරයට ලියලා තියෙන්නේ. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙන දුම්රියන් කීවොත් සියලුම දුම්රියන් අයත් වෙනවා. නමුත් ඇත්ත කාරණාව වෙන්නේ සිකුරාදා හවස 05.20 කොටුවෙන් යන සම්පූර්ණ වායු සමනය කරන ලද දුම්රිය තමයි සෙනසුරාදා උදේට ඇල්ල බලා ධාවනය වෙන්නේ. නැවත එදිනම මහනුවර පැමිණ පසුදින එනම් ඉරිදා ඇල්ල මහනුවර ධාවනය කරලා... සඳුදා සුපුරුදු ලෙස අළුයම 05.50ට මහනුවරින් කොළඹට එනවා. මෙතැනදී අවලංගු වෙන්නේ සෙනසුරාදට මහනුවරින් සහ ඉරිදා හවස කොළඹින් එන සුඛෝපභෝගී දුම්රිය ගමන් වාර දෙකක් පමණි.
මෝඩ තීරණයක්ද?
අපේ රටේ ගුවන්තොටුපළ ළඟටම රේල් පාර හදලා තිබුණත්, ගුවනින් එන මගියකුට තම ගමන් මළු ට්‍රොලිය තල්ලු කරගෙන වෙන කෙනෙකුගේ උදව්වක් නැතිව දුම්රිය වේදිකාවට ඇවිත් දුම්රියෙන් කරදරයක් නැතුව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයට ලඟාවෙන්න ක්‍රමයක් නැහැ. වෙන රටවල මෙහෙම නැහැ. විනාඩි 10 -20 කොච්චි තිබෙනවා. ප්‍රධාන දුම්රිය ස්ථානයට ලඟාවෙන්න. අපේ ගුවන්තොටුපළට කරදරයකින් තොරව විදේශගත වෙන්න නම් වාහනයකින්ම යන්න ඕනේ. එමනිසා ඇතිවෙන වාහන තදබදය සුළුපටු නැත. අඩුම තරමේ විනාඩි 20-20 දුවන රේල් බස් සේවයක්වත් දමන්න බැරිද? මේවා ඔක්කොම ගුවන්තොටුපලේ ක්‍රියාත්මක වන ටැක්සි මාෆියාවේ වැඩ. .. ජනාධිපතිතුමනි, කරුණාකර ඔබේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන්න...
මටනම් හිතෙන්නේ මේවා කරන්නේ කිසිම අධ්‍යනයකින් තොරව කියලා....... දවස් දෙකක් දුම්රිය දාල ඉතිරි දවස් 5 මොකද කරන්නේ..........