චමිල් රූපසිංහ
මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට බාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ සේනනායක මහතා මේබව ප්‍රකාශ කළේය.
විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම සඳහා ජනපති කාර්යාලයෙන් ඊට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනපති උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ මෙහෙය වීමෙන් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන අප්‍රේල් මස 29 දිනට පෙර විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම ඔස්සේ හැමෝටම එකට එකතුවී පෙර සේ වෙසක් සමරන්නට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මහනුවර ඇතිවූ කලහකාරි සිදුවීම පිටුපස පිට පළාත් වලින් පැමිණි පිරිසක් සිටින බවත්, මේ වනවිට ඔවුන් හඳුනා ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මල්වතු මහා නාහිමිපානන් වහන්සේ හමුවේ පැවසීය. මහනුවර ජීවත්වන සාමකාමි ජනතාව උසිගන්වමින් නොයෙක් කඩාකප්පල්කාරී ඇති කිරීම සඳහා මොවුන් නායකත්වය ලබා දෙමින් සිටින බවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද ඒ අතර සිටින බවද යුද හමුදාපතිවරයා කීය.
යුද්ධයෙන් හමුදාවේ 2800 ක් මිය ගොස් 50000 ක් තුවාල ලද බවත් ඒ තිස් වසරක යුද්ධයේ ප්‍රථපල බවත් තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය නිමවී වසර 09 ක් යනවිට ජනතාවට අතීතය අමතක වන්නේ ඇයිද යන්න පිළිබඳව සැවොම සිතිය යුතු බවත් සේනානායක මහතා පැවසීය. නැවැත මේ රටේ යුද්ධයක් ඇති නොවන සේ කටයුතු කරන්නට බුද්ධිමත් ජනතාවට වගකීමක් තිබෙන බව කී හමුදාපතිවරයා භූමියේ කොටසක් හෝ ප්‍රදේශයක කොටසක් ඉල්ලන පිරිසකට එරෙහිව කරන සටනක් නොවන බවත් ඒ මහතා සදහන් කළේය.
වසර 30 ක් තිස්සේ යුද්ධයෙන් අප බැට කෑ බවත් නැවත ජාතිය පදනම් කරගත් ගැටුම් මේ රටට අවශ්‍යය නැති බවත් මල්වතු මහනාහිමියෝ පැවසූහ. නිදහස ලැබී 70 වසරක් ගෙවී තිබෙන මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන් තමන්ගේ දායකත්වය රටේ යහපතට නිවැරදි ලෙස ලබාදී තිබෙන්නේද යන ගැටලු සහගත මහනාහිමියෝ ප්‍රකාශ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නායකයන් තවම ඉහල තැන්වල ඉන්න එක විතරයි අපිට අස්වැසිල්ලකට තියෙන්නේ.
මෙන්න රටට අවශ්‍ය කරන නියම නායකත්වයක්!! යුද්ධ හමුදාපතිතුමනි, සියලු ජාතින් අතර සාමය සංහිඳියාව ඇති කිරීම සඳහා ඔබ තුමන් ගන්නාවූ මේ ප්‍රශංසනීය උත්සාහයට මේ රටේ සියලුම ජාතින්ට අයත් ජනතාව ඔබතුමාට සිය කෘතඥතාවය දක්වනු නොඅනුමානයි. ඊලග වෙසක් උත්සවය බෞද්ධයන්ගේ පමණක් නොව සකල ශ්‍රී ලාංකීකයින් ගේ සමගියේ සංහිදියාවේ උත්සවයක් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.
මොලේ නැති කම තමයි, අපරාදේ රටේ සල්ලි...
මේ වැය වෙන මුදල වැරදිකරුවන්ගෙන් අය කර ගත යුතුයි.
නිතරම ගැටුම් ඇතිවන්න් ප්‍රදහන හේතුවක් වන්නේ විෂම තත්වයන්ය,රැකියා ,අදායම්, වරප්‍රසාද, වගේ කරුණු මේවට පසුබිම් වෙනවා.පසුගිය චන්ද ප්‍රතිපල බැලුවහම පේනවා විශේෂයෙන් රටේ ඇත ප්‍රදේශ වල සිංහල ජනතාවත් කිසියම් පීඩන තත්වයක් ඇතුව සිටින බව.රටේ සිංහල බෞද්ධ ජනය ආදී පීඩනයෙන් සිටිය කලේ ජාතික නායකයින් ඉදිරි පත්වෙලා කටයුතු කල.එක උදාහරණයක් වනුයේ මේයින් වසර 130 කට පමණ පෙර බෞද්ධ ජාතික පාසල් රැසක් පිහිටුවීමයි.එමගින් විශේෂ ජනකොටසක් හදල දිර්ගකාලින වැඩපිළිවෙලක් කල.දැනුදු මෙම පිඩිත ජනතාවට ජන නායකයින් වැඩ පිළිවෙලක් සකස් කල යුතුව තිබෙනවා.මෙයට මහාසංඝය ගේ අසිර්වාදය ලැබිය යුතුයි.පසුගිය දිනවල පළාත් සභා බලගන්විමේදී ගත උත්සාහය ද මහසන්ඝ්යගේ ලැබුණු සහයෝගය ඉතා උතුම් ය.විශේෂයෙන් පන්සල් ආශ්‍රිතව මෙම වැඩ සිදුකල හැකිය.වැඩි අදායම් ලබන පන්සල් වලින් 10% මෙවැනි වැඩ සටහන් වලට යෙදිය හැකිය.මේවා සමහර ආගමික කොටස් ක්‍රියාත්මක කරති.ලෙඩට මුල සොයා ප්‍රතිකර්ම නොයෙදුවොත් සිදුවන්නේ ඇති භානයක තත්වයකි.
මිනිස්සු ජාති භේදයක් නැතිව පීඩාවට පත්වෙලා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා. බහුතරය කර කියාගන්න දෙයක් නැතිව ක්‍රෝධයෙන් වෛරයෙන් ඉන්නේ.ඉතින් පොඩි දේටත් ඇවිස්සෙනව.