ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා රිමාන්ඩ් කරන ලද හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
එසේ වුවත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය.
ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය අද (17 වැනිදා) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය විකාර නවතලා රටට වැඩක් කරන්න.
යමපාලනයට නඩු කැවිලා වගේ...
මට තේරෙන්නේ නැහැ. අපේ රටේ නීතිය කොහේද කියලා. මේ පට්ට දේශපාලන හොරුන්ට (රටේ මුදල් හොරකම් කරපු ගසා කාපු) රටේ නායකයා ඉඳලා ඔප්පු කරන්න සාක්කි පෙනිපෙනී තියෙද්දී නිකන් රටේ ජනතාවට පේන්නේ ඇතුළට අරගෙන ඇප දීලා එළියට දානවා. ඔය සරත් ෆොන්සේකාට ඇප දීලා එළියට දාන්න බැරි වුනාද? ඔය නඩු කාරයින්ට ඡන්දෙ ඉල්ලීම....
රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළාම එක දවසින් ඇප ලැබුණා. වික්ටර් රත්නායකගේ බිරිඳත් ඉතාම සුළු ගණනකටත් දවස් ගණන් අත් අඩංගුවේ ඇප නැතුව...
දැන් එතන නිකන් ගෙදර වගේ හුරු පුරුදු තැනක් වෙලානේ. අර සිලි සිලි මල්ලේ තිබුණු ඇඳුම් ටික එතන තියල ආවා නම් තමා හොඳ. මොකද ආයෙත් ආපහු යන්න වෙන එක ෂුවර් නේ. ඒකයි.
තාම මෙයාලට බයයි, එ්කයි මෙයාලා ගැන අදහස් පලනොකරන්නේ...
මෙහෙමත් රටක්... මේ වගේ අයට මෙහෙම නම් දුප්පත් අපිට මොන කතාද? අධිකරණයේ ඇති ලියවිල්ලක් අනිත් අධිකරණයට නොපැහැදිලි එකම රට අපේ රටයි. මේ හැම සාක්ෂියක්ම විද්‍යුත්කරණයට ලක් කළාම සැමට සියලු තොරතුරු ඉක්මණින් ලබාගත හැකියි නේද?
මහා පරිමාණ වංචාවකට අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න බැරි අධිකරණයක්. මේ ඒකාබද්ධයේ නියෝජනය කරන වාචාල කටක් තියන අවුරුදු නවයකදී මහා ධන කුවේරයෙක් වූ සාමාන්‍ය කෙනෙක්.. ඉතින් මේසා විශාල වංචනියෙකුට නිකම්ම එළියට යන්න පුළුවන් කවුරුත් කියනවා වගෙ හරක් රට පාලනය කරන නිසාද?
මේ සිද්ධිය විමල්ට වුණානම් ඊයේ දවසෙම එළියට ඇවිල්ලා ඇති. ඒකට කියන්නේ විමල් ආදර්ශයක්... කියලා..
මේ අය පොහොට්ටුවෙන් ඇවිල්ලා මහජනතාව නැවත ඡන්දය දුන්නා. ඉතින් මේ අය හොරුනම් මහජනතාව ඡන්දය දෙයිද? කොහේ හරි මේකේ වැරැද්දක් තියෙනවා. නරකද අපේ ඡන්ද දායකයාගේ මොලේ පරික්ෂා කරලා බැලුවොත්. මෙහෙම හරක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ.
කවුරුන්ද මේ ලෝයර්ලා? මේ වගේ නඩුවකට අන්තිමට ඇප හම්බවුනොත් පාස්පෝර්ට් එක ඕනෑ. ඒක වෙන උසාවියක නම් එතැනින් සහතිකයක් ලිපියක් රිසිට් එකක් කලින් ගන්න ඕනෑ කියන දේවත් දන්නේ නැති අයගෙන් සේවාදායකයාට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මම මේ කතා කරන්නේ මහින්දානන්ද වෙනුවෙන් නෙවෙයි, ලෝයර් කෙනෙකුගේ සේවය බලපොරෝතුවෙන් ඉන්න අසරණ මිනිස්සු වෙනුවෙන්. නැත්නම් මේක පැහැදිලිවම මෙගා නාට්‍යයක් කියලා හොඳට පේනවා..
යහ පාලනේ මෙන්න මේ වගේ මෝඩ වැඩ කරන නිසා තමයි මිනිස්සුන්ට එපා වුනේ. අවුරුදු ගානටම කලේ ඔච්චරයි. රටේ දියුණුවට කියලා කරපු එක වැඩක්වත් නෑ .
බොහෝ දේවල් දැක්කම සියලු දේශපාලකයන් එපා වෙනවා. පුදුම නීතියක්.