(මනෝප්‍රිය ගුණසේකර)
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (21) නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අසනීප තතිවයෙන් පසුවන බව දැනුම් දෙමින් පැමිණිල්ල වෙනවෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරවරයා එලෙස නියම කළේය.
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2012 ඔක්තෝබර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල, ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය නමැති වෘත්තීය සමිතිය විසින් විත්තිකරුගේ බාරයට පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 39ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගෙන ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛණ 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අසනීප තතිවයෙන් පසුවන හෙයින් නඩුව වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හරියටම කියනවා කැට තියලා... මේ නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස් වෙනවා. අපිට දැන් ගන්න ඉදිරි තීරණ ගැන අනාවැකි පල කරන්න පුළුවන්.
නිදොස් කොට නිදහස් කරගන්නා ලදී, නඩුව ඉල්ලා අස්කර ගන්න ලදී... ඔබට සතුටුද දැන් 69 ලක්ෂය..?
අම්මෝ මේ පින් හාමිලා කරන පව් ... ඉස්සත් ඔහොමයිනේ ඔලුවේ අසුචි තියාගෙන " මම මිස්ටර් කලින් " කියනවා. ඒවගේ තමයි මේ දුපතේ දේශපාලුවන් ඔක්කොම හොරු...!!!
අනිවාර්යයෙන්ම එළියට...
නඩුව පවරා ඇති ආකාරය වැරදි නිසා තවදුරටත්..!!! .
නිදොස් කොට නිදහස්...
කාලි දූපතේදී මේ අහිංසක මහත්තයාව නිදොස්කර නිදහස් කරන ලදී.
පිල්ලෙයාන්ට කළා වගේ තවදුරටත් ඉදිරියට නොගෙන යන්න.
අනේ පව්නේ.. මේ අපේ අසරණ ඇමැතිතුමාට නිදොස්කොට නිදහස ලැබේවා..!!!
මෙයාගේ කතා නම් කොහොමද? අපේ සල්ලිවලින් සැප විඳින කාලකණ්ණි තමයි.
කොහොමටත් මෙයා අහිංසකයි..