මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට දැනුම් දුන් බව ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
එම කමිටු සාමාජිකයන් ජනාධිපති හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මේ බව පැවසූ බව ද ඒ අනුව එම කමිටුව අක්‍රීය තත්ත්වයට පත් වන බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය "මහජනතා නාමයෝජනා මණ්ඩලය" යෙන් නාම යෝජනා ගන්නේ නැතුව පන්සල්, මල ගෙවල් ගානේ කියව කියවා යන්නේ ඇයි? (නදී)
හැබැයි කිසිවෙකුටත් මහින්ද මහත්මා වගේ රට වෙනුවෙන් යමක් කළ නොහැක.එනිසා කෙළෙහිගුණදත් ජනතාව මහින්ද මහත්මා සමඟ ඉන්නවා. (නි)
සඳුන් මහත්තය මහින්ද මහත්තය පන්සල් යනවට බයයි වගේ නේද? සිංහල බෞද්ධ බහුතරයේ කැමැත්ත ලැබූ විශ්වාසය ලැබූ එතුමා පන්සල් නොගිහින් ඔයාලගේ ගෙදර යන්නද කියන්නේ..ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා...මහජනතා නාම යෝජනා මණ්ඩලය එතුමාට නාම යෝජනා දීල ඉවරයි. (නදී)
දැන්වත් ඔය එක පුද්ගලයෙක් , පවුලක් ගැන නොසිතා පක්ෂය ගැන හිතන්න (බ)
ඔන්න ඒ කාලේ අනුන්ට දාපු පාට් මෙදා සැරේ තමන්ටත් කන්න වෙලා.තමන්ගේ කාලෙත් ගරු ගාම්භීරව තමුන් වැඩ කළේත් ඔහොම නේද මහින්ද මහත්තයෝ. සදාකාලිකව බලේ තියේවි කියල හිතන් කරපු කෙරුවාව හමාරයි වගේ. (බ)
අනේ මෙහෙම ආසවක් අනේ මෙහෙම තණ්හාවක්(බ)
අපිට ඕනෑත් ඒ දේම තමයි.ස්ථිර තීන්දුවක්! ඔය ද්‍රෝහී නඩයත් එක්ක එකතු වෙනවට වඩා පක්ෂයට ආදරය කරන රටට ආදරය කරන සියල්ලන් මහින්ද මහත්තයා යටතට එකතුකරගෙන ගමන යන එක තමයි සුදුසුම දේ.අපි දන්නා එක්සත් ජාතික පක්ෂය නම් රජයක් බිහිකරගත්තාට පස්සේ ආයේ බෙදන්න ඇමතිකම් ඉතුරුකරගන්න පක්ෂයක් නෙමෙයි.ඔය ඔක්කොටම වෙන දේ බලමුකෝ! (නි)
මෙයා ගේ පැටිකිරිය රටම දන්නවනේ . කතාව හරියට පට්ට ශ්‍රී ලංකා කාරයෙක් වගේනේ. (බ)
එහෙම වෙන්න දෙන්න බැහැ (නි)
ඔය හිතේ වේදනාවට ප්‍රතිචාර දක්වන අය බලන්නකෝ ඡන්දයක් ආවහම. ඡන්ද ටික මහින්දට. එතකන් තරහින් බැන බැන ඉඳලා ඡන්දෙන් පස්සෙත් පුපුර පුපුරා ඉන්නවට වඩා හොඳයි දැන් සතුටින් ඉන්න. එහෙම නැත්නම් ඡන්දෙන් පස්සේ සතුටින් ඉන්න. එහෙම නැතුව හැමදාම වේදනාවෙන් ඉන්න එපා. (නි)
දැනට අන්දමන්දව සිටින ශ්‍රීලනිප දේශපාලකයන් හා ක්‍රියාකාරීන් ඉතා පරෙස්සමෙන් තමන් කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීම ඉතා වැදගත්ය. තමන් තුළ ඇති කුහකකම්ද ඊර්ෂ්‍යාසහගත හැඟීම්ද හේතුකොටගෙන ශ්‍රීලනිපය දෙකඩ නොකොට පවත්වා ගතයුත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි මෙරට සිටින බටහිර ගැති ඉහළ පැළැන්තියේ පෙරමුණක් හෝ සන්ධානයක් බලයට පත්කර ගැනීමට නොව දේශීයත්වය මුල්තැන්හි තබා ක්‍රියාකරන එකමුතුවක් බලයට පත්කිරීම සඳහාය. මහින්ද රාජපක්ෂ එවැනි ව්‍යාපාරයක මුලටම සිටිය යුතුය. (නි)
නියම ස්ථිර තීන්දුවක්! මෙයාව එකතුකරගත්තොත් යන්න වෙන්නේ කොහාටද කියලා හිතාගන්න බැහැ (නි)
ඒක හරිම සාධාරණ කතාවක්. මහින්ද මහතා සියලු තනතුරු දැරූ කෙනෙක්. එතුමාට දැන් කරන තියෙන්නේ පක්ෂය එක්සේසත් කරලා ඉදිරියේ තියන ඡන්දය ජයගන්න වැඩ කරන එක. මේ කරන්නේ බලලෝබය රටටම පෙන්නා පක්ෂයට එන ඡන්ද නැතිකරන එක. (නි)
සන්ධානයට දින්නන මහින්ද ඕනෑ මිසක් මහින්දට දිනන්න සන්ධානය ඕන නෑ. මිනිස්සු ඉල්ලන්නේ මහින්ද විතරයි. (ර)
යහපාලනයේ ශ්‍රී ලංකා එකට ශ්‍රී ලංකා කාරයින්ටත් වඩා ආදරේ පෙන්නන පට්ට යු අැන් පි ටික අප් වෙලා.අපි කොන්ඩේ බැදල නැහැ මහත්තුරුනේ..... මහින්ද මහත්තය කොතනද එතන තමයි ශ්‍රී ලංකා එක තියෙන්නේ..පක්ෂ සභාපති කම මංකොල්ල කෑවට පාක්ෂිකයිගේ හදවත්මංකොල්ල කන්න බැහැ.(බ)
මෙතන මහින්ද එපා කියන අය යු එන් පි අය ශ්‍රි ලංකා අයට මහින්ද ඔනේමයි (ම)
මහින්දට නාමයෝජනා ඇවැසි නැත. මහජනතා නාමයෝජනා මණ්ඩලය එය දීමට තීරණය කර ඇත. එහි කුහකයෝද නැත. එයට අභියෝග කරන්නට කිසිවකුට බැරිය. හැකිනම් ඔය පක්ෂ දේශපාලනයෙන් අගමැති නාම යෝජනා කේජු කෑල්ල අරන් එන්නකො කපුටු හාමිලා. ජනතාව බලන් ඉන්නේ මහින්දගෙ අධිවේගී හා කාපටි මගේ හොට ඇණල තටු හැලෙන්න දෙන්න. (ර)
මහින්දට නාම යෝජනා නොදුන්නොත් සන්ධානේ අනිවාර්යයෙන් පරාදයි. (ර)