ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බව කියන තේ කට්ටල , පිගන් භාණ්ඩ ,පරිගණ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුවමුද්‍රණය කළ පිඟන්,සාටකය සහිත ටීෂර්ට් සමඟ කන්ටේනේටර් තුනකට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පොලීසිය අද(16) සීල් තැබිය.
පසුගිය විසි එත් වැනිදා දංකොටුව පොසිලෙන් සමාගමෙන් මෙම කන්ටේනර රැගෙන අවුත් බාර දී ඇතැයිද එහෙත් අද වන තුරු අයිතිකරුවකු ඉදිරිපත් වී නැතැයිද සම්මන්ත්‍රණ ශාලා නිලධරයෝ පොලීසියට කිහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හෑල්ලුවට ලක්කර අදහස් දක්වා ඇති අයට මම කියන්නේ, ඔය සේරම අපේ සල්ලි .මේවා අපරාධ (නි)
පැරදුනු මහින්ද මහතාගේ ප්‍රතිරූපය විනාශ කරන්නට දතකන අයුරු දකිනවිට සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට එහි අරමුණ හොඳින් වැටහේ. (නි)
සමහරු රටේ වෙන දේවල් වලින් හොඳ දේවල් තමාගේ ගිණුමටත්, නරක දේවල් කාගේ හෝ ගිණුමකටත් බැරකර නොකැළැල් චරිත මවාපෑමට උත්සාහ කළා. කිසියම් දිනක බලය නැතිවුණොත් ඒ සඳහා කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් මේ අයගේ තිබුනේ නැහැ. දේශපාලකයෙක් ඡන්දයකට ඉදිරිපත් වෙනකොට ඡන්දයෙන් පැරදුනොත් තමා කළ නරක වැඩ යම් තරමකට හෝ එළිවීම වළක්වන්න පියවර ගන්නවා. නමුත් දිනුම සහ පැරදුම දෙකම ඡන්දයෙන් සිදුවෙන්න පුළුවන් බව නොදන්නා අය අමාරුවේ වැටෙනවා. (නි)
පානදුර චමිල, ඔබේ කතාව හරි. නමුත් බුද්ධිමත් ජනතාව පක්ෂ බදාගෙන සිටින්නේ නැහැ. ඔවුන් බදාගෙන සිටින්නේ රටේ සංවර්ධනය,නීතිය සහ සාමයයි. (නි)
සමහරු බලාගෙන ඉන්නවා දැන් ඔක්කොම හරි තමයි කියලා. දින 100 හා ඊටපසුත් අපි පරාදයි. (නි)
පැරදුන කෙනෙකුගේ ප්‍රතිරූපයට හානිකරන එක නොවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. පරිසර විනාශය වහාම වැළැක්වීම, බඩු මිල අඩුකිරීම වගේ වැඩ. පළිගන්න ගියොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යන්න වෙයි. අපි ඡන්දෙ දුන්නේ දැන් වෙන විනාශ නවත්වන්න මිසක් අනුන්ගෙන් පළිගන්න නොවෙයි. (නි)
අයිතිකාරයෙක් නැහැ කියන්නේ, දංකොටුව පෝසිලේන් සමාගම මේවා නිකන් ඉන්න බැරුවාට සමාජ සේවය සඳහා නිකම් නිෂ්පාදනය කළා වෙන්න බැහැනේ. මේ සඳහා යම්කිසි පාර්ශවයක් ඇනවුම් කළ ලිපි ලේඛන ආදිය ඇතිනේ. ඒ මඟින් මේවා කාගේද කියලා සොයාගන්න පුළුවන්. මහජනයා තුළ මේ සම්බන්ධයෙන් යම් සැකයක් තිබෙනවා නම් ඒකත් එතකොට නැතිවෙනවා. කෙළින්ම පෝසිලේන් ආයතනයේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන විනිවිදභාවයෙන් කටයුතු කළා නම් හොඳයි. (නි)
තාමත් ඉතින් කඩේ යන අය ඉන්නවනේ! (නි)
ෂෙහාන්, ඔයා දන්නේ නැතුව ඇති ඔය විධියට කාලයකදී කඩේ ගිය කට්ටියගේ විස්තරේ. ඒ කාලේ ඔය කට්ටිය කිව්වේ " හාල් නැතුව බත් කන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, වගේ පෙළපාලි පාඨ. විපක්ෂෙන් ඕකට එකතු කළා" රෙදිත් නැතුව අපි ඉන්නම්" කියල, මොකද? ඒකාලේ රෙදි දුන්නෙත් සමුපකාරේ කුසපත් අැදලා. රෙදිත් හරි හිඟයි. මෙච්චර දුෂිත වැඩ කරලා අතටම අල්ලගත්තට පස්සෙත් කඩේ යන කට්ටියට ගැලපේවි අර අන්තිමට කියපු පාඨය කියලයි මම හිතන්නේ. (නදී)
ඔක්කොම හරි කියමුකෝ. ඒත් ඔතනත් දැන් වීරයෝ වෙලා ඉන්න කට්ටිය ගැන අපි දන්නවා (නි)
අයියෝ අපේ සල්ලි (නදී)
මේ හැම දේම වටේ හිටිය අයගේ වැඩ .(දිල්)
ඉතින් දෙවියනේ අයිතිකාරයා නැහැ කියන්නේ කොහොමද? ඔය රූපයත් තියනවා කියලා කියන්නේ? ඉතින් ගිහින් බාරදෙන්නනේ තියෙන්නේ (නි)
අජිත් මං කිවුවේ මේ හිටපු ජනාධිපතිට ලජ්ජා නැතුව තාමත් කඩේ යන අය ඉන්නවා කියලයි. මේවා අහිංසක අපේ සල්ලි (අ)
සාටකය තිබෙන ටී ෂර්ටුත් ගෙනල්ලාද? (නි)
අපේ රටේ පක්ෂ බදාගෙන ඉන්න බුද්ධිමත් ජනතාවට තාමත් තේරුනේ නැහැ මේ අපේම සල්ලි තමයි නිරපරාදේ නාස්ති කරලා තියන්නේ කියලා. මේවාට කවදාහරි වන්දි ගෙවන්න වෙන්නෙත් අපිටයි අපේ දරුවන්ටයි තමයි. (නි)
ඕක බැරිද අපේ බන්දුල පෙරේරාට බාරගන්න? හැබැයි ඉතින් ලිපිනය නම් හොයාගන්න අමාරු වේවි. නම් 50 ක් විතර තියනවානේ! (නි)
ඉතින් ජනපති සමයේ බෙදාදීමට ගෙනාවා නම් දැන් තියෙන්නේ කොහොමද? අනික එහෙම නිකන්ම කන්ටේනර් දාලා යන්නේ නැහැනේ. (නි)
සාටකය සහිත ටී ෂර්ට්ස් වලට කියන්නේ කුරහන් ශෝල් ටී කමිස කියලාද ? (නදී)
අයිතිකාරය මැදමුලන ඉන්නේ බාර දීල මතක ඇතුව සල්ලි ඉල්ලා ගන්න. (නදී)
සමහරුන්ගේ අදහස් දැක්කම අඩන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බෑ. සත්‍යපාල මහතා කියාලා තියෙන එකම තමයි මටත්කියන්න තියෙන්නේ.(අ)
ඔය දේවල් විනාශ කරන්නවත් අපතේ යවන්නවත් එපා. අපි වගේ මාසික වැටුපකින් යැපෙන අයට සහන මිලකට හරි දෙන්න. ඒක ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයකට (බඩු බෙදීම)බලනොපාන බව මෙවරත් ඔප්පුවුණ නිසා මම හිතනවා මගේ ඉල්ලීම සාධාරණයි කියලා. (නි)
දැන් අර රුව මුද්‍රණය කළ බඩු ටිකට මොකද කරන්නේ? (නි)
එතකොට මේ භාණ්ඩ අයිතිකරුවෙක් , භාරකරුවෙක් ඉන්වොයිස් වගේ කිසිම දෙයක් නොමැතිව ඉබේටම එහා මෙහා ගිය ඒවා කියලද පිළිගන්න කියන්නේ. රට මුදවා ගත්තා කියන දේ ඇපයට තියලා මුළු රටටම කර තිබෙන්නේ මහා අපරාදයක්. (නදී)
විජය, ඕවා බෙදන්න ඉඩක් ලැබුණා නම් නොබෙදා ඉඳියිද ? (නදී)
සාටක විතරද තියෙන්නේ? වශී බෝල එහෙම නැද්ද? මම එකක් හොයමින් ඉන්නේ. (නදී)
විජය ඔයා යන්න මොන්ටිසෝරියකට ඕවා ඉගෙන ගන්න. අපි අද රාත්‍රී 8 ප්‍රවෘර්ති වලින් දැක්කා ආසියාවේ ආශිචාර්ය අරලිය ගහ මන්දිරයේ ඉදිකරලා තිබුණු සුපිරි සම්මන්ත්‍රණ ශාලා. උත්සව ශාලා හා කාර්යාල. ඒවායේ වැසිකිලි වලටත් වායු සමනය හා රූපවාහිනි පහසුකම් ලබා දී තිබුනා. මේ තරම් රටේ මුදල් කාබාසිනියා කල යුගයක් මෑත ඉතිහාසයේ නැති තරම්. (නදී)
දෙවියනේ! ජාතික අපරාධ නේද මේවා? අනාගතයේදී ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබේවි. ඔහොම යමු... (නි)
බොරු එපා මහත්තයෝ.අපේ මහින්ද මහත්තයා ඕවා ඡන්දයට ගෙනාවා නම් ඕවා ඔතනට ආවේ කොහොමද? දැන් කියව කියවා ඉන්නේ නැතුව නඩු දාන්න. (නි)