කොළඹ හයිඩ් පිටියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවති එක්සත් මැයි රැලියටත් යන දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩ එවා තිබිණි.
ශ්‍රීලනිප රැලියට එවූ සුබ පැතුම් පණිවිඩිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් හා එක්සත් මැයි රැලියට එවූ සුබ පැතුම ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කියවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සුබ පතන්නේ නැද්ද? (නි)
ජනහිත, නිකන් මෝඩ කතා එපා. (නි)
මේ රැළි දෙකටම සහභාගි නොවීමට ඔබ ගත් තීරණය විශිෂ්ටයි. (නි)
කොහොමද ටිකිරි මොළේ! (නි)
ජාතිකත්වය අගයන සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයන් හිටපු ජනපතිතුමන් වටා එක්රොක් වෙති. එහෙත් එතුමන්ගේ අරමුණ පක්ෂය නොබිඳී පවත්වාගනිමින්ම ඉදිරිය බැලීම බව පෙනෙයි. තම අනන්‍යතාවද පවත්වා ගනිමින් පක්ෂයට දැනට ඇති විජාතික බලපෑම් වලටද නතුනොවෙමින් එවැන්නක් කිරීම අභියෝගාත්මක මෙන්ම අවදානම් කාර්යයකි. ජයෙන් ජය පතමි. (නි)
අත්ත බිඳෙයි. පය බුරුලෙන්..! (නි)
ඩබල් ගේම් නම් දැන් හරියන්නෙ නැහැ (නි)
මේ ප්‍රතිචාර දක්වන බොහෝ අයගේ රටට ආදරයක් තිබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා (නි)
රටේ වැඩකරන ජනතාවට ආදරය කරන නායකයෙක්. (නි)
මොළය තිබෙන කෙනා එහෙම තමයි. (නි)
දෙපැත්තම බේරගන්න එක හොඳයි (නි)
වරදක් කළත් හිතකින් නොවේ (නි)
මහින්දට අපගේ සුබ පැතුම්! (නි)
දෙපැත්තම බේරගන්න නම් ටිකක් අමාරුයි මහත්තයෝ (නි)
ජයවේවා! 2016 රැළිය ඔබ සමඟින්... (නි)
ඇති යාන්තම්. නම්බුව බේරාගත්තා. ඉස්සරහටත් ඔහොම හිටියොත් තමා හොඳ. (නි)
ඉස්සර වගේමයි තවමත් (නි)
ඔබතුමා දැන් නම් හරිපාරේ යනවා කියලා පෙනෙනවා.බලාගෙන ඉඳිමු මේ අය මොනවද කරන්නේ කියලා. ටිකක් මහන්සි ඇරලා වෙලාව ආවහම එන්න. අපේ සහයෝගය ඔබතුමාට තමා. එතෙක් පහුගිය කාලය ගැන ආවර්ජනයක් කරන්න. (නි)
හැබැයි දෙපැත්ත කන්න නම් එපා (නි)
අපි ඔබ සමඟයි (නි)
නායකයාණෙනි, ඔබ වන් යුග පුරුෂයන් අප මව්බිමේ නැවතත් බිහිනොවනු ඇත. ජාතියේ පියාණනි, නොදැන සිදුවුනු පෙර වැරදි ඇත්නම් එය හදවතින්ම නිවැරදි කරගෙන ලක්මවට සංවර්ධනය නැමැති සෙනෙහස ලබා දෙන්න. ඒ සඳහා ඔබතුමන් 19න් පසු බිහිවන නව අගමැතිධුරය භාර ගන්නයැයි මව්බිමට ආදරය කරන ප්‍රගතිශීලී ජනතාව කාරුණිකව ඉල්ලා සිටී. (නි)
ඔන්න ඔහොම නම්බුව බේරාගෙන පැත්තකටම වෙලා ඉන්න. (නි)
දෙපැත්තටම මාත් හිතයි, ත්‍රිකෝණයේ පාද සමයි..... (නි)
මේ අය දැන් වැඩ කරගෙන යන විදියට රටට ඔබ අවශ්‍යවෙන දිනය වැඩි ඈතක නොවෙයි. රටේ ආරක්ෂාව අනතුරේ, මිනිස්සුන්ට ප්‍රභාකරන් දැන් අමතකවෙලා. ඔබ සමඟ ළඟින්ම හිටපු අය දැන් නැහැ. හොඳ ටික තාමත් ඔබට ඉන්නවා. ඉස්සරහට යමු. ඔබට ජයවේවා! (නි)