හිටපු ජනාධිපති යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කළ වාහන 700 කට වූ දේ සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.
ජනාධිපති ලේකම් කාර්යාල නිලධරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි.
සුඛෝපබෝගී කාර් හා ජීප් රථ ඇතුළු මෙම වාහන පාවිච්චි කරන අය හා එහි ලැයිස්තුවක්ද රහස් පොලිසිය සතුය.
ඩිෆෙන්ඩර 5 ක්ද ප්‍රාඩෝ ජිප් රියක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විදේශ විනිමය එවන මිනිසුන් වාහන බලපතක් ඉල්ලුවහම කිව්වේ හැමෝම කාර් ගෙනාවම යන්න පාරක් නැතිවෙයි කියලා. අනුන්ගේ ඡන්දය අරන් වාහන700 ක් (නදී)
හොයන්න දෙයක් නැහැ... ටික ටික නිකම්ම මතුවෙනවා නේද? (නි)
කොපමණ දේ ලැබුනත් [තිබුනත් ] යන්නේ එක වාහනයක. කන්නේ එක පිගාණක. නිදාගන්නේ එක ඇදක. (නදී)
කන්න අදින්න නැති දරුවන් ලක්ෂ ගානක් ලංකාවේ ජිවත් වෙනවා. තේ කහට කෝප්පය බිලා පාසල් යන දරුවන් ලක්ෂ ගානක් අසරණ දරුවන් ලංකාවේ ඉන්නවා. එහෙව් රටේ මෙහෙම ගසා කනවා කියන්නේ නීතියෙන් බේරුනත් (රාජපක්ෂ වරුන්ට කිසිම දෙයක් කරන්න බැහැ) සොබා දහමින් හෝ දඩුවම් ලැබෙනවා. එහෙම නොවුනොත් ආගම දහම බොරු. (නදී)
සමහර විට බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල මේ ගැන දන්නවා ඇති. (දිල්)
අසාධාරණය,වැරැද්ද, කවුරු කලත් කොයි මොහොතේ කලත් එක පෙන්වා දිය යුත්තේ ඒ මොහොතෙමයි. අස්වයා ගියාට පස්සේ ස්තාලය වහල වැඩක් නැ. (දිල්).
අනේ මෙහෙමත් නායකයෙක් . අහිංසක මිනිසුන්ගේ ධන්ද සල්ලි නේද මේ (දිල්)
දැන් ඉතින් හැම අස්සක් මුල්ලක් නෑරම හැමදේම හොයන්න (දිල්)
චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් ටිකට මොකද වුණේ?(දිල්)
කට ඇරියොත් 'අපේ හාමුදුරුවනේ' කියල කියන්නේ හරිම ජාතිමාමකත්වයෙන්. කොහොමද වැඩ ? බලාගෙන යද්දී අපේ රට දුප්පත් නැහැනේ. (නදී)
අම්මෝ වාහන 700 ක්. හයර් දුවලද. (නදී)
අපේ අහිංසක රට මර බයෙන් බේරගත්ත නායකයට වැරදි විදියට කතා කරන්න එපා. අද අපි ඔක්කොම මෙහෙම නිදහසේ හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ නිසා කියල අමතක කරන්න තරම් කාල කන්නි වෙන්න එපා (නදී)
වාහන 700 ක්. රටේ ජනතාව මේ තරමින්වත් බේරුනා ඇති (නදී)
උෂාන් ඔබ හරි. කවදා හරි මේ රට කන්නේ අපේ සිංහලයා. මොකද ඉක්මනට මුල අමතක වෙන නිසා. දුරදක්නා නුවන බින්දුව නිසා. (නදී)
කොටියා රටට කළ හානියට වඩා වැඩි හානියක් මේ සංවේදී කියන නායකයා කරළා (නදී)
මම මෙච්චර කල් හිතාගන හිටියේ, රටට හොඳ වැඩ කරලා තමයි දේශප්‍රේමී වෙනවයි කියලා. දැන් තමයි තෙරන්නේ වංචා දුශිතයෝ තමයි දේශප්‍රේමී කියලා. බලනකොට අපි තමයි දේශද්‍රෝහී (නදී)
මිනීමරු ප්‍රබකරලා වගේ 35 දෙනෙක් අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් රටට කරලා තියෙනවා. ඒක මොලේ කළදක් තියෙන ඕනෑම කෙනෙකුට උනත් තේරෙනවා. (නදී)
මරිඅට් ඩුබායි හොටෙල් එකේ විශාල දනස්කන්දයක් වෙනත් කෙනෙකුගේ නමින් දාල තිබෙනවා. ඒ ගැනත් හොයන්න. (නදී)
මෙහෙමත් රජෙක් අපිටත් හිටියනේ (නදී)
තවත් අවරුදු 2 ක් ගියා නම් අපේ රටත් ලෝකයේ හිඟනම රටක් වෙනවා. පුදුම ගසා කෑමක්නේ ගසා කෑවේ (නදී)
ගාමිණි, කොහොමද අන්තර්ජාලයේ තිබුන බෙන්ස් වාහන කන්දරාව. (නදී)
සුනාමියෙන් අසරණ ජනතාවට කන්න අදින්න කියල දුන්නු මුදලින් කෝටි 8.6 ක් ගසා කාපු හදවතක් නැති කෙනෙකුට රටක් බාර දුන්නම කොහොමට තියේවිද? එදා අධිකරණයෙන් දඩුවම් කලානම් අද අපිට මේ ඉරණම අත් නොවෙන්න තිබුනා. ඒ නිසා දැන්වත් නිතිය ක්‍රියාත්මක කරලා රට බේරා ගන්න. (නදී)
රටේ වටිනා කියන මර්මස්තාන සියල්ලම අයිති රාජපක්ෂ වරුන්ට. වගකීමෙන් කියන්නේ පුලුවන්නම් හොයන්න. (නදී)