හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතා අද අළුයම හදිසියේ බැංකොක් බලා පිටත්ව ගියේය.
ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ජනාධිපතිවරණයට සති දෙකකට පෙර පෙර ඔහු දිවයිනට පැමිණ සිටියේය.
ඉන් පසු ඔහු ගුවන්තොටුපොළ පර්යන්තයේ පිහිටි සුඛෝපභෝගී කාමරයක දින හතරක් නතර වී සිටි බවද වාර්ථා විය.
තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් අද අලුයම 1.30 ට පමණ ඔහු මෙරටින් පිටත්ව ගිය බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයිද දන්නේ නැහැ ඇමති පදවියක් දැරුවේ නැත්තේ මහින්ද මහත්තය ඉන්නකොට. (අ)
ඇමරිකානු පුරවැසියො මේ රටේ නියම දේශප්‍රේමීන් විදියට තමයි අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ (නි)
දැන් අපි මෙහෙම යාම් ඊම් කලා නම් බන්දුල පෙරේරා අපිට තමයි කළු සුද්දෝ කියන්නේ.
අපිත් රටවල් දෙකක පුරවැසිභාවය තිබුනාට ලංකාවට තමයි වැඩියෙන් ආදරේ. බොහෝ දෙනෙක් වෙනත් රටවල පුරවැසිභාවය ගන්නේ සංචාරය කිරීමේ පහසුව නිසා. (නි)
මහින්ද හා චමල් හැර අනෙක් සියල්ලෝම අපේ පුරවැසියෝ නොවෙයි . අපට දැන් අපේ නායකයෙක් ඉන්නවා. ඉද ඉද දස වසරක් විද විද දහම් තෙළෙසක් සිද බිද නෙක අණසක් අනේ මහිද නොදුටු සරණක් (දිල්)
මහීන්, ඔබ හරි (නි)
නිල් බලකායේ කට්ටියත් පැනලා යයිද දන්නේ නෑ.(අ)
මේක මහා ලොකු පුදුමයක් නෙමෙයි (නි)
පේනවා ලංකාවට ඇති ආදරය (නි)
මහීන් මහත්තයා, ඔයාත් පුරවැසිකම ගත් රටකට බැනලද අපේ රටට ආදරය කරන්නේ? (නි)
අනේ හොඳයි.... (නි)
අපි මෙහෙ මෙයාලට මැරීගෙන වැඩ කරනවා. ඒ උනාට මෙයාලගේ මුළු පරම්පරාවම අැමරිකාවේ. අපි මාර රැවටිල්ලක් රැවටී ඇත (නදී)