දහනව වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කර ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරිමෙන් පසු හැකි ඉක්මණින් මහ මැතිවරණයකට යෑමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (04) ප්‍රකාශ කළේය.
නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන්නේ නම් සියලු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් හිමිවන මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු බව තද බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සිල්වා මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිම අපහසු බව පෙන්වමින් පාර්ලිමේනතුව කල්දමා ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය උවමනා වි ඇති බව ද ටිලිවින් සිල්වා මහතා කීවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කටයුතු වල බාධා කරමින් රට අරාජීක කිරිමට උත්සහ ගන්නා බවත්, ඔවුන්ගේ එම කටයුතු වලට නිසි පියවරක් නොගන්නා ආණ්ඩුව ද මෙම ආරජිකත්වයට වගකිව යුතු බවත් ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද දිනන්න බව දැක්කහම ජ වි පෙ ඔය වගේ කතා කිවට ජනතාව මේව අහන්න සුදානම් නැහැ (බ)
කුහක දේශපාලනයක තරම.කවුරු කළත් රටටත් ජනතාවටත් සෙතක් වෙනවනම් එච්චරයි. (බ)
අනේ පවූ සොමේත් ගියා.හෙට අනිද්දා අනුර කුමාර යුඑන්පි එකට ගියාම කී දෙනාද ඉතුරු වෙන්නේ.(ම)
මංජු ඔයාලා ජනාධිපතිවරණෙට ඉස්සෙල්ලාත් කිව්වේ මහින්ද දිනනවා කියලා. අපි ආසාවෙන් අහන් හිටියේ. දැනුත් ආසාවෙන් අහන් ඉන්නවා (බ)
මහින්දට මේ පාර ඇපත් නෑ. (ම)
මොන වංශ ගියත් රටේ ජනතාවට විස්වාසය තියන්න පුළුවන් එකම පක්ෂය ජවිපෙ පමණයි. අන්තිමට ඉතුරුවන ජවිපෙ එක්කෙනාද එයා හෝ ජනතාගේ බලාපොරොත්තු ඉටුකරනු ඇති...සුභ පැතුම්..(ම)
රට අරාජික කරන්නේ මහින්ද නොවෙයි ඔහෙලා (කේ)
මහි කිව්වනම් එහෙම්ම තමයි..ඇපත් නැති කෙනෙකුට මොකට මේ බයවෙලා දගලනවද කට්ටිය..මහි වගේ හිතල සතුටින් ඉන්නකෝ මේ ටික කාලේ..(ම)
මේ ගැන බුද්ධිමත් ජනතාව දනී. (ර)