එමා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ පිරිස් අද ඔහු වටා සිටිනා බව තාක්ෂණ හා පාර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අදට වඩා අගොස්තු 17ට පෙර ඒකාබද්ධ විපක්ෂය වටා පිරිස් සිටි බවත්, එදා රැලිවල ජනගහනය හා අද ජනගහනය සංසදනය කර බලා ගත හැකි බවත් ඇමැති කීවේය.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රථම වරට සංවිධානය කරන ‘ජාත්‍යන්තර විද්‍යාඥ සමුළුව’ සැප්තැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ ගැන දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවක දි ඔහු එලෙස කීවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී ආරම්භ වන සමුළුවට දෙස් විදෙස් විද්‍යාඥයන් 700කට වැඩි පිරිසක් සහභාගී වීමට ද නියමිතය.
එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙසේ ද කීය.
“ යම් යම් කණ්ඩායම් මැතිවරණය අවස්ථාවේදී විවිධ සාකච්ඡා පැවැත්වූවා. පුවත්පත්වල එස්.බී. දිසානායක අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයත් මම දැක්කා. හැබැයි සන්ධානයේ එවකට ලේකම් විදයට මම එවැනි සාකච්ඡාවකට සහභාගී වුණේ නැහැ. මම එවැන්නක් දන්නෙත් නැහැ. මම සහභාගී නොවූ සාකච්ඡාවක සිදු වූ දේවල් මට කියන්න විදියක් නැහැ. මට පැවැරී තිබුණේ සියලු පාර්ශව එක නාමලේඛනයට ගෙනත් බුලත් කොළය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ නාම යෝජනා දීමයි. මම ඒ වගකීම ඉටු කළා. එස්.බී දිසානායක මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මට කිසිවක් කියන්න බැහැ. ” යැයි ඔහු කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නිලවරණයට සහභාගී වන ලෙස නිල ආරාධනයක් කර තිබෙනවා ද?
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාටම අපි ආරාධනා කර තිබෙනවා.
අද පක්ෂයෙන් කොටසක් වෙන් ව සිටින බව පෙනෙනවා. ඔවුන් වෙනමම සම්මේලනයක් පවත්වාවි ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකක් නැහැ. තියෙන්නේ එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පමණයි. පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු අපි මධ්‍යම කාරක සභාවක් හා විධායක සභා රැස්වීමක් පැවැත්වූවා. සමහරුන් මේ දේවල් දන්නෙත් නැහැ. පසුගිය මහ මැතිවරණය වනවිට පක්ෂය නීත්‍යනුකූල බවට පත් කර සියලු කටයුතු අවසන් කළා. අදාළ ලේඛන මැතිවරණ කොමසාරිස්වරයා ළඟ තිබෙනවා. ඒ නිසා සම්මේලන දෙකක් නැහැ.
පසුගිය කාලයේ විවිධ පිරිස් පක්ෂයට චෝදනා කළා. ඔවුන්ට පක්ෂයෙන් යොමු කළ ලිපිවලට පවා ගිණි තැබුවා. මෙහෙම ඉදිරියට යන්න පුළුවන් ද ?
පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ ඉන්න කැමැති අය පක්ෂයේ කටයුතුවලට, මැතිවරණවලට, සම්මේලනයට සහභාගි වේවි. එය ඉතිහාසය පුරාවටම සිදුවුණා. ඒක අපේ පක්ෂයට විතරක් පොදු දෙයක් නෙමෙයි. පසුගිය මහ මැතිවරණයේදී අපි මෙය දැක්කා. එක් වාමාංශික දේශපාලන පක්ෂයක කොටසක් එක් ප්‍රධාන අපේක්ෂකයකුට සමඟ කටයුතු කරද්දි තවත් පිරිසක් වෙනත් පිරිසකට සහාය දුන්නා.
පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එන්න පුළුවන් ද ?
ඔව් ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් යාවජීව සාමාජිකත්වය. අනෙත් එක වාර්ෂික පක්ෂ සාමාජිකත්වය. යාවජීව සාමාජිකත්වය තිබෙන්නේ කිහිප දෙනකුට පමණයි. වාර්ෂික පක්ෂ සාමාජිකත්වය අලුත් නොකළ අයට වාර්ෂික පක්ෂ සාමාජිකත්වය අලුත් කරගෙන නැවත පක්ෂයට එන්න පුළුවන්. අලුතෙන් එනවා නම් පක්ෂ සාමාජිකත්වය අරගෙන ඔහුට පක්ෂයට එන්න පුළුවන්. එසේ අවශ්‍ය නොවන අයට කොළ ඉරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. එයාලා සාමාජිකයෝ නොවෙයි.
සමහර පිරිස් පක්ෂයේ ලේකම්වරයාට පවා අභියෝග කර තිබුණා. එවැනි දේ නිසා පක්ෂයේ විශ්වාසය පිළිබඳ ගැටලුවක් පැන නගිනවා නේද?
විවිධ පිරිස් කටයුතු කරන්නේ තම තමන්ගේ දේශපාලන දැක්ම හා අවබෝධය මතයි. ඔවුන් ගන්නා තීරණ ගැන අපට දැන්මම කියන්න බැහැ.
සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා නේද ?
නැහැ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමක් පමණයි සිදු වී තිබෙන්නේ. ඒ පාද යාත්‍රාවට සහභාගී වීම නිසා වෙනත් හේතු කිහිපයක් නිසයි. ඒ පිළිබඳ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට කරුණු දන්වයි. විනය මණ්ඩලයක් පත් කිරීමට පක්ෂ ලේකම්වරයාට බලය තිබෙනවා. ඉන් අනතුරුව දින 21ක කාලයක් තුළදී පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරයා පිළිබඳ තීරණයක් ගන්නේ ඉන් අනතුරුවයි.
චමල් හා ගෝඨාභය රාජපක්ෂ යන් මහත්වරුන්ට අගමැති අපේක්ෂත්වය නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව එස්.බී. දිසානායක මහතා පවසා තිබුණා. ඔබ ඒ පිළිබඳ දන්නවා ද ?
යම් යම් කණ්ඩායම් මැතිවරණය අවස්ථාවේදී විවිධ සාකච්ඡා පැවැත්වූවා. පුවත්පත්වල ඔය වාර්තා මම දැක්කා. හැබැයි සන්ධානයේ එවකට ලේකම් විදයට මම එවැනි සාකච්ඡාවකට සහභාගී වුණේ නැහැ. මම එවැන්නක් දන්නේ නැහැ. මම සහභාගී නොවූ සාකච්ඡාවලදී එවැන්නක් වුණා ද කියන්න විදියක් නැහැ මට. සියලු පාර්ශව එක නාමලේඛනයට ගෙනත් බුලත් කොළය යටතේ එජනිස න් නාම යෝජනා දීමයි මට පැවැරී තිබුණේ.
පක්ෂ නීත්‍යානුකූල යනුවෙන් ඔබ අදහස් කළේ කුමක් ද ?
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුණා. අපේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වය හිමිවිය යුත්තේ රටේ නායකත්වය දරන පුද්ගලයාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රටේ නායකයා නම් ඔහුටයි පක්ෂයේ නායකත්වය හිමිවන්නේ. එහෙමයි ව්‍යවස්ථාවේ තිබෙන්නේ. මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කළේ 2008 වසරේදීය. ව්‍යවස්ථාවට අනුව හිටපු නායකයා පක්ෂ අනුශාසක ධුරයට පත්වෙනවා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අනුශාසක ධුරයට පත්වෙනවා.
එහෙත් පසුගිය වසරේදී යම් අර්බුදයක් ඇති වුණා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 21 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණා. පක්ෂය නීත්‍යානුකූල කරන්නැයි ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන පක්ෂයෙන් නායකයන් දෙදෙනාම අපට කිව්වා. අපි කටයුතු කරන්නේ පක්ෂයේ හා සන්ධානයේ නායකයා සමඟයි. ඒ අනුව මමත් අනුර ප්‍රියදර්ශන මහතාත් එක්ව මධ්‍යම කාරක සභාවක් හා විධායක සභාවක් කැඳවා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසගේ තහනම ඉවත් කර පක්ෂයේ තනතුරුවලට නායකයන් පත් කළා. අපි කටයුතු කළේ පක්ෂය නායකයන්ගේ උපදෙස් පිළිපැදීමයි. ඊට වඩා වෙනස් දෙයක් මම කරලා නැහැ.
අද ඒකාබද්ධ විපක්ෂයට රැල්ලක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහක් පක්ෂයේ නායකයන් ඊට සහභාගි වෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස ?
මීට පෙරත් ඔවැනි රැළි අපට දක්නට තිබුණා. අගෝස්තු 17 වැනිදා දක්වා නුගේගොඩ, අනුරාධපුර ආදි තැන්වලට රැළි පැවැත්වුණා. මෙයිට වඩා රැල්ලක් එදා තිබුණා. එදා එම රැස්වීම්වලට සහභාගී වූ පිරිසයි ලිප්ටන් වටරවුමේ පිරිසයි සංසන්දනය කර බලන්න පුළුවන්. එහෙත් අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින බහුතරයක් මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය යටතේ. අද විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්, එසේ වාඩි වුණේ ජනාධිපතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුවයි. ඔවුන්ට ඒ සඳහා නිදහස දී තිබෙනවා.
දේශපාලන පක්ෂ ඇතුළේ විවිධ කල්ලි කණ්ඩායම්, මතිමතාන්තර දරන අය ඉන්නවා. පක්ෂ නායකත්වය ගරු කිරීම, පක්ෂයේ ප්‍රතිපත්ති සුරැකීම ඔවුන්ගේ වගකීමක්. ඔවුන් පක්ෂයේ ව්‍යවස්ථාව රකින තුරු, පක්ෂයේ නායකයාට ගරු කරන තාක් කල්, පක්ෂයේ ප්‍රතිපත්ති රකින තුරු ඔවුන් පක්ෂයේ රැඳී සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිටින පිරිසුත් අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්නවා. ඔවුන් අවසන් මධ්‍යම සභා රැස්වීමටත් සහභාගී වුණා. ඒ නිසා මේ විරෝධතා දැක් වූ පමණින් අදහස් දැක් වූ පමණින් වෙනත් පක්ෂයක් හැදෙන්නේ නැහැ. වෙනත් පක්ෂයක් තවම හැදිලත් නැහැ.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තිබෙනවා ද ?
එහෙම බෙදීමක් නැහැ. එහෙත් ශ්‍රීලනිපයේ පිරිසක් විපක්ෂයේ අසුන් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ඌව මැතිවරණය වෙනතෙක් එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තිබුණා. එහෙත් ඔවුන් එක්ව නැගී සිටියා. පසුගිය මැතිවරණයේදී සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි තරග කළා.
දැන් බලන්න 1994 සිට මේ දක්වා රටේ නායකයා කවුද ? රටේ නායකත්වය දැරුවේ අපේ පක්ෂයේ නායකයායි. ඒ නිසා පක්ෂයේ විවිධ අර්බුද මතිමතාන්තර තිබෙනවා. ඒවා විසඳාගෙන අපි ඉදිරියට යනවා. අපේ බෙදීමෙන් වාසි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. දැන් තියෙනවාට වඩා බෙදීමක් පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තිබුණා. සිරිමාවෝ මැතිනියගේ කාලයේදී බෙදීම් තිබුණා. එහෙත් තීරණාත්මක අවස්ථාවලදී අපි එක්ව කටයුතු කරනවා. එයයි විය යුත්තේ.
එදා තමන් සමඟ හිටපු අය අද විවිධ අමාත්‍යධුර දරන බවට මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. එය සත්‍යයක් ද ?
එදා ඔහු පරාජයට පත් කිරීමට කටයුතු කළ අයයි අද ඔහුගේ වටේ ඉන්නේ. අපි එදා කටයුතු කළේ ඔහුත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් දුන් උපදෙස් අනුවයි. අපට ඉන් එහාට යන්න බැහැ. අපි නායකයන්ගේ උපදෙස් පිළිපදින්න බැඳී සිටිනවා.
COMMENTS
මහත්තයෝ, උගුරට හොරා බෙහෙත් බොන්නේ ඇයි? අගෝ.17 ට වඩා ඔලු ගෙඩි ගණන අඩුවුණත්, තියෙන ඔලු ගෙඩි ඇතුළේ මොළය ටිකක්හරි තියෙනවා (නි)
අනේ අපිට දැන් මේ කතා අහලම ඇතිවෙලා (නි)
දේශපාලනය කියන්නේ වංචාකරුන්ගේ හා බොරුකාරයන්ගේ රස්සාවක් කියලා කව්දෝ උගත් කෙනෙකු කියලා තිබුනා මතකයි. ශ්‍රී ලංකා එකේ කට්ටියි එජපෙයේ කට්ටියි එකතුවෙලා මේ රටට, ජාතියට, ආගමට, රණවිරුවන්ට විරුද්ධව කටුතු කරනකොට ජනතව අතරමංවෙන බව මේ අයට තේරෙන්නේ නැති තරම්. ඡන්දෙකදී ආපසු වෙන්වෙලා ගිහින් කරපු වැරදි වලට ජනතාවට මොනවද කියන්නේ? (නි)
මහින්ද ගැන කතාව පැත්තකට දාලා රට හදන කතාව ඉදිරියට ගත්තොත් හොඳයි. නැත්නම් මහින්ද මහත්තයට ඒ කාර්යය මිනිස්සු කෙළින්ම බාරදේවි. මොකක්හරි කරපු මිනිහෙකුට ඉන්නේ ඔහු විතරක් නිසා! (නි)
දේශපාලුවෝ කියන්නේ ගණිකාවන් හා සමානයි.මහින්ද පැරදුනාට පසු එයත් එක්ක හිටි කී දෙනෙක් දැන් ඇමතිවරු වෙලා ඉන්නවාද ? (බ)
ඇත්තම හොරු ටික දැන් ඉන්නේ රජය වටා නොවේද? (නි)
මහින්දගේ පරාජයට වගකිය යුත්තෝ තොගයක්ම අද යහපාලන ආණ්ඩුවේ ඇමතිලා. ඔබතුමාද කරනම් කාරයෙකි. (බ)
රුවන් අහල තිබෙනවද පවුලකට එක දිගට රට පාලනය කරන්න දුන්නොත් ඒ ලැබෙන පල විපාක (බ)
රුවන් බොහොම හරි. මහින්ද මොකක්හරි කළා. රට බංකොලොත් කළා. මුණසිංහ නම් හරියටම හරි. හොරු ටික දැන් ඉන්නේ රජය වටා විතරක් නොවෙයි, ඇතුළෙත් ඉන්නවා! (නි)
මහින්දගේ පරාදයට වග කියන්න ඕනේ ආප්ප කාපු කෙනා (බ)
මේ වගේ අය නිසා තමා මහින්ද මහත්තයට වැරදුනේ. අපට කියන්න තියෙන්නේ . පුලුවන්නම් ඔබතුමා ලබන සැරේ දිනලා පෙන්වන්න කියලයි (බ)
මේ කියන කතා පාක්ෂික ජනතාව කොයිතරම් දුරට පිළිගනීද මන්දා? මට මතක හැටියට නම් ජනාධිපතිවරණය වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වුණ අපේක්ෂකයාගේ නම යෝජනා කරලා අත්සන් කළේ එවකට ලේකම්ධූරය දැරූ අය නේද? මට හිතාගන්න බැහැ කොහොමද වෙනත් පක්ෂයකින් තරඟ කරපු කෙනෙකුට පක්ෂයේ නායකත්වය පිරි නැමුවේ කියලා. මේවා පක්ෂ විනයට එකගද? (නි)
ඇමතිකමක් දෙනවා නම් සමහරු ඕනෑ පැත්තකට යනවා (නි)
රට දැයට ආදරය කරන නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් වහාම එක්වී ද්‍රෝහීන් පළවාහැර පක්ෂයේ නිල අයිතිය ලබාගැනීමට නීත්‍යානුකූලව කටයුතු කළයුතුයි. (නි)
මහින්දගේ පරාජයට වගකිවයුත්තෝ අද මහින්ද ළඟ නැහැ. (නි)
එතුමා වටා පමණක් නොවේ වැඩිපුර ජනපති වටාත් ඉන්නවා. (බ)
කවුරු මොනවා කිව්වත් වැඩකරන්න වෙන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව තමයි. (නි)
මේ වගේ අය නිසා තමා මහින්ද මහත්තයට වැරදුනේ. අපට කියන්න තියෙන්නේ . පුලුවන්නම් ඔබතුමා ලබන සැරේ දිනලා පෙන්වන්න කියලයි. (නි)
රුවන්, මිනිස්සු කොහොමද පැරදුන මහින්දට එකපාරට රට බාර දෙන්නේ. (නි)
රටේ ප්‍රධාන මාතෘකාව මහින්ද විතරද? අවුරුදු 2 කම ඕක කියනවා ඇරෙන්න වෙන කරන දෙයක් නැහැ. ජනතාවට තුන්වේල කාලා ජීවත්වෙන්න පුළුවන් ක්‍රමයක් සැළැසුවොත් හොඳ නැද්ද? ඕකම අහලා අහලා අපිට දැන් යහපලානේ එපාවෙලා තියෙන්නේ. (නි)
අපි ඒක දැක්කා ඇස් දෙකින්.(හේ)
අනේ නිකන් යන්න සුසිල්. ඔයා අන්තිම වෙනකල් හිටියේ හොදට. ඔයත් හොදට කන්න ඕනි නිසා හේත්තු වුනා.තමන්ග වළ ඉහගන්න ඕනි නිසා ගියා කියල අපි දන්නවා .(බ)
එතකොට මේ ආණ්ඩුවේ නැද්ද පැනපු අය එහෙම? ලංකාව නම් මහා පුදුම රටක්. කව්රු ආවත් මිනිසුන්ට හොඳක් වෙන්නේ නැහැ (නි)
අනේ අපි නොදන්නවායැ මේ කතා? (නි)
නැහැ. නැහැ. එතුමාගේ පරාජයට වගකිවයුතු සමහරෙක් දැන් සිරිසේන මහත්තයාට හේත්තු වෙලා. මේ රජය පෙරලුනු සමයක ඒ කට්ටිය ඊළඟට එන ආණ්ඩුවකටත් විලිලැජ්ජා නැතුව හේත්තු වේවි ..! (නි)
තමන්ගේ ඔටුන්න රැකගන්න. තමන් දැනගන්න ඕනෑ. කාටවත් ඇයි දොස් කියන්නේ? (නි)