19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ වාර ගණන දෙවරකට සීමා කළේ තමා නැවත බලයට පැමිණේයැයි බියෙන් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රකාශය විහිළුවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
ජනතාව ඉල්ලා සිටි 19 වැනි සංශෝධනයට ද්‍රෝහි නොවන ලෙස හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා එළවා දැමූ බව ද එහෙතම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රට කොටියාගෙන් බේරුවට හැමෝම ගරුකරනවා. ඒත් මානයයි මෝඩකමයි මතුවෙලා වැරදි දිගින් දිගටම කළා.තාමත් තමන්ගේ වැරදි තේරුම් අරගෙන නැහැ. (නි)
දැන් ඉතින් කාට මොනවා කියන්න බැරිද?
තණ්හාය ජායතී ශෝකෝ (නි)
චානක, මා ඔබ සමඟ එකඟයි 100% ක්ම. (නි)
මහින්ද මහතා කළ කී දෑ අපිට නම් අමතක කරන්න බැහැ (නි)
පාට කණ්ණාඩි ගළවලා අදහස් ප්‍රකාශ කරනවා නම් හොඳයි. චානකගේ අදහස් සහතික ඇත්ත. (නි)
ඕවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම (නි)
අනේ මෙහෙම යහපාලනයක්? කැතම කැතයි. (නි)
විහිළුකාරයින්ගේ ප්‍රකාශ වලින් මහින්ද රාජපක්ෂ නම් මහා වෘක්ෂය බිම හෙළිය නොහැක. අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් මේ ජාතික වීරවරයාට සිදුකරන අපහාස පිළිබදව මව්බිමට ආදරය කරන මහජනතාව පසු වන්නේ දැඩි කණස්සල්ලකින් බව කිවයුතුමය. (නි)
සුමුදු හේවා, අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්නේ අස්සයා පැනල ගියාට පස්සෙයි. ඔයටික ඔයා ඔලුවෙන් හිටගන කීවත් අපේ මිනිස්සු ඇස් ඇරලා බලන්නේ නැහැ. එ් නිසා හොදම දේ නිහඩව බලා සිටීමයි. පුංචි උදාහරණයක් දෙන්නම්. 1977 මැතිවරණ දිනට පසුදින මගේ මිතුරෙක් මෙන්න මෙහෙම කිවුව,''ඇති යාන්තන් අපේ පොඩි එකෙක්ට ආයිමත් ඇපල් ගෙඩියක් ,මුද්දරප්පලම් ගෙඩියක් කන්න පුළුවන්'' මේ වගේ මන්ද බුද්ධිකයින් සමග මොන කතාද? (බ)
කට්ටිය නිකන් බයවෙලානේ.එතුමා පරාදවෙලා ගියා.දැන් අර ඡන්ද ලක්ෂ 62 ට අනෙක් 58 ත් එකතුවෙලා.ඉතින් කට්ටිය මේ මොකට එතුමාගේ වචනයක් වෙනුවෙන් බය වෙන්න එපා ඔච්චර. (නි)
මේවා විකාර කතා මහත්තයෝ. (නි)
ඔය කෑගහන අය මහින්ද කළ දේවලින් කෝටියෙන් එකක් කරලා තියනවද කියලා කියන්න (නි)
කලණි, ලක්ෂ 62 ක්ම බයේ තමයි හිටියේ. දැන්වත් වැදගත්කම රැකගෙන ඉන්නවා නම් තමා හොඳ. (නි)
මේ රටේ ජනතාව මහින්ද පැරදුවේ ලක්ෂ 62 කින්.දැන් ඉතින් ලක්ෂ 10 වත් ඡන්දෙ දෙන්න නැහැ බුද්ධිමත් ජනතාව. (නි)
අපි මේ ස්ටාලින් මහත්තයා ගැන දන්නවා. බලාගන්න පුළුවන් තව ටික දවසක් යනකොට හොඳ හොඳ සෙල්ලම් (නි)
රටේ බුද්ධිමත් ජනතාවනි, දැන්වත් ඇත්ත වටහාගන්න. රටේ දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ ජාතින් අතර සමගිය වෙනුවෙන් (නි)
චානක ලොස් ඇන්ජලිස්, රටකට උචිත අනුචිත දේ අවස්ථානුකූලව වෙනස් වෙනවා. යමක හොඳ නරක පිළිබඳ පුද්ගලයකුගේ විනිශ්චයත් අවස්ථානුකුලවත් අත්දැකීම් අනුවත් වෙනස් වෙනවා. කෙසේ හෝ බලයේ සිටිනු වස් මර්දනයෙන් රට පාලනය කළ විධායක ජනාධිපතිවරු යටතේ 17 අවුරුදු සාපයකින් බැට කෑ ජනතාව එවක සියල්ලටම වරද පැටවූයේ විධායක ජනපති ක්‍රමයටයි. එහෙත් අපේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීම පිණිස හිටපු ජනපති අත විධායක ජනාධිපති බලතල මහඟු අවියක් විය. ත්‍රස්තවාදය අවසන් වුණත් බෙදුම්වාදය අවසන් නොවුණු අප රට බෙදුම්වාදයේ ශාපයෙන් මුදාගන්නා තෙක් ස්ථාවරව පවත්වාගෙන යාමට තව කලක් ජනාධිපති ආණ්ඩු ක්‍රමය පැවතීම වරදක් නොවේ. ලෝකයේ ස්ථාවර ආණ්ඩු තියෙන බොහෝ රටවලත් ඔබ සිටින ඇමරිකාවෙත් ඇත්තේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකි. (නි)
චානක ලොස් ඇන්ජලිස්, මහින්ද මහත්තයා ඔය කියන තරමට ජනතා අප්‍රසාදයට පත්වෙලා නම් ඔහේලා මොකද එතුමාට ඔච්චර බයවෙන්නේ? (නි)
සමහරුන්ගේ ලෙඩ වලට බෙහෙත් මේ තුන් ලෝකෙවත් තියෙයිද මන්දා (නි)
මහජන මුදල් කන අයට එලොවත් නැහැ මෙලොවත් නැහැ. (නි)
සමහර අදහස් දැකක්හම පුදුමත් හිතෙනවා (නි)
කළණි, සිංහ, ඉඳුනිල්, රුවන්, රංචාගොඩ, රනිල්, කිරින්ද, තිලක්, දහම් සහ ක්‍රිස්, ඔයාල හැමෝම කියන්නේ මේ කතාව ඇසුණු මට හිතුණු දේවල්මයි. තවත් කී දෙනෙකුට එහෙම හිතෙනවා ඇද්ද? (නි)
මෙයා ගැන නොදන්නේ කවුද? (නි)
මහින්ද පැරදුනේ සිංහල නොවන ඡන්ද වලින්.සිංහල ඡන්ද 58 ලක්ෂයක් ලැබුනු බව මතක තියාගන්න. (නි)
තමා විසින්ම තමා "අන්දරේ" කෙනෙක් වෙන්න එපා මහත්තයෝ (නි)
අපි මහින්දට අකමැති නැහැ. එතුමා ලෝභ නැතුව සල්ලි වියදම් කරලා, රටට වැඩ පෙන්නලා අපිව අන්දමන්ද කළ නිසා කොහොමද වෙන කාටවත් ඡන්දෙ දෙන්නේ. (නි)
බලකාමයෙන් මත් වි සිටින සමහරුන් බලයට ඒමට දඟලන දැඟලිල්ල ඉතාමත් පිළිකුල්සහගතයි. (නි)
මහින්ද පමණක් නොවෙයි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වෙයි කියලත් සමහරු බයේ ඉන්නේ. (නි)
ටෙනිසන්, කතාව සහතික ඇත්ත. (නි)
රට ජාතිය බේරාදුන් අයගෙන් රට ආරක්ෂා කරගන්න වෙන වෙලාවලුත් තිබෙනවා. (නි)
මේ අදහස් කියවනවිට නම්, ප්‍රභාකරන් කියූ දේ සත්‍ය බව තහවුරු වෙනවා. සිංහලයාට ඉතා ඉක්මනින් මුල අමතකවන බව. (නි)
මහින්ද මහත්තයා කොටින්ගෙන් රට බේරාගෙන ඉතාමත් හොඳ සේවයක් කළ එක ඇත්ත. ඊටපස්සේ කළ දේවල් වලින්නේ ජනතාව කළකිරුණේ. හරියට කිරි කළයක් දොවලා ගොම පොඩ්ඩක් මුසුකළා වගේ (නි)
මහින්ද මහත්මා මේ රටේ සැබෑ නායකයායි (නි)
මම නම් කවදාවත් එතුමා කියන දේවල් විහිළු ලෙස හිතන්නේ නැහැ (නි)
චානක සමඟ මම එකඟයි (නි)
මේක පුදුම රටක්. අපරාදේ මහින්ද ප්‍රභාකරන් පරාජය කළේ (නි)
දැන්වත් ජාතික සංහිඳියාව ගැන හිතන්න. නැත්නම් තව යුද්ධයක් ළඟඳීම ඇතිවෙන්න පුලුවන්. කැලෑවල රිංගලා යුද්ධ කරපු අපිවත් දැන් ඕක කතාකරන්න කැමති නැහැ (නි)
සිල්වා මහතාණෙනි,මම ඔබ සමඟ එකඟවෙනවා. අපි දන්නා හඳුනන මෙතුමා තමා ගුරුවරුන් වෙනුවෙන් හඬක් නඟපු නායකයෙක් (නි)
බැලුවහම අපි රැවටිලානේ ඉඳලා තියෙන්නේ? (නි)
සහතික ඇත්ත. අපේ නෝනත් කියන්නේ ඔය කතාවමයි. මම එයාට වැරදියි කිව්වට එයා කියන්නේ එයාලගේ නෑදෑයෝ සේරම එයාට ආදරෙයිලු. ඒ වුණාට කටට රහට මාළුවක් බතක් උයාගන්න බැහැ. ඉතින් වැඩක් තියෙනවද?ආදරේ කන්නද? (නි)
මේ රටේ නායකත්වයට සදාකල් එක්කෙනෙක් ඉන්න ඕනෑ නැහැ. ඕනෑතරම් දක්ෂ නායකයෝ ඉන්න රටක් මේක. සිහින මවාගෙන ජීවත්වීම ඵලක් නැහැ (නි)
දැන් මහින්ද මහතා විහිළු සපයන්නෙකු බවට පත්වෙලා. ඇයි මෙහෙම වුණේ? (නි)
මුළු රටම රේසින් කාර් යවලා හින්දි නිළියන් නටවන රටක් කරගන්න අපිට ඕනෑ නැහැ. (නි)
මහින්ද කියන්නේ නියම සිංහල බෞද්ධයෙක්. ඒ බව නියම සිංහල ජනතාව ඉදිරියේදී පෙන්වාවි. (නි)
මහින්ද මහතා තමන්ට තිබූ ගෞරවය නැති කරගත්තේ තමන් විසින්මයි (නි)
මහින්දට අපි ගරු කරනවා. ඒත් එයා හැදුවේ අපි ඔක්කොම එයාගේ වහල්ලු කරගන්න. එයා කියන දේවල් විතරක් අහන කෙනෙක් කරන්න. අපි මොකටද එහෙම වෙන්නේ? අපිට ඔලුවක් දීලා තියෙනවා හිතන්න. අපි කැමති නැත්තේ ඒකට.නැතුව එයා රටට දීපු දේවල් අමතක කරලා නෙමෙයි (නි)
ඇත්ත. දැන් විහිළු ඇති (නි)
ඡන්දෙන් දිනන්න කියලා කළ වැඩ ටික සමහරුන්ට අමතකයි. ප්‍රතිවාදී අපේක්ෂකයාට මොනතරම් අපහසුතා ඇතිකළාද? රැස්වීම් තිබෙන පොදු ස්ථාන අවහිර කළා. ශබ්ද විකාශන යන්ත්‍ර කම්බි කැපුවා. වේදිකාවන් ගිනි තිබ්බා.කතා කරද්දී රූපවාහිනියේ විකාශන කැපුවා. රැස්වීම් තියනකොට විදුලි බලය කැපුවා. මෙහෙම වැඩ කෙරෙනකොට ඡන්දෙ ලැබේවිද? (නි)
ඇත්ත. මමත් ජෝසප් මහතාට එකඟයි (නි)
මහින්ද මහත්තයා ප්‍රවේශමෙන් කතාකරනවා නම් හොඳයි (නි)
මට පුදුම තාමත් ලංකාවේ කලණි වගේ මනුස්සයෝ ඉන්න එක ගැන. මේ රටට කළ හොඳ වැඩ වලට වඩා නරක වැඩියි නේද එයාගේ ? එයා බැලුවේ ජීවිත කාලයටම රජවෙලා ඉන්න. බලාගන්න තිබුනා එයාගේ වැඩ තවත් පාරක් බලයට ආවා නම්. (නි)
කලණි, මිනිස්සු බයයි තමයි ආයෙත් සැරයක් හම්බ කරන හැම සතයක්ම එක පවුල් ගහකට දෙන්න වේවි කියලා. (නි)
හපොයි කලණි, අපි නම් බයයි තමයි (නි)
අම්මෝ! අපි නම් බයයි කලණි නගෝ, ළමයාගේ කිරිපිටි පැකට්ටුවේ සිට ගසාකන යුගයක් ආයෙත් එනවාට. (නි)
මහින්ද වටේ දැනට සිටින සමහර සාමාජිකයින්ට බලය ආවොත් කියලා තමයි අපිට බය. ඒ කාලේ නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ. අමතකද? (නි)
ක්‍රිෂාන්තගේ අදහස් අගය කරමි. මිනිසුන් ස්වාධීන වියයුතුයි. අප කිසිවිටෙක මෙහෙයවනු ලබන්නන් වීම අවශ්‍යය නොවේ (නි)
අපි නම් බය ඒකට නෙමෙයි (නි)
ආයෙත් අපි අමාරුවෙන් හම්බකරන සොච්චමත් ගසා කන කට්ටියට පුදන්න වේවි කියලා තමයි බය. (නි)
ආයෙත් නම් අපි මෝඩවෙන්නේ නැහැ (නි)
මම සහ මගේ බිරිඳ ලංකා ගුරු සංගමයේ සාමාජිකයෝ වෙමු. අපි ගරු කරන්නේ රට කොටින්ගෙන් බේරන්න මුල්වුණ නායකයෙකුට. (නි)
අපි එකපාරක් ඡන්දෙ දීල කළගුණ සැළකුවා. ඒත් හැමදාම රට සින්නක්කරයට ලියලා දෙන්න බැහැනේ. අනෙක දැන් ජනාධිපති පැහැදිලිව කියලා තිබෙනවා එතුමා ආයෙත් ඉල්ලන්නේ නැහැ කියලා. සමහරුන්ට එහෙත් තවම තණ්හාව නැතිවෙලා නැහැ. (නි)
මුළු රටම තමන්ට බයයි කියලා සමහරු හිතාගෙන ඉන්නේ එක්තරා හීනමානයක් නිසාවද්දැයි මට හිතෙනවා. (නි)
දැන් ඉතින් තමන්ට ප්‍රජාතාන්ත්‍රික ඡන්දයකින් පසුව ගෙදර යන්න වුණා නම් වැදගත් විදියට ඒක පිළිගන්න ඕනෑ නේද? එහෙම නැතුව එතන මෙතන පන්සල් ගානේ කියව කියවා ඇවිදිනකොට තිබෙන ගරුත්වයත් නැතිවෙනවා. (නි)
හැමදාම ඔය රට බේරාගත් කතාව කිය කියා ආණ්ඩුව ගෙනියන්න බැහැනේ. ඊටපසුව රටේ සිදුවිය යුත්තේ මොකද්ද කියලා මහින්ද මහතාට හිතන්න අමතක වුණා.අඩු වශයෙන් 30 අවුරුද්දක් යුද්ධය නිසා පටි තදකරගෙන හිටපු ජනතාවගේ ජීවන බර ගැන පොඩ්ඩක් හිතන්න තිබුනා. ඒ මදිවාට වටේ සිටින ගසාකන්නන් එතුමාට යන තැනටම වැඩ කළා. දැන් ඉතින් හැමෝටම දොස් කිය කියා රට වටේට යනවා. මේවා ගැළපෙන වැඩද? (නි)
අනේ ඇත්තට! දැන් මහින්ද මහතාට දවල් කියපු එක රෑට මතක නැද්ද කියලා මට හිතෙනවා. එතුමා ඉස්සර කිව්වේ නැද්ද විධායකයේ බලය අඩු කරනවා කියලා. (නි)
බය ඇති වෙන්නේ මහින්ද මහතා ගැන නෙමෙයි. එතුමාගේ වගකීමක් භාරදෙන්න බැරි අය සහ සමහර රට ගසාකන කිට්ටුවන්තයින් ගැන. ඒ අය එතුමාගේ අවෑමෙන් රට භාරගත්තොත් ඉතින් අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)
මේවා අහලා මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
මම නම් කියන්නේ මහින්ද දැන් ජාතික වීරයෙක් වෙලා අවසන් (නි)
ජෙහාන් මහත්තයාත් හීනෙන් බයවෙන කෙනෙක් වගේ.අපි එතුමා ගැන බලාගන්නම් මහත්තයෝ.ඔයාලා ඔය 62 එක්ක මහා මැතිවරණෙට ඇවිල්ලා රජයක් පිහිටුවලා 62 බලය පෙන්වන්නකො. (නි)
අපේ ව්‍යවස්ථාව මෙච්චර හොඳ නම් ඒකේ ගෞරවය ලැබෙන්න ඕනෑ ජේ.ආර්ටනේ එහෙනම් (නි)
ජෝසප් ස්ටාලින් මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)
මට පිළිතුරු දුන් හැමෝටම කියන්නේ. ඔබ කරන්නෙත් එතුමා බලයට එනවට බය බව කියන එකයි. රටක් රැකගත්තා. රට සංවර්ධනය කළා. ඒවා මතක නැති ගුණමකු මිනිස්සු බේගල් වලට රැවටිලා හොරා කියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (නි)
මම නම් එතුමාට විතරක් නෙමෙයි පිවිතුරුටත් බයයි. (නි)
පරාජය වෙලත් මෙහෙම නම් දිනුවා නම් කොහොමට තියෙයිද? බුදු අම්මෝ! අපි බයයි. බයයි කියපු එක ඇත්තම ඇත්ත..... (නි)
වටේ හිටිය සමහරුන්ට තමයි ඉවසන්න බැරි. ඒක තමයි එතුමා හා එතුමාගේ ගෞරවය බිල්ලට දීලා හරි තමන් ගොඩයන්න දඟලන්නේ. (නි)
සමහර දේවල් මතක් වෙනකොට ඇඟේ හිරිගඩු පිපපෙනවා (නි)
එක කිසිසේත් විහිළුවක් නෙවෙයි. මහින්ද නැවත බලයට එනවට බය අය හුඟක් ඉන්නවා. එළිපිට වෙන විදි වලින් කියන්නේ.. ස්ටාලින් වගේ .(බ)
ප්‍රතිරූපයන්ට වැඳවැටීම නිවට මිනිසුන්ගේ හැටියක්.දැන්වත් රටක් හැටියට ඉදිරියට යන්න බලමු. (නි)
ජෝසප් ස්ටාලින් මහතාගේ ප්‍රකාශය පුද්ගලික මතයක්ද? නැත්නම් ගුරු සංගමයේ මතයක්ද? එසේනම් ඔහුට ඒ මතය ප්‍රකාශ කරන්න ගුරු සංගමයෙන් අවසර තිබෙනවද? මොනවා වුණත් ස්වාධින සංගමයක් දේශපාලනයට කත්ඇදීම නම් අනුමත කරන්න බැහැ (නි)
ජෙහාන් නෙවෙයි අපිට නම් මතක් වෙන්නේ යහපාල හීනෙන් බය වෙලා මෙතන කලින් ලියපු නමත් මාරු කළ හැටි ! (බ)
ඒකනේ කෙනෙක් අහලා තිබුනේ ඔහු ආයෙමත් දේශපාලනයට එන්නේ රෙදි ඇඳගෙනද කියලා .... (නි)
මේකේ අදහස් දාන හුඟදෙනෙක් හිතන්නේ මහින්දට සළකපු විදිය හරි නැහැ කියලා.සහතික ඇත්ත. (නි)
මෙන්න තවත් විහිළු කතාවක් (නි)
ඔය කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. (නි)
ඔව් මහින්ද එනවට බය නිසා, ඔහු අාවොත් රටේ සල්ලි සේරම එයාගේ සාක්කුවේ. (බ)
මන් කිව්වේ චන්ද්‍ර, සමහරුන්ගේ නෙවෙයි ජෝසප් ස්ටාලින්ගේ ලෙඩේට බේත් මේ තුන් ලෝකෙවත් තියේද මංදා කියලයි. අනික එයා බේත් බීලද නැද්ද කියලා බලා ගන්නොන එයාගේ නෝනා (බ)
ස්ටාලින් නම් බය වෙලා , ස්වාධීන ගුරු සංගම් , මේ වගේ දේශපාලනය සම්බන්ධ ප්‍රකාශ කිරීම , තරයේ හෙළා දකිමු . (බ)
යසිරුල නෙවිල් රණපාලල තවමත් විදෙස් ඔත්තුකරුවන්ගේ ලණු ගිලපු ගමන්මයි නේද? ඔය සොරකම් කළාය කියන කතාව ඇත්තක් නම් දින සීයක් තිස්සේ සොයලා සොයලා අන්තිමට තිස්සට ඇමැතිකමක් දීම අල්ලසක් හැටියට නව අර්ථකතනයක් දෙන්න ඕනෑ නැති බව අපිට නම් වැටහෙනවා. (බ)
ස්ටාලින්ලා පැරදුනේ මහින්දට කලින් (බ)
මහින්ද නැවත බලයට එනවට රටවැසියන් බොහෝදෙනෙකු බියවේ. එම නිසා ඔවුන් ඔහුට චන්දය දීමෙන් වලකිනු ඇත , ජෝශප් ස්ටාලින් යනු වාසුදේවල වගේ වාසි පැත්තට හොඳයි කියන වාමාංශිකයකු නොව නියම වාමාංශික අදහස් දරන වෘත්තීය සමිති නායකයෙකි , ඔහු ගුරු සංගමය නියම මාර්ගයේ ඉදිරියට ගෙන යන නියමුවෙකි (බ)
ජෝසප් මහත්තයෝ පාළුගෙයි වලන් බිඳින්න එපා ඔබ තුමා මුල අමතක කරන්න එපා.හදවතට තට්ටු කරලා අහන්න ඔබතුමා කියපු කථාව ඇත්තද කියලා (බ)
ස්ටාලින් වගේ අයට තව ගොඩාක් කල් යයි වගේ ඇත්ත තේරුම් ගන්න, අනේ පවු තමයි කියන්න වෙන්නේ! (බ)
විහිළු වලටත් උත්තර සපයන්න තරම් ස්ටාලින් බය වෙලා .(ම)
මොන විදිහේ ප්‍රචාර යැවුවත්, එක්කෙනා නම් දහයකින් පහලවකින් කමෙන්ට් දැම්මත් මහින්දට තාමත් බහුතරයක් සැබෑ ශ්‍රී ලාංකිකයෝ ආදරෙයි! (බ)
මහින්ද රාජපක්ෂ බලයට පැමිණ දවසේ සිට අද දක්වා කිවේ කළේ විහිළු , නමුත් බොහෝ අයට ඒවා වැටහෙන්නේ නෑ (බ)
මෙයා ගුරුවරු ගැන කතා කරන්නෙත් මෙයාට වාසි නම් විතරයි (බ)
මහින්දට කරපු දේ දැක්කම, මහින්දට දැන් කරන දේ දැක්කම ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මොන තරම් ගුණමකු, කළගුණ නොදත් මිනිස්සු පිරිසක්ද කියල කලකිරෙනවා! (බ)
මට පෙනෙන්නේ මහින්ද බලයට එනවට නොව බහුතරයක් භය. අාවොත් කරන දේවලට. (බ)
කළණි බෙහෙත් ටික හරියට බිලද බලන්න.(බ)
මඩේ ලගින සතෙක් සිංහයකුට ගොරවයි (බ)
ශ්‍රේෂ්ඨ මිනිසකුගේ නමක් ඔය වගේ හෑල්ලු කෙනකුට දැම්මම විහිළුවක් (බ)
කළණි....ඔබ හීන මවනවද .....ඔබට අමතකද මහින්ද චින්තනයේ ප්‍රධාන පොරොන්දුව ,,,,,විධායක බලතල අහෝසි කිරීමට දුන් පොරොන්දුව ...ඔහු බලය අරගෙන ඒ ගැන නිකන් හරි කතාවත් කළාද ?කොටින්ම කියනවනම් මහින්ද අවසාන මොහෙතේ ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද පොළට ගියේ මෛත්‍රී වගේ පුද්ගලයෙකු වෙස් ගන්වාගෙන හොඳ නායකයෙක්නම් කව්රුන් හෝ එය සැලසුම් කළ දෙයක් නම් ඔවුන්ට එහෙම කරන්න එපා කියා අවවාද කරන්න තිබුනා .....එහෙම කළාද ? එ්කෙන්ම තේරෙනවා ඔහු මොන තරාතිරමේ කෙනෙක්ද කියලා. ඔහු දැන් ජනතා අප්‍රසාදයට පත් වෙලා හමාරයි .....කලනිගේ බලාපොරොත්තුව හීනයක්ම පමණයි (බ)
අප රට ජාතිය බේරා දුන් ඔහුට අවමන් නොකරන්න එ්වගේම ඔබගේ නමෙත් ගෞරවය ආරක්ෂා කරගන්න (බ)