‘මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට ත්‍රස්තවාදය පරාජය කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ. උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ (පීටොම්ස් යනු පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරණ ව්‍යූහයයි. ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කැරිණි.)
ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි. 2005 ජනපතිවරණයට පෙර කොටින්ට අරමුදල් දුන් බව ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් හා මංගල සමරවීර ප්‍රකාශ කර තිබෙනවා. අද වෙනකම් එය බොරු බව කිව්වේ නෑ. සමහරුන් රහස් පොලිසියට පවා ඒ ගැන ප්‍රකාශ දී තිබෙනවා.‘ යැයි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකාදීප ‘එසැණ‘ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ශ්‍රීලනිපයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වැනි පිරස් ඝාතනය කරන්නට කොටි උත්සාහ දරද්දී එම ආණ්ඩුවෙන් කොටින්ට වාහන ලබා දී ඇතැයි ද රණවක මහතා කීවේය.
විල්පත්තුවේ වන සංහාරයක් වන බව කියමින් වත්මන් ආණ්ඩුවට චෝදනා කරන්නේ හිටපු ජනපතිගේ සංවිධානාත්මක පිරිසක් බවත්, මන්නාරමේ යම් සිදුවීමක් වී ඇත්නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බවත් ඔහු සඳහන් කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන අංශය, පැවැති රජයේ ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම, ඇවන්ගාඩ් අවි ගබඩාව, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, විල්පත්තුවේ ගැටළුව, ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වලකාලමින් දුන් නියෝගය ඇතුළු මාතෘකා රැසක් ගැන අමැතිවරයා සාකච්ඡා කළේය.
එම සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්... (වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔබතුමා ගොතපු පට්ටපල් බොරුවට මොකද කියන්නේ?අර කේ .පී ගේ ෆොටෝ එක දාලා කළ අලකලංචිය. පස්සේ සමාව ගත්තා.මේ ප්‍රකාශත් ඒ වගේමද? හෝද හෝදා මඩේ දානවා.රටට නිදහස උදාකර දුන් මහින්ද මහත්තයා සැබෑම නායකයෙක්. (නි)
බුදු දහම අනුව "රටක රාජ පුරුෂයන් රටේ දනය සොරකම් කරන්නේ නම් හෝ රටේ ධනය විනාශ කරන්නේ නම් එමරට පාලනය කරන රජු රටේ පාලනයට නුසුදුස්සෙක් වනු ඇත" මේ අනුව පසුගිය රජය සමයේ මහජන දේපල හා මුදල් මංකොල්ල කෑ පුද්ගලයන් අති විශාලය. එයින් ප්‍රමුඛ තැනක් ගන්නේ පාලකයාගේ පාර්ශවයේ පුද්ගලයන්ය. එම නිසා කෙසේවත් ඔහු රටේ පාලකයා හෝ පාලන ත්‍රන්තයට අත්පෙවියහැකි තනතුරකට යළි පත් නොකළ යුතුය. මෙය මුළුමහත් ජනතවගේ දු දරුවන්ට හා ඔවුන්ගේ අනාගතයට කරන විනාශයකි. අපට අවශ්‍ය වන්නේ රට ආදරය කරන නායකයෙක් මිස ඒකාධිපතියෙක් නොවන්නේය (නි)
හෙළ උරුමය පිළිබඳව තිබු අපේ බැඳීම සම්පුර්ණයෙන් බිඳදැමූ ඔහු තරම් තවත් අපේ සිත් කළකිරීමට පත්කළ අයෙක් අපිට නම් මේ රටේ තවත් නැහැ (නි)
බොහෝ අයට රාජපක්ෂලාට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්න ලැබුනෙත් ජනවාරි 8 වැනිදායින් පසුව බව මට හිතෙනවා. (නි)
මෙතුමා රටට ජාතියට ආදරය කරන කෙනෙක් හැටියට තමා අපි දැනගෙන හිටියේ. නමුත් යහපාලනයට එකතුවුණාට පස්සේ මුනිවත රකින බවකුයි පෙනෙන්නේ (නි)
පිවිතුරු යහපාල එකම තැටිය ගහනවා විතරක් නෙමෙයි එකම අදහසක් තමයි දාන්නේ. මෙහි උඩ හරියෙ මේකම තියෙනවා. මට හිනායනවා අනේ! (නි)
පිවිතුරු යහපාලගේ මේ අදහසම මම කලිනුත් දැක්කා. ඕක තමයි ඔය කට්ටියගේ හැටි. සම්පක් නාස්තිය ගැන තකන්නේ නැහැ. (නි)
චම්පික මහත්තයෝ අපි ඔයාට එන ඡන්දේ දි දෙන්න තමා ඉන්නේ (ම)
පිවිතුරු යහපාලට කාවද වැහිලා. එකම කියවනවා. (නි)
යහපාල මහත්තයෝ, ලියන්නම දෙයක් නැත්නම් නොලියා ඉන්නකෝ. දකිනකොට අප්පිරියයි. බලලම ඇතිවෙලා (නි)
අනේ පිවිතුරු, මොකද්ද මේ අඬවැඩියාව? ඒකාලේ බෝම්බ පත්තුවුණ එකත් ඉවසපු අපිට මේ ඔබතුමා නහයෙන් අඬන පිරිමි ඇඬිල්ල තමයි ඉවසන්න බැරි. (නි)
ලංකාවට දැන් අවශ්‍ය වන්නේ පුන්නක්කු සහ තණකොළය (නි)
මෙතුමට මීට ටික දවසකට උඩදි කට්ටිය කිව්වා කතා කරනවා වැඩියි කියලා. දැන් අරුණසිරි කියනවා මුනිවත රකිනවලු. අනේ මන්දා! ඒ ඒ වෙලාවට හරියන්න මොකක්හරි ලියනවා වගෙයි පේන්නේ. (නි)
මොනරවිල කැප්පෙටිපොළත් උඩරට ගිවිසුමට අත්සන් කළා. ඒත් අන්තිමට සිංහලයෝ වෙනුවෙන් සටන් කළෙත් එතුමා. මහින්ද රාජපක්ෂත් ඒවගේ යුග පුරුෂයෙක්. (නි)
කැටවල මහත්තයෝ,ඔහේ නොදන්නා දේවල් කොච්චර තියෙනවද? සිහල උරුමයේ ඉදන් හෙළ උරුමයත් එක්ක මගේ දේශපාලනය බැඳිලා තිබුනේ..ඒ මම මගේ රටට ජාතියට හැමදාමත් ආදරය කළ නිසා.හෙළ උරුමයේ ගමන්මඟ වෙනස් කරවලා යු ටර්න් ගහලා මුළු රටම විනාශයට ඇදලා දාපු පාපකර්මයට කරගහපු අයට ඒ කළ පාපකර්මය ඇති අවීචි මහා නරකාදියේ පැහි පැහි විඳවන්න.අපි ඔහෙලා වගේ කළගුණ නොදත් ගුණමකුවෝ නෙමෙයි.තිස් අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් මවුබිම ගළවාගෙන අපේ දරුවන්ට දකින්න හෙටක් ඉතුරු කරලා දුන්න මහින්ද මහත්තයට අපි කඩේ යනවා. ඒක ඇත්ත. ඒ දේ රනිල් මහත්තය කළානම් චන්ද්‍රිකා මැතිනිය කළා නම්, ප්‍රේමදාස මහත්තයා කළා නම් මේ විදියටම මම එයාලටත් කඩේ යනවා. එතන පුද්ගල වන්දනාවක් නැහැ (නි)
පිවිතුරු කියන්නේ දැන් අපිට කළගුණ හැටියට අමුඩ ගහගෙන මැදමුලන කුඹුරු ටික කරලා දෙන්න කියලද? (නි)
හෙළ උරුමයට හෙට දිනයේ හිමි තැන ජනතාව තීරණය කරාවී.බිය නොවන්න. (නි)
පිවිතුරු යහපාලට මතක නැහැ එයාම ලිව්ව එක. ඒකම ආයෙත් දානවා. මම හිතන්නේ හීනෙන් පේනවා ඇත්තෙත් එකමයි. (නි)
එක එක්කෙනාට කඩේ යන දේශපාලනය තියෙන්නේ නොදියුණු රටවල. පක්ෂ ප්‍රතිපත්ති වලට ඡන්දය දෙන ඡන්දදායකයො ඉන්න රටවල් දියුණුයි. (නි)
අපොයි! මේ රටට දැන් තිබෙන එකම ප්‍රශ්නය මේක විතරද? (නි)
පිවිතුරු යහපාල පරලවෙලා. පුද්ගල වන්දනාවක් නැහැ කිය කියා ඒකම කරනවා. (නි)
ඔය හොර ගල් අහුලන එක නවත්තල මහ ගෙදර වන ඒජාපයටම ගියා නම් හොඳ නැද්ද? (බ)
තම රටට ආදරය කරනවා කියන්නේ ජාතිවාදි වෙන එකට නෙමෙයි. නමුත් සමහරුන්ගේ අදහස් හරිම ජාතිවාදියි. පක්ෂග්‍රාහියි. මෙහෙම අය තව 4 ක් 5 ක් හිටියොත් රට විනාසයි. හොඳ වෙලාවට අපේ රටෙි බහුතරයා ජාතිවාදි නැහැ. (නදී)
පිවිතුරු යහපාල , තමන් කැමති තැනකට වන්දනාවේ යන්න එ්ත් ඔහොම මැදමුලන පිළිකන්නේ වැටිච්ච බැලයෙකු වගේ නැමෙන්නේ නැතිව යන්න. මට නම් අවංකව ඔබතුමා ගැන කනගාටුයි. (නදී)
හරි දැන් චෝදනා කිරීම මදකට නවත්වා සිංහලයේ නියම ගැලවුම් කරුවා නම් මේ මොහොතේ සිට සිංහලයාට සිදුවන අසාදාරන කම් වෙනුවෙන් නැගී සිටින්න.(නදී)
සමහර ප්‍රවෘර්ති බලන කොට මට මහා අනුකම්පාවක් ඇති වෙනවා. දරුවො, උගත්තු පහ පාස් නැති දේශපාලඥයින්ට නැමෙන නැමිල්ල දැකලා. ඇයි මේ වගේ තත්වෙකට අපේ රට පත් වුනේ කියලා. පහුගිය කාලේ සමහර ලොකු ලොක්කෝ දනගහලා වැන්දා. බයටද, වාසියටද මොකටද කියලා මටනම් තේරෙන්නෙ නැහැ.(නදී)
පවතින දේශපාලන තත්වය ජනතාව උදෙසා නොවෙන බව නම් පැහැදිලියි. දේශපාලනයේ අස්ථාවර වූ අයට ස්ථාවරත්වයක් බලෙන් නිර්මාණය කිරීම උදෙසා මහජනතාව වෙත බලපෑම් එල්ල කිරීම නිවැරදි නොවේ. ජනතාව යහපත් වූ දේශපාලකයා හදුනා ගෙන අවසන්. එය ඊලග මැතිවරණයේදී විශ්මය ජනක ප්‍රතිපල වලින් දැක ගත හැකි වනු නියතය. (නදී)
2015 ජනවාරි 08 ත් විශ්මය ජනක ප්‍රතිපල ලැබුණා. (ම)
දේශපාලඥයා කියන්නේ “ජනතා සේවකයෙක්“. නමුත් යහපාල වගේ අය හිතන් ඉන්නේ දේශපාලඥයා කියන්නේ ජනතාවට ගව් ගානක් දුරින් බැබලි බැබලි ඉන්න ඕනේ රජෙක් කියලයි. එය මානසිකත්වය තියෙනතාක් කල් කපටි දේශපාලඥයෝ සහ පිරිවර යෙහෙන් වැජඹෙනවා. (ම)
උගත් කමෙන් සදාචාරයෙන් තොර දේශපාලනයේ ප්‍රතිපල අපිව දැනටම ගිල දාල ඉවරයි. තවමත් පුද්ගල වන්දනාව (නදී)
මහින්ද මහත්තයට ඇයි ඔච්චර බය? නම ඇහෙනකොටත් සිහිවිකල්ලෙන් දොඩවන අයත් ඉන්නවා (බ)
මෙයාලා පුදුම තර්කනේ පෙන්වන්න හදන්නේ.එතකොට රණවිරුවෙක් මිනීමැරුවොත් උසාවි දාලා නඩු අහලා එල්ලුම් ගස් අරින්නේ නැද්ද? (නි)
කුඩාගේ මහතා,ඔබේ කියමනට ඌණ පුරණයක් කරන්නට අවසර. තමා ළඟ හිතවත්ව සිටින්නෙකු පවා නැඟිටිනවාට (දියුණුවනවාට) කැමති නැති කෙනෙක්. (නි)
මම නම් මොකට නැතත් උගත්කමට සලකනවා. ගොන් රැලක් පාර්ලිමේන්තු යැව්වොත් උන් තප්පුලනවා බලන් ඉන්න තමයි වෙන්නේ. පහුගිය කාලේම වැඩිහරියක් වුනේ ඒවා. අත්දැකිමෙන් කියන්නේ.(නදී)
ඔබතුමා අපිව මෝඩයා කරන්න හදන්න එපා. ඔබතුමා ගැන අපි හිතුවේ වෙනදෙයක්.ඔබතුමාට ලබනපාර පාර්ලිමේන්තුවට එන්න මිනිස්සු ඉඩදෙයිද කියලා බලමුකෝ! (නි)
සමහරු නම් වාසියක් නැත්නම් කට අරින්නේ නැහැ. (නි)
කතා ඇති හොඳටම! (නි)
සුමනදාසටත් බැංකුවල එහෙම අධ්‍යක්ෂක කම් 4 ක් 5 ක්ම තිබුනයි කියලා සුමනදාසම කිව්වේ. ඒ කාලේ පත්විමි එහෙම තමා.(නදී)
රාජපක්ෂලා ලංකාවේ උපදින්න ඉන්න දරුවත් ලක්ෂ 4.5ක් ණය කරලයි ඉන්නේ.එහෙව් කෛනක් ගැන කතාකරන මිනිසුන් කන්නේ මොනවද දන්නේ නැහැ? (නි)
ශාන සෞදි, හදවතක් නැති අයෙකුට රටක් බාරදුන්නම කොහොමට තියේවිද? අද රටම විඳවනවා.ඉදිරි පරම්පරාවත් විඳවනවා. (නි)
මම ලංකාවට අාව දවසට වෙසක් එකට තොරණක් ගහන්නයි හිතන් ඉන්නේ. ඒ රාජපක්ෂගේ "පන්සීය පනස් ගසා කෑම ජාතක කතා වස්තුව" මුල් කරගෙන. ලංකාවේ මොළ හෝදපු මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියල දෙන්න ඕනනේ.(නදී)
අද හැමෝම මහින්දට බය වෙලා. මොන කෙනා මොන විදියට මඩ ගැහුවත් මහින්දගේ ආගමනය වලවන්න බැහැ. මඩ ගහන අය ප්‍රතික්ෂේප වෙනවා ඇරෙන්න මහින්ද තව තවත් ජනතාව අතර බැබලෙනවා (නදී)
උගත් කමත් නීති ප්‍රකාර අදාල විභාග නීති අනුව අවංකව ලබා ගත්තු එකක් විය යුතුයි. ගොඩ පෙරකදෝරුවන් හොර පෙරකදෝරුවන් අපේ රටට අවශ්‍ය නැහැ. දැන්වත් පක්ෂ භේදයෙන් තොරවම රටේ උගතුන්ට තැන දෙන දේශපාලනයකට මනාපය දෙමු. කොයි පක්ෂයේ වුනත් මට නම් කමක් නැහැ. බහුතරයක් උගත් වෘත්තිකයන් අඩු ගානේ ලජ්ජාවට වත් මහජන දේපල සොරකම් කිරීම නවත්වයිනේ. ඔක්කොම වැරදි එකපාරට පාරට නවත්වන්න බැහැ. (නදී)
අනේ පච කියන්න එපා තවත්. මේවා අහලා අපිට ඇතිවෙලා (නදී)
හොර පෙරකදෝරුවන් කිව්වේ කාටද? (ම)
ඉස්සර නම් දේශපාලකයෝ කරපු දුෂණ කතා බහ සාක්ෂි වශයෙන් තියාගන්න ක්‍රමයක් තිබුනේ නැහැ. එම තත්වය නොවේ දැන් තිබෙන්නේ. මොවුන් කල කී දේවල් නව තාක්ෂණයේ පිහිටෙන් සියලුම පුද්ගලයන් සතුව පවතිනවා (නදී)
ඔව් අපි බයයි... සුදු වෑන් වලට. මිනී මෝරන්ට.(ම)
මහානාම-කඳාන, ඔබතුමා විසින් කාලින අදහස් ප්‍රකාශ කරන්නෙකු වශයෙන් හඳුන්වන පිවිතුරු යහපාල , නිතරම කලිසම් තෙමා ගන්න කථාවක් හැම තැනකටම සම්බන්ධ කරගන්නවා දකින්නට ඇත. එම කාලීන තත්ත්වය ඔබතුමාටත් දැනෙනවාද? (නදී)
මේ ලස්සන රටට මෙහෙම වෙන්නේ සිංහලයන්ගේ අසමගිය හා කුහකකම නිසයි. අදහස් වලිනුත් හොදට තේරෙනවා ජාතියට වෙලා තියෙන දේ. (නදී)
ශාන්ගේ අඹු දරුවෝ අද මේ රටේ බියක් සැකක් නැතුව හෙටක් ගැන හිතමින් ජිවත් වෙන්නේ ඔය කියන රටට ආදරය කරනවයි කියන නායකයෝ හින්ද නෙමෙයි ඔය කියන ඒකාධිපතිය නිසයි. (නදී)
අපි සුදු පාටට හරි බයයි. (නදී)
කාන්ති අලුත්කඩේ පැත්තේ ගිහින් බලන්නකෝ. (නදී)
මම මේ පහුගිය දින 100 ඇතුළත පොතක් ලිවුවා. ඒක දේශපාලකයෙකුගේ නමින් පල කරවගන්නයි හිත. කවුරුහරි එහෙම කෙනෙක් දන්නවා නම් කියන්නකෝ. (නදී)
සමහර අයට ජනවාරි අටවෙනිදා ලොකු දෙයක් කරගත්තා වගේ. ඉතිහාසයෙත් ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන සිද්ධි වලදීත්, සමහරු මුලින් ඔහොම සතුටුවෙන්න ඇති. (නි)
ඔය කියන කෙනාගේ කිල්ලෝටේ දැන් හුණු ගෝනියක් විතර තියෙනවා (නදී)
ශාන්ත,දැනටමත් රටේ අසරණ මිනිසුන් 95% අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරන්නේ.තවත් වරක් ඔහු එනවා කියන්නේ රටටම දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (නි)
ඩුබායි තිලක් කියන දේ තේරුම් ගන්නත් මොළයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ.මොළ හෝදපු මිනිසුන්ට තේරුම් ගන්න අපහසුයි තමයි. (නි)
කිල්ලෝට වල හුණු නැත්නම් වෙන මොනවද තියෙන්න ඕනෑ. (නි)
පරදින්න ලං වෙනකොට පෙනෙන හීන තමයි මේ. (නදී)
සිංහලයා තරම් තම ජාතියත් රාජ්‍ය නායකයනුත් පාවාදුන් ජාතියක් මේ ලෝකේ නැතිතරම්. මහා කෲර ජාතියක්. ශාන සෞදි , කතාව ඇත්ත. නමුත් මා දන්නා දේශපාලන ඉතිහාසය අනුව 1970 සිට ලංකාවේ ධනය විනාශකර සොරකම් නොකළ දේශපාලුවන් නැහැ. (නි)
ඊළඟ ඡන්දෙන් ඔබ විසි වෙනවා. (ත)
අපරාදේ මම ගියපාර චම්පිකට දුන් ඡන්දෙ! යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර අනාථ වුණ සිංහලයින්ට කළේ මොනවද? දැන්වත් ජනතාව මුලානොකර පක්ෂයේ නම වෙනස්කරන්න තරම්වත් මහත්මයෙක් වෙන්න. (නි)
අපේ අනාගතය බර ගන්න ඉන්න දරුවන් ලෝකෙට ණයකාරයන් කරනවට අපි බයයි. (ත)
ඇයි මේ සමහරු මේ තරම් තණ්හාව බලයට? (නි)
පිවිතුරු යහපාල, (බන්දුල පෙරේරා) මීට අවුරුදු 4 කට පමණ කලින් කියපු දෙයක් මම ඔබ තුමාට මතක් කරලා දෙන්නම්. ඒ තමයි ''මම ඇවිල්ලා හවසට කුඹුකේ ළිදෙන් දිය නාලා, රා කට්ටක් ගහගෙන ඉන්න, ගමේ කොල්ලෙක්'' කියන කතාව. එදා මම ඔබ තුමා ගෙන් අහපු ප්‍රශ්නය තමයි "ඔබ තුමා මේ තරම් ආණ්ඩුවට කඩේ යන්නේ, ඔබතුමා වැඩ කරන්නේ පිටරටක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකද" කියන කාරණය. මොකද එදත් ඔබතුමා කඩේ ගියේ සුභ අනාගතයකට. ඉහලින් තියෙන්නේ මගේ ප්‍රශ්නයට ඔබතුමා දීපු පිළිතුර තමයි. ඉතින් මහත්තයෝ, ඔබතුමා එදත් සුභ අනාගතයකට එදත් කඩේ ගියා, අදත් කඩේ යනවා. ඉතින් යහපාල,මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔහේ අවුරුදු ගානක ඉදන්ම කඩේ ගියේ සුභ අනාගතයට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඉතින් මහත්තයෝ, ඔබතුමා හෙළ උරුමයත් එක්ක ලොකු බැඳීමක් එදා ඉඳන් තිබුනා කියලා කියන බොරු,බේගල් අපිට නම් දිග අරින්න ලෑස්තිවෙන්න එපා. මේ එසැණ තීරුවට ළඟදී ආපු අයට ඕවා කියන්න. අපිට ටනම් ඕවා කියන්න එපා. සමහර විට ඔබතුමාට පුදුම හිතෙයි මගේ මතකය ගැන. (නදී)
මම පක්ෂ දේශපාලනයට එහා ගිය අදහසක් දරන කෙනෙක්. පාටලී කියන්නේ මේ කාලේ රටට සිටිය යුතුම චරිතයක්. අවාසනාවට මෙවැනි චරිත සිමිතයි (බ)
2014 වෙනකම් මහින්දගේ ආණ්ඩුවේ රස බලල කළේ ඕව එකක් වත් පෙනුනේ නැද්ද ? මොකවත් නෙමේ දැන් තියෙන්නේ මහින්ද භීතිකාව. (බ)
මහින්ද එක්ක ඉල්ලලා තමා මෛත්‍රී ජන්දේ දින්නේ. එ්ක නිසා මහින්දට බියවීම මෛත්‍රීට තරම් නොවේ. (බ)
තිලක් ඩුබායි නියත වශයෙන්ම කොටි සංවිධානයේ සාමාජිකයෙක්. මහින්ද රෙජිමය හොරු බවට කී කථා විශ්වාස කර මෙයාලට ඡන්දෙ දුන්නා. අන්තිමට බැසිල් අත්අඩංගුවට ගත්තේ සමෘද්ධි අනිවාර්ය ඉතිරිකිරීම් වලින් සමෘද්ධි අධිකාරිය දිවිනැගුම දෙපාර්තමේන්තුව කරද්දී ඉවත් වූ සේවකයින්ට වන්දි ගෙවීමට කටයුතු කළ නිසා. නැතිව තවම බැසිල් කරපු හොරකමක් අල්ලලා නෑ. මිනිසෙකුට හොරෙක් කියා කිව යුත්තේ එය ඔප්පුකර ඇත්නම් පමණි. දේශපාලනයේ නිරත සියළුම දෙනා කොමිස් ගන්නවා. ඒවායේ රස දන්නා නිසා තමයි මේ සියළුම දෙනා බලයට එන්න ගහමරා ගන්නේ. රටට වැඩියෙන් වැඩ කරපු අය වැඩියෙන් ඒ හරහා කොමිස් අරගෙන ඇති. හැබැයි මහින්ද ඒවා බෙදාගෙන කෑවා. ඊට පෙර සිටි අය තනිවම බදාගෙන කෑවා වෙනස එපමණයි. (නදී)
පිවිතුරුට උත්තරත් නැහැ වගේ. කෝ මේ අර අනිත් සළු වඩන නිලමේ බක පණ්ඩිත සුමුදු හේවා ? (නදී)
මෛත්‍රී නොව දිනුවේ ඇමරිකන් හා ඉන්දියන් ඔත්තු සේවා සමග දෙමළ ඩයස්පෝරාවයි. එහි ඉත්තෝ වුණේ රාජිත, චම්පික සමග මාදුලුවාවේ හිමියන්. කෝ අද මාදුලුවාවේ හාමුදුරුවෝ. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහ මනාප ක්‍රමය නැතිකරන්න කථා කළ උන්වහන්සේගේ හඬත් ඩොලර් වලින් වැහිලාද? (බ)
ඉතාමත් නින්දිත ආකාරයෙන් රට බේරාගත් නායකයාට පහර ගසමින් රටට යුද ජයග්‍රහණයට අවමන් කල යුද විරුවන් දන්ගෙඩියට දක්කන්න වෙරදරන පාර්ශවයන් සමග හිරිකිතයක් නැතුව හිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුනට කඩේ ගිය ඔවුනට බලයට එන්න පාර කැපු ,හෙළ උරුමය පිලිබදව තිබු අපේ බැදීම සම්පුර්ණයෙන් බිද දැම්මේ ඇයි (බ)
මෙයා බුද්ධිමතෙක් ද? මෙයා රටට වින කරන කල්ලියේ කෙනෙක් ද? . අපට අවශ්‍ය ඒකීය ශ්‍රී ලංකාවක්. (නදී)
ලෙස්ටර් මහතාගේ රුව විකෘති කොට කේ පි ගේ සහ මහින්ද මහත්මාගේ බව කියමින් ගොතපු බොරුව මතකද? (බ)
අනේ හැබෑට? මේ මිනිස්සු අද හොඳ නිදහසේ ජීවත්වෙන, යන එන ගමන් රටක් බේරලා දුන් නායකයට බනින එකනේ වැඩේ. අර මෝඩ තිලක්ට දැන් ප්‍රභාකරනුත් හොඳ වෙලා. (නි)
දෙපැත්තටම කථා කරන එක නවත්වන්න (බ)
පි.එස්.කැටවල, යහපාලට ඕක මතක තියෙන්න විදියක් නැහැ. එයා මෙතනම උඩින් දාපු කමෙන්ට් එක ආයිත් යටිනුත් දානවා. එයාට අමතකවිමේ රෝගයක් තියෙනවා. (ම)
පිවිතුරු යහපාලගෙන් යමක් අහනවට වැඩිය හොඳයි කට ගලක උලා ගන්නවා. නැද්ද බලන්නකෝ. අපරාදේ කැටවලගෙ කාලය.(ම)
මට පෙනෙන්නේ නම් මහමැතිවරණයේදී ආපහු කඩේ යන්න මල්ල අතට අරගෙන වගේ.බොදු ජනතාව මේ පාර ඔහුට නිසි පිළිතුරු දෙයි. (නි)
අනේ මෙහෙමත් දේවල් (බ)
පිවිතුරු යහපාලට මේ ලියන එක මේ මතක නැහැ. එකමයි ලියන්නේ. ඒ නිසා ඕවා අහලා තේරුමක් නැහැ කැටවල අයියේ. (නි)
අනේ අපි නොදන්නා කතා? (නි)
ඒකාලේ මහින්ද එක්ක හිටියයි කියලා වැරදි පෙනි පෙනි ඉන්න හොඳ නැහැ. වරද දුටු තැන අයින් වෙන එක තමයි කරන්න ඕනේ. මම නම් ඒකේ වරදක් දකින්නෙ නැහැ. (බ)
දැන් ඔයා කියන දේවල් අපි විශ්වාස කරන්නේ නැහැ (නි)
නිකන් බොරු කියන්න එපා. මෙතන ලියනවා “හෙළ උරුමය පිළිබඳව තිබු අපේ බැඳීම සම්පුර්ණයෙන් බිඳදැමූ“ කියලා. හරියට නිකන් හෙළ උරුමය බදාගෙන හිටියා වගේ. (නි)
මම නම් ඉතාම කැමති කෙළින් වැඩකරන, කතාව බොහෝම තාර්කික, කතාවෙන් අපිටත් යමක් ඉගෙනගන්න පුළුවන් දැනඋගත් දේශපාලන චරිතයක්. (නි)
තිලක් ඔප්පු කරගන්න බැරි චෝදනා වලට මිනිස්සු වැරදි කාරයෝ කරන එකද යහ පාලනේ කියල හිතන් ඉන්නේ. (බ)
පහුගිය කාලේ ගහලා තිබෙන ගැහිල්ල ඉතිහාසයේ කවරදාවත් නැති විදියේ එකක්. ඒක නිසා ආයතන වලින් කෝටි 2, 3 ගහපු අයව අල්ලන්න විදියක් නැහැ. ඒවා සුළු දේවල් වෙලා තියෙන්නේ. රටකාපු හොරු දැන් පුරසාරම් දොඩනවා “කෝ ඇල්ලුවද කියලා“. ලේසියෙන් අල්ලන්න පුළුවන් වෙන්න නෙමෙයි කරලා තියෙන්නේ. ඒකයි කල්යන්නේ. (නි)
මම පක්ෂ දේශපාලනයට එහා ගිය අදහසක් දරන කෙනෙක්. පාටලී කියන්නේ මේ කාලේ රටට නොසිටිය යුතුම චරිතයක්. ජිවිතයටම හිනා නොවෙන කෙනෙක්. වාසනාවට මෙවැනි චරිත සිමිතයි (බ)
උගතුන් දේශපාලනයට එනවට නූගතුන් කැමති නැහැ. කඩු කිනිසි වලින් දේශපාලනය කරන සංස්තෘතිය නැතිකරන්න මේ වගේ මොළ ලාංකිය දේශපාලනයට අත්‍යවශ්‍යයි. (නි)
කෝ මේ පිවිතුරුගේ සුමිතුරු සුමුදු හේවා? (නි)
ජනතාව ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදියාටත් බයයි. ලෝකයේ සිටින දරුණුම හොරුන්ටත් බයයි. ලෝකයේ සිටින දරුණුම ඒකාධිපතින්ටත් බයයි. (නි)
මහින්ද කියන්නේ අමුතුම ජාතියේ කෙනෙක්, ඒ බව රටේ වැඩි පිරිසකට වැටහුනා නිසා තමා ඡන්දෙ පැරදුනේ. බලය නිසායි සේරම (බ)
යමෙක් රට බේරාගත්තේද ඒ ගෞරවය අපි ලබාදෙන්නෙමු. එසේම යමෙක් ජාතික ධනය අයුතු ලෙස පාවිච්චි කළේද, පවුල්වාදය පැතිරවුයේද, ඒ අගෟරවයත් අපි නොඅඩුව ලබාදෙන්නෙමු. (නි)
කුඩා ළමුන් වගේ මෙවර ජනතාව අන්දන්න බැහැ ඔබතුමාට. (නි)
මේ ආණ්ඩුව කරන්නේ මහින්ද මහත්තයට මඩ ගහන එක විතරයි. මෙව්වා අහලම එපා වෙලා තියෙන්නේ දැන්. කොච්චර මඩ ගැහුවත් මේ ආණ්ඩුව වැටිලා ඉවරයි පරාජය ස්ථිරයි (ම)
හැම පක්ෂයකම ඉන්න උගත් සහ රටට ආදරයක් ඇති මිනිස්සු ටික එකතුවෙලා නව පෙරමුණක් හදාගෙන ඡන්දෙ ඉල්ලුවා නම් උඩින් දිනනවා. ඒක රටටත් හොඳයි. මොකද හැම පක්ෂෙම එහෙම අයත් ඉන්නවා. (නි)
අපේ පවුලේ අය පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂකාරයෝ. හෙට ඡන්දයක් තිබුනොත් අපි ඔක්කොගෙම ඡන්දෙ මහින්දට.රටේ හැම තැනම තත්වය ඕකයි.මේ පාර හයිඩ් පිටියේ නිදහස් පක්ෂයේ මැයි රැළිය දැක්ක කෙනෙක් මගේ කතාවේ ඇත්ත දන්නවා.වෙනදට ලක්ෂ ගානක් එන රැළිය මේ පාර මැස්සෝ ඇහිරුණා. එත් කිරුළපන රැලියේ සෙනඟ ඉතිරුවා. (නි)
දැන් වෙන දේවල්,කියන කරන දේවල් අනුව මෙයා ගැන මට කියන්න වචන නැහැ (නි)
ජනවාරි 08 ට කලිනුත් ඔය කියන රැලිවල සෙනඟ ඉතිරුවා. නමුත් ප්‍රතිඵලය වෙනස් වුණා. (ම)
මම සම්පත් වන්නිආරච්චිගේ කතාවට එකඟයි. එයා කියන දේ හරි.ඡන්දෙට කලින් වුණ දේවල් ගැන දන්නේ බොහොම ටිකදෙනයි. (නි)
පවතින දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැතිව පුද්ගලයින්ට ඡන්දය දෙන අජිත් වගේ තාම ඉන්නවා. ඡන්දය දිය යුත්තේ ප්‍රතිපත්ති වලට මිස පුද්ගලයෙකුට නෙමෙයි. (ම)
මෙය අමුම අමු වංචා කාරයෙක් මෙයාගේ සමකාලීනයෝ එක හොඳටම දන්නවා (ම)
අට පාස් නැති දේශපාලනඥයින්ගෙන් පිරුන රටේ මම මෙතුමාගේ උගත්කමට ගරු කරනවා. කඳ බඩ මහත මොළයක් නැති දේශපාළුවෝ කරන්නෙම හිනාවෙන එක තමයි. කපටි හිනාවට වඩා මේ වගේ මිනිස්සු දාහෙන් සම්පතයි රටට. (ත)
තිලක් -ඩුබායි ආයෙත් පරලවෙලා. ඔහු ජනවාරි 8 ට පෙර සිට සැමදාම ලියන්නේ එකම ටිකයි. සිරස්තලය කුමක් වුවත් ඔහු ලියන්නේ ඔය ටික තමයි. (නි)
කරුණාකරලා ජාතික හෙළ උරුමයේ නම වෙනස් කරන්න. (ත)
තමාගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට මඟ සැළසු මහින්ද මහත්තයාට මඩ ගැසුවා කියලා තමා පසු කාලයේ රටට කළ හානිය ජනතාව අමතක කරන්නේ නැහැ.මහින්ද ගැන නොකියා තමා ගැන කථා කරමුද? (නි)
හිනාවෙවි ජනතාවට කොකා පෙන්වන එක තමයි හුඟක් අය කලේ සහ කරන්නේ. හිනාව නෙමෙයි වැදගත් ක්‍රියාවයි. ජනතාවට හිනාවෙන්න පුවවන් වෙන්නෙ එවිටයි. (ත)
මහින්දට එරෙහිව බොරු පතුරුවලා ඡන්ද ටික ගරා ගන්න උත්සාහ කළාට ජනතාව මෝඩ නොවේ. උ/නැ වලට සිත් එක් සේසත් කරන්න ඉදිරියේදී දෙන්නේ මොනවාද? රණවිරුවන් කොමීසමක් හමුවට ගෙන් වනවාද? (බ)
පිවිතුරු යහපාල ගැන දැනගන්න ඕනෑ නම්, මගෙන් අහන්න. (නි)
කුඩාගේ කැමති අටපාස් නැති කට්ටිය රට කරවනවා බලන්න වෙන්න ඇති. ඒකනේ මේ වගේ කතාවක් ලිව්වේ. (බ)
ආයෙමත් කෑගහනවා නේද? (නි)
“ජනතාව මෝඩ නොවේ“ ඒකනම් ඇත්ත පියලාල්. ජනවාරි 08 ඒක ලෝකෙටම ඔප්පු කළා ලංකාවේ ඡන්ද දායකයා. (බ)
අනේ අජිත් මල්ලියේ, කැපුවත් කොළ හෝ කැපුවත් නිල් නොවන්න. සංවර්ධිත රටවල මෙන් වැඩ කරන,හොරකන් නොකරන,රටට වැඩක් කරන,මහජනයාට උදව් කරන පක්ෂයට ඡන්දය දෙන්න. ඔය ඔබ වැනි අය නිසාමයි අපිට දියුණුවක් නැත්තේ. (නදී)
සමහරු දෙපැත්තෙන්ම කතාකරනවා (නි)
යහපාල ගැන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ලියන ඒවා බැලුවහම තේරෙනවා කවුද මොනවද කරන්නෙ කියලා. (නි)
සමහරු ආශා හොරුන්ටම රට දෙනවට. (නි)
තිලක් -ඩුබායිට හිතුනදේම තමයි ජනවාරි 08 ලක්ෂ 62 කට හිතුනේ. ඒකනේ මහින්ද රජය පරාජය වුණේ. (නි)
පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක්. මගේ එකම සිහිනය උගත්තු රටේ දේශපාලනය කරත්වා කියලයි. එහෙම නැති එකේ ප්‍රතිඵල අපි හැමදාම වින්දා. (බ)
කාගෙවත් පෞරුෂය ගොඩනඟන්න කාටවත් බැහැ. ඒක උපතින් එන සහ දැනඋගත්කම මත හදාගන්න පුළුවන් දෙයක්. කඩේකින් බඩුවක් ගන්නවා වගේ “ පෞරුෂය“ ගන්න බැහැ චන්න මහත්තයෝ. (නි)
මහින්දද එන්නේ, නැත්නම් රනිල්ද කියන එක තීරණය වෙන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. මුලින්ම පක්ෂයකින් නාම යෝජනා දෙන්න ඕනෑ. දෙවනුව බහුතර බලයක් ලබාගන්න ඕනෑ. ඒක එක පවුලක ඡන්දයකින් තීරණය වෙන්නේ නැහැ. රටේ ජනමතය මේ මොහොතේ අවිනිශ්චිතයි. නිදහස් පක්ෂය යන හැටියට දෙකඩවීමක් සිදුවෙනවා.මහින්දට පක්ෂ පිරිසක් වගේම නව ජනපතිට ලැබුණු බහුතර බලයත් අමතක කරන්න බැහැ. ගෙන ගිය වැඩපිළිවෙල ගැන සමව හෝ අඩු වැඩි ලෙස බෙදුනත් එය විශාල ජන නියෝජනයක්. එම නිසා රනිල් මහත්තයත් ඉස්මතු වෙනවා. සරත් ෆොන්සේකා වෙනමම ඉල්ලීමත් සුළු පක්ෂ නියෝජනයත්, ජේ වී පි ඡන්දත් ඒ නිසා තීරණාත්මකවීම අරුමයක් නොවේ. (නි)
දැන් සමහරුන්ට අතීතය මතක නැහැ (නි)
මොළයක් ඇති අය රට කරවනවට මොළයක් නැති අය කැමති නැහැ. මන්ද එවිට තමන්ගේ අඩුපාඩු ජනතාවට පෙනෙන නිසා. ඒ අය කැමති තමන්ටත් වඩා මැටි ගොඩවල් ඉන්නවට. (නි)
ගගන් සහ කෙවින්ගේ අදහස් මමද හිස්මුදුනින් පිළිගනිමි. (නි)
අතීතය සුන්දර නම් එය අනුස්මරණය කර කර සිටියාට කම් නැත. නමුත් අතීතය අසුන්දර නම් මතක්කරන විටත් බය හිතෙනවා නම් එවැනි අතීත හැකිතාක් අමතක කළයුතුමය. (නි)
මෙයා ඉස්සර වැඩ කරලා ජනතාව අතර හිටිය එනපාර ඡන්දෙ එනකන් ඉන්නේ දැන් මෙයට වෙලා තියන දේට අපි උත්තර දෙන්න ,(බ)
රටේ සාරය තම දේශපාලන හයියෙන් උරාගෙන බී නායකයන්ව සියලුදෙනා විසින්ම පිළිකුල් කළයුතුයි. ඔය ඉන්නේ එලෙස රටේ සාරය උරාගෙන බීලා මම නිර්දෝෂයි කියමින් නැවත කුමන පහළ තනතුරකින් හරි බලයට රිංගන්න කැසකවන නොම්මර එකේ සොඳුරු ආඥාදායකයෙක් ... (නි)
පිවිතුරු යහපාල එකම මතයක් දරන්නේ,එකම පක්ෂය වෙනුවෙන් කතාව මටනම් හිතෙනවා දේශපාලනය කරන කෙනෙක් වෙන නමකින් අදහස් දක්වනවා කියල. (බ)
පාඨලි ඇමතිතුමාගේ පෞරුෂයටත් කට්ටිය හිමිකම් කියන්න දඟලනවා වගේ. හොඳයි හොඳයි. (නි)
ජයසුන්දර කියන්නේ මිනීමරපු , ජාතිවාදය ඇවිළුනු ගඳගහන අතීතයේ හැමදාම ජීවත්වෙන්න කියලද? සමහරු ඉන්නවා තමයි දුක හොයාගෙන යන. නැති දුකවල් අරගෙන ඒකෙන් සතුටක් ලබන. ඒ වගේ අය ජීවිතේ කවදාවත් සැනසීමක් නම් ලබන්නෙ නැහැ. (නි)
මෙතුමාට “සොඳුරු ආඥාදායකයෙක්“ කියනවා නම් කලින් කට්ටියට කියන සිංහල වචනය මොකක්ද කියලා මම නම් දන්නෙ නැහැ. අළුත් වචනයක් හදන්න වෙයි සිංහල ශබ්දකෝෂයේ (නි)
සාරය උරාගෙන බිව්වේ කොහොමද කවදාද චානක? මොකද අපි නම් ලංකාවේ ඉන්නේ. සාරය බීපු අය දැකලා තියෙනවා අහලා තියෙනවා. පාඨලි මහත්තයා ගැන නම් එහෙම අහලත් නැහැ. දැකලත් නැහැ. (නි)
සදුන්.. නවලෝක මුදලාලි කීය පාස්ද කොල ගොඩක් කරගහගත්තට බුද්ධිය පහල වෙන්නේ නැහැ (බ)
පාර්ලිමේන්තුව කියන්නේ රටේ ජනතාව ගැන තීන්දු ගන්න තැන. එතනට යවන්න ඕනෑ මොළයක් ඇති උගතුන් මිස පහ පාස් නැති චණ්ඩි නෙමෙයි. එහෙම මෙතෙක් කල්ගිය එකේ ආදීනව තමයි අපි මෙච්චර කල් වින්දේ. මම යෝජනා කරනවා මින්පසු සැම දේශපාලන වැඩසටහනකම අදාළ දේශපාලඥයාගේ අධ්‍යාපන සුදුසකම දාන්න කියලා. ඒක ජනතාව දැනගත යුතුයි. (නි)
මේ වගේ ඇමති කෙනෙක් පාසලක උත්සවයකට ගියත් දරුවෙක් වැන්දට පව් නැහැ. වැඳම් ලබන්න සුදුසුයි. නමුත් මම දැකලා තියෙනවා රටේම තියෙන අපචාර කරන, හා තවත් නොයෙකුත් දුරුචාර කරන බවට ප්‍රසිද්ධ රහසක් වන ඇමතිවරුන්ටත් අපේ නොදරුවො ලවා වන්දවනවා. මට ඒ වෙලාවට ඇතිවෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. නමුත් බයට කටවහගෙන සිටියා.(නදී)
ඔව් , පල් හොරු ,වංචනිකයන් නැවත රට කන්න එනවට මේ රටේ බුද්ධිමත් ජනතාව බය වෙනවා . ජනාධිපතිතුමා ,රණවක ඇමතිතුමා , මෙරට දේශපාලන සංස්කෘතිය යහමගට ගේනවා .ජනතාව ඔබ සමග . වංචනිකයන් වෙනුවෙන් පෙනී සිටින මන්ද බුද්ධික කිහිප දෙනෙකුගේ අදෝනාව ගැන කලබල විය යුතු නැහැ (බ)
යහපාලන ආණ්ඩු හදන්න ගිහින් රට ජාතිය ආගම ගැන හිතුවේ නැහැ (බ)
කමල් පෙරේරාගේ යෝජනාව හොඳයි. හැබැයි ඕකට හුඟක් අය කැමතිවෙන එකක් නැහැ. අපේ පාර්ලිමේන්තුවේ සියයට කීයක්ද ඉන්නවායි කියන්නේ සා/පෙළවත් නැති අය. සමහර හිටපු ඇමතිලා. සා/පෙළ එක වැඩලු පාස්. (නි)
හලෝ පිවිතුරු යහපාල, කොහෙද ඔහේගේ හෙළ උරුමයත් එක්ක බැඳීමක් තිබුනේ? ඔහේ එදත් කළේ අදත් කරන්නේ සුභ අනාගතයකට කඩේ යන එක සහ ගිය එක විතරයිනේ. (නි)
සුද පෙනෙන්නේ ඉගිලෙනකොට. කොකෙක් නෙමෙයි ඔයා කණ කොකෙක්. (නි)
එකම මිනිහා කාලයට හා අවකාශයට සාපේක්ෂව බොරුව ඇත්ත කරනවා. ඇත්ත බොරුව කරනවා. ඕක හරි හැටි තේරුම් නොගත් පීඩිත මෝඩයෝ ඒ තත්වයට දේශපාලනය කියලා කියනවා. ඒ මෝඩයින්ගේ කරපිටින් බලයට එන අවස්ථාවාදීන් මැති, ඇමති, අගමැති හා ජනාධිපති හැටියට අර අඳ බාලයින්ව ගොනාට අන්දවනවා. පවතිනා දේශපාලන යථාර්ථය මෙය බව වටහා නොගන්නා තාක්කල් මේ පරිහානිය රුදුරු චක්‍රයක් ලෙස එක තැනම කරකැවෙමින් තියෙනවා. අතීතයේ වැරදි වලදී කට පියාගෙන සිට බුද්ධිමත් ජනතාව දුන් තීන්දුව ඇමක් සේ යොදාගෙන වැරදි කළ අයගේ ගෙල සිඳින්න කතාකිරීම බුද්ධිමත් බවේ සංකේතයක් නොවෙයි. (නි)
කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කිවුවලු. පටන්ගත්තේ ජාතිවාදී සිංහල උරුමයෙන්. ජාතිවාදෙන් බැරිකොට, ජාතික වාදය තෝරාගත්තා. දැන් අලුත්ම වෙස් මුහුණ මට පෙනෙන විදිහට ජාත්‍යන්තරවාදය වගෙයි. (නි)
ඔබ කට අරින වාරයක් පාසා ඔබව ජනතාවට එපාවෙනවා. කරුණාකරලා නිහඬ වෙන්න. මුල ඉඳලම අපිව රවටා තිබෙන බව පැහැදිලියි. තවත් පව් නොදී ඉන්න (නි)
කකුළුවා ඇදේට යන ගමන් කියනවලු, "අන්න අරුන් ඇදේට යනවා" කියලා. (නි)
මහින්ද මහත්තයට ඇයි ඔච්චර බය? (නි)
රාජපක්ෂලා තමන්ගේ ආණ්ඩුවේ තනතුරු වලට උගත්තු ගත්තේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ ඒගොල්ලන්ගේ ළමයි විභාග පාස්කරන හැටි දන්නා කට්ටියට විතරයි. (නි)
කකුළුවො සාමාන්‍යන් ඇදේටනේ යන්නේ. ඒ අතර ටික්ක හරි එල්ලයකට යන කකුළුවාට අයිතියක් තියෙනවා අනික් පොඩි උන්ට පොඩි හරි අවවාදයක් දෙන්න. එහෙම නැත්නම් ඉතිං සදා ඇදේටම තමයි. (ම)
අට පාස් ඇමතිවරු පත් කරගත්ත ලෝකයේ එකම නායකයා මහින්ද . නායකයෙකුට උගතුන්ගේ බුද්ධිමතුන්ගේ අදහස් අනුශාසන අවශ්‍යයි. යුද්ධය දිනන්න විතරක් මොලය තිබුනාම ඇති.(ම)
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූප වෙනස් කරලා මහින්දට මඩගහපු අය දැන් කියන කතා ඕවා (නි)
ඡන්දය රෑ හමුදා කුමන්ත්‍රණයක් කරන්න ගියා කියල ඔප්පු කරන්න සියලුම (නීතිපති,දෙවැනි නීතිපති,පොලිස්පති,......දුරකථන සංවාද.....)සාක්ෂි තියෙද්දී පවා හිටපු පාලකයා තවම නිදැල්ලේ ඉන්නවා. කම්බා හොරු අල්ලන්නේ නැහැ කියල කියන්න දෙයක්ද. හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුනානම් අද වෙනකොට විපක්ෂයක් කියල දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. මෛත්‍රී සහ ඔහුට උදවු කල සියලුම දෙනා "සමාදානයේ සැතපෙනවා".ඉතිරි ටිකත් මුහුදු වතුර බොනවා, සුදු වෑන් වලින් උස්සල අතුරුදහන් කරනවා. (ස)
මම මොහුගේ සමකාලීනයෙක් මොරටුවේ. අපි නම් ඔහු ගැන හොඳට දන්නවා.. (නි)
හිටපු සෞදි රජා ලෝකයේ 7 වෙනි ප්‍රකෝටිපතිය වුනේ ලෝකෙටම තෙල් බෙදල.රාජපක්ෂලා ලෝකයේ ප්‍රකෝටිපතියන් අත්තර ඊටත් වඩා ඉදිරියෙන් ඉන්නේ මොනවා බෙදලද?මොලයක් කියල දෙයක් තියෙනවනම් හිතපල්ලා මිනිසුනේ...! (ස)
දේශපාලනයේ ශාන්තුවරුන් සෙවීම විහිළුවකි (නි)
මහින්ද භීතිකාවක් ගැන කියන අය දැනගත යුතු දෙයක් වන්නේ එයා ආපසු ආවොත් එයාලවත් හිඟන්නෝ බවට පත්වෙන බවයි (නි)
කරු. ඔබේ අදහසේ පළවෙනි වැකිය, එයට බද්ධ කළ අනෙකුත් වැකියෙන් උපහාසාත්මක ලෙස සුනුවිසුණු කළ ආකාරය අපුරුයි. (ස)
රාජපක්ෂලා ඕනා නෑ. කල දේවල් හොඳටම ඇති. චම්පික යනු වැදගත් සමාජය පිළිගත් දේශපාලකයෙක්. අපි ඔහුට මොන පක්ෂයෙන් ඉදිරිපත් උනත් සලකමු. රටට අවශ්‍ය මෙවැන්නන්. මගේ ලොකුම ගෞරවය හිමි වන්නේ මාදුළුවාවේ හාමුදුරුවන්ගේ සංකල්පයටයි. (ස)
රාජපක්ෂලා යන ගිහින් අපිට පේන්න බන අහන,පිරිත් නුල් බැඳ ගන්න,ධාතු කරඩුව ඔලුවේ තියල සෙත් පතා ගන්න පන්සල් හරියට හෝටල් වගේ. ලංකාදීපයේ ෆොටෝ එකකම මම දැක්ක ස්ප්ලිට් වර්ගයේ වායුසමිකරනම 9 ක් සවි කරලා තිබුණ. .අපේ අය මේවට රැවටෙනවා. (ස)
රටක ජනනායකයෙක් වෙත තිබියයුතු ලක්ෂණ මෙතුමා තුළ පවතින බව ඉතා පැහැදිලිය. ජනතාවගේ බුද්ධිමත්කම රටේ අනාගතය වේ. (නි)
චමිල සංඛ,මෙහෙම කෙනෙකුට බයනොවී පුලුවන්ද? (නි)
අර මහජන මුදල් කෝටි 200 යක් වියදම් කරලා එක්කෙනෙක් වෙනුවෙන් හදල තිබුන "භාවනා මධ්‍යස්ථානයත්"පෙන්නුවේ රෑ කරුවලේ.ඒ පෙන්වපු රන්ජන් ආගිය අතක් නැහැ.ඉතින් අපි බලන් ඉන්නවා හොරු අල්ලනකම්. (ස)
දැන් ඔය ලොකු ලොකු මහත්වරු කියනවා මේක සිංහල රට නොවේලු, තව අය කියනවා මේ රටේ ආදිවාසීන් දෙමළ අය කියලා. ඔය බොරුවට උඩු බුරලන එවුවා නවත්වලා සිංහලයේ නියම ගැලවුම් කරුවා නම් මේ මොහොතේ සිට සිංහලයාට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් නැගී සිටින්න(ම)
මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට අවුරුදු 35 කදී කරන්න බැරිවුණ විනාශයක්,රාජපක්ෂ රෙජීමය විසින් අවුරුදු 6-7 ක් තුළ රටට කරලා තියෙනවා කියලයි අපිට නම් තේරෙන්නේ (නි)
කිසි උගත්කමක් නැති,පාලම් උඩ, හන්දි ගානේ රස්තියාදු ගහ ගහා සිටි කෙනත් දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 5-6ක් තුළ අඩි සුඛෝපභෝගී වායුසමීකරණය කරනලද තට්ටු 3 සහ දෙකේ නිවාස දෙක තුනක් හදලා තියෙනවා.අනෙක් අය ගැන කුමට කතාද?පිවිතුරු යහපාල/බන්දුල පෙරේරා,සුගුනවති.........,නොයෙකුත් නම් වලින් රාජපක්ෂ රෙජීමය වර්ණනා කරන්නේ එවැනි මහජන මුදල් වලින් සුපිරි ජීවිත ගතකරන මිනිස්සු. (නි)
ලෝකයේ සිටින දරුණුම ගණයේ හොරෙකුට බයනොවී පුලුවන්ද? (නි)
මහජන මුදල් මේ තරම් කාබාසිනියා කළ,හොරා කෑ රාජ්‍ය නායකයෙක් ලෝකයේ බිහිවෙලත් නැහැ,බිහිවෙන්නෙත් නැහැ.කාපු කෑමට ලංකාව තව අවුරුදු 100 කට ගොඩඑන්නෙත් නැහැ. (නි)
මහජනතාවට විවෘත වෙන්න,සත්‍යවාදී වෙන්න. දේශපාලන කටයුතු විනිවිදභාවයකින් පවත්වාගෙන යන්න බැරි පුද්ගලයා ප්‍රතික්ෂේපවීමේ ධර්මතාවයට පිටුපාන්න කිසිවෙකුට බැහැ (නි)
ඇට නැති දිවෙන් මොනවා කියන්න බැරිද? (නි)
අපි නම් දැන් කවුරුවත් කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ (නි)
හරකෙක් වුනත් ඌව මරන්න එක්ක යනකොට මේ යන්නේ මරන්න කියල දන්නවා. රටේ ඉන්න බත් කන හරක් දන්නේ නැහැ, පිරිත් නුල් බැදගෙන රාජපක්ෂලා ගෙනියන්නේ තමන්වත් රටත් මරන් කන්න කියල. (නදී)
ඇත්ත දැනගන්න නම් අපිට තව බොහෝ කාලයක් බලාගෙන ඉන්න වෙයි (නි)
මොකා බලයට ගෙනාවත් කමක් නැහැ.රටේම සම්පත් ටික සුරගෙන කාපු,රටම නය කරවල පිට රටවල බැංකු පුරවපු,පිටරටවල ඉඩම් ගත්තු,තමන්ගේ දරුවන් වෙනුවෙන් රටම විදවන්න සිද්ද කරපු ,.......කම්බා හොරු නම් නැවත බලයට ගෙන්න එපා.(නදී)
දයා මහතාණෙනි, පිවිතුරු යහපාල මහතා කාලීන අදහස් දරන්නෙක් බවයි මගේ අදහස. ලංකාදීප කතෘතුමා මේ සංවාදය බොහොම වැදගත්ව ඉදිරිපත් කරන බව මගේ හැඟීමයි. සිංහලෙන් පළවෙන වැදගත්ම හා පැරණිම සංවාදය ලංකාදීප එසැණයි ගෙනඑන්නේ. එය ආරක්ෂා කරගැනීම අපගේ යුතුකමයි (නි)
නීතියක් රීතියක් කියල දෙයක් තිබෙන රටකනම් මේ වෙනකොට කම්බා හොරු ටික "මහගෙදර" යකඩ කුරු ගණන් කරනවා.(නදී)
පිවිතුරු යහපාල කොච්චරවත් එකම මන්තරේනේ මතුරන්නේ. (නි)
මොන බොරුද? (නදී)
රාජපක්ෂලාගේ වැඩ කිඩ...1. නිශාන්ත වික්‍රමසිංහ විසින් ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සේවිකාවක් නාමල් රාජපක්ෂගේ සේවයට යොදවමින් ඇයට මාසිකව රු විසි අට ලක්ෂ පනස්තුන් දහස් නවසිය තිස්පහක් (රු.28,53,935/-) ගෙවන ලද බවද එහිදී හෙළි විය. (නදී)
කිල්ලෝටයට දැන් හෙන ගහලද තියෙන්නේ (නදී)
මෙතුමා ගැන කතාකරන්නවත් මම නම් කැමති නැහැ (නි)
ඔබ සිහිබුද්ධියෙන් හැමදේම බලන්න. රටේ ඒකීයතාවයට දැන් කණකොකා හඬලා ඉවරයි. මේ මහත්තයා ඒකට සුදුහුණු ගාන්න සැරසුනාට, මේකේ ඉන්න අයට අපේ ගමේ ඉන්න නියම සිංහලයයි, නියම දෙමළ මිනිහයි උත්තර දෙයි. අපේ රට යන දිශාව වෙනස්කළේ, අපේ රටේ දේශපාලකයෝ නෙමෙයි. අන්තර්ජාතික දේශසීමා අයිතිකාරයෝ. ඔබට නොතේරුනාට, ලෝක වෙළඳ භාණ්ඩ වලින් 70% ක් එහෙ මෙහෙ යන්නේ අපේ මේ වාසනාවන්ත මුහුදෙන්. (නි)
ශාන්ගේ අඹුදරුවෝ අද මේ රටේ බියක් සැකක් නැතුව හෙටක් ගැන හිතමින් ජීවත්වෙන්නේ ඔයා ඔය කියන රටට ආදරය කරනවයි කියන අය හින්දා නෙමෙයි.ඔය කියන ඒකාධිපතියා නිසයි.එතුමා නැත්නම් අද ඔබතුමාගේ සහ අපේ සියලු අඹුදරුවන්ට වෙන්නේ රටවල් දෙකක් මරාගන්න හැටි බල බලා බංකර් අස්සේ දෙවියන් යදින්න.මහින්ද මහත්තය කළ ලොකුම අපරාධය ඔහෙලා වගේ ගුණමකු සිංහලයින්ට හෙටක් ගැන හිතන්න ඉඩක් ලබාදීම. (නි)
කාගේ කිල්ලෝට වලද ඉතින් හරියට බැලුවොත් හුණු නැත්තේ? (නි)
ජනවාරි 8දා මෙරට ජනතාව ඒකාධිපති, දුර්දාන්ත පාලනයක් පරාජය කරමින් සිදුකළ මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවය රැකගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව දිනෙන් දින වැඩි වැඩියෙන් පෙන්නුම් කරමින් තිබේ.ප්‍රතිවිප්ලවය දියත්වෙමින් තිබෙන්නේ විප්ලවයෙන් විපුල ඵල නෙළාගන්නා පීඩිතයන්ගේම දායකත්වයෙනි. (නි)
ඔබ වැනි බුද්ධිමතුන් තව තවත් ලංකා දේශපාලනයට එක්විය යුතුයි. බෙදීගිය සිංහලයා එකතු කරගැනීම ඔබට භාරයි. නැත්නම් තව ටික කාලෙකින් සිංහලයා නැත්තටම නැතිවෙලා යාවි. (නි)
අනේ අපි නොදන්නවයැ? (නි)
තිලක් ඩුබායි, මොකටද මගේ කට? (නි)
තිලක් -ඩුබායි, ආවා නම් මම කියලා දෙනවා හොඳට (නි)