ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවස පරීක්ෂා කළත් එවැනි වාහන නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට හොරු අල්ලුවට හොර බඩු ගෙදර ගෙනයා නොහැක. නීතිය කාටත් පොදුවිය යුතුයි. මහින්ද රාජපක්ෂ නැවත දිනුවා නම් බලාගන්න තිබුනා වෙන්නේ මොකද කියලා. අතීතයේ සමර දේවල් සමහරුන්ට මතක නැහැ (නදී)
හරි, සරත් පොන්සේකාට අරෙහෙම කළා, ලසන්තට මෙහෙම කළා, අරයට අරෙහෙම කළා කියලා පලි ගත්තාම හරිද? ඔබලා ජන්දය දුන්නේ වෛරයකින් තොර රජයකට නේද? පාලකයාගෙන් විතරද මෛත්‍රිය බලාපොරොත්තු වන්නේ. ඊළගට නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් දවසක බලයට ආවිට ඒ අයත් පලි ගත්තම ඔබලා කියන්නේ මොකක්ද? මොකද නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට නෑවිත් සිටීවි කියල කියන්නද? අමතක කරන්න එපා මෛත්‍රීපාල සේනානායක මහතා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. (නදී)
දහදුක් විඳලා හම්බ කරපු සොච්චමත් තමන්ගෙන් හොරකං කරලා නාස්ති කරලා දුෂණය භීෂණය වපුරලා තමන්ව ගොනාට අන්දපු දේශපාලුවන්ට කඩේ යන මිනුස්සු තාමත් ඉන්න මේ රට කවදාවත් හැදෙන්නේ නෑ. (නදී)
මේකටද ඡන්දෙ ඉල්ලුවේ ? (නදී)
දවසක ඔය කියන රේසිං කාර් මතූවෙයි කොහෙන්හරි. එතකොට බලමු, මොනවද මේ කට්ටිය කියන්නේ කියලා! (නි)
යහපාලනය ගැන අපි බොහොම සෙවිල්ලෙන් තමයි ඉන්නේ (නි)
ගාමිණීට කඩේ යන්න ලොකු මල්ලක් දෙන්න පුළුවන් කාටද? ලියන්න මල්ලි තව හොඳ දේවල් ටිකක්. (නි)
රටට සාමය ගෙනදුන් ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ටත් ත්‍රිවිධ හමුදාවටත් සියලූම දෙවියන්ගේ පිහිටත් බුදුන්ගේ පිහිටත් ලැබේවා! දැන් මේ රටවලට පැමිණ සිටින දෙමළ කොටි හිතවාදීන් සතුටින් උත්සව පවත්වනවා. තවත් මේ මිනිසුන්ගේ ගොඩක් අදහස් අපිට ඇහෙනවා. භයානක කොටි නැවතත් ශ්‍රී ලංකාවට කුරුමානම් අල්ලනවා. (නි)
ලැම්බෝගිනි ළඟ තබාගැනීම වරදක් නොවන නමුත් මහජන බදු මුදල් අපහරණය බරපතල වරදකි. (නි)
එතකොට දැන් අනෙක් පැත්තේ ඉන්න සමහර අයගේ ගනුදෙනු හොඳ ඒවාද? (නි)
ඔය කළගුණ කට්ටියගේ මොළය හොඳට වැඩිලද කියලා අතගාලා බැලුවොත් හොඳයි. (නි)
ෆොන්සේකා මහත්තයව කුදලගෙන යනකොට ඒ වැඩේට කැතයි කිව්වේ නැති උදවිය මේ වැඩේ කැතයි කියනවා. ෆොන්සේකා මහතා කල වැරැද්ද ප්‍රතිවාදී ඡන්ද අපේක්ෂකයා වීම. බෑනාගේ වයසක ආච්චිව පවා පොලිසියට අරන් ගියා. බලය අපහරණයේ යෙදෙව්වත් අද කාලයේ අයට එහෙම කලේ නැහැ. දේවාලයේ පැහැරුවත් කමක් නැහැ කපුවානේ කිය කියා ඉන්න තමයි සමහරුන්ට ඕනා. (නදී)
නීතියෙන් අවසරයක් අරගෙන පරික්ෂා කරලා එච්චරයි. ගෙදර මොකුත් නැහැ. (නදී)
යුද්දය දිනපු මොහොතේ හිටපු ජනපතිට අපි ගෞරව කරමු. එහෙත් එයට මුවාවී කරන ලද මහා පරිමාන දැවැන්ත මුදල් හා රටේ සම්පත් මංකොල්ලය රටට හෙළි කල යුතුය. මන්ද යත් ඒ මුදල් මේ රටේ දුප්පත් අහිංසක ජනයා ගේ මුදල් බැවිනි. තරා තිරම නොබලා සියලු වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුය. එසේ නොකළහොත් මෙය වැරදි පූර්වාදර්ශයක් වනු ඇත. (නදී)
අපි කළගුණ සලකන්න හරිම ආසයි. එ්කනේ අපි කේ. පි මහත්තයටත් මෙච්චර හොඳට සැලකුවේ. කළගුණ සලකලා අපිට මොනා උනත් මොකද? සමහරු කළගුණ සලකන්නවත් හරියට ඉගෙන ගෙන නැහැ. කට්ටිය මොන්ටිසෝරි ගිහින් වත් ඉගෙන ගන්න. (නදී)
හරි එතකොට තමන්ගේ රැකියාවේ සහ උගත්කමේ විදියට වෘත්තීය ආදායමක් හෝ පරම්පරාගත විශාල බුදලයක් නැත්නම් පුද්ගලයෙකු දේශපාලනයට පැමිණියාට පසු අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න සැකයට කාරණාවක් නෙමෙයිද? (නි)
ඔය යහපාලනේ සහ කළගුණ ගැන කතාකරන මහතුනි, ඔයාලට අමතකද එයාල බලේ ඉන්දැද්දී රණවිරුවන්ට කළගුණ සලකපු හැටි. යහපාලනේ කියන්නේ වැරදි කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක නොවෙයිද ? රාජපක්ෂ තව ටිකක් හිටියා නම් තමයි වැඩේ බලාගන්න තිබුනේ. ලංකාවේ මිනිස්සුන්ට දැන් අවශ්‍ය මානසික නිර්වින්දනයක් ලබාදීල පියවි ලොවට ගෙන ඒමයි. එ්කයි නුඹලා ඔය විදියට අදහස් දක්වන්නේ (නදී)
මට කියන්න තියෙන්නේ ඇත්ත නොතේරෙන මෝඩ රැළක් තවමත් ඉන්නවා කියලයි (නි)
කුලියට කහින නරි තාමත් මෙතන හූ තියනවා නේද? එක අතකට කලගුණ සලකලා ගහන හුවෙත් පොඩි ගතියක් තියනවා.(නදී)
මිනිස්සු කෑගසුවට මහජනයා දැනුවත් කිරිමයි අවශ්‍ය. දින 100 වෙනකම් විතරයි මේ කුනු සෙවිම. මොකො අපි මැරිලා උපන්නේ නෑ. අාපු ගියපු හැමෝම ඕක තමා කෙරුවේ? (නදී)
යු.ඇන්.පී කාරයන්ගේ නහර වල දුවන්නේ මඩ ගැහිලි, බොරු කතා ඔය වගේ ගොන් වැඩ තමයි. (නදී)
බලයේ සිටි දේශපාලඥයන්ට දුෂණ චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක්. විශාල පිරිසකට කලිනුත් අතිවිශාල දුෂණ චෝදනා එල්ල වුණා. ඒත් ඒවා එකක්වත් ඔප්පු වුණේ නැහැ. ඉතිහාසය ගෙන බැලූවිට මහින්ද ජනාධිපතිතුමා තරම් රටට වැඩකළ නායකයෙක් සොයාගැනීමට අපහසුයි. සියලුම මිනිසුන් සේම එතුමාගේද වැරදි තිබුනා. නමුත් මෙතරම් චෝදනා කිරීම හෝ වෛර කිරීම පුදුමසහගතයි (නි)
බලයට ආ ඔබ මේ අපහාස කරන්නේ දකුණේ ඡන්ද ලක්ෂ 57ක් ගත් නායකයෙකුටයි. (නි)
ඇයි එතුමාට නිදහසේ ඉන්න නොදෙන්නේ? (නි)
මේකේ අදහස් දාපු ගොඩක් අය නීතිය ක්‍රියාත්මක කරනකොට මෙච්චර අඬන්නේ ඇයි? (නි)
වරදක් කළොත් ඒකෙන් ගැළවෙන්න ගොඩබිම, මුහුද, අහසේ කොහේ හිටියත් බැහැ කියලයි බුදු බණේ සඳහන් වෙන්නේ. මේ තීරයට අදහස් දක්වන කඩේ යන නඩයට කියන්න තියෙන්නේ ඡන්දෙ පැරදිලා අවසාන මොහොත වෙනතුරුත් බලය අල්ලාගෙන ඉන්න දඟලපු අයගේ හොරමැරකම් වහන්න කියලද? (නි)
ලැබුන තොරතුරක් මත පරීක්ෂා කිරීමයි, විරුද්ධ අපේක්ෂකයෙක් වූ නිසා කුදලාගෙනයාමෙයි අතර ලොකු වෙනසක් තිබෙනවා (නි)
සරත් ෆොන්සේකා මැතිතුමාට කරපු දේවල් වල හැටි (බ)
යහපාලනය හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ යු. එන්. පී. එක දිනූදාටයි. අපි හැමදාම අස්ස ගාල වහන්නේ අස්සයා පැනලා ගියාට පස්සෙනේ. නේද? (නි)
සමහරු හිතනවා ඇති ලැම්බෝගිනියක් කියන්නේ පොඩි සෙල්ලම් කාර් එකක් කියලා (නි)
රට බේරාදුන් නායකයාට දැන් හැමෝම වැරදි චෝදනා කරනවා. ඔය චෝදනා කරන අය රටට මොනවද කරලා තියෙන්නේ? (නි)
මෙතන ප්‍රශ්නය කවුරුන් හෝ එක්තරා වාහන වර්ගයක් ළඟ තබා ගැනීම නෙවෙයි. සමහරුන් රජයේ සේවකයන් වශයෙන් රැකියාවේ පඩියේ තරමට නැති අධි ආදායම් සහ අධි සුඛෝපභෝගී ජීවිතය ගැන මහජනයා තුළ තිබුන කුකුස. (බ)
ඇත්තමයි කියන්නේ, දැන්නම් මට ලොකු කළකිරීමක් ඇතිවෙනවා,මගේ ඡන්දය ගැන. ඉක්මනට ප්‍රගතිශීලී වැඩ ටිකක් කරමු. අපිට ඕනෑ සැබෑ වෙනසක්. නායකයන්ගේ ආකල්පමය වෙනසක් මිසක් පළිගැනීමක් නොවේ. (නි)
යුද්ධය දිනා රට බේරාගත් නිසා ඊට ගරුකරන නමුත් පමණ ඉක්මවා සිතන්න තරම් මෝඩ තත්ත්වයක අපි නැහැ. (නි)
මේ අදහස් වලින් තේරෙන්නේ යම් කොටසකට තවම වෙනස මොකක්ද කියා නොතේරී ඇතිබවයි. (නි)
දැන් කාටවත් මතක් වෙන්නේ නැද්ද ජෙනරාල් ෆොන්සේකාට කළ වැඩේ? ඒ මනුස්සයා රටට මොකුත්ම කළේ නැද්ද? එතකොට එයාට කළ වැඩේ හරිද? මම මේ කළ වැඩේ ගැන වැරැද්දක් නොදකින්නේ එහෙම වැඩක් මෙතන වුණේ නැති නිසා (නි)
කපුවාට දේවාලයේ දේවකාරිය කිරීමට මිස එය කැතකිරීමට වරමක් ලැබී නොමැත (නි)
රට බේරාගත් නිසා කියමින් තව පොඩ්ඩෙන් වෙන්නේ මොනවද කියලා හිතාගන්නත් අමාරුයි. ප්‍රතිවාදී අපේක්ෂකයෙක් හිරේදමන්න හොඳයි. හැබැයි ලැබුන තොරතුරක් මත පරීක්ෂා කළොත් ඒක ජාතික අපරාධයක්. (නි)
මෙතන තියෙන්නේ තමන් කැමතිකෙනා හරි හෝ වැරදි හෝ එයා කරන හැමදෙයක්ම හරි. අනෙක් මිනිස්සු ඔක්කොම වැරදියි. මේ මහා පරිමාණ ගසාකෑම නිසා රටේ තත්වය කොච්චර පිරිහිලාද කියලා කාටවත් දැනෙන්නේ නැහැ. (නි)
ලැම්බෝගිනි, රේසිං කාර් තහනමට ලක්වූ දේවල්ද? (නි)
සමහරු හිතන්නේ රටබේරා ගත් පමණින් සියල්ලටම සමාව දියයුතුයි කියාද? (නි)
දැන් මෙතන ප්‍රතිවාදී අපේක්ෂකයා උන වැරැද්ද නිසා කාවවත් කුදලා ගෙන ගිහින් හිරේ දැම්මාද ? අන්න එහෙම නම් කළ වැඩේ ඉතාම වැරදියි. (නදී)
එදා ජෙනරල් ෆොන්සේකා මහතාට සිදුවුණ අසාධාරණය තරම් අපි කම්පාවට පත්වූ වෙනදෙයක් නැතිතරම් (නි)
පොලිසියට ඒ අයගේ කටයුතු කරන්න ඉඩදීලා අපි පැත්තකට වුණොත් නරකද? (නි)
සමහරු කෙළෙහිගුණ ගැන කියමින් ආගමට අනුව ඒවා විපාකදීම ගැන බොහොම ඉහළින් කියවනවා.... (නි)
සමහරු බුද්ධාගමට අනුව පවු සහ පින්වලට දේශපාලනය ගාවාගෙන වැරදි අර්ථකතන දෙනවා. කරුණාකර ඔය වැරැද්ද නම් කරන්න එපා. (නි)
කාටවත් හොර වැඩ කරන්න දෙන්න බැහැ (නි)
කුමන අන්දමේ හෝ සමාජ මෙහෙවරකට කළගුණ සළකන්න කියා එම රටේ බලය කිසිවෙකුට හෝ සින්නක්කර පවරාදිය යුතුද ? (නි)
කල ගුණ සලකන්න කියල හතර වරිගයේම කට්ටියට රට ගසා කන්න ඉඩ දෙන්න කියලද කියන්නේ ? (නදී)
මතක තියාගන්න මේ අර නෝනගේ වැඩ කිඩ (නදී)
යහ පාලනය පැත්තකින් තියල හොරුන්ට උපරිම දඬුවම් දිය යුතුයි. එච්චරයි. රට බේරගත්ත කියන්නේ හොරකන් කරන්න අවසර පත්‍රයක්ද ? (නදී)
මතකද ෆොන්සේකා මහතාගේ බෑනාගේ වයසක ආච්චිව පවා පොලිසියට අරන් ගියා. ඒවා හරිම හොඳ වැඩ. තොරතුරක් මත ගෙවත්ත පරික්ෂා කිරීම කැත වැඩ (නදී)
අයියෝ මේ රට නිදහස් කරගත්ත මනුස්සයට මේ රටේ මිනිස්සු කරන දේවල් ගැන ඇත්තටම ලජ්ජා වෙනවා. අපේ රටේ මිනිස්සු ගැන ඇයි මේ මඩගැසීම් සහ බොරු අපවාද ? මිනිසුනේ උඹල ලජ්ජා වෙයල්ලා උඹලගේ කෙලෙහිගුණ සැලකීම ගැන යහ පාලනය කියන්නේ මේකටද දන්නැති හින්දා අහන්නේ (නදී)
ඇත්තම තමයි මේවාට ආගම සම්බන්ධ කරන්න යාමෙන් තමන්ගේම කුණු මතු වෙනවා. දළදා මාලිගාව ඉස්සරහ කල සංදර්ශන ගැන නිකන් මතක කරවන්න ඕන නැහැනේ. (නදී)
මේවා නීති විරෝධී ද ලංකාවේ භාවිතා කරන්න බැරිද ? (නදී)
ඒ මනුස්සයට නිදහසක් ඇත්තෙම නැද්ද? (නි)
මට හරි කණගාටුයි (නි)
දුකයි අපේ සිංහලකම ගැන. දුටු ගැමුණු රජතුමාටත් සිංහල මිනිස්සු බැන්නලු ඇයි යුද්ධයෙන් හෙම්බත් වෙලා තියෙද්දී රුවන්වැලි මහ සෑය හදන්නේ කියා. අනාගාරික ධර්මපාල තුමාටත් බැන්නලු (නදී)
මේකද යහපාලනය? මේකට තමයි කියන්නේ වෛරීය දේශපාලනය කියලා (නදී)
මේ සැමටම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් සත්‍යක් කියලා. කොසොල් රජතුමාගේ සිහින දහසය අද හොඳටම පැහැදිලිව විද්‍යමාන වෙනවා. හැම කෙනෙකුම සංසාරෙත් මේ බවයෙත් කරන ලද කුසල අකුසල කර්මත් වඩනා ලද ධර්මත් අනුව අපට ජීවිතේට මුහුණ දෙන්න වෙනවා. (නදී)
අටලෝ දහම ගැන කම්පාවෙන්න හොඳ නැහැ. මහින්ද මහත්මයාට තෙරුවන් සරණයි! (නි)
බලමුකෝ මොනවද වෙන්නේ කියලා (නි)
යකඩෝ සත්තුත් දැක්කා. මේ වගේ සත්තු ටිකක් ප්‍රේමදාස මහත්තයාගේ කාලෙදිවත් දැක්කේ නැහැනේ. (නදී)
තවත් අවුරුදු කිහිපයක් හිටියා නම් අපිට අපේ දරුවන් සමඟ හිඟා කන්න තමයි සිද්ධවෙන්නේ. (නි)
අපි බලාපොරොත්තු වූ ලෙසම සියල්ල සිදුවෙමින් පවතී (නි)
නව ආණ්ඩුවට දින 100 මදිවෙයි වගේ. (නදී)
ඊළඟට සමහරු කියයිද දන්නෙ නැහැ, කේ.පි., කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර් ඔය හැමෝටමත් අපි කළගුණ සළකන්න ඕනෑ කියලා (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක උන්නැහේට ලැජ්ජා නැද්ද මේවා ගැන ලොකුවට කියන්න (නදී)
බොහෝ දෙනෙකුට වැරදිලා වගෙයි.මෛත්‍රී වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වුණේ වංචාව සහ දුෂණය. ඉතින් වැරදිකරුවන් අල්ලන එක වෛරී දේශපාලනය නෙමෙයි.පොරොන්දු ඉටුකිරීමක්. (නි)
ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)
රට බේරුවා කියා රටේ ධනය හොරකම් කරන්න දෙන්න පුලුවන්ද ? ඔය සුපිරි ජීවිත කළේ අහිසංක අපිව බඩගින්නේ තියලා නේද ? (නදී)
අයියෝ ලැජ්ජයි (නදී)
දළදා මාළිගාව ළඟ තවමත් වෙන අනෙක් ඒවා නවත්වන්න පුළුවන්කමක් නැහැනේ. රේසින් කාර් ගැන විතරයි කට්ටියට මතක්වෙන්නේ. අනේ මන්දා! මෙහෙ කොටි නටන විගඩම් දැක්කම ලංකාවේ මිනිස්සු ඇස් කන් වහගෙන ඉන්න එක ගැන පුදුමයි (නි)
උපුල්, පිවිතුරු යහපාල, 2010 මැතිවරණය ඉවර උනු ගමන් ෆොන්සේකා මහතාව කුදලාගෙන යනකොට දැනුනේ සතුටක් ද ? (නදී)
මෙවැනි කුහක මිනිසුන් වෙසෙන රටක් තවත් ලෝකයේ නැතිව ඇති (නදී)
රජකම් කළත් කළකම් පලදෙනවා... (නි)
උපුල්, ක්‍රිෂාන්ත, ඔයගොල්ලන් කියන්නේ රට බේරගත්ත කියලා රට අනුභව කරන්ට දෙන්ට ඕන කියලද? (නදී)
මේක දේශපාලනයද එහෙමත් නැත්නම් ද්වේශ පාලනයද. (නදී)
උෟරාගෙ මාළු උෟරාගෙ පිටේම තියල කපනවා මරු යහපලානේ (නදී)
ජනතා හදවතේ සදාකාලික මහින්ද ජනපතිතුමනි. ඔබතුමා නොසැලී ඉන්න. ජනතාව ඔබ සමග සිටිනවා. (නදී)
දැන්නම් ලොකු කලකිරීමක් ඇති වෙනවා. (නදී)
මට මතක් වෙනවා ජෙනරාල්ට සලකපු විදිහ. හැමෝම තේරුම් ගන්න ඕනේ බලය කියන දේ සදාකාලික නැහැ කියල. දැන් කට්ටියත් ඒක තේරුම් අරගෙන වැඩ කරොත් ගොඩක් හොඳ වෙයි (නදී)
ලැජ්ජාවෙන්න ඕනෑ. අද ලෝකයම හිනාවෙනවා. එදා ලෝකයේම අවධානය තිබුනේ ලංකාවේ නිර්භීත නායකත්වයට,රටේ දියුණුවට. ඒක තමා ඇත්ත.අවංකවම හිතන්න. එතකොට ඇත්ත තේරුම් ගන්න පුළුවන් (නි)
එහෙම තමයි කරන්න ඕනේ වැරදි කරලා තියෙනවා නම් සොයාබලා වැරදි කරපු අයට දඬුවන් දෙන්න ඕනේ. (නදී)
උද්දික , නිකන් සිදුවූ වැරදි හංගන්න හදන්න එපා. මේ රටේ ජනාධිපති, අගමැති පුතුන් කී දෙනෙක් ඉතිහාසයේ හිටියද? මෙහෙම වගකීමක් නැති විදියට ඒ කවුරුත් වැඩ කළේ නැහැ. (නි)
අනිවාර්යෙන් ලැම්බෝගිනි රේසිං කාර් තියෙන්න ඇති. ඒවා සේරම ඉක්මනට සරමේ යට හංගා ගන්න ඇති. අපිට නම් හිතෙන්නේ නම් එහෙම තමයි. ඒවා හොයන්න යහපාලනයෙන් දින කියක් අයින් කරලද දන්නේ නෑ නේද? (නදී)
දූෂණ වංචා සිදුවී ඇත්නම් ඒ ගැන හොයන එක හොඳයි. ඒත් රට බේරාගත් නායකයාට මෙච්චර මඩගහන්නේ ඇයි? චෝදනා තියෙනවා නම් ඔප්පු කළාට කමක් නැහැ. ඒත් බොරු මඩගැහිලි වලින් වෙන්නේ වෛරය තව තවත් වැඩිවෙන එක නේද? ඡන්ද ලක්ෂ 54 ක් ගත් මනුස්සයෙක් මඩගහලා වට්ටන්න පුළුවන්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳේ. (නි)
උද්දික ,අනිත් ඒවාත් ලුණු ඇඹුල් එක්කම මතක්වෙනවා. හැබැයි මෙතන ලියන්න අමාරුයි. අදාළ දේවල් ගැන විතරක් කතාකළාම ඇතිනේ! (නි)
දහදුක් විඳලා හම්බ කරපු සොච්චමත් තමන්ගෙන් හොරකං කරලා නාස්ති කරලා දුෂණය භීෂණය වපුරලා තමන්ව ගොනාට අන්දපු දේසපාලුවන්ට කඩේ යන මිනුස්සු තාමත් ඉන්න මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ. (නදී)
මිනිසුනේ උඹල ලජ්ජා වෙයල්ලා උඹලගේ කෙලෙහි ගුණ සැලකීම ගැන. යහ පාලනය කියන්නේ මේකටද ? ඔබලාට අනාගතේ කවදා හරි දවසක දුක් වෙන්න වෙනවා. මේ බුද්දාගමේ රටක් (නදී)
මේ කියවන සමහර අය සිදුවෙන දේවල් ගැන මධ්‍යස්ථව බලන අය නෙමෙයිද? යහපාලනයක් ගෙනෙන්න නම් "හොර පාලනය" ගැන හොයන්න ඕනෑ නේද? දුෂණයක් වුණානම් ඒ ගැන හොයන්න ඕනෑ. ඒකේ සැබෑ වගකිවයුත්තා ප්‍රධාන පුරවැසියා නෙමෙයිද? ඔහු ඒ දේ කළත් නොකළත් චෝදනා වලින් 50% ක් එතුමාට අයිතියි. (නි)
මෛත්‍රීගේ යහපාලනය මේකද අනුන්ගේ වෙරදී හොයන්න කලින් පොරොන්දු දුන්නද ? (නදී)
පෙන්නනවා කියපු ලැම්බොගිනිත් නෑලු ,ගුවන්යානාත් නැහැලු රත්තරන් අශ්වයොත් නෑලු. අනේ මන්ද අපි නිකම් බොරුවට රැවටුනා වත්ද ?(දිල්)
මේ වගේම චන්ද්‍රිකා නෝනගේ 94 සිට 2001 දක්වා පාලනය ගැනත් හොයා බලන්න. මහින්ද මහත්තයා ඒවා හෙව්වේ නැහැ. එයාර් ලංකා ශේල් ගෑස් චැනල් 9. ඕන නම් රාජිත ගෙන් සාක්කි ගන්න පුලුවන් (නදී)
තාමත් නූගත් ඡන්ද දායකයෝ ඉන්නවා නේද (දිල්)
එතකොට මාලිගාව වටේ රේස් ගියපු ලම්බෝගිනි ඒවට මොනවද වුණේ (දිල්)
කොටියව මතක් කර කර ඕන කෙනෙකුට හොර මැරකම් කරන්න ඉඩ දෙන්න ඕනද ? (නදී)
යහ පාලනය යනු තරාතිරම නොබලා සියලුම වැරැදිකරුවන්ට දඩුවම් කිරීමයි.(දිල්)
යහ පාලනයනේ (දිල්)
මේ අයට දින 100 මදි වෙයි මේගොල්ලන්ට ඒත් තාම වැඩ නෑනේ (දිල්)
උද්දික, දළදා මාලිගාවේ ළඟ නෙවෙයි ඇතුලේ වෙන්න ගිය දේවලුත් අපිට ආරංචියි. තව පොඩ්ඩෙන් ක්‍රීඩා විනිසුරුවෙකුට ගහපු චන්ඩි කෙනෙක් තමයි එතන වැදගත් තනතුරක් හොබවන්න රිංගවන්න හිටියේ. (නදී)
කිසිම ලැජ්ජා වෙන්න දෙයක් මෙතෙන සිද්දවෙලා නෑනේ (දිල්)
අපිට නම් ලැජ්ජාවට හේතු වෙන්නේ රට බේරාගත් නිසා. අපි ගරු කල කෙනා වටේ ඉන්න අයට ඕන විදියට රට ගසා කන්න ඉඩ දීපු එකට. (නදී)
මේ රටේ යහපාලනේට කලින් මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනි. මේ රටේ සම්පත් කොච්චර තිබුනත් හැම ආණ්ඩුවම කළේ වැඩකට නැති දේවල් වෙනුවෙන් මුලිකත්වය දුන්න එක. දැන්වත් මේ රටේ උගත් මිනිස්සුන්ට අාත්ම ගරුත්වයක් තියාගෙන වැඩ කරන්න පුළුවන් විදිහේ නව තාක්ෂණික කර්මාන්ත අාරම්ඹ කරන්න. එ්ක කොයි ආණ්ඩුවෙන් කළත් සහය දෙනවා. හොරකම් කව්රු කරත් එ්කට අනිවාර්යෙන්ම දඩුවම් දෙන්න ඕනි. දේපල රාජසන්තක කරලා ඒ සල්ලි වලින් මේ රටේ තියන ණය පියවල දන්නා.(නදී)
රටේ බදු මිල ඉහළ ගිහින් දරුවන්ට කන්න නැතිව බඩගින්නේ (දිල්)
මේ සැමටම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් සත්‍යක් කියලා (නදී)
අපි ඉස්සෙල්ල අම්මටයි තාත්තටයි කළගුණ සළකමු. අපි ඉස්සෙල්ල එතනින් පටන් ගමු.(දිල්)
අපිට නම් ලොකු කලකිරීමක් ඇති වෙනවා මෙවැනි මහජන මුදල් නැති නාස්ති කරපු අය ගැන නොසොයා ඉද්දි (දිල්)
මහජන මුදල් කියන්නේ මිනිසුනේ ඔබලාගේ දරුවන්ට කන්න අදින්න දෙන,කිරි පිටි පැකට්ටුවට,පරිප්පු ටිකට,හාල් ටිකට ගහන බදු මුදල්.ඉපදෙනකොට ,කසාද බදිනකොට,මලාට පස්සේ පවා ගහන බදු මුදල් වලට ඒවා ඕනි ඕනි විදියට වියදම් කරන්න බෑ (දිල්)
වැරැදි කර ඇති නිසානේ ඔය වගේ දේවල් වෙන්නේ.(හේ)
මෙතන තනිකරම තියෙන්නේ දේශපාලන පලිගැනීම. (හේ)
දින 100 පස්සේ එන ඡන්දෙන්. ගොඩ යන්න මොනවා හරි හොයාගන්න ඕනේ. නැත්නම් වෙන දේ මෙයාල දන්නවා. ඔහොම නටන්නකෝ ඡන්දෙ අපි බලාගන්නම්. (ස)
වැරදි කරානම් තරාතිරම නොබලා අවශ්‍ය දඩුවම් දෙන්න ඕන රටක පාලකයා හොඳ වුනොත් තමා ඊට පහල අයත් හොඳ මාර්ගයට එන්නේ එය වක්‍ර මාර්ගයෙන් රටෙහි ජනතාවට සහ ආර්ථිකයට බලපානවා එමෙන්ම පොඩි එකා කීයටවත් වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ . අපට අවශ්‍ය වන්නේ මෙයයි.(හේ)
මම හිතන්නේ ලම්බෝගිනි ටික ලාච්චුව අස්සේ දාල හංගන්න ඇති. (ස)
වාහන 800 ක් තිබුනාලු. මොනවා කරන්නද. කෝටි 2 1/2 ඔරලෝසු ගෙනාවේ කාගේ සල්ලිද?(හේ)
පහුගිය ටිකේ, ඔවුන්ට විරුද්ධ උන අයව බොරු නඩු වලට පටලවලා, යුධ වීරයෙක් උන ෆොන්සේකා මහත්මයාව හිරේ දමල විතරක් නෙමේ, "විශ්‍රාම වැටුපත් අහිමි කල" ඒ පුද්ගලයෝ ගැන මේ රටේ බුද්ධිමත් ජනතාවට කවර නම් අනුකම්පාවක් ඇති වෙයිද? තමන් කල හොඳ නරක තමන් පසුපස කවදා හෝ එනවා. පත්තරේකට අදහසක් දමන අපිට ඒක වෙනස් කරන්න බැහැ. (ස)
කවුරු කළත් වරදට දඩුවම් ලැබිය යුතුයි.(හේ)
යුද්දේ දින්නේ තනි පවුලක් නෙමේ මිනිස්සුනේ. (ස)
කාගේ කාර් එකක් හොරකම් කලාටද ගෙවල් සෝදිසි කරන්නේ ? ඇමෙරිකාවේ පරණ ලම්බෝගිනි කාර් ඕනේ තරම් තියනවා පරණ කාර් ගානට ගන්න. ඔය කෑගහන අයටත් ලම්බෝගිනි ගන්න පුළුවන් මන්ත්‍රී කෙනෙකුගේ කාර් පර්මිට් එකක් ගන්න පුලුවන්නම්. මේක තනිකර ඊරිසියාවට මඩ ගහන්න කරන දේවල්. මේ අයගේ හිතේ ලම්බෝගිනි කියන්නේ රත්තරන් වලින් හදපු කාර් කියලා. (හේ)
මෙහෙමත් මිනිස්සු. (ස)
ඕනෑතරම් මඩ ගැහුවට කමක් නැහැ.නමුත් එතුමා රටට යම්කිසි සේවයක් කළා.ඒක එසේ මෙසේ දෙයක් නොවේ. (නි)
තාමත් යුද්දේ තනි පවුලකට දන් දෙන මිනිස්සු ඉන්න බව මෙතන තියෙන අදහස් වලින් පේනවා! (ස)
අපි අපිම ලැජ්ජා වෙන්න ඕන ජාතියක්. අද මුළු ලෝකයටම අපේ පහත් කම පෙන්න ගන්නවා. රට රැක දුන්න නායක තුමාට හිනා වෙන, කරන දේවල් වලට සතුටු වෙන මිනිසුන්ට.අපේ රටට අභිමානය ගෙන ආ නායකයා ගෙදර යවල කරගත්තේ නැවත වසර 30 ට වඩා ආත්මගානකට වන්දි ගෙවන්න වෙන යුගයක්. මහින්ද මහතා ගෙදර යවන එකට වඩා කරන්න තිබුනේ එතුමා රැක ගෙන රටේ දේශ පාලනය කරන හොරු, වංචාකාරයෝ , දුෂණය, නීතිය රකින වැඩ පිළිවෙලක්,රට පාවා දෙන තක්කඩියන්ට එරෙහිව නැගී සිටිමින් ජනපතිට අපේ ශ්‍රී ලාංකික රටේ දියුණුවට අතදෙන්න , එක්වෙන්න. අපේ බඩට වඩා රටේ සමගිය,නිදහස,යහපත් නීතියක්,වංචාවෙන් ,දුෂණයෙන් තොර රටක් හදන්න එතුමාට කියන්න ,අපි හැමෝම රටේ නිදහස රැක දෙන්න එතුමා ලඟට ගියා නම් මේ දේවල් එතුමත් එක්ක කතා කරන්න පුළුවන් කියන්න අපි හැමෝම දන්නවා නේද ...... (ස)
කකුළුවා දඟලන්නේ වතුර නටනකන් විතරයි. (ස)
මේ වගේ දෙයක් වෙයි කියලා හිතන්නවත් නැතුව ඇති.(හේ)
නාවික හමුදාවේ හිටපු දැන් නැති රූකඩ පුතා අල්ලන්නේ නැද්ද? (ස)
යහපලානේ රෙද්ද පල්ලෙන් බේරෙනවා... (ස)
මේ යහපාලනයද? (නි)
නිදහසෙන් පස්සේ අවුරුදු 50ක් නොලැබුන දියුණුවක් මේ රටේ මිනිසුන්ට ලැබුනේ පහුගිය අවුරුදු 10 දී. රට බේරුනා, ජිවිත බේරුවා, රට දියුණු කළා. හෙට දවසට යම් දෙයක් කළා. මහින්ද මතයට විරුදව ඡන්දය දුන් සිංහලයෝ දැන්වත් හිතලා බලන්න. තමාගේ බඩ ගැන විතරක් නේද හිතුවේ? (හේ)
මහින්ද ජනපතිතුමනි, ඔබතුමාට දළදා සමිඳුගේ සරණයි! (නි)
මේ අය හිතන්න නැතුව ඇති කවදාවත්ම මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)
මෙයට තමා සර්ව සාධාරණය කියන්නේ. නීතිය සැමටම එකයි (නි)
මේවා වටලන්න පෙර නීති උපදෙස් ගතයුතුයි නේද? (නි)
අනේ මන්දා! මෙහෙම ගියොත් අපිට දින 100 වෙද්දී මොනවා ඉතුරුවෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
පසුගිය ජනාධිපතිවරණ දිනට පසු එනම් ජනවාරි 9 වන දින පිලියන්දල ලැම්බෝගිනි රේසිං කාර්, ගෝනමඩිත්ත පෝනියන් 4 දෙනෙකු , කන්ටේනර් රථ දෙකේ තිබී සොයා ගත් උපකරණ, මන්දිරයෙන් හොයාගත් මුදල් ගැන මොනවද කියන්නේ. මිනිසුනේ උඹලා ලජ්ජා වෙයල්ලා උඹලගේ කෙලෙහි ගුණ සැලකීම ගැන. (නදී)
යහපලනයට ඡන්දය දුන්නේ හොර අල්ලන්න විතරක් නෙමේ. දින 100ත් හරියටම වෙන්න ඕනා. නැතිනම් මහින්ද මැති තුමාටත් වඩා ඉක්මන්ට ගෙදර යන්න වේවි. පෙර වැරදි හෙව්වට කමක් නෑ. එ්ත් මේකේ තියෙන වැරදි හදා ගන්න වේවි. (නදී)
උපුල්ට ලැජ්ජා හිතෙන්නෙ නැද්ද දන්නෙ නැහැ රට වෙනුවෙන් ලේ දහදිය කඳුළු හෙළපු, මදුරුවො තල තලා සටන් කළ ජෙනරාල් ෆොන්සේකාට කළ දේවල් වලට. නියම දේශප්‍රේමියෙක්නෙ උපුල්. (නි)
මහින්ද කියන්නේ හොරෙක් නෙමෙයි. හැමදාම අරවා හම්බුනා මේවා හම්බුනා කියනවා. කියපුවා නෙමෙයි අන්තිමට තියෙන්නේ වෙන දේවල්. කාලයක් බලයේ ඉන්නයි මෙයාල දගලන්නේ. රට බේරගත්තාම මහා රජ මහා රජ කියා කියා බෝධි පුජා තිබ්බා. හොදට හිතල වැඩ කලොත් හොදයි. (නදී)
නහී වෙිරේණ වෙිරාණී කියල නේද පටන් ගත්තේ. (නදී)
ඔක්කෝටම පිස්සු (නදී)
පුදුම යහපාලනයක් මේක. රටක් විදිහට ලැජ්ජා විය යුතු දෙයක් (නදී)
ඉතිහාසය ගෙන බැලූවිට මහින්ද ජනාධිපතිතුමා තරම් රටට වැඩකළ නායකයෙක් සොයාගැනීමට අපහසුයි. සියලුම මිනිසුන් සේම එතුමාගේද වැරදි තිබුනා. නමුත් මෙතරම් චෝදනා කිරීම හෝ වෛර කිරීම පුදුමසහගතයි. එතුමා ගැන බහුතරය කථා කරන්නේ සොයාබලන්නේ නැතුවයි. (නි)
මේකේ සමහර අදහස් දක්වල තියන අයට පුදුම අනුකම්පවක්නේ ඇති වෙලා. හොරකම් කරපු සල්ලි බඩු කොහේ තිබුනත් හොයල දඩුවම් දෙනු. රටක පාලකයා හොරෙක් නම් අනිත් අය ගැන කුමන කතාද? යුද්දේ එක් පාර්ශවකරුවෙක් උන පලියට පවුලේ රොත්ත බුරුත්ත එකතු වෙලා රට කෑවම හරිද? සරත් ෆොන්සේකා රණ වීරයාට දුන්න වධ බන්දන අමතකද? බැරි වෙලාවත් මේ පාරත් දිනුවානම් බලන්න තිබුනා (නදී)
යහ පාලනය පේනවා. රට නිදහස් කරගත්තු මනුස්සයා. කව්රු නැතත් අපි එතුමා සමගයි (නදී)
හොරකම් කරලා රේසින් කාර් ගන්නේ මොනවාටද? මහජනයා බදු මුදල් හරිහම්බ කරලාම දීලනේ තියෙන්නේ (නි)
මාස 3 කට කොච්චර වැඩ තියෙනවද කරන්න? (නි)
අනුන්ගේ දේවල් ගැන ඔයතරමටම හොය හොයා ඉන්නේ නැතුව කිවුව විදියට රට ගොඩනඟන්න උත්සහ කළොත් නම් පැවැත්මක් තිබේවි (නි)
ධනුෂ්ක, අට පාස් උදවියට ඇමැතිකම් වලින් කෝටි ගණන් හම්බ කරන්න ඉඩ දෙන එක, විදේශ සේවා විභාග තියා උසස් පෙළ අසමත් අයට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලැබෙනකොට , ඒවාට විරුද්ධ වෙන එක ඉරිසියාවද ? ලංකාවේ සුදුසු උගතුන් දක්ෂයන් වෘත්තිකයන් තමන්ට වාහනයක් ගන්න ඕන නැද්ද ? (බ)
බලමුකෝ ඉතින් නේද? (නි)
යහපාලනයද මේ? (නි)
අනේ මන්දා මේවා! (නි)
කවුද ඕවා මේ වෙලාවෙ ගෙදර තියාගෙන ඉන්නෙ? (නි)
යහපාලනය කියන්නේ මොකක්ද? (නි)
රට පාවාදීම ආරම්භ කළා පාවෙන අවි ගබඩාවක් ගැන කීව ඒක සෝමාලියාවෙන් නැව්වලට ආරක්ෂාව දීලා විදේශ විනිමය ලබාගත් රජයේ ව්‍යාපාරයක්.මේක පාවල දෙනවා (බ)
හොරා රෑට හොරම් කළත් දවල්ට හොරකම් කළත් හොරාව අල්ලන්නම ඕනෑ. (නි)
කවුරුවත් තමන්ගේ බුදලයෙන් හරි, සාධාරනව උපයාගත් දෙයකින් කාර් නෙමෙයි සබ්මැරීන් ගෙනාවත් අපිට කමක් නැහැ (නි)
ජනතාව පාලකයෙක් තෝරා පත් කරන්නේ රට ආරක්ෂාකර පාලනය කිරීමටත්ය, එය සතුරු උවදුරු වලින් තොරව දියුණු කිරීමටත්ය. එය ඔහුගේ හෝ එයාගේ රාජකාරිය මිසක් එය සිදු කිරීම හුදෙක් ජනතාවගෙන් කළගුණ බලපොරොත්තුවීමක් සිදු නොවිය යුතු කරුණකි එසේ කිරීමට නොහැක්කා දුර්වල පාලකයෙකි. අනෙක් කරුණ නම් යුද්දයේ හුදු ජයග්‍රහණය එක පාලකයෙකුවත් මත තැබිය නොහැක්කකි එය කාලයක් තිස්සේ කරගෙන ආහ. ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලයකි.එසේ කියා පිස්සෙක් වගේ රටේ දේපල කා දැමීම අනුමත කළ හැකිද? (බ)
කට්ටියගේ අදහස් බැලුවහම මට වැටහෙන ආකාරයට මහා මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව අන්ත පරාජයක් ලබනවා සිකුරටම (නි)
ලැම්බෝගිනි තිබුනත් නැතත් ඒවා ගැන පසුව පරීක්ෂණයක් කරනවා නම් හොඳයි (නි)
රණසිංහගේ කතාව හරි (නි)
රට වෙනුවෙන් සක්‍රියව දායකවු,තෙවරක් කොටි බෝම්බයන්ට හසුවූ, රටේ වාසනාවට ජීවිතය බේරැනු, මහා විරු සරත් ෆොන්සේකාට කළේ කළගුණ සැළකීමක්ද? (නි)
කරුණාකරලා පැමිණිලි ඉදිරිපත් කළ ඒවා ඉක්මනට විභාගයට ගන්න. (නි)
බලමුකෝ මොනවද ලැබෙන්නේ කියලා (නි)
සමහරු නම් දැන් කියයි මේවා පළිගැනීම් කියලා (නි)
යුද්ධයෙන් රට බේරාගත් නායකයාට කළගුණ සැළකීම යනුවෙන් සමහරු අදහස් කරන්නේ කුමක්ද? (නි)
ජෙනරාල් සරත් පොන්සේකා ඡන්දයෙන් පැරදුන වෙලාවේ සිදුවූ දේවල් සහ ඔහු සිරගත කල ජීවිතය බහුතරයට අමතකව ගිහින්. එයත් රට බේරා ගත් සෙන්පතියෙක් (නදී)
චමින්ද , ඉතාමත් බුද්ධිමත් සත්‍ය සටහනක්. රටේ ජනතාව තේරුම්ගත යුතු යථාර්ථයත් මෙයම තමයි. (නි)
මේ කට්ටියට පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
හොරකම් කරලා තියෙනවා නම් මඩගගහා ඉන්නෙ නැතුව ඔප්පුකරලා පෙන්වන්න. මතක තියාගන්න. එදා මහවැලිය කරන කාලේ ගාමිණී දිසානායක මහත්තයාටත් මඩ ගැහුවා මිසක් එතුමා කළ දේ අගය කළේ නැහැ. (නි)
මහින්ද යුද්දෙට ගියේ නැහැ. යුද්දට ගිහින් ඒ පවුල් වල කව්රුත් මැරුනෙත් නැහැ (නදී)
අපි හිතුවේ මෙගා ගනු දෙනු ගැන ෆයිල් අතේ තියාගෙන තමයි ආණ්ඩුව පෙරලුවේ. දැන් චම්පික අපෙන් ෆයිල් ඉල්ලනවා. ලැම්බෝ ගිනි, ඔරලෝසු හොයන්ඩද මෙච්චර ලොකු දෙයක් කලේ ? (නදී)
කළගුණ සළකන්න ඕනෑ යම් සමාජ මෙහෙවරක් කළ කෙනෙකුට මිස එයාගේ හතර වරිගයේම ඉන්න තරමක් කට්ටියට නෙමෙයිනේ. නමුත් මෙතන බලපොරොත්තු වෙන්නේ ඒක. අන්න එතනයි තමන් කළ සේවයේ වටිනාකම අඩුවුණේ. (නි)
ජනාධිපති වුවත් නීතියට යටත්ය. එම නිසා මේ වාගේ දේවල් වියයුතුයි (නි)
හරියට නීතිය ක්‍රියාත්මක කරන රටවල ජනාධිපති වුවද නීතිය හමුවේ සාමාන්‍ය පුරවැසියෙක් පමණි (නි)
ඇයි මෙහෙම කරන්නේ? (නි)
ලැම්බෝගිනි කියන්නේ මහා ලොකු දෙයක් නොව කාර් එකක් පමණි. ඕනෑම ලාංකිකයෙකුට එය තබාගැනීම වරදක් නොවේ. (නි)
යහපාලනය දෝරේ ගලනවා....! (නි)
පිවිතුරු යහපාල, අපි මිනිස්සුත් දැක්කා, මෙහෙම අය නම් දැක්කේ නැහැ (නි)
ඔබ නැවත අපි අතරට එනවා සත්තයි (නි)