මහින්ද රාජපක්ෂ මහතාගේ දුෂිතයන් ආරක්ෂා කිරිමේ අවසන් උත්සහයත් අසාර්ථක වු බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කීවේය.
මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට බුද්ධිමත් පිරිසක් තේරි ඇති අතර රටට මේ ලැබි ඇති නිදහසින් රටේ පවතින ගැටලු වලට සහයෝගීව හා එකතුව විසඳුම් සෙවිය යුතු බවද ඔහු ලංකාදීප එසැණට කීවේය.
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට මෙවර මැතිවරණයේදි ආසන 07 ක් හිමිව ඇති බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනා තවමත් තෝරා ගෙන නැති අතර බ්‍රහස්පතින්දා (20) තෝරා ගැනිමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට පවතිනවායි කියන එහෙත් මේ රටේ සාමාන්‍ය මිනිසුන් අතරේ නැති,බලලෝභී දේශපාලකයන් තුළ පමණක් ඇති ජනවාර්ගික ගැටලුව යන ප්‍රශ්නය විසඳීමට නම් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වෙන නීතිවලින් සියලුම පුරවැසියන්ට ජීවත්වීමට සැළැස්විය යුතුය. (නි)
හැම එකම ලස්සනට ඉවරවූ නිසා ඔය රාජපක්ෂලාගේ නම් ටික හෙම අන්ෂයින් හෝ පත්තර වලින් කරුණාකරලා අයින් කරන්න.(ම)
අනේ මන්දා මොනා කියන්නද කියලා. රටට වැඩක් කරලා පෙන්නන්නකො.ඒ ඇති.(ම)
මොනවද හප්පේ ඔය තරමට තියෙන ගැටළු? වෙනම පරිපාලනය ගැනද ඔය කතා කරන්නේ? (නදී)
බුලත් කොළෙන් ආපු සමහර කපටියෝ ටික ආයිත් පාර්ලිමේන්තුවට ආවා කියන්නේ පරිස්සමින් යා යුතු ගමනක් තියෙන්නේ. (නදී)
මහින්දට කෙළවුණේ ලංකාවේ ජිහාදී මුස්ලිම් පාලන කොට්ටාශයක් නොදීපු එක .....දැන් ඉතින් ඒවා ඔක්කොම ලැබෙනවා (බ)
කවුද මේ කෑගහන දූෂිතයා? මොකාට එන්න හදනවද මන්දා...(බ)
නුවන් ඔබේ කෙනා ගත්තේ මුළු රටටම 20000 යි ඉතින් ඔය ජාතිවාදය ආයි පෙන්නන්න එපා බුද්ධි අපි එ්ක ලස්සනට යන්නම් බලාගෙන ඉන්න (බ)
මහින්දට ලක්ෂ 47 ක් ඉන්නවා.(බ)
‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘...නැහැ දැන් ඉතින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් හැටියට හෝ ඇවිල්ල ජනාධිපතිගේ සහ අගමැතිගේ කකුලෙන් අදින එක නවත්තන්නේ නැහැ. (බ)
මේ මහින්ද මයා ගේ අවසාන උත්සාහය වෙන්න බැහැ, ඔහු මන්ත්‍රී කමට එන්නේ, පුලුවන්නම් එ්ක ඇතුලදී කැරැල්ලක් කර පසුව හෝ බලය ලබාගන්න ක්‍රමයක් බලන්න. රජය මේ ගැන මනා විමසිල්ලකින් වැඩ කළ යුතු වේවි. (බ)
‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘.රාජපක්ෂලා ඉවරයි..... ඉවරෙටම ඉවරයි.....(බ)
අපෙ සමහර අය හැමවෙලාවෙම වැරදි සොය සොයා ඉන්නවා මිසක් පසුගිය කාලයේ රටට සිදුවන හොඳ දේවල් ගැන කතා කරන්නේ නැහැ. පසුගිය වසර පහ තුල අපි කිසි බයක් සැකක් නැතිව නිදහසේ අප රටේ සැම තැනම ගියා. (බ)
මේ ගොල්ලන් වාසි පැත්තට හෝයියනේ (බ)
පිවිතුරු යහපාල.මාස 5 ක් තුලදී ලක්ෂ 58 න් ලක්ෂ 45 ට බැහැල තියෙද්දිත් දැන්වත් සනීපද? (බ)
අවස්ථාවාදියෝ (බ)
යන යන පැත්තට පැනල ඇමති කම් අරගෙන බණ කියනවා (බ)
අජිත් දන්සැල් දුන්නේ නැති බව ඇත්ත , එහෙත් පසුගිය මාස පහට ගහපු මඩ ටික . රාජ්‍ය මාධ්‍ය සමග කඩේ ගිය අනෙකුත් මාධ්‍ය පුන පුනා කීවේ මහින්ද හොරා බව . එෆ්සීඅයිඩිය හදාගෙන , අත් අඩංගුවට අරගෙන ,මළමිනී ගොඩදාගෙන කරපු සෙල්ලන් . එහෙත් බැරිවුනා තනියම ආණ්ඩුවක් පිහිටවා ගන්න (බ)
ඔබට ටිකක් වැරදිල, ඔක්කොම හොඳ අය නෙවෙයි ඇවිත් තියෙන්නේ, විමල්, ගමන්පිල, රෝහිත අබේගුනවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මුතුහෙට්ටිගම් , ගීතා වැනි හොරු මංකොල්ල කාරයෝ උගත් බුද්ධිමත් කිව්වොත් ඇත්තට උගත් බුද්ධිමත් අයට මොනවද කියන්නේ? (බ)
මහින්ද රජයේ ඇමති කම් කරන කාලයේ මහින්ද හරි ෂෝක් නේ . කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කරගන්න එපා මහත්තයෝ (බ)
මහින්ද පරාජයවූයේ ඔහුගේම වරදින් (නි)
ඔය කියන්නේ තමන්ගේ යටි හිතේ තියෙන දේවල්නේ! (නි)
මෙයාලගේ කතා කවුද ගණන් ගන්නේ? අතීතය මතක නැහැ දැන් (නි)
පිවිතුරු යහපාල බලාගන්න ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී මොකද වෙන්නේ කියල (බ)
"බෙල්ල නැතත් කඳ ෆයිට්" කියන්නේ මේවට තමයි. හරියට පරණ ග්‍රීක් මිත්‍යා කතාවක් වගේ මෙය. (නි)
කෝටිපතියන් සැණෙකින් යාචකයින් වන හැටිත්, රජුන් මහමඟ යන සැටිත් අරුමයක් නොවේ. (නි)
ඔව් ඔව් දැන් මහින්ද මහතා ගැන කතාකරන්න එපා. එතුමාගේ වැරදි තිබුණා. අද ඒවාට එතුමා විඳවනවා. හැබැයි එතුමා රටට කරපු හොඳ ටිකකුත් තිබුණා. ඒවා ඔක්කොම දැන් අතීතයට බාරයි. ඒ ගැන දැන් කතා නොකර ඉදිරිය වංචාවෙන්, අපරාදයෙන් තොර යහ පාලනයක් සමගින් රට දියුණු කරන්න. ජනතාව ඡන්දෙ දුන්නේ පහුගිය දේවල් කතා කර කර ඉන්න නෙවෙයි. (නදී)
මහින්දගේ උත්සාහයේ ආරම්භය! (නි)
සමහරු නම් ඉතින් අපි නොදන්නවායැ? වාසි පැත්තට හෝයියා. (නි)
බුලත් කොලෙන් ආව අය දුෂිතයෝ වුණේ එක එකාට රට කැලි කඩන්නට ඉඩ නොදෙන නිසයි. අනෙක් දේශපාලකයන්ට වඩා වැඩි දුෂණයක් ඒ අය ළඟ නැති බව අපි දන්නවා. (අ)
මේ ප්‍රතිචාර දමන නිවටයින්ට මහින්ද මහත්මාගේ වටිනාකම තේරුම් යන කොට පරක්කුයි.දැන්වත් තේරුම් ගනිල්ලා සිදුවෙන කුමන්ත්‍රණය. (බ)
කෝ අනේ මහින්දගේ ලක්ෂ 58 ...? (නි)
මීළඟට එන නගර සභා ඡන්දෙන් පස්සේ මහින්දගේ ලක්ෂ 47 ටත් මොනවා වෙයිද මන්දා? (නි)
යුද්ධය ජය ගන්න නායකත්වය දුන්නු එක අැත්ත. එ්කට හැෙමා්ම ගරු කරාවි. එ්ත් යුද්ධයට නායකත්වය දුන්නු සරත් පොන්සේකාට මහතාට, අධිකරණය විකෘති කිරිමට ඉඩ නොදුන් ශිරානි මහත්මියට කරපු දේ තමන්ගේ හා පවුෙල් අයට විතරක් අසීමිත සැප සම්පත් සලසා ගැනීමට කරපු වැඩ,.මේවා හරිද.. ජනපති තනතුෙර් ගරුත්වය කෙලෙසන්නේ නැතිව ඉන්න බැරි වුනේ යළි බලයට අැවිත්හොරෙන් රැකගෙන තවත් වැජෙඹන්නද... (අ)
දැන් ලංකාවේ තියෙන්නේ මහින්ද විරෝධයක්.මහින්ද ඡන්දෙට එනවිට සියලුම දෙනා එකතු වී ඔහු පරාද කරනවා (නි)
අපි මහින්ද දකුණේ මහා ඇමති කරවමු (නි)
එහෙනම් ඉතින් අහවලා කී පාරක් පැරදිලා තිබෙනවද? (නි)
එකක් මතක තියාගන්න. ලංකාවේ කෙසේවෙතත් ලෝකයේ ලොකුම ප්‍රජාතාන්ත්‍රික රට වන ඉන්දියාවේ ව්‍යවස්ථාවේ ඉන්දියාවේ උපත ලැබූ ඉන්දියානුවෙකුට අගමැති වෙන්න නීතියෙන් ඉඩකඩ තිබෙනවා. ඉතින් මුස්ලිම් කොංග්‍රසය තිබෙන පාලකයා සමඟ කටයුතු නොකර කා එක්කද එක්වෙන්න කියන්නේ? බුද්ධිමත්ව සිතන්න. අපි රටට කළ හානියක් නැහැ. (නි)
නුවන්, ප්‍රශ්න තියෙන්නේ සුළු ජාතියට විතරක් නෙමෙයි. රටක් විදිහට, ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ රට පසුගිය අවුරුදු 10 ට අවුරුදු 50 ක් පසුපසට ගියා. අපි නැවත මේ රට හරිමඟට ගතයුතුයි (නි)
අපේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දෙට වියදම් කිරීම සඳහා මැතිවරණ කාලේදී ඔහුට හිතවත් ව්‍යාපාරිකයන් මුදල් ලබාදෙනවා. මේවායින් වියදම් වෙන්නේ ඉතාම සොච්චමයි. මේ මන්ත්‍රීවරුන්ට එම ඉතිරි මුදල් කැමති නම් පරිත්‍යාග කිරීම සඳහා අරමුදලක් පිහිටවන්න. අපිට පුළුවන් ඒ මුදල්වලින් රෝහල් වලට අවශ්‍ය උපකරණ ලබාදෙන්න. එම මන්ත්‍රීවරුන්ට කරන ගෞරවයක් විදිහට ඔවුන් පරිත්‍යාග කළ මුදලත් නමත් ලිසිට් එකක් විදිහට පළකරන්න.එතකොට අපිට දැනගන්න පුළුවන් කවුද ජනතාවට ඇත්තටම ආදරේ කියලා (නි)
මේක කොහොමද අන්තිම උත්සාහය වෙන්නේ?චන්දන,මේ රට පසුගිය අවුරුදු 10 ට අවුරුදු 50 ක් පසුපසට ගියා නම් අර අවුරුදු 30 ඇතුළත අවුරුදු 150 ක් පසුපසට ගියා නේද? (නි)
දැන් ඔහොම කියන අයගේ සමහරු දැන් මේ ආණ්ඩුවට පැනලා. මොකද හැරෙන පැත්තට වාසියට හෝයියා අයනේ. (නි)
මොනවා වුණත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු ජාතික වීරයෙක් (නි)
ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලියන චන්දනගෙන් අහන්නේ. ඔයා මේ රට කියන්නේ ලංකාවටද ඕස්ට්‍රේලියාවටද කියලා පැහැදිලි කරන්න. ලංකාව ගැන නම් කතාකරන්නේ, පහුගිය අවුරුදු 10 කියන්නේ 2005 සිට 2015 ගැන නේද? එතකොට චන්දන කියන විදිහට 2009 ත්‍රස්තවාදය පරාජය කරපු එකත් අපේ ලංකාව ආපස්සට යාමක්ද? මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දැන් අවුරුදු 25ක් තිස්සේ. නමුත් නිතරම ලංකාවට එනවා මවුපියන් බලන්න. පහුගිය අවුරුදු 10 මම තිස්වරක් පමණ ලංකාවට ආවා. මට නම් ඔයා කියන ඔයා පස්සට යාම දරුණුවට දැනුනේ නැහැ. බෝම්බ බයක් නැතුව නිදහසේ යාම නම් පහුගිය අවුරුදු පහේදී කළා (නි)
එක ආසනයකින් හරි දිනුවා නම් දිනුම දිනුමක්.ඒක ගැන විවාදයක් නැහැ.නමුත් මේ තරම් කෙනහිළිකම් මැද්දේ, බල පෙරළියකින් මාස හයකට පස්සෙත්, ඒ උණුසුම නිවෙන්නත් කලින් ආසන 95ක් දිනාගත් එක අපිට නම් ලොකු ජයග්‍රහණයක්.මේ අන්තිම උත්සාහය නෙමෙයි මහත්තයෝ.පළවෙනි එක.දෙක තුන ළඟ ළඟම එනවා. (නි)
ඔයාල නම් හැමදාම ගොඩේ ගොඩ (නදී)
ප්‍රධාන පක්ෂ තුනේ ඉන්න මුස්ලිම්වරු එහෙම ජාතිවාදය පදනම් කරගෙන වැඩ කරන්නේ නැහැ. ඒක අපි හොඳට දැකලා තියෙනවා. (නි)
මේක අන්තිම උත්සාහය නෙමෙයි (නි)
කෝ මහින්ද මහත්තයා මීට මස හයකට කලින් ගත් ඡන්ද 58 ලක්ෂය? ඇයි 47 ට බැස්සේ මොකද? රනිල් මහත්තයලා දන්සල් දුන්නෙත් නැහැ, තෑගි බෙදුවෙත් නැහැ. රාජ්‍ය බලය යෙදුවෙත් නැහැ. ජනතාව මෙවර කළයුතු දේ නිවැරදිව තේරුම්ගෙන තිබෙන බව නේද ඉන් පැහැදිලි වන්නේ. (නි)
සමහරු හිතන්නේ රට ගැන නොසිතා බඩ ගැන හිතන මිනිස්සු වැඩියෙන් ඉන්න හින්දා මහින්දට බලයට එන්න බැරිවුණා කියා. (නි)
යුද්ධය ජයගන්න නායකතව දුන් මහින්ද හිටපු ජනපති තුමාට අපේ ගරුත්වය නැතිවා නොවෙයි. ඔහුට විතරක් නෙමෙයි රට බේරගන්න නායකත්වය දුන්න සැමටම අපේ ගෞරවය සැමදා තියෙනවා මහත්වරුනේ. නමුත් එම අවස්තාව දේශපාලනය තුලින් දඩමීමා කරගෙන වැජබෙන්න හදනවනම් වැරදියි නේද. යුධ ජයග්‍රහණයෙන් පසු කලයුතු ගොඩක් දේ පසුපසට තල්ලු කර එකාදිපති වියරුවෙන් රටම ගිලගත්තු ලෝකයා තුල අපැහැදීමක් ඇති උන නිසා නේද අද එතුමාට මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ද උනේ. (නදී)
අපි සහෝදරයින් වගේ කටයුතුකර රට ගොඩනඟමු. ජාතිවාදය එපා. (නි)
අනේ අපි නම් දැක්කේ එක ආසනයයි (නි)
රටේ ඉන්න කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිස්සු.රාජපක්ෂගේ ඒකාධිපති වියරුවට ජිවිත පරිත්‍යාගයෙන් මරණ පෙනී උද්ඝෝෂණ කළ ජවිපෙට ලක්ෂ 5.මිනිසුන්ගේ අයිතිවාසිකම් වල දීල,රජාගේ දෙපතුල ලග වැඳ වැටුන විමලයා ලක්ෂ 3යි.රටට දෙවියන්ගේම පිහිටයි.(ම)
දැන්වත් මහින්ද ගැනම කියව කියවා ඉන්නේ නැතුව රටේ මිනිසුන්ට වැඩක් වෙන දෙයක් කතා කරමුද? මහින්ද 30 වසරක යුද්ධය නිමකරන්න ඔහුගේ දායකත්වය දුන්නා. දැන් එය ඉතිහාසයට එක්වෙලා ඉවරයි. ඉතිහාසය පුන පුනා කියවන්නේ නැතුව, පරණ දේශපාලන පළිගැනීමේ සම්ප්‍රදායම ඉදිරියට ගෙනයන්නේ නැතුව සමාජයට වැඩක්වෙන වර්තමානයේ කළයුතු දේ කතාකළොත් තමා හොඳ. පරණදේම කතා කර කර ඉන්නේ අලුත් දෙයක් නැති මිනිස්සු. (නි)