ගාල්ල මහින්ද විදුහල් ගෘහස්ථ ක‍්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ලබන බ‍්‍රහස්පතින්දා (25) පෙරවරු 8.30ට මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේ දී විවෘත කෙරේ.
ආදි මහින්ද කි‍්‍රිකට් පදනමේ සභාපති හා සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා ප‍්‍රමුඛ එම පදනමේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෙම ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය ඉදි කෙරුණි. ඒ සඳහා රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් වැය කර තිබේ.
මෙම ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මහින්ද විදුහලේ දෙස් විදෙස් ආදි සිසුන් හා ආදි ශිෂ්‍ය සංගම් ද අනුග‍්‍රහය ලබා දී ඇති අතර එය දකුණු පළාතේ පාසලක ඉදි කෙරුණු පළමු ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු ශාලාවද වේ. මේජර් ජී.ඩබ්ලිව්.එස්. ද සිල්වා අනුස්මරණ ක‍්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ලෙස එය නම් කර ඇති අතර එම මහත්මිය වූ ලිලියන් ද සිල්වා මහත්මිය විසින් මෙම මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීමට නියමිතය.
මේජර් සිල්වා වසර 18 ක් මහින්ද ගුරු මණ්ඩලයේ සේවය කළ අතර වසර 10 ක් විද්‍යාලයේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස ද ක‍්‍රියා කළේය. මේජර් සිල්වා මහතාගේ පුහුණු වීම ලද මහින්ද විදුහලේ ක‍්‍රිකට් තරු රැසක් ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයන් බවට පත්වූ අතර ඇතමෙක් ක‍්‍රිකට් ලෝක වාර්තා ද පිහිටුවීමට සමත් වූවෝ වෙති. නැසී ගිය ඞී.එල්.එස්. ද සිල්වාට අමතරව අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා නායකත්වය දැරූ මාවන් අතපත්තු ද ඒ අතර වෙති.
ආදි මහින්ද ක‍්‍රිකට් පදනමේ සභාපති කුමාර් සමරසිංහ මහතා -ලංකාදීප”යට පැවසුවේ මහින්ද ක‍්‍රීඩකයන්ට හා දකුණු පළාතේ දක්‍ෂතා ඇති සෙසු ක‍්‍රීඩකයන්ටත් මෙහි දී සේවය ලබා ගත හැකි බවයි.
මෙම කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානයේදී විදුලි ආලෝකාධාර මැද ක‍්‍රීඩා කිරීමේ අත්දැකීම් පවා කී‍්‍රඩකයන්ට ලබාගත හැකි අතර පැයට කිලෝමීටර් 160 ක් තරම් වන වේග පන්දුවලට මුහුණ දීමේ ලොව නවීනතම යන්ත‍්‍ර පවා එහි සවි කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැරදුණ හතර මතක් වෙද්දී ඕවා කොච්චර හැදුවත් වැඩක් නැහැ. (නි)
ගොඩක් හොද වැඩක් (ස)
පෙනුමෙන්නම් හොඳයි වගේ ,ඇතුල කොහොමද දන්නේ නෑ (ස)