යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මෙරට කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) කොළඹ අරලියගහ මන්දිරයේදී සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවන් හමුවූ අවස්ථාවේ කීවේය.
කිනම් ජාතියකට හෝ ආගමකට අයිති වුවත් සියලු දෙනා මේ සිද්ධිය ගැන කණගාටුව පළ කරද්දී හිටපු ජනපති තමා නායකත්වයේ නොසිටි නිසා මෙබඳු තත්ත්වයක් ඇතිවී ඇතැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විස්තර කළ අගමැතිවරයා රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අවසර දුන් මහින්ද රාජපක්ෂ උතුරේ සිද්ධිය අල්ලාගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබාගැනීමට උත්සාහ කරන්නේ යැයි වික්‍රමසිංහ මහතා චෝදනා කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කෙනෙක් රටේ කොල්ලන්ගෙන් සමාව ගත යුතුයි. (බ)
මහානාම - කඳාන මහත්මයා සියලුදේම නිසිලෙස විග්‍රහකර තිබෙනවා.ඔබතුමාට ජයවේවා! මෙවැනි උගත් පාඨකයින්ගේ අඩුවකුයි අපිට දැන් තියෙන්නේ. (නි)
ස්ත්‍රී දුෂණ වුණත් මුල්‍ය දුෂණ වුණත් මේ සියල්ල්ලේම උල්පත ජරාජීර්ණ දේශපාලනයයි. මේ දේශපාලනයට අතීතයේ රට කළ හැමදෙනාම හවුල්. ආණ්ඩුවක් වැටුනා කියන්නේ පව්මල සෝදාහරින මුරුගසන් වර්ෂාවක් වැස්සා යන්න නොවේ. කණ්ඩායම් දෙකේ වෙනස බලයේ ඉන්නකොට මේ දේවල් අඩුවෙන් හෝ වැඩියෙන් කිරීම පමණයි. මෙයින් මිදීමේ මාර්ගය සදාචාර සම්පන්න රටක් නිර්මාණය කිරීමයි. (නි)
මහින්ද කියපු දේ තවමත් තේරිලා නැහැ වගෙයි හරියට (නි)
රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අවසර දුන් පහුගිය රජය උතුරේ සිද්ධිය අල්ලාගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබාගැනීමටයි උත්සාහ කරන්නේ (නදී)
සම්පත් ඔයා නම පටලවාෙගන ඉන්නේ. (නදී)
සම්පත් වන්නිආරච්චි මහතාණෙනි ඉතා වටිනා අදහසක් සහ නිවැරදි ප්‍රකාශයක්. (නදී)
මේක මහින්දගේ කාලේ වුණා නම් විපක්ෂය මේ ගැන කියන්නේ එක දාහ කරලා මහින්දට විරුද්ධව. මහින්ද ඇත්ත තත්වය පහදලා දුන්නේ. එය දේශපාලන වාසි ලබාගැනීමකට නෙමෙයි. (නි)
මහින්ද තමුන් විසින්ම තමන්ට ඇති තැන නැතිකර ගැනීමට උත්සාහ කරන්නෙක් බව පෙනේ. (නි)
ශමන්ත මහත්තයෝ,ඔයා ජනවාරි 8න් පස්සේ ඍර්ධියෙන් මේ පොළොවට පහළ වුණාට මේ රටේ අනිත් මිනිස්සු එහෙම නැහැ. එයාලා කාලයත් එක්ක වයස ගෙවලා ආ අය.අතිතය අමතක නැහැ ඒ මිනිසුන්ට.ඔයා දන්නේ නැති දේවල් අම්මා තාත්තාගෙන් අහගන්න ලැජ්ජා නොවී. (නි)
මොනවා වුණත් මහින්ද ජනාධිපතිතුමා නිසා තමයි යුද්ධය ඉවර වෙලා තියෙන්නේ. (ත)
දැන් නම් ගොඩාක් උදවියට, විශේෂයෙන් පොළවේ පයගහලා ඉන්න උදවියට රටේ තත්වය වැටහිලා. මේ ආණ්ඩුවේ දුර්වල පාලනය ගැන හොඳට කළකිරී ඇති බව මෙහි ඇති අදහස් වලින් පැහැදිලි වේ. මෙහි සිටින උගත් පාඨකයන් මේ ආණ්ඩුව වෙනුවෙන් ලියන්නේ අවංකවම වෙන්න පුළුවන්. නමුත් රට කරවන අයගේ අවංකබාවය පිළිබඳව නම් නැවත සොයාබැලිය යුතුයි. උතුර හා දකුණට නීති දෙකක්ද කියන එක මධ්‍යස්ථ මතධාරින්ට ප්‍රශ්නයක් නේද? මේ තත්ත්වය නිසා තමයි අද කෙළින්ම උතුරේ පොලිසියට අභියෝග කරන්නේ? කොහොම දින 100 වෙනස? (නි)
මෙතනට එන්න ඉඩ දුන්නේ කවුද? කරුණාකර හදවතට තට්ටුකර අසා බලා පිළිතුරු සපයන්න. 2002 - 2004 කාලයේ මඩු පල්ලි ගිය හෝ යාපනේ ගිය දන්නවා කොහොමද රටවල් දෙකක් තිබුනේ කියලා. ඔබ නොගියා නම් කරුණාකර ගිය කෙනෙකුගෙන් අසා විස්තර දැනගන්න. එජාපය පිළිබඳව අපිට ගැටළුවක් නැත. මහින්ද පාලනය යටතේ දුෂණ ඉහවහා ගිය බව පැහැදිලිය. නමුත් ජාතික ප්‍රශ්නය එතුමා නොවන්නට අදටත් එලෙසම පවතී. 1987 - 89 කාලයේ මේ රටට අහිමිවුණ උගත් තරුණ දුපුතුන් ගැන කිසිම කතාවක් අද නැත. සිංහලයාට හැමදේම මතක් තියෙන්නේ සුමානයක් බව මිස්ටර් ප්‍රභාකරන් කිව්වේ නිනක් නොවේ (නි)
මහානාම මහත්මයා, ඔබේ අදහසට මමත් ගරු කරනවා. අපි කව්රුත් කෙදිනක හෝ මියයන මිනිස්සු.මේ රටේ දේශපාලකයන් බලයට පැමිණීමෙන් පසු මැතිවරණට පෙර පැවසු දේවල් මෙන්ම ඡන්දය දුන් අයවත් අමතක වෙනවා. නමුත් විධායක ව්‍යවස්ථා විරෝධය සහ එතුලින් බිහිසුණු එකාධීපතියෙකු බිහිවීම වැළකූ මැතිවරණයක් තුළින් බලයට පැමිණ ,තමන් කෙදිනකවත් නොපැරදුනු නායකයෙකු ලෙස හිටපු පාලකයා නැවත බලයට පැමිණිය නොහැකි බවට වහසි බස් දෙඩීම සහ සිංහලයට ,සිංහල සංවිධාන වලට පහර ගැසීම අනුමත කරන්න බැහැ.පසුගිය මැතිවරණයේදී තනිකරම පුද්ගලික ඡන්ද 58 ලක්ෂයකුත් ,මිශ්‍ර ඡන්ද 62 ලක්ෂයකුත් තිබුන බව ගරු අගමැතිතුමාට සහ එතුමාගේ අනුගාමිකයන්ට අමතකවෙලා. හිටපු ජනපතිතුමා හරියටම වැඩකළා නම් අදත් ජනපති ,ඉදිරියටත් ජනපති. (නි)
දේශපාලන වාසි නම් කවුද නොගන්නේ මහත්තයෝ? අර එක්තරා කාන්තාවක් නිරුවත් කර පාරදිගේ ඇවිද්දවන බවට ප්‍රකාශයක් කළ කෙනාට ඇමති පදවියක් දෙනකොට මුකුත්ම හිතුනේ නැද්ද, හැබෑටම? (නි)
රටේම ජනතාව මහින්ද මහතාගෙන් සමාව ගතයුතුයි (නි)
රංග මහතා හරි අකුරැස්සේ දුෂ්කයට හා තංගල්ලේ මිනි මාරු දුෂකයින්ට දඩුවම් නොදීම මහින්ද මහතා අතින් සිදු වූ සමාව නොදිය හැකි වරදකි . ඒ ගැන වාදයක් නැත . නමුත් මෙතන ඇත්තේ ස්ත්‍රී දුෂණයක් , මිනි මැරුමක් පමණක් නොවේ , ඊට වඩා භයානක තත්වයක ආරම්ඹයක් , මේ මිනි මරුවන් අල්ලා ගන්න බැරි වුනා නම් මොකද වෙන්නේ ? මේ කත සුපුරුදු පරිදි අපේ රණ විරුවන්ගේ ගිණුමට බැර කරලා ජිනීවා ගෙනයනවා සැප්තැම්බර් වල , අන්න ඒ බයානක තත්ත්වය් තේරුම ගන්න . කොහොම නමුත් දැනට මත මේ තත්වය රජයට අවාසි වෙන විදිහට ජිනීවා වලට ගෙන ගොස් හමාරයි , අපි බලමු සැප්තැම්බර් වල , මේ විතරක් නොවේ සුදු කොඩි කතාවත් එනවා , ඒවා ගේන්නේ ඩයස්පෝරාව වුනත් සාක්ෂි දෙන්නේ අපේම මාධ්‍යකරුවන් කියා ගන්නා පිරිසක් . එයාල අවු 6 ක් තිස්සේ ඉන්නේ ස්විස් වල , නම් දාන්නත් පුළුවන් . මතක නැද්ද රුපවාහිනියේ පෙන්නුවා එයාල ලංකාවට විරුද්දව කතා කරනවා (බ)
අනේ මොකටද මගේ කට! (නි)
අපේ රටේ පාලන තන්ත්‍රය තුළ කාන්තා නියෝජනය දෙස බලනවිට මහින්ද මහතාත්, ඔබතුමාත් දෙදෙනාම කාන්තාවන්ගෙන් සමාව අයැදිය යුතු බව මගේ හැඟීමයි. (නි)
ඉතින් දැන් මහින්ද එහෙම කරයිද? (නි)
නිශා මොකද එහෙම කියන්නේ? (නි)
එදා සමහරු කළ මෝඩ වැඩ නිසා රටට අවුරුදු 30ක් විඳවන්න වුණා. අද පාසල් දරුවෙක් දූෂණය කර මරාදාන එක සහගහන අපරාධයක් වුණත් උසාවියත් පොලිසියත් ඒකට පළිද? (නි)
කාලෙකට පස්සේ වටිනා කතාවක්. පහුගිය රජ්ජුරුවෝ තමන්ගේ ගෝලයන්ට ඕනෙම බලු වැඩක් කරන්න ඉඩදීලා හිටියේ. (නදී)
රනිල් මහතයනේ කොටින්ගෙන් රට බෙර ගත්තේ. ඒ වෙලා වේ එ්ක කරන්න දෙන්නේ නැතුව මහින්ද මහත්තය නේ කකුලෙන් ඇද්දේ (නදී)
ඔන්න විශ්වාසභංගයක් ගේන්න යනවා. ඒකට නම් සුදානම් වෙන්න වෙයි. (නි)
මොකෝ යශිර්, අර සුදු වැන් වලින් සර් අපිව හයර් එක්ක ගිය නිසාද? (නදී)
එහෙම කරන්න එතුමාට තිබෙන උවමනාව මොකක්ද? (නි)
තවත් විහිළුවක් වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
නිමල් ලාලිත මහතා ඉතාමත් බුද්දිමත් විග්‍රහයක් , බලන්න අද මහින්දට ගරහන මිනිස්සු කවුද කියලා , අසාද්සාලි ලා මේ ගරහන්නේ කාටද ? මේ රටේ 21 ලක්ෂ ජනතාව ට හුස්ම අරන් නිදා ගන්න ඉඩ දුන්න ඒ මහා නායකයාට නේද ? චන්ද ප්‍රතිපල විශ්ලේෂණය කළා නම් හරියට දින්නේ කවුද කියලා කියන්න පුළුවන් ඕනෙම කෙනෙකුට . මහින්ද මහතා ට වැරදි සිදු උනා දුෂණය ඉහ වහා ගියා , අපරාධ , නිතිය වල් වැදුනා , මේ සියල්ල සත්‍යයි , නමුත් අද දිනු දේශය අනතුරේ බව නොවැටහෙන මේ කතා කරන උදවිය ගැන නම් ඇත්තෙම ඇත්තේ දුකක් සහ කනගාටුවකි . බලන්න අද උතුරේ සිදුවෙමින් පවතින්නේ මොනවාද කියලා , මේ මහා විනාශයක ආරමබ්යක ආරම්බයක් පමණයි .(නදී)
ඇයි නිශා, මොකද ඔයාගේ කටේ දත් හැලිලද? (නි)
ඔව් ඉතින් මේ ගොල්ල බලේට ආවෙ ඒ ගොල්ලන්ගෙ ඡන්දෙන්නෙ. ඒ අසරන ගෑනු ලමයට ඡන්දෙ නැහැනෙ. (බ)
කපිල, ඔබ මේ සිද්ධිය ගැන දැනුවත් මදි. පොලිසියේ ක්‍රියාකලාපය නිසා ජනතාව ප්‍රකෝප වුණා. ඒ නිසයි මෙම අවාසනාවන්ත සිද්ධිය වුණේ. (නි)
ඔහොම කතා කියන්නේ කොහොමද මහත්තයෝ? (නි)
ඇතැම් අය අගමැතිවරයාගේ කතාව වැරදි ආකාරයෙන් දකින බව පෙනෙනවා...අපේ රටේ හැටි ඔහොමයි...තමන්ගේ මව දූෂනය වුනත් එය වුනේ දේශපාලන පොරක් හෝ හෙන්චයියෙකු ගෙන් නම් ඒ ඝනයේ උදවිය දකින්නේ අම්මාගේ වැරැද්ද .ඕකට කියන්නෙ නිවට නියාලු හිවල් ගතිය කියලා....(බ)
රනිල් වික්‍රමසිංහ පැත්තකට වෙලා ඉන්න (බ)
ඉතින් සියල්ලන් වෙනුවෙන්ම අගමැතිතුමාගෙන්ම සමාව ඉල්ලුවා නම් අහවරයිනේ (නදී)
ඔයාල රටේ ඔක්කොමගෙන් සමාව ගන්න ඕන,, අවරුදු 30 යුද්දේ ඉවර නොකර වවන් කෑවට. 88-89 දහස් ගණනක් තමන්ගේ බලය සදහා මිනිස්සු මැරෙන්න සැලස්සුවට. ලංකාව මෙච්චර කාලයක් ආර්ථිකව පසුගාමී වුනාට. (බ)
අඩුකරනවා කියපු බඩුමිල ගැන කතාකෙරුවා නම් හරි. ඒවා නම් දෙන්නටම පෙන්නේ නැහැ. (බ)
ඇතිවෙලා තියෙන තත්වයට පිළියම් යෙදීමයි විය යුත්තේ. දැන් කෝකටත් තෛලේ මහින්ද වෙලා. දවස් දෙක තුන ප්‍රශ්නය උඩුදුවන්න නොදී කොළඹ කළාවගේ ඉක්මනට උසාවි තහනම් නියෝගයක් නොගෙන දැං මොනවද මේ කියන කතා. (බ)
මහින්ද කියන්නේ කේන්දර සහ ගුරුකම් මත්තේ වැඩකරන කෙනෙක්. රටට ආදරේ රටේ මිනිස්සු ගැන කැක්කුමක් තියනවා නම් මේ තරම් හොරකම් කළෙත් හොරකම් වලට අනුබල දුන්නෙත් කොහොමද? (නි)
රටේම කාන්තාවන් ඉතින් එයාට සමාව දෙයිද? (නි)
මහින්ද මහත්තයා දැන් බලන්නේ කොහොමහරි බලය ගන්න. බල තණ්හාව නිසා එතුමා කියන දේවල් ගැන එතුමාම පසුතැවිලි වෙනවා. දැනට එහෙම දේවල් කීයක් වුණාද? (නි)
ඒකීය රාජ්‍ය සංකල්පය දැන් දැන් විහිළුවක් වෙලා .රට අනතුරේ ..... මහින්ද හිටියනම් එහෙම වෙන්නේ නැහැ .අපිට තේරෙන සත්‍ය ඒක තමයි (බ)
කට්ටිය පුදුම බයක්නේ තියෙන්නේ මහින්ද මහත්තයට. අයියෝ සල්ලි! (නි)
හරි අපි එයාට කියමු රටේ කාන්තාවන්ගෙන් සමාව ගන්න කියලා.හැබැයි එක්කෙනෙක් මුළු රටෙන්ම සමාව ඉල්ලන්න ඕනෑ (නි)
තව පොඩ්ඩක් කල්පනා කරලා බලලම කතා කළා නම්... (නි)
දැන් කොහොමද දන්නෙ නැහැ ඔහොම කියන්නේ? ඒ කාලේ හිතුනෙ නැද්ද සමාව ගන්න? (නි)
මෝඩ ප්‍රශ්න,මෝඩ කතා කියමින්, අරයා මෙයා විවේචනය කරමින්, අනුන්ගේ වැරදි ගැන කිව්වා ඇති. ඔය බයිලා වාදනය නවත්වලා රටේ සංවර්ධනය, රැකියා, ලෙඩරෝග, නිෂ්පාදන ගැන කතාකිරීමක් වැනි වැඩ පිළිවෙලක් සකස් කරනවා නම් කිසිම කෙනෙකුට කළනොහැකි අදහස් සහ ක්‍රම අපිට දෙන්න පුලුවන් (නි)
උතුරේ කාන්තාවන්ට උරුමවුණ ඉරණමින් බේරාගත්තේ කවුද කියලා රටම දන්නවා (නි)
ඕවා කිවුවට වැඩක් නැහැ.අපි දන්නවා වැඩේ යන්නේ කොහාටද කියලා. (නි)
ලැජ්ජයි. ඔබ ඔය නඟන බොරු චෝදනා හිරිකිතයි. ඇත්ත කතාකරන්න ඉගෙනගන්න (නි)
මම නම් කියන්නේ ඔබ මහින්ද මහත්මාගෙන් ප්‍රසිද්ධියේම සමාව ගතයුතුයි. (නි)
නිශා ඔයාගේ කට මොකටද කියලා ඔයාගේ මහත්තයගෙන්ම අහන්න (නදී)
දැන් අර දැරිවියන් 100 අමාරුවේ දමා සාදයක් දමපු පළාත් රාල කෝ ? කවුරුවත් දන්නවද මිනිහාට වෙච්ච දෙයක් ? (ම)
තංගල්ල අයිති ලංකාවට නොවෙයි වගේ පේන්නේ නේද අපේ හාමුදුරුවනේ ? (නදී)
හැම එකටම මහින්ද , මහින්ද , මහින්ද!!! වැඩ පෙන්වන්න බයිලා ගහන්නෙ නැතුව.කෝ සංවර්ධනය? රැකීරක්ෂා? මහින්ද අමතකකර රට ගැන බලන්න (නි)
ඉඳහිට ඇත්තත් කතා කරනවා. (නි)
එතකොට ඔය කියන අයත් තමන්ගේ වැරදි වලට ලංකාවේ මිනිසුන්ගෙන් සමාව ගත්තද? (නි)
අනේ අගමැති තුමනි ඔය ඕප දුප හොය හොයා ඉන්නේ නැතුව දැන්වත් ටිකක් රට ගැන හිතන්න. (බ)
දැන් පලෙයි පොලිසියට ගැහුවෙත් මහින්ද හින්දද ? (නදී)
එතකොට අර සිංහල රට කියල ලියල තියෙන්නේ කොහෙද කියල අහපු කෙනා සමාව ගන්නේ නැද්ද ? (නදී)
2005 වෙනකම් සිටි සෑම පාලකයෙක්ම යුද්දය ඉවරකිරීමට කැපවී සිටිය සහ දිවි පුදා යම් ස්ථාවරයකට ගෙන මහින්දට දුන්නා. ඔහු කලේ ඉතිරි ටිකට උරදීම පමණි. වෙනයම් කෙනෙක් බලයට පත් උනත්, එය එලෙසමයි (නදී)
තමුන්නාන්සේ තොප්පිගල ගැන කිව්වේ මොකක්ද කියලත් මතක් කරගන්න (නි)
අපි නම් හිතන්නේ රටම ඔහුට ණයගැතියි කියලයි (නි)
නිදාගන්න යනකොටත් මහින්ද... නින්දේදීත් මහින්ද... නින්දෙන් අවදි වූ වෙලාවේ ඉඳන්මත් මහින්ද... මෙහෙම වෙන්නේ ඇයි? බයට නොවෙයිද?මහින්ද මන්තරේ නවත්තලා අපේ බඩු මිළ ගැන හිතන්න. අද පරිප්පු වල ගාන දන්නවද? පාන් පිටි ගණන්ගිය වෙලාවේ ඔබට පරිප්පු මිල වැඩිවූ බව කවුරුත් කිවුවේ නැද්ද? (නි)
අනේ මොනවට අපි මේ ගැන කතා කරනවද? (නි)
මේ විදියට තව ටික දවසකින් මේ උන්වහන්සේ කියයි රටේ යුද්ධය ඉවර කෙරුව එකට මහින්ද රාජපක්ෂ ජාතියෙන් සමාව ගත යුතුය කියල (බ)
2005 වෙනතුරු සිටි අය එච්චර දෙයක් කළා කියන්නේ කොහොමද වෙල්ගම? සද්දන්ත කොටි නැව් විනාශ කළේ, අහස් යානා එහෙම බිම දැම්මෙ, ප්‍ර්‍රබලම නායකයො ටික විනාශ කළේ එ් අයගේ කාලෙද? සටන් විරාම දාලා කළ පාවාදීම් අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැනෙ.යුද්ධය දිනන්න හේතුව වුණේ මහින්ද කාටවත් නැමෙන්නෙ නැතුව නිවැරදි නායකත්වය දුන් නිසයි. (නි)
මොනවා කියවනවද මන්දා? (නි)
මට පොඩ්ඩක් කියනවද ඇයි මහින්ද මහත්තයා බලයට කෑදර කියලා (නි)
මොහාන්, ඔයා පොලීසියේ ක්‍රියාකලාපය කියන්නෙ වෙන කිසිම අපරාධයකදී නොවුණ විදියට ඉක්මණින්ම ක්‍රියාත්මක වෙලා ඉතාම කෙටි කාලයකින් අපරාධකාරයින්ව අල්ලා දුන්න එකටද? (නි)
මහින්දත් දැනගන්න ඕන එයාගේ දැන් තත්වය...එයා පැරදිලා ගෙදරගිය ජනාධිපති.එය පැරදුනේ එයා වටේ හිටිය වලත්තයන්ගේ වැඩ අනුමැත කරපු නිසා.දැන් ඇති (බ)
මෙහෙමත් අගමැති කෙනෙක් කියලා වැඩක් නැහැ (බ)
එතකොට කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය වෙලාවේ ඒක මිලේච්ඡ ක්‍රියාවක් කිව්වේ නැතුව හිටියේ මොකද? (නි)
පේනවද ප්‍රංශයේ චිත්‍රපටිය? (නි)
රනිල් හිතාගෙන ඉන්නේ මේ ලංකාවේ සියලුම මිනිස්සු තවම මොන්ටිසෝරි යන වයසේ මනසක් ඇති මෝඩයෝ කියලද (බ)
මෙම සම්පූර්ණ කතාව මමත් බලුවා.නමුත් පත්තරේ තියන සමහර කොටස් සංස්කරණය කරලා දාලා තියෙන්නේ (කේ)
රංග කියනවා වගේ දැරිවියන් 100 ක් අමාරුවේ දාලා සාදයක් දැම්මෙත් මහින්දගේ යටතේ තමයි. ඉතින් මහින්ද කොහොමත් ඕක නීති ගත කරලා වගේ තමයි තිබුනේ. මේකේ සමහර ලියන අයට තමන්ගේ අම්ම, සහෝදරියන් සහ දුවල ගැන පොඩ්ඩක් හිතන්න කාලය මේ. (බ)
1978 දි ගෝනවල පැත්තේ කුප්‍රකට ස්ත්‍රීදූෂකයෙකුට ජනාධිපති සමාව ලබා දී මුළු දිවයිනටම බලපාන සාමි විනිසුරු පදවියක් ලබාදුන් දේශපාලඥයා තවමත් දේශපාලනයේ මුල්පුටුවක වැජඹෙනවානම් ඔහු සමාව ගත යුත්තේ කෙසේද? යන්න මට පහදා දෙන්න.(කේ)
ඔබට ජය වේවා චන්දෙ ගැන ජාති වාදය පතුරු වනවා වනචර යුගය නිමයි (කේ)
අනේ අගමැතිතුමනි! (නි)
මහින්දලා මොනවා කිවුවත් ආයෙමත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.ඔහුට කඩේ යන අයටයි මේ කියන්නේ.කරුණාකර අහගන්න අපි බලාගෙන ඉන්නේ එයා නැවත එනතුරුයි (නි)
රටක් බේරාගත් විරයෙක් මොකටද කාන්තාවන්ගෙන් සමාව ගන්නේ?? (නි)
මහින්ද මහතා සමාව ගතයුත්තේ සියලුම කාන්තාවන්ගෙන් නම් අනෙක් අය රටේ සියලුම ජනතාවගෙන් සමාව ගතයුතුයි. ලෙයින් මසින් , මේ රට දිනාදුන් රණවිරුවන්ගෙන් කකුල් දෙක ළඟ දණගහලා සමාව ගතයුතුයි. රට මෙතරම් ණයවුණේ මේ ශාපලත් යුද්ධය නිසා නේද? 2002 - 2004 උතුරු නැගෙනහිර ලියලම පාවාදුන්නේ කවුද? (නි)
මොළේ කළඳක්වත් නැති අයට රනිල් වික්‍රමසිංහ මහත්තයාව පේන්න බැහැ. හොරුන්ට හා මෝඩයින්ට ඕනෑ කරන්නේ ඒ අයට ගැළපෙන නායකයෙක් වෙන්න ඇති. (නි)
කෝ අර අපිටත් රජෙක් පහළව ඇතේ ....කියලා කියපු සින්දුවට මොකද වුණේ?රජවරුන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි ඒකාධිපති බව. (නි)
ඔබගේ සත්‍ය නමින් නිර්භීතව රට වෙනුවෙන් අදහස් දැක්වීම සැබවින්ම අගය කරමි. අද මේ එකම පුද්ගලයා වෙනත් නම් වලින් ලියමින් අනුන්ට පහරගහනකොට, ඔබ වැනි උදවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහතෙකි. (නි)
මෙයා එහෙනම් ඒ කාලෙ රටට කරපු දේවල් වලට මෙයා කොහොම සමාව ගන්න ඕනද? (ම)
අපි මහින්දගෙන් සමාව ගතයුතුයි ඔහු අවිශ්වාස කළාට (නි)
මහින්ද කියන්නේ අපේ කාන්තාවන්ට වීරයෙක් (නි)
කාන්තා දුෂකයන් නිසා රජවෙලා නැවත දුෂකයන් හරහා බලයට ගැනීමට සැරසීම විහිළුවක් නේද? (ම)
උතුරේ කාන්තාවට දැන් තියන නිදහස් ලබා දුන්නු නායකයා ගැන අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ. ඔයාට කොරන්න බැරි උන දේවල් ගැන දුක් නොවී දැන්වත් ඔය බටහිරට හරවාග ඉන්න පස්ස ආපස්සට අරගන අපේ රටට වැඩක් කරන්න.(නදී)
හිටපු ජනපති තුමාට කාන්තාවන්ගෙන් සමාව ගන්න කියන්නා සේම , සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියා මාධයවේදීන්ගෙක් අැසු ඔබේ ඇමතිවරුන්ට මුලින්ම උඩරට ගිවිසුම බලා සිංහල මිනිසුන්ගෙන් සමාව ගන්න කියන්න. (නදී)
උතුරට ගිය කලක් මේවාට නම් දැඩි දඩුවම් දෙන්න ඕනැ (ම)
මේ ගොල්ලෝ ආණ්ඩු කරන කලේ කොටි ගම්වලට පැනලා සමුල ඝාතන කරනකොට ගිවිසුම් ගහලා බකන් නිලාගෙන හිටපු නිසා මුළු රටෙන්ම සමාව ගත යුතුයි. ගෝනවල සුනිල් නිදහස් කරපු එක අලුත් පරපුර නොදන්නා නිසා තරුණයන් දැනුවත් කල යුතයි.(නදී)
චන්ද්‍රිකාගේ රෙදි ගලවල පාරට දාන්න කියපු අයත් කැබිනට් එකට ගත්තට මුළු ජාතියෙන්ම ඔබ සමාව ගත යුතුයි (නදී)
බට බටලන්දට - හඳ පායනකොට ... (නි)
මේ හැමෝම මහින්ද මහත්තයට බයේ දොඩවනවා. (නි)
දැන් එයා ගනියි දුවගෙන ගිහින් සමාව! (නි)
මෙතුමා කට ඇරියොත් ඉතින් කියන්නෙම ඔහොම කතාවක් තමයි. (නි)
අල්ලසකින් බලයට පැමිණ කරන රගපෑම ,බහුතරයක් සිවු පාවුන් සිටින රටක කළ හැකි දේවල් .(ම)
ඇතිවී තිබෙන නවතම දේශපාලන තත්වය හමුවේ ,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැති ධුරය සඳහා තරඟ කළහොත් එජාපයෙන් ඔහු සමඟ තරඟ වැදීම සදහා වඩාත්ම සුදුසු පුද්ගලයා කවුද යන්න අපිට නම් සිතාගන්න අපහසුවක් නැහැ (නි)
මේක ඇත්ත කතාව... මේක දකින්න බැරි අය තාම ලංකාවේ ඉන්නවා...ඒකයි කරුමේ (බ)
සුරංග..මට පොඩ්ඩක් කියනවද බලයට කෑදර නැති කෙනෙක්ගේ නමක් (බ)
ලාල්..ඕව දැන් අපිට අහලම ඇති වෙලා..බැරිද ඔයාවත් ඔය දන්නා දේවල් ටික උසාවියට කියල ඔප්පු කරලා රටට පෙන්නන්න (බ)