දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පූසාන් නුවර ක්ම්ග්වාන්සා විහාරයට ගොස් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළේය.
කොරියාවේ ශ්‍රී ලාංකික සහා සංඝරත්නය එක්ව මෙම පිංකම සංවිධානය කළහ.
මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත ද එහි වූහ..
මීට පෙර රාජපක්ෂ මහතා ඇතුළු පිරිස දකුණු කොරියා අගමැති හ්වැංග් යෝ ආන් ද හමුවිය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (12) ශ්‍රි ලංකාවට පැමිණියේය.




COMMENTS
මේකේ දාලා තියන සමහරුන්ගේ අදහස් කියෙව්වම මේ වගේ ගුණමකු මිනිස්සු ඉන්න රටක ඉපදුනේ මොකටද කියලා දුක හිතනවා. (නි)
මහින්ද මහත්තයා අරෙහෙ, මෙහෙ උත්සව වලට යනවා. එතුමාටම ගැළපෙන ගිහි පැවිදි පිරිසක් එතුමා වටේ යනවා. වන්දිබට්ටකම් කරනවා. වර්ණනා කරනවා. නායකයන්ගේ පරිහානියට හා විනාශයට මුල්ම හේතුව ඔවැනි වංචාකාර "එහෙයියන්"ය යන්න ලෝක ඉතිහාසයෙහි පෙන්නුම් කරනවා. කෝ මහින්ද මහත්තයව පාර්ලිමේන්තුවට එවූ කුරුණෑගල ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මොනවද කතා කරන්නේ? මෙහෙම ගියොත් පක්ෂයේ නායකත්වය හෝ රටේ නායකත්වය නොවෙයි, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්රීකමත් මෙතුමා නැතිකර ගන්නවා, ඒකාන්තයි. (නි)
සමහරුන්ට ඉතින් කාලෙකදී දෙමාපියොත් අමතක වෙනවලු, කළ හොඳත් අමතක වෙනවලු. ශ්‍රී ලංකාවට මොනවා වුණත් කමක් නැහැ, තම පක්ෂයේ අය රජකම් කොහොම කළත්. (නි)
සහන්, අනාගතයේදී ඒ වැඩේ කරගන්න වෙන්නේ තමන්ටමයි මේ යන විදිහට ගියොත්. ඒක මතක තියාගන්න කරුණාකරලා. (නි)
රොකී, සර්වඥ ධාතුන් වහන්සේලාට අපි ගරුකළ යුතුයි (නි)
ඔබ තමයි අපේ ශක්තිය (නි)
සමහර බෞද්ධයන් කෙළෙහිගුණ නොදත් ගුණමකුවන් වී ඇති බව අදහස් වලින්ම පෙනේ (නි)
ඔව් මහේෂ් දැන් එයා විශ්‍රාමික ජනාධිපති කෙනෙක් නේ දැන් ඉතින් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි කොරන්න තියෙන්නේ. පාද යාත්‍රා ගිහින් අපහු අගමැති කෙනෙක් වෙන්න හදන්නේ නැතුව.(අ)
කොරියාවෙි පන්සල් වන්දනා කරනවට වැඩිය හොදයි කැලණි විහාරේ වැඳගෙන කළ පවි වලින් නිදහස් වෙන ඒක. පවි කළ හිත හැමවිටම චංචලයි.(අ)
මීළඟ වන්දනා චාරිකාව ඉතාලියේ මිලානෝ නඟරයට බලාපොරොත්තුවන්න. (අ)
රොකි, අනෙකුත් ආගම් වලට ගරහන්න එපා. අනෙක් කාරණය අපේ මව්බිම කොටියාගෙන් බේරගත්ත එකම නායකයා මහින්ද රාජපක්ෂ. නමුත් මමත් ඡන්දය දුන්නේ වෙනසක් දකින්න මේ ගුණත් නැති අගුණත් නැති ආණ්ඩුවට. නමුත් දැන්නම් ඒ වෙනස හොඳටම දකිනවා. හැම බලවත් රටක්ම අපේ හැම වැඩකටම ඇඟිලි ගහනවා. "වෙනස සැපයි. ඔබට සතුටුයිද දැන්" මම මගෙන්ම අහගන්නවා (නි)
සමන්, ඔච්චරටම හිතට අමාරු නම් සියදිවි නසාගන්න වෙන රටක ඉපදෙන්න කියලා. (නි)
නියම අදහස් ටික (අ)
රොකී, බුදු දහමට මෙන්ම අන්‍ය ආගම් වලටත් ගරුකරන්න (නි)
ඉන්දයාවට ගියොත් කමිසේ ගලෝල බිම ඉඳගන්නවා. විහිළු සැපයීමේ සීමාවක් තිබිය යුතුයි (අ)
දාන මාන වන්දනා ඉතාමත් හොඳයි. එතුමාටයි පිරිසටයි වියදම් වුනු මහජන මුදල් ප්‍රමාණය කොපමණද ?(අ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය, බුදුරදුන් මේ උතුම් පින්බිමට තුන්වරක් වැඩි බව නිවැරදියි. (නි)
රොකි.ඉල්ලාගෙන පරිප්පුව කාලා පීචන් වෙලා ගිය එකම ජනාධිපති හැටියට වාර්තා ගත වෙනවා!.....හිටපු ඒකාධිපතිය ගැන මගේ අදහසම ඔබටත් තිබීම ගැන සතුටු වෙනවා. (රේ)
රෝකිගේ අදහස් දෙකම සත්‍යයි.ලංකාව කියන්නේ බුදුන් දෙවරක් වැඩිය උතුම් රටක්.අයුක්තියෙන් අසාධාරණයෙන් ,ජිවත් වෙන්න කිසිම කෙනෙකුට බැහැ .හිටපු ඒකාධිපතිය තව අවුරුදු දෙකක් හිටියනම් අපිටත් ගඟට මුහුදට පැනල මැරෙන්නයි සිද්ධ වෙන්නේ.(රේ)
අනිත් අයගේ ඒවා අවශ්‍ය නැහැ. මේ සිද්ධිය පමණයි අපට අදාළ දැනට. ස්තුතියි.(රේ)
මෙහෙ ධාතු වන්දනාවෙන් වැඩක් නොවුණු නිසා එ්කටවත් වැඳලා බලමු කියලා තමයි යන්න ඇත්තේ. එහෙම කරලත් අර කෝටි ප්‍රකෝටි ගණන රාජසන්තක වෙන එක වළක්වාගන්න බැරි වුණානේ (නි)
මේ ඉන්නේ අපේ නායකතුමා. මගේ ව්‍යාපාර වලටත් හරිම හොඳ නැති කාලයක්. ඔබතුමා අාපහු බලයට අාවා නම් දෙයියනේ කියලා අපිට ජීවත්වෙන්න තිබුණා. (නි)
තිලක්-ඩුබායි, මම අහලා තියෙන හැටියට බුදුරදුන් මේ උතුම් පින්බිමට තුන්වරක් වැඩියාලු. මම වැරදි නම් නිවැරදි කරන්න..... (නි)
ආපහු අතීතය මතක්කර දියයුතු වෙනවා මේ අදහස් දාන සමහරුන්ට (නි)
සමන්, මෙතන වැඩිපුර අදහස් දාලා තියෙන අයට එයාලගේ කලදසාව මොකක්ද කියා දැන් දැන් වැටහිලා. එ්කයි මෙච්චර දඟලන්නේ. (නි)
අදහස් දැක්කහම හිතෙනවා ලංකාව වගේ දුෂ්ට මිනිස්සු ඉන්න රටකට කවදාවත් නැගිටින්න බැහැ කියලා (නි)
හර්ෂ, ඔයාලා වගේ අය නිසා තමයි රට මේ තත්වයට වැටුනේ. (නි)
මෙහි තියන හුඟක් අදහස් දැක්කම මට හිතෙන්නේ ඒ අයට පුදුම මානසික අසහනයක් තියනවා වගෙයි. වැරදි කරපු අය සිටියාවේ. එ්ත් ඇයි අවලාද කරන්නේ. 2009 මැයි 19 පෙර වයස අවුරුදු 12ක් වත් නැත්නම් ඒ කාලේ සිටි කෙනෙකුගෙන් තොරතුරු අහලා දැනගන්න. (නි)
කවුරුවත් රට ගැන හිතන්නේ නැහැ. මෙහේ රට කනවා (නි)
රටට සිංහල බෞද්ධකම ඉතිරිකර දුන්න නායකයට මෙහෙම මඩ ගහන්න එපා (නි)