හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී ඉන්නට ඉඩ නොදෙන බවත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වී නැති බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු ඇමැති වරු ද, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ඊට එක්වූහ.
හිටපු ඇමැති විමල් වීරවංශ මහතා -
‘ජනාධිපතිතුමා වැදගත් විදියට අරලිය ගහ මැදුරෙන් පිටවෙලා ගියා. ඔහු පිටවෙලා යද්දී දිවයිනේ බොහෝ දෙනෙකු හඬා වැටෙන්නට වුණා. මුළු රටම කඳුළු සැලුවා. ඔහු දේශපාලනනේ සමු ගත්තේ නෑ. ඔහුට නිකන් ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නෑ. ‘
හිටපු අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -
‘දින සියයත් ඇතුළත කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයකින් එළි දැක්වූ දේවල් රටේ වැඩි කොටසක් අනුමත කර තබෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියා අපි අලුත් ජනපතිට සුභ පතනවා.
අලුත් අගමැති දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දුන් ආකාරය ගැන යම් යම් ගැටළු තිබුණත් තාක්ෂණික ප්‍රශ්න ගැන අපි මේ වෙලාව අවධානය යොමු කරන්නේ නෑ. දින සියයේ වැඩ සටහන අවහිර කරන්නේ නෑ. එහි හොද දේවල් ක්‍රියාත්මක කරන්න අපේ පූර්ණ සහාය ලබා දෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් දැන්වත් බොරුවට උඩ බුරන්නේ නැතිව හිටියොත් ඇඟට හොදයි (නදී)
ඔබ එනතුරු රට ඉකිබිඳිනවා (නි)
දින 100 යටතේ සහන ලැබෙන තුරු ජනතාව නොඉවසිල්ලෙන් ඉන්නේ. ගෑස්, ඉන්ධන, සීනි, පරිප්පු මිල අඩු වී පඩි වැඩි වෙනකම් බලාගෙන ඉන්නේ.(නදී)
අපේ ජනපතිතුමන්ව අපට නැවතත් අවශ්‍යයි. ඔහුව කෙසේ හෝ නැවතත් අප ඉදිරියට ගෙනවිත් ඔහුගේ ජනතාව පනගන්වන්න. (නදී)
නිමල් සිරිපාල මහතා කියපු දේ අනුමත කරනවා. මහජන මතයට හිස නමල, කුමන පක්ෂයේ උනත් පවතින රජයේ "හොඳ" දේ අගය දකින්නත්, නරක දේ විවේචනය කරන්නත් විපක්ෂයකට කොන්දක් තිබිය යුතුයි. පාට පක්ෂ භේදයක් නැතිව අපේ රට ඔසවා තැබීමට අපි සැම හැකි පමණින් දායක විය යුතුයි. (නදී)
අනේ වඳින්නම් ඔය පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද ? ඔයා සිරිසේන මහත්තයට ගහපු බොරු මඩ අපහාස නින්ද නිසා තමයි මහින්දට ඡන්ද අඩුවුණේ. මේ පර ඡන්දෙන් පෙනුන තණකොළ කන අයට වැඩිය බත් කන එවුන් වැඩියි කියලා (නදී)
රට බේරගත්ත නායකයා විදියට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත දේශපාලනයට පැමිණිය යුතුයි. (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! දිවුරුම් දුන් ආකාරයේ ගැටළු කතා කරනවා විලි ලජ්ජා නැතුව! මොකෝ? එතනත් විදේශ කුමන්ත්‍රණයක්ද? (ස)
එකත් හරි . එකට කාපු අයනේ. (ස)
ඔව් ඉතින් වීරවංසට කූඩැල්ලෙක් වගේ කාගෙහරි එල්ලුනේ නැත්නම් කොහෙද අනාගතයක් (ස)
අපි අපේ සහය රට බේරා ගත් අපේ නායකයා වෙනුවෙන් ලබා දෙනවා. ඔබ තුමා නැවත ආ යුතුයි (නදී)
අපි උපරිම සහය දෙනවා (නදි)
ඔබ තුමා යලි යලි අපේම ජනපති වේවා ! අපේ එකම පැතුම අප වෙනුවෙන් යලි පැමිණ ශක්තියක් වෙන්න (නදී)
ඇති ගරු ජනපතිතුමනි, ඔබ අපේම ජනපති වී අප අතරට පැමිණෙන්න. (නදී)
මෝඩ කතා කියන්න එපා බලය ගිලිහුන මිනිස්සු වැඩිකල් ඉන්නේ නැහැ.(නදී)
ලෝවැඩ සඟරාවේ කවියක් තියෙනවා කකුළුවා නටන්නේ වතුර රත්වී උතුරන තුරු පමණි කියලා. තව ටික දවසකින් බලාගන්න බැරි යැයි.(නදී)
කව්රු උනත් වගකීමෙන් කතා කල යුතුයි. නිකන් කට තියන පලියට කතා කරන්න එක හොඳ දෙයක් නෙවෙයි. තමන් උපන් රට කියන්නේ මව හා සමානයි. රාජ්‍ය දේපල අනවශ්‍ය ලෙස පරිහරණය කරපු කෙනෙකුට අනුකම්පා කරන එකත් බරපතල වරදක් (නදී)
විමල් මෙහිදී කතා කළේ ඔලොක්කුවකටය. දින 100 කරන්න යැයි ඔබ කීමට අවශ්‍ය නැත. ඒවා කරනු ඇත. ඔබලා කී දේවල් කලින් කෙරී නැත. දැන්වත් ජෝක් නොවී ඉන්න.(නදී)
ඔබලා වැනි අය නොසිටියා නම් මහින්ද මහත්තයා පරදින්නෙත් නෑ (දිල්)
සිංහල හිතකාමී නායකයෙක් ආයේ ලංකාවට බිහි වෙන්නෑ,,,,මහින්ද මහත්තයා පැරදුණ එක සිංහලයෝ ලබපු විශාල පාඩුවක් (දිල්)
විමල් විරවංශ මැතිතුමනි කලාවැවේ ආසනයේ සිටින අප ඔබ සමගයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමග ඔබ සමග අපිත් සිටිනවා හැමදාම (දිල්)
හොඳ අදහසක්. සුභ අනාගතයක් (නදී)
දවල්ද ?
හැමදාමත් අපේ ජනපති ඔබයි (දිල්)
මනුස්සකම් දන්නා රජු. මනුස්ස කම් නොදන්නා සුළු පිරිසක් නිසා අපිට නැති වුණා. (දිල්)
අනේඔබේ උපදෙස් කියන්න මහින්ද වගේ සාස්තර පස්සේ යන මිත්‍යා මත පස්සේ දුවන මිත්‍යා දෘෂ්ඨිකයකුට (බ)
මෙයා තාම මරු කියවනවද ? (බ)
ඔබට අපගේ ආචාරය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි (බ)
ඔබලා නිසයි ඒ මන්නුස්සයට යන්න වුනේ ඔබලා නැතුව ඡන්දෙ ඉල්ලුව නම් උඩින් දිනනවා . මගේ ඡන්දෙ එතුමාට නැති වුනෙත් එහෙමයි (බ)
අනේ මහත්තයෝ දැන්වත් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න, ජනාධිපතිට ඔය තත්ත්වය උදා කළේ තමුන් තමයි උදව් කළා හොඳටම ඇති, ලංකාවේ මිනිස්සු බත් කන බව දැන් දැන ගත්ත නේද, ජනාධිපති තුමා හොඳ වුනාට වටේ ඉන්න එවුන්ට මහජනතාව කැමති නෑ, එ්කයි රහස (බ)
මහින්ද මහත්තයාව නැතිකළේ කවුද කියලා අපි දන්නවා (නි)
දුසණය වංචාව නැති රටක් රැගෙන යන්නට ලැබේවි කියා හිතනවා වත්මන් ආණ්ඩුවට (දිල්)
මේ ගොල්ල නිසා තමයි මහින්ද මහත්තයට මෙහෙම වුණේ (දිල්)
හොරු නොහිටියා නම් එතුමා තාමත් ජනාධිපති (නි)
ජයවේවා! (නි)
අන්න ඒකයි වෙන්න ඕනෑ (නි)
අනේ විමල් මහත්තයෝ,පින්සිද්ධ වෙයි දැන්වත් කට පියාගෙන ඉන්න කරුණාකරලා (නි)
කටවල් තාම වැහිලා නැහැ වගේ (නි)
වීරවංශට රාජපක්ෂල නැතුව අනාගතයක් නැති නිසා මහින්ද මහත්තයව තවත් සවුත්තු කරනවා (නදී)
අනිවාර්යයෙන් ගේන්න. සිංහල අපේ ජනපති ඔහුම තමයි (නදී)
දවස් සීය ඇතුළතද? (නි)
අනිවාර්යයෙන්ම.... (නි)
බොහොම හොඳයි (නි)
විමල් මහත්තයෝ, ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්න දෙන්න. (නි)
ගිය කෙනා ගේන්න කලින් එතුමාට තම පක්ෂයෙන් තනිවම තරඟ කරලා පෙන්වන්න කියමු බලන්න (නි)
අනේ! අපි දන්නවා ඇත්ත (නි)
මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට ජය වේවා! (නි)
මොනවා වුණත් මහින්ද මැතිතුමාගේ පරාජයට කවුරු කවුරුත් වගකියන්න ඕනෑ (නි)
ඔව් මහින්ද මහත්තය විතරයි සන්ධානේ ඉතුරුවෙලා හිටියේ යමක් කරන්න.(හේ)
විමල් ගේ කතා විලාසයත් හිටපු, ජනාධිපති තුමාගේ පරාදයට හේතුවක් වුණ බව ගොඩක් අය කියනවා (දිල්)
විමල් වීරවංශ මහත්තයෝ, ඔයාට ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා (නි)
දැන්වත් වැරදි හදාගන්න බලන්න (නි)
ඒක වෙන දෙයක්ද කියලා බලමු.(හේ)
ඔබ ඇතුළු විපක්ෂයට ශක්තිය ලැබේවා මහින්ද නැවත දේශපාලනයට ගෙනෙන්න (නි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික වීරයෙක් (නි)
අනිවාර්යයෙන්ම අපේ රටේ නැවත රජවෙනවා (නි)
ජයවේවා! (නි)
රටකට කලාතුරකින් පහළවන මේවගේ නායකයින් රටක සිටිය යුතුයි. කෙළෙහිගුණ නොදත් මිනිසුන් නිසා ශ්‍රේෂ්ඨ නායකයෙක් රටට අහිමිවුණා (නි)
යහපත් පාලනයකට අකමැති දේශපාලන වාසි පමණක් සිතන පිරිසක් තවමත් ඒ තැන්වලම සිටින නිසා පුරුදු වෙලා තියෙන විදියටම ඒ අය වැඩ කරයි. ඕනනම් ඒ ගොල්ලන්ටම පුලුවන් කොටි ආවා කියලා පෙන්නන්න නැත්නම් එක පාරට කොටි ඇති කරන්නේ කවුද ? (නදී)
ඒක හොඳයි (නදී)
හිටපු ජනාදිපතිතුමාව පරදවන්න ඔය කෛවාරු කාරයන්ගේ බොරු පුච්චානම් කතාවල් මුලික හේතුවක්. ඔතන ඉන්නවා "පන්සිල්" රකිනවා කියලා ප්‍රසිද්දියේ බොරු කියන හිටපු දකුණේ ඇමති කෙනක්. (නදී)
රට නිදහස් කල නායකයා ලෙස ඔහු තවදුරටත් දේශපාලන නායකත්වයේ රැදී සිටිය යුතුයි. නව රජය වැරදි තීරන ගැනීමේදී නිවැරදි කිරීමට ඔහුගේ සහය අවශ්‍ය වෙයි (නදී)
ඉටපු ජනපති අමාරුවේ දාන්න වගෙයි හදන්නේ. (නදී)
සමහරුන්ට තේරෙන්නේ නැහැ එතුමාට එහෙම වෙන්න තමන්ගේ නොහොබිනා කට බලපෑවා කියලා. (නදී)
ඔබගේ එක කතාවක් ඇහුවම ඡන්දදයකයෝ 100 - 200 පමණ නැතිවෙනවා, දැන් වත් එතුමාට පාඩුවේ ඉන්න දෙන්න.(නදී)
මහින්ද මහත්තයා ආවට කමක් නෑ (දිල්)
අනිවාර්යෙන්ම රටට විය යුතු දෙයක් (දිල්)
මෛත්‍රීගේ දින 100 වැඩ සටහන 9 වැනිදා කුණු බක්කිය දානවා කියලා නේද කිව්වේ (දිල්)
ඇදපු කෙප්ප වල විදිහට මෙයා ඉතින් ඔතනම එල්ලෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ඔහොමවත් කරලා බලමුකෝ (නදී)
රටේ බහුතර ජනතාව එය බලාපොරොත්තු වෙනවා (නදී)
අනේ මහත්වරුනේ දැන් වත් කට පියාගෙන ඉන්නවද? තව අවුරුදු දෙකක් ජනපති වෙලා ඉන්න එක නැති කළෙත් ඔය ගොල්ලන්ගේ ඔය මෝඩ කතා තමයි (නදී)
මහින්දට යන්න සිද්දකල එක්කෙනෙක් තමයි විමල්. ලැජ්ජා නැතුව අායෙත් කට ඇරිය නේද ? ඒවා කරන්න කලින් විමල්ට එරෙහි දුෂණ වලට උසාවි යන්න ලැහැස්ති වෙන්න වෙයි. භාවිතා කරණ නම පවා වංචනිකයි නේද ? (නදී)
විමල් නුඹලා නිසා නේද පැරදුනේ. (නදී)
දැන්නම් මෙයාගේ කටේ සවුදම ටිකක් විතර බැහැල වගේ. බලය තියෙන කොට මෙයාලට වැඩිය ලොක්කෝ තවත් හිටියේ නැති ගානයි. විලි ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩියි ලොකුයි කියනවනේ. (නදී)
යන්න පාර කපලා දුන්නෙත් මේ අයම නේද (දිල්)
ඉතින් අායුබෝවන් මහරජුණි ගරු.... සිංහයෙකු වැනි ඔබ, බලය කොතරම් තිබුනද, නමා හිස ජන බලයට, නික්ම ගිය අයුරු, හිරු උදාවටත් පෙර, නගයි කඳුලු බිඳු දෙනෙතට, උදාරයි ඔබ රට රැකුමට, නොනැමුනි නිවටයින් අබියස, එඩිතරය රුපුන් නැසුමට, මතකයන් නොමැකෙයි සදහට,(දිල්)
එතුමාට නැවත දේශපාලනයට එන්න ශක්තිය ලැබේවා (දිල්)
ඔව්, මහින්ද නැතුව විමල්ගේ පැවැත්මක් නැහැ. මේ වගේ කඩේ යන අයව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි (නදී)
එතුමා නැවතත් දේශපාලනයට පැමිණිය යුතුයි(නදී)
ජාතික නිදහස් පෙරමුනෙන්ද? (නදී)