මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (9) පසුවරු 3ට පමණ මැදමුලනට ළඟවිය. පරාජය බාර ගැනීමෙන් පසු සිය ගමට ගිය ඔහු පිළිගැනීමට බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ. තමා රට හැර යන්නේ නැතැයි කී හිටපු ජනපති මැදමුලනේ පදිංචි වන බව කීවේය.
තමාට ඡන්දය දුන් හම්බන්තොට ජනතාවට ස්තුති කළ ඔහු පැවසුයේ උතුරු නැගෙනහිරින් තමාට ඡන්දය නොලැබුණු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපේ නායකයායි සැමදා. අපි සැමදා ඔබට කැමතියි. ජය වේවා ඔබට! (නි)
මහින්ද ජනපතිඳුනි, සිංහල අප ඔබව අමතක කළේ නැත. ඔබ දේශපාලනයෙන් සමුගන්නේ නැති බවට අපි විශ්වාස කරන්නෙමු. සිංහල අපි ඔබට සදා ණයගැතියි. ඔබතුමා විවේකයක් ගෙන නැවත දේශපාලන කරළියට පිවිසෙන්න. (නි)
අතිගරු ජනාධිපති තුමනි! පැරදුනේ ඔබ නෝවේ මුලු මහත් ජාතියමයි. නුදුරු දිනයක එය ඔවුන්ට පසක්වෙයි. අපට නැවත ඔබතුමා ඕනෑ වෙනවාමයි. එදාට පැමින නැවත ජාතියට නායකත්වය දෙන්න. ඔබ තුමාට ඳළදා සමිදු පිහිටයි. (අ)
ඔබතුමා පැවරුන වගකීම් ප්‍රශංශනීය ලෙස සාර්ථකව ඉටුකළා. ඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී අවසන්. ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළින් රට පාලනය කළා. ඔබ රටට මහත් අභිමානයක්. (නි)
ජනපතිතුමනි, පැරදුනේ ඔබ නොවේ.අපියි. (නි)
ඔබ බලයට වඩා රටට ආදරේ බව බොහෝ දෙනාට වැටහුනේ පසුවයි. ඡන්දෙට වඩා " මගේ රට වටිනවා" යැයි ඔබ පැවසූ කතාව ඇත්ත (නි)
ඔබ නිර්භීත සේනාදිපතියෙක් අපේ රටට. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යමු.(නදි)
ඔබ උදාර නායකයෙකි. අපිට ඔබ අවශ්‍යයි (නි)
උදාර නායකයාණෙනි, ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමඟයි. රටට ඔබ අවශ්‍ය වන්නේ හෙටයි. ඔබට තෙරුවන් සරණයි! (නි)
මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත අපිට ලැබෙන්නේ නැහැ.කවුරුන් බලයට ආවත් අදටත් අපේ සිත් තුළ නායකයා ඔබයි මහින්ද ජනපතිතුමනි. ඔබට දෙවි පිහිටයි! (නි)
රටට අවශ්‍ය තැනදී සේවයට පැමිණ, කිසිම ලෝක බලවතෙකුට යටනොවී, ත්‍රස්තවාදී පිළිලය රටින් තුරන් කිරීමට ඔබතුමා කළ මෙහෙවර සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ තියේවි. ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. (නි)
පූර්ණ, මෙතන අඬන්න දෙයක් නැහැ. (නි)
ජනාධිපතිතුමනි ඔබ ශ්‍රේෂ්ඨයි එහෙත් ඔබගේ වට පිටාව අමිහිරියි (නදි)
ඔබ පරාජය කිරීමට උවමනාවක් තිබුනෙම නැත. බෙසිල් සහ නාමල් පරාජය කිරිමටයි අවශ්‍ය උෟයේ. ඒ දෙදෙනාගේ අදුරදර්ශී පාලනයේ වන්දිය ගෙව්මට සිදුවුයේ ඔබට වීම කණගාටුදායකය. (නදි)
අපේ ජනාධිපති ඔබයි. ඔබට තෙරුවණ් සරණයි! (නි)
මොනව වෙන්නද අමිල, නීතිය යහපාලනය හරියට යනව නම් ඉබේම රට හොඳ වේවි. කව්රුත් වෙනම රටවල් ඉල්ලන එකක් නැහැ. ජාතිවාදය අවුස්සල මිනිස්සුන්ට නැවත මර බිය ඇතිකලේ නැතිනම් මෙයා දකුණෙනුත් පරාදයි (නදි)
රටේ ජනතාව ඔබට අදත් ආදරෙයි, ඔබට දීර්ගායුෂ පතමි.! (ර)
කවදත් රටේ ජනපති නුබමය මාගේ... (ර)
ජය පැරදුම කාටත් පොදුයි. වැරදුනේ කොතැනද එතැනට පිලියමක් කරගෙන ඉදිරියට යමු.ඔබතුමා රටට උවමනා පුද්ගලයෙක්!
බුදු සරණයි අපේ ජනාධිපති තුමනි.! අපි හැමදාම ඔබ සමගයි. (ර)
මර දුකයි මටනම්. (ර)
හොදම නායකයෙක්. පිරිපුන් මිනිහෙක් මහින්ද මහතා. (ර)
ඉතා ඉක්මනින් අපේ මිනිසුන්ට ඔබතුමාගේ අගය දැනේවි. (නි)
ඔබතුමා වැනි නායකයෙක් අපේ රටට නැවත බිහිවන්නේ නැහැ. ඔබට බුදු සරණයි! (නි)
ඔබ සිංහල ජනතාවගේ නායකයා බව හැමෝම දනී. (ර)
අපේ ජාතියට ටික කලක් යද්දි හැමදේම අමතකයි (දිල්)
අපට ඔබ අවශ්‍යයයි (දිල්)
ඔබතුමා නිසයි අද අපි මෙසේ ජීවත්වෙන්නේ. අපි හැමෝම අපේ ජීවිත වලින් ඔබතුමාට ණයගැතියි. පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. ජනතාව ඔබතුමාට දැක්වූ ප්‍රතිචාරය ගැන බොහොම දුකයි. අපි ඔබට ණයගැතියි. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබ හැමදාමත් අපිට රජෙක් (දිල්)
අපි ඔබ සමඟයි. ලෝකය ඉදිරියේ කේසර සිංහයෙක් වූ ඔබ සදා අමරණීයයි. (නි)
අසහාය නායකයාණෙනි ඔබ රටට කළ අගනා සේවය රන් අකුරින් ඉතිහාසයට එක් වනවා ඇත.අපෙගේ හදවත් තුලද ඔබගේ නාමය සදා රැදෙනු ඇත.දැන් ඔබ කළ යුත්තේ නිදහස් ජීවිතය බුක්ති විඳීම පමණි.දීර්ගායු වේවා ඔබට.(දිල්)
ජනපතිඳුන්ට ලැබුණු උතුම් පදවිය රැකගන්න ඔහු වටා සිටි මිතුරන්ගෙන් සහයෝගයක් ලැබුණේ නැහැ (නි)
ඔබතුමා අපිට නිදහස් රටක් දුන්නා එත් මේ සිංහලයන්ට මුල අමතක වුණා. හරිම දුකයි (දිල්)
එතුමාට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට එතුමා නික්ම ගිය මොහොත සංවේගයක් ඇතිකළ අවස්ථාවක් වුණා. මම සිතන්නේ එක තමයි අපේ සිංහල කම සහ බෞද්ධකම . එතුමා රටට කළ විශිෂ්ට සේවාව සලකා අනාගතයේ එතුමාට හිමි නිසි ගෞරවය ආරක්ෂාව ලබා දෙනවනම් අප වඩාත් කාලගුණ දත් පිරිසක් වනු ඇති (දිල්)
ජනපතිඳුනි, ඔබ එදත් අදත් අපේ ජනපති. ඔබට උතුරෙන් ඡන්දය නැති උනේ රට බේරාගත් නිසා (නදී)
රාජපක්ෂ මැතිතුමනි, අපි ඔබට සදා ණයගැතියි.අපේ පපුව තුළ ලියලන වේදනාව නිවන්න කෙනෙක් අද අපිට නැහැ.අපි අමතක නොකරන්න.ඔබට වේදනාවක් දැනෙන හැමවිටම එය අපටද එලෙසම දැනෙන බව සිතන්න.ඔබට දෙවියන්ගේ පිහිටයි! (නි)
සාස්තරකාරයෝ පස්සේ නොගියා නම් තවත් අවුරුදු දෙකක් රට කරන්න තිබුනානේ. අපරාදේ කරගත්ත ගොන් කම.(නදී)
සිංහලයිනේ , නුඹලා ඊයේ බිව්වේ ජයපැන් නොවේ, ජාතියේ කදුළුය (නි)
ඔබතුමාට ඉදිරි වසර දෙක ඉන්න තිබුනා. ඇමති මණ්ඩලය අඩුකොට, වටේ සිටි දූෂිතයන් ඉවත්කොට,ඔවුන්ට දඩුවම් දී, නීතිගරුක සමාජයක් ස්ථාපිත කරන්නට තිබුණා. යුද්ධය නිමාකළ ඔබතුමාට හිමි ජනතා ගෞරවය සදාකාලිකවම ජන හදවත් වල පවතීවි. ජනතාව කලකිරුණේ ඔබතුමා ගැන නොවේ. ඔබතුමා වටා සිටි අය ගැනයි. ඊට දඬුවම් ලැබුවේ ඔබයි. ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. (නි)
ඔබ ඉතාම නිර්භීත නායකයෙක්. ලං කරගත්ත ජරා මිනිස්සු නිසා ඔබ පැරදුනා. ඔබේ අඩුව ලගදීම ලංකාවට දැනේවි.(නදී) .
ඔබ විශිෂ්ටයි (නි)
ඔබ කළ මහඟු සේවයට අපගේ හෘදයාංගම ස්තුතිය ඔබතුමාට පිරිනමනවා.ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් ඔබ මේ රටට කළ සේවය ගැන හිතලා.තෙරුවන් සරණයි! (නි)
ජනපතිතුමනි, ඔබතුමාට 47% මහජනයා ඡන්දය දුන්නේ ඔබ හොඳ නායකයකු නිසයි. ඉදිරියට මොනවද වෙන්නේ කියලා බලමු. සුබ අනාගතයක්! (නි)
මහින්ද හොඳයි. නෑදෑයෝ නරකයි. (නදි)
අපි මේ තරමට අවාසනාවන්ත වන්නේ අැයි?? (නි)
රටට අාදරය කරන සිංහල බෞද්ධ අපගේ ජනපති ඔබයි... (නි)
ඔබ ගෞරවනීය නායකයෙකි. ඔබ පරාජය බාරගත්තේද උතුම් මහත්මයෙක් සේය. ඔබ ඉතිහාසගත වන පාලකයෙකි. (නි)
ඔබ සදා අනුස්මරණීයයි! (නි)
වටේ සිටි මිනිස්සු එතුමා නැතිකළා (නි)
ඉතිහාසයේ අසමසම නායකයන් අතරට ඔබතුමාගේ නම ඉහළින්ම ලියැවී තිබේ. ඔබතුමාට චිරන් ජයතු! (නි)
ඔබතුමාට වැරදුනේ කොතැනද කියලා හොඳට හිතලා බලලා ශක්තිමත්ව නැවත නැගිටින්න. ඔබට තෙරුවන් සරණයි. (නි)
මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබයි අපේ ලක් රජු. නැවත එනු මන අපේ ජනපතිවී නුදුරු දිනේ...ඔබට දීගයු..! (අ)
ඉතා ඉක්මනින් ඔබේ සේවය රටට ඕනෑ වේවි. තමා ළඟ හිටි සර්පයෝ ගැන දැනගන්න මේ ලැබුණු පරාජය ආශිර්වාදයක් ලෙස සළකන්න.ජය ශ්‍රී ! (නි)
නායකයෙක් වුණාට මදි. ගෝලයෝ හදාගන්නත් ඕනෑ. (නි)
ඔබතුමා පරාජයවූයේ නැත. සිංහල අපියි පරාජය වුණේ (නි)
රට බෙදීමට විරුද්ධ වූ ඔබට රටේ බෙදුම්වාදීන් හරස්විය.යුගයේ වීරයාණෙනි, අපි සදා ඔබ පුදන්නෙමු. (නි)
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබ පරාජය වුයේ නැත. රටක් ලෙසට ශ්‍රී ලංකාව සහ අපි පරාජය වී ඇත. අභීත ශ්‍රේෂ්ඨ නායකයෙක් අපට අහිමි වුණා (දිල්)
මට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)
ජනාධිපතිතුමනි, ඔබ මුළු ලෝකයේම දරුණු ත්‍රස්තවාදය මෙරටින් නැතිකළා. කවුරු කොහොම මඩ ගැහුවත් ඒක අපිට මතකයි. (නි)
ඔබ වැනි නායකයෙක් ඉතිහාසයේ සිටියේ නැත. මතුවට යළි බිහි වෙන්නේද නැත. ඔබ ලංකා ඉතිහායේ සදා අමරණීය ජන නායකයා බව සිංහල අපි හැමෝගෙම මතයයි (දිල්)
මේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනා අද හදවතින් වැළපෙනවා ජනපතිඳුනි. (නි)
සේනාධිපතිවරයාණෙනි අදටත් ඔබ අපේ ජනපතියි ඔබ සදා අමරනීයයි ඔබේ නාමය ඉතිහාසේ රන් අකුරෙන් ලියැවේවි (දිල්)
ඔබ පරාජය වූයේ නැත.පරාජය වුයේ අපයි. ඔබතුමා වැනි උදාර නායකයෙකුගේ අවශ්‍යතාවය යථා කාලයේදී අපිට ලබාදෙන්න. මිතුරන් සේ ඔබ අවට සිටින සතුරන්ගෙන් ඈත්වී දැහැමි රටක් ගොඩනැඟීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
මෙතුමාව සදා ආරක්ෂා කරගනිමු! (නි)
අපේ සදා ආදරණීය ජනපති ඔබයි. ඔබ අපට සහ අප රටට කළ සේවය අමතක කළ ගුණමකුවන්ටද ඔබගේ අගය දැනෙන දිනය වැඩි ඈතක නොවේ. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නදී)
එතුමා කළ යහපත් කටයුතු බොහොමයි. අපි ඒවා අගය කරමු. ඊයේ මැදමුලනට පැමිණීම ඉතාම දුක්බර අවස්ථාවක් ලෙස ජනතාවගේ සිත්වලට දැනුනා යැයි මම සිතනවා. (නි)
මහජන කැමත්තට අනුව දැන් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න (නදී)
පරාජය හමුවෙත් නොසැළී හිනා වී ඔබතුමා හිටියාට අපිට හරිම දුකයි රජතුමනි.... (නි)
මහා රජාණෙනි, ඔබට ඉදිරි වසර දෙකත් ඉන්න තිබුණා.ඔබේ අගය අපේ මිනිසුන්ට ළඟදීම දිනක දැනෙනු ඇත. ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් පතමි. (නි)
ඔබට කිරීමට තව බොහෝ දේ ඇත. දුක් නොවන්න. බුදුන්ගේ ධර්මය මෙනෙහි කරන්න. ඔබට දීර්ඝායුෂ වේවා. (නි)
ඔබ අපේ හදවතේ සැමදාම රැඳේවි (නි)
යුද්ධය නිමකළ ජාතික වීර ලැයිස්තුව උඩින්ම සිටින්නේ ඔබයි (නි)
ආර්යාවයි දරුවොයි ගියේ නැද්ද? (නි)
ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි (නි)
ඔබ දිනුම් උතුමාණනි. අපි තමා පරාජය වුණේ. (නි)
ඔබතුමා විශිෂ්ට නායකයෙක්.ඔබතුමාගේ නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. (නි)
ඔබ අපේ හදවතේ සදා අමරණීයයි (නි)
ඔබතුමා අපිට ජාති ජාතිත් ජනයාට අධිපති කෙනෙක්. (නි)
ඔබ යුගයක් එකලුකළ අභිමානනීය නායකයෙකි. ඊයේ මෙන්ම අදත් හෙටත් ඔබගේ කීර්තිය අපගේ හදවත් වල සදාකාලිකය (නි)
වීරෝදාර සෙන්පතියාණෙනි, ඔබගේ අගය එදාටත් වැඩිය අද ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඇත. ඔබ නිලයෙන් සමු ගෙනත් මව්බිමේ ඒකීයත්වය සහ ආරක්ෂාව ගැන මතක් කළා. අලුත් ජනපති දෙවරක් ජාතිය ඇමතුවත් එක වරක්වත් ඒකීය ලංකාවක්ගැන කතාකලේ නැහැ. කොහොමද ප්‍රතිපතියේ නැති ඒවා කියන්නේ. එනිසා අපිට ඉක්මනින් ඔබව ඕනෑ වෙයි. රට ගලවාගන්න. (නදී)
අදටත් හෙටත් ඔබ මගේ ජාතිික වීරවරයායි (දිල්)
ඔබතුමා සැමදා අපේ සිතේ සිටී (නි)
අතිගරු මහින්ද ජනාධිපතිතුමනි , ඔබතුමා අති ගෞරවනියයි. ලංකා මාතාවට අභිත පුතෙක්.අප සැමට ආඩමිබර පියෙක්. රට, ජාතිය, ආගම ගැන සිතන විට ඔබ තුමා අපට අගෙයි. ඔබතුමාගේ අගය දැනෙන්නෙ අද නොව හෙටයි. ඉඳුරාම සපත කළ හැකි ඇත්ත එයයි. එම නිසා අප අතහැර නොයන්න. දිර්ඝායු සම්පත් ලැබෙවා. සියළු දෙවි රැකවරණයි. තෙරුවන් සරණයි.(දිල්)
ඔබ අපිට දෙවියෙක් (නි)
නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
ඔබ තුමාට අපගේ උත්තමාචාරය (දිල්)
කවුරු කෙසේ කිවුවත් තාත්තේ ,සිංහල ජාතියේ පියා ඔබමයි (නි)
ඔබ පැරදුනාට සිංහල අපට වීරයෙක් (නදී)
මහින්ද රාජපක්ෂ මහතා ගැන බොහෝ දේවල් ලිවිය හැකිය. එහෙත් ඒවා යුතුකමක් නොවේ. එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
ඔබ කල සේවය සදා අමරනීය වනු ඇත. අදට වඩා ඔබ තුමන්ගේ අගය හෙට දින බොහෝ දෙනෙකුට වැටහේවී. සුවහසක් අම්මා වරුන්ගේ නෙතු කදුලු පිසලූ නුබට අප සදා නය ගැති වන්නෙමු. ඔබ තුමන්ගේ නාමය මේ ලක් දරනී තලය මත රන් අකුරින් ලියවෙනු ඇත. ඔබට දිගාසිරි වේවා. (නදී)
ඔබ තුමා පරාජය නැත මෙතෙක් කල් රටට කල සේවය සදා අමරනීයි පියාණනි ඔබට දිගයු වේවා අප ඔබ තුමාට සදා ණයගැති සුබ අනාගතයක් (අ)
එතකොට තුන්මුල්ලේ විමලේ කොහෙද දන්නේ නැද්ද (නදී)
අතිගරු ජනපතිතුමනි මා දුටු දෙවැනි දුටුගැමුණු ඔබයි. පැරදුනේ සිංහල අප මිස ඔබ නොවෙයි. කලගුණදත් අප සමද ඔබ සමගයි.නිදහස් නිවහල් දේශයක් බිහිකර නික්මයන උදාර නියමුවණනි,ඔබට අපගේ උත්තම ආචාරය. (අ)
ඔබ නම් ඉතාමත් ශ්‍රේෂ්ඨ නිහතමානී උත්තමයෙක් බව අප දනිමු. ඔබේ වටිනාකම හැමටම දැනෙයි. සැනසිල්ලෙන් සහ විවේකයෙන් සිටිය යුතුවේ. ඔබට ජය හා සතුට. ගමේ අපි ඔබ සමගයි. (නදී)
මෙය දුර්දාන්ත පාලනයට එරෙහි සටනකි. දෙමල හා මුස්ලිම් පක්ෂ ඔබ සමග එකතුවී නම් සිහලුන් ඔබට විරුද්දවෙනු ඇත. නැවතත් පවුල්වාදී, මැරබල, දේශද්‍රෝහී, මත්කුඩු රජයකට ඉඩ නොලැබේ (නදී)
සිංහලයට මේ රට නැතිවෙලා ඉවරයි උතුරු නැගෙනහිර හැමෝටම අප ජාතියෙන් සංස්කෘතියන් වැඩක් නැත.(අ)
අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසාකන්න කාටවත් අයිතියක් නැහැ (නි)
ලාංකික ජනතාවගේ උවමනාවට නැවත ඔබව හොයාගෙන එන දවස ඈතක නොවේ . (නි)
පාප් වහන්සේ පිළිගන්නේ නව ජනාධිපතිතුමා විසින් බව හිටපු අගමැති දී මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී එදා කල ප්‍රකාශය අද සත්‍ය කරමින් හිටපු ජනපතිතුමාට ගෙදර යන්න සිද්ධ උනා. (නදී)
නැවත එන්න.ඔබට ජය සහතිකයි (නි)
ඔබතුමාට අපි බොහෝම ණයගැතියි (නි)
මෙම මැතිවරණ පරාජය සිදු වූ වැරදි මෙනෙහි කරන්නට ලැබුණු විවේකයක් පමණයි. ඔබතුමාගේ සේවය රටට ඉදිරියේ දී නැවත අවශ්‍ය වනු ඇත. (නි)
රට ජාතිය ආගම බේරාගත් ඔබ අපේ මිනිසුන්ට මෙච්චර ඉක්මනට අමතකවීම මට නම් අරුමයක්,අදහාගත නොහැක්කක්!! (නි)
ඒ ශ්‍රේෂ්ඨ නායකයව ගෙදර යවල දැන් අඬන්න එපා (නි)
අදත් හෙටත් ඔබ අප හද තුල ජීවමානයි. රට එක්සේසත් කල යුග පුරුෂයා ඔබයි..(නදී)
උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නොවේද? මෙතුමා යළිත් දේශපාලනයට නොඒවා ! (නි)
මහින්ද මහතාව විනාශ කළේ ඔහුගේ වටේ ඉන්න අයයි (නදී)
යුද්ධය ඉවර කරලා, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදල, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා,මැතිවරණ ක්‍රමයත් මීට වඩා හොඳ විදියට වෙනස් කරලා, වන්දනීය විදියට ගෙදර යන්න තිබුණු අවස්ථාව නේද මේ බලයට ඇති ආසාව නිසා නැති කර ගත්තේ.(නදී)
කේන්දරකරුවන් නැකත්කරුවන් විශ්වාස කරන අයගේ දෙබිඩි රංගනය නිමාවී ඇත. (නි)
අපගේ වටිනා ඡන්දය වෙනතකට හරවා අපේ දරුවන්ගේ හා රටේ අනාගතය නැතිවීමට ඉඩසැළසු අයට ශාපකිරීමට කිසිසේත්ම නොහැකි බැවින් මම හඩා වැළපෙමි (නි)
මහා රජාණනි, ඔබව යුද අදිකරණයකට ගෙනයාමට කෙනකු සිතුවොත් එය ලක්ෂ 58 කගේ මළමිනී උඩින් ගෙන යාමට සිදුවනු ඇත. ඔබට ආයුබෝ වේවා! (නදී)
මෙවැනි ජනාධිපතිවරයෙකු යළිත් දක්නට නොලැබේවි (නි)
ජනාධිපතිතුමනි, ඔබ වන්දි ගෙව්වේ දූෂිතයන්ගේ වැරදි වලටයි (නි)
ඊයේ ඔබතුමා අරලියගහ මැදුරෙන් ගියා කියද්දී මට දුක වාවාගන්න බැරුව කාමරේට ගිහින් ඇඩුවා. (නි)
ඔබ අපට සිටි ශ්‍රේෂ්ඨතම නායකයායි. ඔබට දීර්ඝායු නිරෝගී සුව ලැබේවා! (නි)
ඔබ තුමාට මෙහෙම දෙයක් වුනේ ඹබ තුමාගේ ලඟින් හිටපු අත්තනොමතික මන්ත්‍රි ගොල්ල නිසා, ඹබ තුමා නිදුක් වෙත්වා ! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!.(හේ)
ඔබතුමා රටට නැවත උවමනා වන යුගය වැඩි ඇතක නොවේ . ඔබතුමාට දළදා සමිඳු සරණයි! (නි)
සතුරු බියසැක නැති නිදහස් ස්වාධීන මවූබිමක ජීවත්වන්නට ඉඩහසර ලබාදුන් උතුම් පියාණනි, අපි ඔබට සැමදා ණයගැතියි. අපේ සිත් තුළ ඔබ සදා අමරණීයයි. (නි)
ගැමුණු, විජයබා, මහා පැරකුම් හෙළයේ මහා විරුවන්ගෙන් පසු සිංහලයට පහළවු ශ්‍රේෂ්ඨ නරපතියාණනි, නැවත ජාතියට ජයග්‍රහණය රැගෙන නුදුරු අනාගතයේ ඔබේ සේවය අපට අවැසිය. එය ඉටුවන තෙක් සිංහල ජාතිය ඇස් දල්වා බලා සිටී. නව යුගයක් උදෙසා සැබෑ නායකයින් සමඟ එකතු වී හෙළයේ නායකත්වය වෙනුවෙන් අපගේ සුභ පැතුම්. (නි)
ඔබට කිරීමට තව බොහෝ දේ ඇත. දුක් නොවන්න. (නි)
මහින්ද රාජපක්ෂ මැතිඳුනි,ඔබතුමාට ජයපතනවා!! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, මා දුටු දෙවන දුටුගැමුණු ඔබයි.පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. කළගුණදත් අපි ඔබ සමඟය (නි)
ඔබතුමා සදා අමරණීයයි (නි)
ඔබ පරාජය වූයේ නැත. ඔබට එරෙහි සියලු බලවේග හමුවේ මුහුණදී තනිව සටන්වැද ජයග්‍රහණය කළේය. (නි)
ජනතාවගේ තීරණය නිසා පරාජය වූයේ ඔබතුමා නොවේ. මදා අප ඔබ සමඟයි. (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබ අද ඔබේ ධූරයෙන් සමුගෙන ගියත් සදා අමරණීයයි. ඔබ අද යන්නේ මුළු මහත් ජාතියටම ඉතා අමිහිරි කඳුලක් එක්කරමිනුයි. (නි)
නැවත එන්න (නි)
එතකොට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකළේ, කේ ,පි .ට රජසැප දුන්නේ, ජනතා මුදල් ගසාකෑවේ, පිටරට මුදල් තැන්පත් කළේ, මාධ්‍ය තමන්ගේ බුදලයක් කරගත්තේ අපිද? (නි)
නායකයාණෙනි, ඔබ දිගුකල් වැජඹේවා! අපි ඔබ සමඟයි (නි)
උතුරෙන් , නැගෙනහිරින් ඔබට ඡන්දය නොලැබුනාට, මෙවර ඔබ ජයග්‍රහණය නොකළාට ජනතාවගේ හදවත තුළ ඔබ ලැබූ ජයග්‍රහණය කිසිදාක කිසිවෙකුට පරාජය කළ නොහැකියි. ජනතාවට වෙනසක් අවශ්‍යයි. ජීවන බර වෙහෙසින් ඔවුන් ටිකක් හෝ විවේකගත යුතුයි.වසර කීපයකින් සමහරවිට ජනතාව ඔබව ඕනෑවෙයි. සියල්ල ජනතාව තීන්දු කරාවි (නි)
" කවදා හෝ.........ඔබ දුක්වෙවී....මගේ සේවය වැටහෙනා මොහොතක් එයි ......ළඟදීම එයි...." (නි)
ඔබට ස්තුතියි කළ සේවාවට.ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.කළ වැරදි නිවැරදි කරගැනීම කළයුතුව ඇත. (නි)
ඔබව හැමදා අප මතකයේ තිබේවි ශ්‍රේෂ්ඨ නායකෙයාණෙනි (නි)
ඔබ රටට කළ සේවය මෙන්ම , රටට කළ වින්නැහියද අපමණය. කෙසේවුවත් අන්තිම මොහොතේ ඔබ ක්‍රියාකළ ආකාරය අගය කරමි (නි)
ඔබට තුණුරුවනේ සරණයි! (නි)
ඔබ අපිට සැමදා වීරයෙකි. රජතුමනි, අපිට ඔබ තවත් එක දුටුගැමුණු කෙනෙකි (නි)
පැරදුනේ ඔබ නොවෙයි,අපියි (නි)
මම ඔබතුමාට ගොඩක් ආදරෙයි (නි)
රටට අාදරය කරන සිංහල බෞද්ධ අපගේ ජනපති ඔබයි.ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි (නි)
ඔබතුමා නොවන්නට ඊයේ මිනිසුන්ට ජයග්‍රහණයක සතුටක් සමරනවා තියා ඡන්දෙ දාන්නවත් යන්න බැරිවෙනවා. කළ මෙහෙයට හිස නමා ආචාර පුදකරන අතර ඔබ සදා අමරණීය උතුම් පුද්ගලයෙක්. (නි)
තව නොබෝ දිනකින් ජාතියට ඔබ අවශ්‍ය වේවි අප බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමනි, සැමදා අපි ඔබ සමඟයි (නි)
දෙවැනි ලෝක යුද්ධය දිනවූ වින්ස්ටන්ට් චර්චිල් යුද්ධය අවසන්වීමත් සමඟ පරාජයට පත්කළා නම් අප ලංකාවේ මොනවා සිදුවෙන්න බැරිද? (නි)
ජය පරාජය පොදු දෙයකි.යුද්ධය නැතිකළ ඔබට අපගේ ගෞරවය සැමදා අපගේ සිත් තුළ ඇත. (නි)
ඔබ ඉල්ලගෙන කරගත්ත දෙයක්. (නදී)
තාම මොලේ පෑදුනේ නැද්ද ? (නදී)
ඒ උතුම් ජනපති සමඟ මම සදාකල් සිටිමි (නි)
යුද්ධය නිම කළ නායකයාණනි, පැරදුනේ ඔබ නොව අපයි. ඔබට නිදුක් නිරෝගි චිර ජීවනය පතමී. (නදී)
ගරු ජනාධිපතිතුමනි, සැමදා අපේ ජනපති නුඹයි (නි)
ආයුබෝ වේවා මහරජාණෙනි! (නි)
රටේ නිදහසින් පසු ලොකුම සේවයක් කළේ ඔබතුමා පමණි. කවුරු කොහොම මඩ ගැසුවත් මුළු මහත් ලංකාවම ඔබට ණයගැතියි! ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, මා දුටු දෙවන දුටුගැමුණු ඔබය.පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. කළගුණදත් අපි ඔබ සමඟය (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
ඔබ කළ මහඟු සේවයට අපෙග් හෘදයාංගම ස්තුතිය! (නි)
රට ජාතිය ආගම බේරාගත් ඔබ අපේ මිනිසුන්ට මෙච්චර ඉක්මනට අමතකවීම මට නම් අරුමයක් නෙමෙයි (නි)
ලක්මවගේ අභීත දෙටු පුතකු වන මහින්ද රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමා අප නිර්භීත ලක් පුතුන් පෙරටුකරගෙන කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගනිමින්, පසුගිය සමය තුළ රට ගොඩනඟමින්, බිය සැක නොමැතිව ලක් ජනතාවට පමණක් නොව ලෝ දනන්ට ලක්සිරි නරඹන්නට සැළසු අන්දම ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු ඇත (නි)
මෙතුමා රට ත්‍රස්තවාදෙයෙන් බේරාගත්තා. ඒකට ජනතාව දුන්න ත්‍යාගය තමයි දෙවන වරටත් "ජනපතිකම" ට අවස්ථාව ලබාදීම. නමුත් අවිද්‍යාව ඕනෑවට වඩා පිළිගැනීම නිසා ඒ ත්‍යාගය භුක්ති විඳින්න නොහැකි වුණා. (නි)
ඔබ උදාර නායකයෙක්. රටට ලැබුණු සම්පතක්. අපි ඔබට ණයගැතියි. තෙරුවන් සරණයි! සුබ අනාගතයක්! (නි)
මේ වගේ රටක ඉපදුන එක ගැන මම ඇත්තටම දැන් කණගාටු වෙනවා (නි)
අම්මාවරුන්ගේ කදුළු නිමාකර අපිට රටක් ඉතිරි කරදුන් නායකයා ඔබයි. ඔබ සමඟ සැමදා අපි ඉන්නවා. බුදු සරණයි! (නි)
ජනාධිපතිතුමනි, ඔබ රජෙක්. ඔබට සියලු දෙවියන්ගේ පිහිට පතමි. (නි)
ජය පරාජය කාටත් පොදු ධර්මතාවයක් ඔබ තුමාට රට බාරගන්න. රටවැසියො බලා ඉන්න ව ඔබ තුමාට තෙරුවන් සරණයි! (අ)
ඔබ තුමාට අප බොහෝ සේ ආදරය කළෙමු. අවිද්‍යාව දුරු කර, දුෂිතයන් ඉවත් කර, ඔබ නැවත එනතුරු අපි බලා සිටුමු. (නදී)
ඔබ අභීත සහ ප්‍රෞඪ නායකයෙකි. ඔබ රට හැරයාමට අවශ්‍ය නැත. (නි)
ඔබ අපේ හිත තුල එදත් අදත් හෙටත් එකම ජනාදිපති තුමා ඔබට ජේසු ගේ අශිර්වාදය ලැබේවා! (අ)
මහින්ද රාජපක්ෂ පියාණෙනි, ඔබ කිසිදා අපිට අමතක නොවන විරුවෙකි. ඔබ සදාකාලිකවම අප හදවත් තුළ ජීවත්වේ. ඔබේ සේවය රටට අවශ්‍ය අද නොව හෙටය. එනිසා පියාණෙනි, අප හැර නෙයන්න. (නි)
ඔබතුමාට අප බොහෝ ආදරය කළෙමු .යුද්දය නිම කර අනාගත පරපුරට නිදහස් රටක් උරුම කර දුන් ඔබ කිසිදා පැරදුණේ නැත .කළගුණ අමතක කළ සමහරක් සිංහල මිනිසුන් කරහි ඇතිවන කලකිරීම හදවතට වාවා ගත නොහැකිය .ඔබ නැවත පැමිණෙන තුරු අප මග බලා සිටිමු .ඔබතුමාට තෙරුවන් සරණ පතමු . (දිල්)
ඔබ ශ්‍රේෂ්ඨයි. අපේ සැබෑ ජනපති ඔබයි (නි)
ඔබතුමා පරාජයට පත්කළ ජනතාවට කවද හරි තේරේවි , අපි කලේ රටට ද්‍රෝහි වීමක් කියල.(අ)
ඔබ නියම ශ්‍රී ලංකා පුත්‍රයෙක්. ඔබට සියළු දෙවි පිහිටයි! (නි)
රාජගිරියේ බෝම්බයට මුහුණදුන් මා ඔබතුමා මතක්වෙන හැම වෙලාවේම ඇසට කඳුලක් එනවා. ඔබට බොහොම පින් රට යුද්ධෙන් රට නිදහස්කලාට. නැවත අප අතරට එන්න. (අ)
වසර 30 ක් තිස්සේ සටන් කරලා පරද්දන්න බැරිවෙච්චි සිංහල ජාතිය සහ රට සුළු ජාතිකයින් එකතු වෙලා පරාජයේ මාවතට යොමුකලා, ජනපතිදුනි පැරදුනේ ඔබ නොවේ මුළු මහත් සිංහල ජාතියයි (අ)
උදාර නායකයෙක්! (නි)
ගරු ජනපති තුමනි, අපත් අවන්කවම ඔබේ පරාජය ගැන කණගාටු වන්නෙමු. එහෙත් ඉදිරි වසර කීපය ඔබතුමා සිටියානම් රටේ ඇතිවීමට තිබෙන ප්‍රශ්න හමුවේ ඔබට බරපතල අපකීර්තියකට ලක්වීමට ඉඩ තිබුනි. 2024 වනතෙක්ම රටේ ජනපතිකම දරන්නට පිං ඇතිව ඉපදුන ඔබතුමන්ගේ වාසනාව අඩු වන්නට හේතු ගනනාවක් ඇත. ඉන් එක් ප්‍රබල කරුණක් වන්නේ ඔබතුමාගෙන් කිසිදු උපකාරයක් නොලබා ඈත සිට සිල් ගුණ පුරන උතුමන් දිගින් දිගටම ඔබතුමන්හට කළ ආශිර්වාද නතරවීම අනිත් කරුණු බොහෝමයක් වැඩි දෙනා දන්නා කරුණුය. ඊට හේතු ඔබතුමාම දනී. ඔබතුමන් අතින් විය යුතු නමුත් ඔබතුමන්හට මග හැරුණු තවත් වැඩ කොටසක් කීරීමට ඉතිරිව ඇත. කෙසේ වෙතත් නැවත කීර්තිමත් ජන නායකයකු වීමේ පින ඔබ සතු බව සිහිතබා ගනිමින් අඩුපාඩු හදුනා ගෙන ඉදිරියට එන්න. නැවත ඔබතුමන්හට ආසිරි ලැබෙනු ඇත. සූවිසි ගුණ බලෙන් තුන් මිණි රුවන පිරි දළදා සමිදු ජයසිරිමහ සමිදු සරි රට රැක වරණ දෙන දෙවියන් පිනෙන් පිරි මැතිදුන් රැකදේව නිති දී දිගා සිරි......!!!
ඔබ තුමා අපිට දැවැන්ත යුග පුරුෂයෙක් (නදි)
නැවත උපන් දුටුගැමුණු ඔබතුමයි! සිංහල ජනතාව මෙවරත් ජනාධිපති කලේ ඔබවයි ! සිංහල ජාතියට බැරිඋනා ඔබතුමා රැකගන්න. (නදි)
අදටත් අපේ ජනපති ඔබයි. (නි)
අතිගරු මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ ජනපතිඳුනි, ඔබ ජාතියට අවශ්‍යම මොහොතයි මේ. අප සමඟ රට ජාතිය ආගම රැකගන්න. චිරං ජයතු අපේ වීරයාට! ඔබට සියලු දෙවි පිහිටයි! (නි)
ඔබතුමා කිවුවා හරි. අපි පරාජය වී නැහැ. සදා අපේ ජනපති ඔබතුමායි. (නි)
හිටපු ජනපති මහින්ද මැතිතුමනි, ඇත්ත වශයෙන්ම ඔබගේ මැතිවරණ පරාජයෙන් මා උගත් ලොකුම පාඩම නම් දෙවියන් බුදුන් එක් සිතකින් අදහා ගෙන හදහන පැත්තකට දැමීමය.(නදි)
ජාතියේ පියාණෙනි, අප සටනකින් පරාජය වූ මුත් ජාතියේ දු පුතුන්ගේ මෙහෙයුම පරාජය වී නොමැත. මව්බිමට ඔබ ඇවැසි මොහොත වැඩි ඈතක නොවේ (නි)
ඔබේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි. රටට ලබා දුන් නිදහසට අපි සදා නය ගැති වෙමු. ඔබේ අගය අදට වඩා හෙටට අවැසිය. දේශපාලන කුහකයන්ගේ කොන්ද පන නැති එක ඔබේ තාවකාලික පරාජයට හේතු වී ඇතත් හෙට රටට ඔබ අවැසිමය. ඔබට දිර්ගායුවේවා (නදි)
පැරදුනේ ඔබ නොව අපියි. ඔබට තෙරුවන් සරණයි! (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ශක්තිය රටට අවැසියි (නදි)
ඔබ තුමා දෙයක් කලා අපි එය පිළිගනිමු. එනමුදු ඔබ තුමා නොකළ දේ සහ වංචා දූෂණ බොහෝය. සිතා බලන්න හැමෝම හදවතින් නොව මොලයෙන් සිතන්න. මේ රට තුල ජීවත් වන තවත් බොහෝ දුප්පතුන් ඇත. උන්ගේ බඩ ගැනත් රටේ මිනිසුන්ගේ දියුණුව ගැනත් සිතන්න.(නදි)
සිංහල අපේ ජනපති ඔබයි. කරුණකර අපි වෙනුවෙන් ඊළඟ මැතිවරණයට තරඟ කරන්න. (නි)