ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සන්ධානයේ දේශපාලන පක්ෂයක් යෝජනාවක් ගෙන ඒමට යන බවත්, ඊට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරුන් පිරිසක් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට සූදානම් බවත් දේශපාලන ආරංචි කියයි.
එම ඇමැතිවරුන්ගෙන් කිහිප දෙනෙකු සෙනසුරාදා (11) නව රජයට මේ බව දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
නව ජනපතිට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබය කාටවත් සුදුසු නැහැ (නි)
දින සියයේ වැඩපිළිවෙළ අවුල් කරගන්න එපා (නි)
වෙනස පේනවා නේද? විධායක ජනපති තනතුර රට ගැන පළමුව හිතන තණ්හාව දුරුකළ කෙනෙකුට තමා හරියන්නේ. (නි)
යු.එන්.පී එකට කඩේ යන්න එපා (නදී)
කව්රු ගත්තත් කමක් නැහැ කුඩු කාරයෝ හොරු වාචාලයෝ අවස්ථාවදියෝ නම් ගාවගන්නවත් එපා. අපිටත් එතකොට අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුව එපාවෙයි (නදී)
හොරුනම් ගන්න එපා හොඳට හොයා බලන්න (නදී)
අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි (නි)
සමහරු කොච්චර කිවුවත් හැදෙන්නේම නැහැනේ! (නි)
මහින්ද රාජපක්ෂ මෙතිතුමා අනිවාර්යෙන්ම නැවත දේශපාලනයට පැමිණිය යුතුයි (නදී)
පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැඟිටින්නේ. තවම පැරදී පැය කීයද ? බලය තාවකාලිකයි මහින්ද මහත්තොයෝ. මෙව්වා හිතන්න තිබ්බේ ඉස්සල්ලා (නදී)
එනවට ඇයි ඔච්චර බය ? (නදී)
නියමයි! (නි)
මහින්ද මහත්තයාට තියෙන බය තමයි ඉතින් (නි)
අපි දන්නවා මොකක්හරි පොටක් හදාගෙන මෛත්‍රීට ළංවෙන්න කට්ටිය බලාගෙන ඉන්නේ කියලා. ඔය ක්‍රමය තම මුලින්ම ඉවත් කරන්න ඕනෑ (නි)
මහින්ද ජනපති තුමනි, යන අය ඔක්කොටොම යන්න දෙන්න. නියම පාක්ෂිකයන් පමණක් ඉතිරි වේවි. අන්න එතන ඉඳන් 'නැවත නැගිටීම' පටන් ගනිමු. සටන අත අරින්න එපා. මේ රූකඩයා පන්නා දමමු. (නදී)
දැන් එන අයව ගන්න එපා (නදී)
කොහොමද ආයෙත් පාරක් පාර්ලිමේන්තු එන්නේ ?මෙතැනදී තමන්ගේ ගරුත්වය රැකගන්න කටයුතු කළොත් හොදයි නේද ?(දිල්)
හිටපු ජනපතිට අපි ගරු කරනවා. මොකද එතුමා තමයි මේ රටේ යුද්ධය නැතිකලේ. එම ගෞරවය රැකගෙන බල කාමයෙන් තොරව විශ්‍රාම ගන්නේනම් ඔහුගේ එම ගෞරවය සදහටම සුරැකී අනාගතයේ ඉතිහාස පොතේ නම ලියවෙනු ඇත (දිල්)
හබැයි හොරු නම් ගන්න එපා. (නදී)
යුද ජයග්‍රහණයකට වැදගත් කරුණු දෙකක් සැපිරිය යුතුය.එකක් එඩිතර යුධ නායකත්වයයි. ජෙනරල් ෆොන්සේකා එම කාර්යය ඉටුකළේය.එසේම හොඳ දේශපාලන නායකත්වයක් ඇවැසිය. මහින්ද රාජපක්ෂයෝ එය මනාව ඉටුකළහ. ඊට වාදයක් නැත. එහෙත් පසුව තත්ත්වය වෙනස්විය. ඒවා පරාජයට හේතුවිය. (නි)
රටේ යහොපතට නව ජනපති සමග ඉදිරියට යන්න. හිටපු ජනපති දැන් නූල් කැඩිච්ච සරුංගල් වගේ.(හේ)
පක්ෂ භේදයකින් තොරව හැමෝම එකතුවිය යුතුයි. (නි)
අපි නම් කැමතියි (නි)
එතුමා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි (නි)
මහින්ද ගෙදර යවලා හරියන්නේ නැහැ. මහින්දගේ වටේ හිටපු අයගේ වැරදි නිසයි එහෙම උනේ (නදී)
මම නම් මහින්ද රාජපක්ෂ මහත්මයා එනවට කැමතියි. එතුමා යමක් කරන්න උත්සහ කළ නායකයෙක්. එතුමා අත වැරදි ඇතත් රටට දෙයක් කළා.සමහර අය හොඳ ඇති.හැබැයි රට එක තැන පල්වුණා (නි)
හොඳයි (බ)
ඇත්තට මොකද්ද මේ ආයෙත් බලයට එන්න තිබෙන කලබලය? තමන්ගේ වැදගත්කම හෑල්ලුවට ලක්වෙනවා නේද ? (නි)
ඔහු එනවනම් අපි ගොඩක් කැමතියි (දිල්)
හිටපු ජනපති එක එක නම් ගොඩක් හොඳයි. ඒකෙන් අපිට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා (නි)
මහින්ද පාර්ලිමේන්තුවට අවොත් හොඳ විපක්ෂ නායකයෙක් ඔහුගේ පැමිණීම අපට ශක්තියක් (නදී)