නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.
රොටානා ගුවන් සේවයට ආර්.ජී 402 දරණ ගුවන් යානයෙන් අද උදෑසන ඔහු පිටත්ව ගොස් ඇත.
ඔහු ප්‍රභූ පර්යන්තයෙන් නොපැමිණ සාමාන්‍ය ගුවන් මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ ගුවන් ගත වී ඇත.
පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා අබුඩාබි සිට දිවයිනට පැමිණි මහින්ද බාලසුරිය මහතා ඔක්තොම්බර් 21 වෙනිදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ භාර ගත්තේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේ දී පිහිටුවීමෙන් පසු එහි ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.
මහින්ද බාලසුරිය මහතා මෙරට පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටිය දී කටුනායක ප්‍රදේශයේ ඇතිවු ගැටුම්කාරී තත්ත්වයෙන් තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමෙන් පසු 2011 වසරේ දී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වුණි.
පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද බාලසුරිය ගැන අපිට වැඩිය දන්නේ පොලිසියේ අය. ඡන්දය කට ළඟ තියල මේ පත්වීම දුන්නේ මොකටද කියල හිතාගන්න පුළුවන්නේ. මේ රට පනින අය ගැන දින 100 ආණ්ඩුව මොකද කරන්නේ කියල අපි බලාගෙන ඉන්නේ. (නදී)
යහ පාලනයට පින්සිද්ද වෙන්න හැමෝම යන්න. මෛත්‍රී නිසා අපේ රටට සුබ අනාගතයක්. (නදී)