මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘
‘අපි දිස්ත්‍රික්ක අටක් දිනුවා. පාලක යූඇන්පිට දිස්ත්‍රික් 11ක් දිනලා.‘ යැයි රාජපක්ෂ කීවේය.
‘මෙයින් කියන්නේ අපි පරාජය වූ බවයි. ඒක අමාරු සටනක්. ‘
අද මධ්‍යහ්නට වන විට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මනාප ප්‍රතිඵල ඉන් පසු නිකුත් කැරෙයි.
ඡන්දය දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැදමුලනේ දී පැවසුවේ තමා ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති වන බවයි.
නියමිත කාලයට වඩා වසරකට කළින් මේ මැතිවරණය පැවැත්විණි.
මැතිවරණ කොමසාරිස් පැවසුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම සාමකාමීම මෙම මැතිවරණය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් විරුද්ධ පක්ෂයක් තිබෙම හොදයි (ම)
අපිනම් දැනගෙන හිටියා මේ ටික වෙයි කියල. (ම)
මොනවා උනත් ඔබ අපට වීරයෙක්.(නදී)
දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.(ම)
සිංහලයා හැමදාමත් නාගන්නවා (බ)
අනේ දැන් හොදටම ඇති .(ම)
ඔබතුමා පරාජිත නෑ අපි නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසයි. ඔබට ජය (බ)
සාධාරණ මැතිවරණයේ ගෞරවය මැතිවරණ කොමසාරිස් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අත් වේවා! (ම)
තණ්හාය ජායති සෝකෝ(ම)
රට ජාතිය ත්‍රස්තයන්ගෙන් නිදහස් කරගත් ඔබගේ වටිනාකම නොදත් පාදඩයින්ගෙන් පිරුණු මේ පුංචි දිවයිනේ ඔබවැන්නකුගේ වටිනාකම කවදා හෝ මිනිසුන්ට දැනේවි. එදිනට ඔබ සිටියෙහාත් මාත් සිටියෙහාත් මට ඔබේ වටිනාකම දැනේවි. (නි)
පසුපෙළ මන්ත්‍රී කෙනෙක් විදියට හෝ ඔබ තුමා පාර්ලිමෙන්තුවේ හිටිය යුතුය අපි ඔබ සමගයි (බ)
මම හිතන්නේ ඔබතුමා රටට ශක්තියක්.රටේ ජනතාව ඔබතුමාගේ අගය දන්නේ නැතුව අද මේ කළ දෙය කවදාහරි දැනේවි.ඒ දැනෙන දවස වැඩි ඈතක නැහැ. (නි)
ඔබතුමා ලංකාවේ පහළවුණ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඔබ වැනි පෞරුෂයක් ඇති නායකින් රටකට බිහිවෙන්නේ කලාතුරකින්. අද දේශපාලන තත්වය දිහා බලනකොට පෙනීයන්නේ සිංහලයා හා බෞද්ධයා කියන දෙදෙනාම ඉතා ටික කලයකින්ම මේ රටෙන් තුරන්වෙන බවයි. ආයෙත් අපේ රටට ආදරය කරන නායකයෙක් බිහිවෙන එකක් නැහැ. ඔබ රටට කළ උදාර සේවයට ඔබතුමාට ගොඩක් පින්. ඔබවැනි කෙනෙක් දේශපාලනයෙන් සමුගන්න එපා. එය මුළු රටටම විශාල පාඩුවක්. ඔබ පැරදුනේ නැහැ. පැරදුනේ සිංහල ජාතියයි. බඩ පිරෙනවා නම් රටට හෙණ ගැහුවත් කමක්නැති ජාතියක්. අතීතය ඉක්මනට අමත්කවෙන මිනිසුන්ට නායකත්වය දෙන්න සිදුවීමත් ඔබතුමා කළ පවක් වෙන්න ඇති. (නි)
ඔබතුමාගේ සේවය මිනිස්සුන්ට අමතකවෙලා. ඔබතුම නෙමෙයි පරාජය වුණේ, රටේ අනාගතය. කල් යනකොට ඒක මිනිසුන්ට තේරුම් යාවි. රට වෙනුවෙන් කළ හැමදේකටම ඔබතුමාට ස්තුතියි (නි)
බලලොබිකම තවම තියෙනවා ඒ කියන්නේ.(ම)
ඔබේ නම රන් අකුරෙන් ලියවිය යුතු නමක්. ඔබේ අගය හෙට රටට දැනේවි. එතෙක් නිවසට වී රට ගැන විමසිල්ලෙන් විවේක ගන්නේ නම් මැනවි. මේ ඔබට ගරු කරන බොහෝ දෙනෙක්ගේ අදහසද විය හැකියි. (බ)
පැරදුනේ මහින්ද නොවේ ! (බ)
මේ ප්‍රතිඵලය රනිල් මහාතාට හොඳ පාඩමක්. සුදුසාට සුදුසු තැන දෙන්න, හොරකම් කළොත් දඬුවම් දෙන්න. සාමානය මිනිහාට සේවයක් කරන්න. රට සීග්‍රයෙන් දියුණු කරන්න. මෛත්‍රීට තව වතාවක් ජනාදිපති වෙන්න අදාර කරන්න. රටේ තරුණයින්ට විශේෂ අවදානයක් දෙන්න. රජයේ සේවය තව දියුණු කරන්න. විදේශ සේවාවල නියුතු අයට ඇත හිත දෙන්න. ((අ)
ඔබ දවසක කවදා හරි මේ රටේ ජනාධිපති වෙනවාමයි. ඒක ස්තිරයි (නදී)
තවම මහින්ද ජය හෝ පරාජය පිලිගෙන නැහැ පරාජය පිලිගත්තා කියන්නේ අසත්‍යක් (නදී)
ඇදගෙන නාන එකේ සීමාවක් නැද්ද මෙයාට.. පව් කියලත් හිතෙනවා. මෙදා පාර රනිල් කිව්වා වාගේ හොම්බෙන් යන්න තමා වැදුනේ. දැන් මැදමූලන ජනේලේ එල්ලෙන වෙලාව හරි. (අ)
සන්ධානයට ඡන්දය දුන් සියලු දෙනා සන්ධානයට ද්‍රෝහීවුවන් ප්‍රතික්ෂේප කිරීම තුළින් සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉදිරියේ යායුතු ගමන් මඟ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. කරුණාකර ආසන 95 ක් ගැනීමට සන්ධානයට ඉඩ සැළැස්වූ මේ ජනමතය ඉදිරියට ගෙනයන්න දිගටම නායකත්වය සපයන්න..ද්‍රෝහීන්ට අපේ ජනමතය බිලිගැනීමට ඉඩ නොතබන්න. එය ඔබගේ වගකීම.යුතුකම.ජයේදීත් පරාජයේදීත් අපි සැමදා ඔබ සමඟයි. ඔබ දේශපාලනයෙන් ඉවත් වුවහොත් මේ එක්සත් ජාතික පක්ෂ රජය පෙරළීමට වසර විස්සකින්වත් බැරිවේවි. (නි)
උදුල කරුණාකර අපහාස කිරීම නවත්වන්න. අමතක කරන්න එපා ඔහු හිටපු රටේ නායකයා බව (නදී)
පහුවෙලා තේරේවි ඔක්කොටම මෙතුමාගේ අගේ ඔහොම යන්(නදී)
කරුණාකරලා ඔය බලතන්හාව අතහරින්න. පරාජ පක්ෂයෙන් දැන්වත් යන්න විවේක ගන්න කාලේ ඇවිත් (නදී)
මේ රටේ සිටින අසිංහල ජාතිවාදී නායකයන් සැමදාම අවස්ථාවාදීන්, කෙසේ හෝ සිංහලය පරාජය කරතමිල් නාඩු හෝ අරාබි ප්‍රාන්තයක් කර ගැනීමට උත්සාහ කරන අය.ඔබතුමා දෙවරම ජනපති කරවූ සිංහලයන්ගේ අනාගතය ගැන සිතා ඔබ වටා සිටින දූෂිතයන්, අවස්ථාවාදී එහෙයියන්ගෙන් ඈත්ව දැන්වත් කටයුතු කරන්න,(බ)
ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා එතකොට ඔයාට පුළුවන්නේ නේද පහුගිය කාලේ කට්ටිය ගහපු ගේම් වලට නැගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. (නදී)
මම නම් කියන්නේ ඔබ තව කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. රනිල් මහතා කී සැරයක් පරාජය වුණත් දාලා ගියේ නැහැ.බලසම්පන්න විපක්ෂයක් ඉන්නකොට හැමෝගෙම වැරදි අඩුයි. ඔබ ගත් තීරණයට මම නම් කැමතියි (නි)
ඡන්දෙන් පැරදුනාට ඔබතුමාට අපේ රටට ජාතියට තව කොච්චර සේවයක් කරන්න පුලුවන්ද? ඔබතුමාගේ අත්දැකීම් අපේ රටට තව ඉස්සරහට ඕනෑ වෙනවා.ඔබට බුදු සරණයි! (නි)
ඔබ හිතවත් කණ්ඩායම සමඟ ඉදිරියටම යන්න. ඔබට ජය! (ම)
රියන්ත හරියට හරි. (නි)
ශ්‍රීලනිප ද්‍රෝහීන් පරාජය කර පක්ෂය රැක ගනිමු.(ම)
මම නම් කියන්නේ අඩුමගානේ ඔය ගෞරවයවත් තියාගෙන පාර්ලිමේන්තුවට එන්නේ නැතුව දේශපාලනයෙන් සමුගන්න කියලා. (නි)
දැන්වත් අැති (ම)
මමනම් කලින්ම දැනගත්තා මෙයා ඇදන් නානවා කියලා.දැන් ඉතින් දුක තමා රන්ජනි (ම)
ඔබ අපට කිසිදා පරාජිතයෙක් නොවේ..ඔබ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය තරගයට ඉදිරිපත් වුණා නම් අද එක්සත් ජාතික පක්ෂය පහසුවෙන් තුනෙන් දෙකේ බලයක් ලබලා.. සන්ධානයට ජන්දය දුන් සැමට අපේ ප්‍රණාමය(ම)
ගුලිය කෑව නම් දැන් ඉතින් විඳවන්න (නදී)
දැන් ඉතින් දේශපාලනය ඇති. ඔබ දැන් විවේක ගන්න (නි)
මම නම් කියන්නේ දැන් ඔබතුමා දේශපාලනයෙන් ඉවත්වෙන්න කියලයි (නි)
විරුද්ද පක්ෂයේ සිට විශාල සේවාවක් රටට කිරිමට, ඔබතුමාට අවස්ථාව ලැබී ඇත.(ම)
මම නම් හිතන්නේ නැහැ පරදියි කියලා (නි)
රට ගැන නොසිතා බඩ ගැන පමණක් සිතන බහුතර පිරිසක් සිටින රටක ඔබතුමන් වැනි අය පරාජය වීම අරුමයක් නොවේ.(ම)
ගරුකටුතු නායකයෙක් ලෙස ඉදිරි පරපුර වෙනුවෙන් ඔබට කළහැකි සේවය වන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගෙන අවංකව ඔබේ අත්දැකීම් සමාජගත කිරීමයි (නි)
ඔබතුමා රටට ජයග්‍රණය අත්කර දුන් නායකයෙක්.එහෙත් ඔබ වටේ හිටි හොරු රැල ආරක්ෂා නොකළා නම් රටේ ජනතව ඔබ සමඟයි. ඔබේ වටේ හිටි අය ජාතිවාදය වැපුරුවා. ඒවා බුද්ධිමත් ජනතාව අනුමත කරන්නේ නැහැ. දැන්වත් ජාතිවාදී වෙන්න එපා. දුකයි. රටේ හොඳ නායකයෙක් හැටියට විශ්‍රාම යන්න සිටි ඔබතුමා බලයට තිබෙන කෑදරකම නිසා ජනතාවට එපාවුණු නායකයෙක් හැටියට යන්න වෙන එක ගැන (නි)
ඔබතුමා දිනනවා (නි)
ඔබට වැරදුනේ කොතනද? එක එක්කෙනාගේ මඟ පෙන්වීම නේද? එ අය දිනුම් ඔබ පරාදයි. රැ වැටුනු වලේ දවලුත් වැටුනා නේද? (අ)
මම කියන්නෙත් දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා (ම)
රට ගැන නොසිතා බඩ ගැන පමණක් සිතන බහුතර පිරිසක් සිටින රටක ඔබතුමන් වැනි අය පරාජය වීම අරුමයක් නොවේ.(ම)
ඔබේ අවශ්‍යතාවය අනාගතයේදී මහජනතාවට දැනෙවි.(ම)
දකුණු පළාත් සබා චන්දය ළගයිනේ (ම)
පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. (ම)