බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැරිම තැන යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියයි.

ඔහු නික්ම නොගියේ නම් මුළු රටම අරාජික වී ලේ විලක් වනු ඇතැයි ද, ඔහුගේ හිත වෙනස්වීම රට ව්‍යසයනයකින් බේරා ගැනීමට ලැබුණු වාසනාවක් බව ද අයිවන් මහතා පවසයි.

ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අකටයුතුකම් හෙළි කරමින් මාස කිහිපයක සිට ඔහු ජනපතිට එරෙහිව ජනමතයක් ඇති කළේය.

බොහෝ දෙනා බලගතු රාජපක්ෂ රජයට එරෙහිව වචනයක්වත් නොලියද්දී මුල්ම වෙඩි මුරය තැබූ මාධ්‍ය වේදියා ලෙස වික්ටර් අයිවන් මහතා ඉතිහාසයට එක්වෙයි.