හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) මහනුවරට ගොස් දළදා වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියන් සමඟ හිටපු ජනපති පැයක් පමණ සාකච්ඡා කළේය.
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් හමුවීමට හිටපු ජනපති ගිය නමුත් අස්ගිරි පන්සලෙන් මාධ්‍යයට ඒ අවස්ථාව ලබා නුදුන්නේය.
යළි අප අතරට එන්නැයි මාලිගාව අසළ දී ඔහුගේ අනුගාමිකයෝ පිරිසක් කෑ ගසා කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරුවෙන්නේ කළ පිනක් පමණයි (නදී)
රටටත් මහා ජනයාටත් සාමය ගෙනදුන් ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ටත් ත්‍රිවිධ හමුදාවටත් සියලූම දෙවියන්ගේ පිහිට ලැබේවා. (නි)
සමහර කියමන් වලින් බොහෝ දේ පෙනෙනවා (නි)
කල්පනාවෙන් වැඩ කළා නම් ඔබ අදටත් නායකයා (නි)
ඔබතුමා තමයි අපේ රටට සහනය දුන් එකම නායකයා. ඔබතුමාගේ අගය ලංකාවේ සිටින ගුණමකු ජනයාට තේරුම්යාමට වැඩි කලක් යන එකක් නැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
මට නම් එතුමා ගැන කණගාටුයි (නි)
මේ ඉන්නේ යුද්ධය දිනු, රට එක්සේසත් කළ ජනාධිපතිවරයායි (නි)
අවුරුදු 30ක් තිබුණ යුද්ධය අවසන් කළ එකම ජනපති ඔබය. ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(හේ)
අපේ පුදබිම් තව දුරටත් කිලිටි නොවෙනවා නම් හොඳයි.(හේ)
ඔබතුමාට දැන් මේ දේ විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.(හේ)
ඔබතුමාව අමාරුවේ දැම්මේ ඔබතුමාගේ සහෝදරයන් ජාතිවාදය අවුස්සමින්. (නදී)
ලෝකේ සියලු දෙනාටම ලංකාවේ ඕනෑම සිද්ධස්ථාන වන්දනා මාන කිරීමට, දැක බලා ගැනීමට, පුජාවල් පැවැත්වීමට සාමය උදාකළේ ඔබ තුමා. ඒවා දැන් අමතක වෙලා. අපගේ ජනපති හැමදාමත් ඔබයි. නැවතත් අපේ රටේ නායකයා වී මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න ජනධිපතිතුමනි. අපි ඔබතුමා සමගයි. (ර)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි යලිත් අප අතරට එන්න. (ර)
රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව ඔබයි. (ර)
ඔබතුමාට ලක්ෂ 57 ක් මිනිස්සු ඡන්දෙ දුන්දුන්නා. ඔබ පරාජය වුනේ නැහැ, ඒක මේ රටේ මිනිස්සු දන්නවා. (ර)
ඔබ රටේ ඇවිදින විට මුළු රටම එලිය වෙනවා නැවත අපේ රටේ නායකයා වෙන්න මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න ජනධිපතිතුමනි. අපි ඔබ එනතෙක් මග බලමින් ඉන්නවා. (ර)
මහනුවර ජනතාවට ඔබතුමාව එපා කෙරෙව්වේ ටිකිරි කොබ්බෑකඩුව (බ)
ගාමිණී සරත්චන්ද්‍ර පුතේ ප්‍රබාකරන් දකින්න අාසද ? (බ)
කියන්න දේවල් බොහොමයි. රජකම උනත් ගෞරවාන්විතව බාරදීමක් තමයි සිද්දවෙන්නේ. ජයග්‍රාහකයාට සුබ පැතීම ට හිතහදාගන්න බැරිඋනත් ආචාර කිරීමටවත් නිහතමානි නොවීම ගැන ඇත්තේ බලවත් කනගාටුවක්. මෙහෙම මනුස්සයෙකුටද අපි තුන්වරක් හතරවරක් , රට බාර දෙන්ඩ හැදුවේ? අපි ගැන මට දුකයි. මොනවා කරන්ඩද ? ඔබතුමා අසරණවෙලා නෑ තෙරුවන් සරණ යන්න, සසරගමන කෙටිකරගැනීමට බණ, භාවනා කර්මස්ථානවල යෙදෙන්න. මෙත් වඩන්න බුදුන්වහන්සේ, සිරස හරවා ආපසු බලන්නේ නැත. මුළු සිරුරම හරවා දකිද්දී ඒ දකින්නේ පෙරමගමයි. මේගැන හිතන්න ඔබතුමාට ප්‍රඥාව පහළවේවා. (බ)
ඇත්තටම ඇයි මේ පන්සලෙන් ගිහියන්ට මිටි ආසන පනවන්නේ නැත්තේ . මේ වැරැද්ද ම රුපවාහිනී නාලිකා වලිනුත් කරනවා සාකච්ඡාවලදී . එය නිවැරදි කර ගත්තොත් වටිනවා (බ)
රජු ඔබ නැති රටක් අපට වැඩක් නැත ඔබ එනතුරු බලා ගෙන සිටිති (බ)
අනේ ඔයාලට මොකද වෙලාතියෙන්නේ. හිටපු ජනපතිතුමාට දැන් නිදහසේ වාඩිවෙන්න, කන්න, බොන්න පන්සල් යන්නවත් නිදහසක් නැද්ද. (ර)
හොරකං කරපු සල්ලි ගාන අපිට ඉලක්කන් වලින් ලියන්න බැහැ (නදී)
මහා නාහිමිවරුන් බැහැ දකින්න ගියේ, කාර් රේස් තිබ්බට සමාවගන්න වෙන්න ඇති. දැන් ඉතින් කරපු පව්වලට හරියන්න පිනක් දහමක් කරගෙන ඉන්න ඉතින්. නැවත දේශපාලනයට නම් එන්න එපා. (නදී)
ඔබ අපේ ජනපති. මේ මාස තුනට මේ කල්ලිය උපරිම කනවා. ඔබ ඇවිල්ල මේ ගොල්ලොන්ට දඩුවන් දෙන්න. (නදී)
ශෝ එක ඉවරයි. (නදී)
ඔබට පින් ඉන්දියානු ජාතිවාදයට එරෙහිව නැගී සිටීම ගැන. (නදි)
නන්දලාල් වගේ අයට මේවා ජිල්මාර්ට් වගේද පෙනෙන්නේ? ඇත්තටම හිතේ වෛරයෙන් බලන නිසා නේද ඒ? (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
ඔබ එනතුරු අප බලාසිටිමු. ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා! (නි)
නාමයෝජනා දීපු ගමන් යන්න තිබුණු ගමනක්. (නි)
තිරුපති යන්නේ නැද්ද? (නි)
මධ්‍යස්ථ මතධාරීන් ලෙස අපට පෙනෙන පැහැදිලි සත්‍යය නම් සමහර නව ඇමතිවරුන් වතුර නටනතෙක් පමණක් නටන කකුළුවන් වැනි බවයි. (නි)
බුදු සරණයි! (නි)
ඔබ නැවතත් බලයට එනවාමයි (නි)
මාගේ මවුබිම රැකදුන්,අපගේ ජීවිත බේරාදුන් නායකයාණෙනි, ඔබට දළදා හිමි සරණ ලැබේවා! (නි)
මාගේ මව් බිම රැක දුන් ,අපගේ ජීවිත බේරා දුන් නායකයාණෙනි ඔබට දළදා හිමි සරණ ලැබේවා. (නදී)
මහත්තයෝ,කොහොම වුණත් පරිස්සමින් හොඳේ (නි)
ඔබ තුමා ඳළදා සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා (නදී)
ආරක්ෂකයන් නම් අඩු වෙච්ච පාටක් පෙනෙන්න නැහැ. (නදී)
තවමත් එයාගේ මාධ්‍යය වරණය එහෙමම.(හේ)
ඔබ නම් අපට හැමදා සිංහයෙක්!.(හේ)
දැන් කෙට්ටු වෙලා ඉස්සර තිබුණු බොරු පෙනුම නෑ.(හේ)
දළදා සමිදු පිහිටින් රටට ගමට සේවය කිරීමට නැවත එන්න ජනපතිදුනි.ඔබට ඒ සදහා ශක්තිය ආරක්ෂාව ලැබේවා. (දිල්)
එදා නම් තිරුපති ගියා නේද?අද දළදා වදින්න ඇවිත් (දිල්)
මෙතුමා මහනායක හිමිවරු කී දේ ඇහුව නම් අදත් ජනපති (දිල්)
නැවතත් මේ රටට සේවය කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා (නදී)
ඔබතුමා වගකීමෙන් වැඩ කළානම් මේ මුකුත් නෑනේ (දිල් )
ආ එහෙමත් පුළුවන්ද? (බ)
අායෙත් එන්න අපේ වීරයාණනි (බ)
ඔන්න ඔය විදියට තමයි ඉන්න තිබ්බේ ජයවේවා ! (බ)
ජනපතිතුමනි, ඔබ සැබෑ වීර නායකයෙකි. ඔබ අපේ රටට කළ සේවයට සිංහලයෙක් විදියට මගේ ප්‍රණාමය පුදමි. යළි ඔබ නැගිටිනතෙක් බලා සිටිමු. ඒ වගේම ඔබට යළි නැගිටීමට සිංහල බෞද්ධ අපි උදව් කරමු. (නි)
"පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැඟිටින්නේ''. (නි)
ඔබයි සැමදා ජනාධිපති (දිල්)
මෙහෙම ඉන්නවා දැක්කම පවු කියලා හිතෙනවා (දිල්)
වගකීමෙන් වැඩ කළත් තුන්වරක් බෑනේ. (දිල්)
වගකීමෙන් වැඩ කළත් තුන්වරක් බෑනේ.(හේ)
ඔබතුමා නැවත එන්න. ඔබට දෙවි පිහිටයි.(හේ)
දැන් මුහුණ දැක්කම ඉස්සර තිබිච්ච තේජාන්විත භාවය නෑ.(හේ)
කරපු වැරදි වලට සමාව ගන්න වෙන්න ඇති යන්න ඇත්තේ. (හේ)
දැන් පිනක් දහමක්වත් කර ගන්න.(හේ)
ඔබ තුමාට තෙරුවන් සරණයි.(හේ)
ඔබතුමා නැවත දේශපාලනයට එන්න එපා. නම්බු පිටින් ගිය එකේ ගෞරවය ආරක්ෂා කරගන්න.(හේ)
සැමදා ඔබයි අපේ ජනපති (දිල්)
ඔය ගමන්ම තිරුපතිත් ගිහින් ආවනම් හොදයි නේද .(හේ)
ඔය ගමන්ම තිරුපතිත් ගිහින් ආවනම් හොදයි නේද ..(බ)
ඔබතුමා මෙලෙස ජනතාව අතර සිටීම අනාගතය සුබවේ. ප්‍රශ්නවලින් පැන නොයා ජනතාව අතරට පැමිනිම සතුටක් (බ)
සමාවෙන්න රජතුමනි අපට වරදක් උනා..... නැවත එම වරද වෙන්න දෙන්නේ නැහැ (බ)
ආර් ප්‍රේමදාස මැතිතුමා කියන්නෙ දුප්පතාගෙ දුක හදුනා කටයුතු කරපු උත්තමයෙක්. එතුමාගෙ රූපේ දැක්කාමත් ඇති. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා ප්‍රේමදාස මැතිතුමා නතර කරපු තැනින් පටන් ගෙන මේ රටට නිදහසත් සංවර්ධනයත් ගෙන ආවා. අනාගත බළාපොරොත්තුව සජිත් ප්‍රේමදාස එයාට තව කල් ඇත. එතෙක් ඔබ නැවත ආ යුතුය. අපේ රජා ඔබමය. ඔබට දළදා සමිදු පිහීටයි. ඔබ අපව අමතක නොකරන්න. අපේ මහින්දට ජයවේවා (නදී)
යළි අප අතරට එන්නැයි මාලිගාව අසළ දී ඔහුගේ අනුගාමිකයෝ පිරිසක් කෑ ගසාලා තියෙන්නේ නැවත සල්ලි නාස්තිකලාට කමක් නැති නිසාද? (බ)
හිටපු අයගේ වැරදි ඇති. එත් මහින්ද මහත්තය වගේ නායකෙයක් අපිට හැමදාම ඕනේ සුබ අනාගතයක් (බ)
මොනව වුණත් දළඳා සමිඳුගෙ පිහිට ආශිර්වාදය ඔබට ලැබේවා (බ)
කකුල් දෙක ළංකරගෙන ගරුසරුව සිටින්න ඔබ තුමාට තවමත් නොහැකි ඇයි? යාලුවෙක් නෙවෙයිනේ ඉදිරියෙන් ඉන්නේ. බුද්ධ පුත්‍රයෙක්. (බ)
පන්සල් ඇතුලේ මාධ්‍ය නැතිව සාකච්ඡා කරනවිට කුමන්ත්‍රණයක් දැයි සැක හිතේ. (නදී)
දිල්ෂාන් හිතන විදියට මම කැමති නැහැ (නි)
පන්සල ඇතුලේ මාධ්‍ය නැතිව සාකච්ඡා කරනවිටදී කුමන්ත්‍රණයක් දැයි සැක හිතේ. (නදී)
මට පුදුම දුකක් ඇතිවුණා.අනේ මොනවා වුණත් මේ ඉන්නේ අපේ රටේ හිටපු ජනාධිපති නේද? (නි)
මලක් පහනක් පුජා කරලා හිත සන්සුන් බව ඇතිකරගන්න. ටිකක් විවේකිව අතීත අවර්ජනයේ යෙදෙන්න. (නදී)
ගොඩක් හොඳයි ගෙදරටම වෙලා ඉන්නේ නැතුව ඔබතුමා රටේ ඇවිදින එක. එ්ක අපිට ආඩම්බරයක්. ඔබතුමා ඇතුළු පවුලේ සැමට කන්ද උඩරට ශ්‍රී දළදා සමිදුන්දේ පිහිටයි (නදී)
ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)
ඔබතුමාගේ පාලනයට අපේ විරෝදය පෙන්නන්ට ඡන්දය දීලා දැන් අපි ඇටි කෙසෙල් කාපු උගුඩුවෝ වගේ විඳවනවා. කාලය විසින් ප්‍රශ්න විසදාවී. ඔබේ නායකත්වය නැවතත් අපිට අවශ්‍ය වේවි ලගදීම. ඔබතුමාට දළදා සමිදු පිහිටයි. (නදී)
අවසරයි අපේ නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේලා බැහැ දැකීමට එන පුද්ගලයා කවුරු උවත් තරාතිරම නොබලා නියම බෞද්ධ සම්ප්‍රදානුකූලව මිටි ආසන පහසුකම් සළසා දෙන්නට පියවර ගන්නා සේක්වා! තෙරුවන් සරණයි! (නදී)
රටේ හිටපු වැදගත් නායකයෙක් නේද මේ. බලන්න මහා නායක හාමුදුරුවන් ඉස්සරහ වාඩිවෙලා ඉන්න හැටි. (නදී)
අපේ රටේ නායකයා විදිහට ඔබතුමා එනතුරු අපි බලාගෙන ඉන්නවා (නි)
ඔබතුමාට දළඳා සමිඳුගේම පිහිටයි...(බ)
ඔබට සදා ජය! (නි)
ලංකාවේ මිනිස්සු වාසි පැත්තට තමා (බ)
දළදා සමිඳු වඳින්න නොවේ මහින්ද මහත්තය අාවේ. මාළිගාව වටේ සෙනග රැස් කරලා එයාට ආපහු එන්න කියව ගන්න තමා එයා මේ "ජිල්මාර්ට්" එක දැම්මේ. අපි දන්නේ නැද්ද (බ)
මහනායක හාමුදුරුවෝ ඉස්සරහ ඉන්නා ඕනේ විදියවත් දන්නේ නැති සිංහල බෞද්ධ නායකයා. තිරුපති ගිහිල්ලනම් බොහොම බක්තියෙන් බිම ඉඳගෙන හිටියා නේද?(හේ)
මේක වාඩි වෙලා ඉන්න අයගේ වැරද්දක් නෙවෙයි . ආපු කෙනා එතන තියෙන ආසනයක එපැයි ඉඳගන්න. ඇත්තටම ඇයි මේ පන්සලෙන් ගිහියන්ට මිටි ආසන පනවන්නේ නැත්තේ ? (හේ)
ඔබතුමා දැන් ආගමික වැඩ වල යෙදෙන එක බොහොම හොඳයි. පසුගිය කාලයේ තිබුන ආතතිය හරි අඩු වේවි නේ. පුළුවන් නම් සන්සුන් තැනක භාවනාවක යෙදෙන්න. (නදී)
දළදා සමිදු පිහිටයි ඔබ තුමාට (නදී)
ස්වාමින් වහන්සේලා බැහැ දකින්න එන උදවියට පැදුරක් දමල වාඩි වෙන්න අපහසුද ? අපේ අත්තම්මා තවම හොදින් පන්සලේ බිම ඉඳගෙන ඉඳලා ටිකක් අපහසුවෙන් උනත් නැගිට ගන්න පුළුවන්. (නදී)
ඔබ තුමා රටට ඕන වෙන දිනය වැඩි ඈතක නොවේ. නොනැවතී ඉදිරියට යන්න. (නදී)
දැන්වත් ආගමික වැඩක යෙදිලා හිත සන්සුන් කර ගන්න එක හොඳයි. ඔය කේන්දර තොවිල් පවිල් නෙවෙයි තමන්ගේ ආගමෙනුයි සැනසීමක් ලැබෙන්නේ. (නදී)
නැවත වරක් නම් එපා මෙයාව (නදී)
මෙතුමාට දැන් විවේකයක් අවශ්‍යයි. ආගමික වැඩ වල දී නම් බොහොම හොඳයි. (නදී)
මොකද අස්ගිරි පන්සලෙන් මාධ්‍යයට ඉඩ නොදුන්නේ . මෙහෙම කලේක එහෙම කළාම නැති ප්‍රශ්න ඇති වෙන බව තේරෙන්නේ නැද්ද ? ඔන්න මහින්ද මහතාම පුද්ගලිකත්වයට බාධා වෙනවා කියලා එන්න එපා කිව්වා නම් වෙනම දෙයක්. ඒකේ ප්‍රශනයක් නැහැ. (හේ)
දැන් ඔක්කොම වෙනස් වෙලා වගේ.(හේ)
මහින්ද මහත්තයෝ දැන්වත් මිනිස්සු මොන වගේද කියලා තේරුම් ගන්න.(හේ)
දළදා සමිදු පිහිටයි.(හේ)
දැන් ඉතින් පිනක් දහමක්වත් කර ගන්න.(හේ)
ඔබ තුමාට තෙරුවන් සරණයි!.(හේ)
අපි සැමදා ඔබ සමග ඉන්නවා.ඔබ මේ රටට කල කී දේ අදට නොව හෙට මතු පරපුරට.ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(හේ)
මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ ශ්‍රේෂ්ඨයි. ශ්‍රී ලංකාව සැබවින්ම වෙනස් කළේ ඔබයි. අපි ඔබව දිවිහිමියෙන් ආරක්ෂා කරන්නෙමු. (නි)
ජනපතිතුමනි අප දුටු දෙවෙනි දුටුගැමුණු ඔබ, පැරදුනේ සිංහල අප මිස ඔබ නොවේෙ.(හේ)
අවංකව කියන්නේ ඔබතුමා දිග වන්දනා ගමනක් ගියා නම් ඔය පසුගිය මැතිවරණ කාලයේ තිබුන ආතතියෙන් මිදෙන්න පුළුවන් වේවි. (හේ)
හරියට වැඩ කරානම් මෙයා තමයි තාමත් ජනාධිපති. (හේ)
ආගමික වැඩ වල යෙදෙන එක ඇත්තටම හොඳයි. හිතේ බර සැහැල්ලු වේවි. (හේ)
ජනාදිපතිවරණයට මුලින්ම ගියේ තිරුපති. පැරදුනාම තමයි ලංකාවේ දළදා මාලිගාව මතක් වෙන්නේ . (හේ)
ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක්.(හේ)
ඔබතුමාට ජයවේවා!.(හේ)
ඔබතුමාගේ නායකත්වය නැවත රටට අවශ්‍ය වෙන දිනය අතේ දුරින් .ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.(හේ)
ඔබතුමා වටේ හිටපු අය ගැන මීට වඩා තදින් ක්‍රියා කළා නම් මේ දේ වෙන්නේ නැහැ . (හේ)
වසන්තා, දැන් අපි ඉන්නේ ඉර,හඳ, තාරකා තරණය කළ ලෝකයක. ඔය පුහු මානසිකත්වයෙන් අඩි දෙකතුනක්වත් ඉහළට ඔයා නොගියොත් මහා විනාශයක් වෙනවා සිකුරුයි. යථාර්ථයෙන් ලෝකය දෙස බලන්න සොයුරිය (නි)
ඔබ රටේ ඇවිදින විට මුළු රටම එලිය වෙනවා නැවත අපේ රටේ නායකයා වෙන්න මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න ජනධිපතිතුමනි , අපි ඔබ එනතෙක් මග බලමින් ඉන්නවා.(හේ)
ඔබතුමා නැතිව අපි අද අසරණ වෙලා. (හේ)
මම අහල තියෙනවා, අතීතයේ අපේ රටේ ලොකු ලොකු පවුල්වල කෙනෙක් මිය ගියහම සෙනගට පේන්න අඬන්න ගැහැණු කණ්ඩායම් මීගමුව පැත්තෙන් ගෙන්වනවා කියා. එදා හිටපු ජනාධිපති තුමා දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ වටකරගත් ගැහැණු පිරිස හැසුරුණු විධිය දැක්කහම මට එම කතාව මතක් උනා. (නදී)
ඔබ තුමා දැකලා දැකල එපා වෙලා. ටිකක් නොපෙනී ඉන්න. එතකොට මිනිස්සුන්ට නැවත දකින්න පිරිසක් ඇතිවේවි.(හේ)
මුණ මලානික වෙලානේ.(හේ)
කෝ දැන් වශී බෝල අතේ පේන්න නැත්තේ මොකද?(හේ)
මෙතුමා ඇතැම් අවස්ථා වලදී නායකයාගේ වගකීම දරු කැක්කුම ඉදිරියේ දෙවැනි තැනට දැම්මා. ඒ නිසා ජන ප්‍රසාදය අඩුවීමෙන් ලොකු පාඩු සිදුවුණා. (නි)
ජනපතිතුමනි, අප දුටු දෙවන දුටුගැමුණු ඔබයි (නි)
ආයෙත් නම් ඔය ග්‍රහ තාරකා ගැන විශ්වාස කරන්න එපා. තමන්ගේ කර්ම පලය ගැන විතරක් හිතන්න. (නි)
ඔබට බුදු සරණයි! (නි)