දකුණු කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් කළ ආරාධනයකට අනුව එරට පැවැත්වෙන ආගමික වැඩසටහන් හා විශේෂ හමු කිහිපයකට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, පියල් නිශාන්ත, මහින්දානන්ද අලූත්ගමගේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු හිටපු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායමේ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි බණ්ඩා, මට නම් හිතෙන්නේ අවුරුදු පහම පරීක්ෂණ පවත්වා මහා මැතිවරණයක් කිට්ටුවෙනකොට කියාවි "ඊළඟ පාරත් අපිටම දෙන්න කට්ටිය හිරේ යවන්න ඕනෑ නම් කියා." කොහොම වුණත් ලබන පොසොන් පෝයට පෙරවත් ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා! (නි)
මොකද කට්ටියට අමාරුද? බලන්න බැරි නම් නොබලා ඉන්න. (නි)
බුදු සරණය් මගේ රටට . (ම)
රොත්ත බුරුත්ත පිටින් දකුණු කොරියාවට ගිහිල්ල මොන මොන විදියේ අල්ලේ පැළවෙන කෙබර ඇද බාවිද දන්නේ නැහැ. (බ)
ගුවන් යානය වැරදිලා වෙනත් රටකට බහින්න වගෙයි හදන්නේ ? හැමවිටම යහළුකම් පවත්වන්නේත් ආධාර කරන්නෙත් දුප්පත් ඒකාධිපති රාජ්‍ය නායකයන්ට නිසා,යා යුතුව තිබුනේ උතුරු කොරියාවට නේ !! (බ)
මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කෙරුවාව නොවන්නට නාමල්ලා සිටිය යුත්තේ පසුගිය පොසොන් පෝයට වැලිකඩ කූරු ගණන් කරමිනි. එසේ වී නම් අම්මලා, තාත්තලා, බාප්පලා සහ දරුවන් සියලු දෙනාට සිල් සමාදන් වන්නට වන්නේ වැලිකඩ බුදු මැදුරේ ය. එහෙත් රටේ අවාසනාවට තවමත් එය යථාර්ථයක් වී නොමැත. ඔවුහු පාරේ ඩෙඟා නටමින් තම පක්ෂ මූලස්ථානයටද හූ කියමින් යාත්‍රා කරති (බ)
ඔන්න ගමන් මලු නැති වුනා කියන්න එපා (බ)