ජනවාරි මාසේ අට වෙනිදා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තද මොරටුව නගර සභාවේ තවමත් ගසා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූපයක් බව නාගරික මන්ත්‍රී (ජවිපෙ) නිශාන්ත ප්‍රනාන්දු මහතා අද මාස සභා රැස්වීමේ දී කීවේය.
නගරසභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ රාජ්‍ය නායකයාගේ ඡායාරූපය තිබිය යුතු ස්ථානයේ තවමත් හිටපු ජනපතිගේ රුව සහිත ඡායාරූපයක් තිබීම ගැන කොමසාරිස්වරියද වග කිව යුතු යැයි ඔහු පැවසීය.
කවුරුන් අකමැති වුණත් රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි බව සියලු දෙනා පිළිගත යුතුයැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයගේ ගෝල බාලයෝ සමහර විට මෙයා ආපහු ඒවි කියා හිතාගෙන ඕක නොගලවා ඉන්නවා ඇති. ඒ උනාට දොට්ට දාපු ජනදිපතිගේ පොටෝ එක එල්ලන් ඔතන ඉන්න අය, පදවියේ සිටින ජනාධිපතිතුමාගේ නිල ඡායාරුපයට අගෞරවයක් කරා කියා අපට නම් හිතෙනවා.......(බ)
ඹය වාචාල කමට කෑ ගහන කාට කාටත් අද නිදහසේ සැරිසරන්න ලැබුනෙ මහින්ද මහත්තයගෙ ඵඩිතර නායකත්වයට පින්සිද්ද වෙන්න සේනාධි නායකයා හැටියට විජාතිකයින්ට කොන්ද නමන්නෙ නැතිව රණවිරුවන්ට ශක්තියක් වූ නිසා යුද්ධෙ වවාගෙන කෑවනම් ඵතුමා අදටත් ජනපති (බ)
අමතක වෙන්න ඇති ගලවන්න.(හේ)
අපි ඔතනට දාමු ඔලු දෙකේ මකරෙක්ගේ පින්තුරේ..කද මෛත්‍රී මහත්තයාගේ..ඔලු කාගේද කියල කට්ටිය දන්නවනේ..(බ)
එකේ ඉන්න එයාගේ ගෝලබාලයෝ මෙයා අපහු ජනාධිපති වෙනකම් බලා ඉන්නවා ඇති. ඒකයි පොටෝ එක ගලවන්න උත්සාහ නොගන්නේ.
නිශාන්ත ප්‍රනාන්දු ඡායාරූප නෙවෙයි මහජනයාගේ දුක සහ සංවර්ධනය ගැන බලන්න.(ම)
ඕක ගලවන්න මහන්සි විය යුතු නෑ, මොකද තව මාස දෙකකින් අායිත් ලංකාවේ අගමැති හැටියට එතුමාගේ ෆොටෝ එක එල්ලන්න වෙනවා ෂුවර්. (බ)
ගැලපෙන ෆොටෝ විතරනේ එවුන් එල්ලන්නේ. නමුත් බුද්ධිමත් ජනතාවගේ හදවතේ ගරු, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ පින්තුරය ඇඳිලා ඉවරයි. (බ)
අැයි තව මොකටද මකරු. ෆොටෝ එල්ලගෙන පාරවල් වලට නම් දාගෙන වැජඹෙන්න ආසාවක් මෛත්‍රීපාල මහතාට නෑ (බ)
ඔය පින්තූර එල්ලීම ලෝකයේ දියුණුයි කියා සැලකෙන කිසිම රටක කරන්නේ නැති දෙයක්.(ම)
නන්දලාල් - ප්‍රංශය, පඹයෙක්ගෙ පින්තූරයක් ගැහුවනන් පදවියේ සිටින ජනාධිපතිතුමාගේ නිල ඡායාරුපයට අගෞරවයක් වෙන්නෙ නෑ.(බ)
ශාන් සෞදි වල ඉදල මෛත්‍රීපාල මහතාට ලකුණු දානවා..පව්....ලංකාවට එන්න ඇවිල්ල බලන්න මොකද රටට කරලා තියෙන්නේ කියල..(බ)
ඕකට කියන්නේ මෝඩකම....තාමත් පරණ අදහස් වල ඉන්නේ (නි)
එතුමාගේ ඡායාරූපය ඉවත්කළා කියලා හිත්වලින් ඉවත්කරන්න අමාරුයි (නි)
එතුමා හැමදාමත් කළගුණදත් ජනතාවගේ හිතේ සදාකල් ඉන්නවා (නි)
අනේ මෙහෙම ලැජ්ජා නැති මිනිස්සු! 62 ලක්ෂයක ජනතාවට විරිත්තනවා. (නි)
ලැජ්ජා නැහැනේ තවමත් හැබෑට? (නි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ තත්වයත් ඕකමයි. (ස)
යහපාල කොහොමත් දැන් ඉන්නේ මකරෝ තමයි. අත් ගොඩයි. කටවල් ගොඩයි. වටේ ඉන්නේ ඔලු නැති උන්.(බ)
අද රටේ නායකයා ට තියෙන්නේ කදක් විතරයි..හිස අනුන්ගේ..එහෙම එකක් හදල ඔතන ගැහුවනම් ලස්සනට තියේවි..(බ)
මහරගමත් එහෙමම තමයි (බ)
එතුමා අමතක කරන්නේ එල්ටීටීකාරයෝ විතරයි. (ත)
ශාන් මහත්ය දන්නා බම්බුව,,දුෂිතයි කියන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂේ මහලේකම් හැටියටත් කැබිනට් ඇමති කෙනෙක් හැටියටත් අන්තිම මාස දෙක වෙනකම් ඉදල අගමැතිකම නොලැබීමේ තරහ පිරිමහන්න ගිය මනුස්සයගේ අසාවන් ගැන පෘතග්ජන අපිටනම් වැටහීමක් තියෙනවා රහත් වුණු ඔහෙලට වඩා..දින 100න් වෙස්සන්තර වෙන්න කරන්න බැරි ප්‍රයෝගික නැති පොරොන්දු දාහක් දීල මිනිස්සු රවට්ටලා බලයට ආපු මනුස්සය තමන්ට අයිති නැති තමන්ට අකමැති ලක්ෂ 58ක ජනමතය සභාපති පුටුවක බලෙන් වාඩි වෙලා තර්ජනෙන් ගර්ජනෙන් මංකොල්ල කන්නේ අසාවන් ප්‍රහින කරල නිසා වෙන්න ඇති...අනේ අපි නොදන්නා උන්දැගෙ දේශපාලනේ..(බ)