නිට්ටඹූවේ සිට කිරිබත්ගොඩ දක්වා පැමිණි ජන සටන පාද යාත්‍රාවට කඩවත ඉඹුල්ගොඩ ට්රැක්මෝර් මංසන්ධියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර සිට කඩවත දක්වා දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබෙන අතර විශාල ජනකායක් සමග පාද යාත්‍රාව දැන් කිරිබත්ගොඩට ළඟාවෙමින් තිබේ.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද





COMMENTS
නමට පාද යාත්‍රා, යන්නේ වාහනෙන්, අනේ පව්.! (ර)
තියෙන්නේ අවවාද දෙන අයගේ චරිතය පිළිබද ප්රශ්නය? (ර)
පරාක්‍රම දැකලා නෑ... කෑගල්ලේ අපි සෙනග හොදට දැක්කා.... (ර)
පරාක්‍රම, කියවන්න දන්නේ නෑ වගේ... ලියලම තියෙනවා නේද විශාල ජනකායක් සමග කියලා. ඇත්ත දකින්න ආස නැති කෙනෙක්ද කොහෙද.? (ර)
මට මහලු වයසේ... බැරිය වෙන ගායනා පෙර සේ... පයින් ඇවිදලා පුරුද්දක්වත් නැති මේගොල්ලෝ කාවද මේ රවටන්නේ? (නි)
පට්ටම සෙනගක් අප්පා (අ)
පරාක්රමගේ ඇස්දෙක පේනවා අඩු වෙලා වගේ. (අ)
තණකොළ මිටි එහෙ නැ වගේ (අ)
ජනතාව වෙනුවෙන් හිරේ වුනත් යන්න ලෑස්තියි කිව්වට හැතප්මයක් වත් පයින් යන්න බැහැ. එකපාරට අතුරු දහන් වෙලා. කොළඹට අපු ගමන් පෙනී සිටිනවා ඔයවගේ ඒවාට කවුද කියන්නේ. පද යාත්‍රා කියලා ඕවට කියන්නේ අහස් යාත්‍රා කියලා පෙනී නොපෙනී යනවා යනගමන් දානේටත් වදිනවලු නේද . මහා කකුළුවෝ පොඩි එවුන්ට. කෙලින් යන්න කියලා දෙනවා. (අ)
අම්මෝ බයේ බැහැ. දැන් පළවෙනිදා හවස ද මහින්ද මහත්තය අගමැති වෙලා දිව්රුම් දෙන්නේ? (අ)
මැක්කා ඇගේම එල්ලිලා ඉන්නේ හැම තැනම. කහපාට ඇදල ඉන්නේ මැක්කා (අ)
හිටපු ජනපති තුමනි ඔබට අපි අදටත් ගරු කරමි එහෙත් ඔබ දෙපසින් සිටින අයනම් ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය නෙවේ .ඔබ තුමාගේ ගෞරවය නැති කරන්නේ ඔය වටේ ඉන්න අය වැරදි හදාගෙන ඉදිරියට යන්න ජනතා බහුතරය වෙනදා මෙන් පාට වැළදගෙන නැහැ (අ)
සම්පත් පතිරණ, අරක්කු, බියර්, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි කාල පිස්සු නටන්න ආපු අයව හොඳට දැක්ක නේද (අ)
සෙනඟ පෙන්නලා ඡන්ද දිනන්න බැරි බව අපි දැන් දෙවතාවක්ම දැක්කනේ.(අ).
සෙනඟ නම් මොනවද (අ)
රතුපස්වලට හැරෙන බැලුම්මහර හන්දිය මගහැර යන්න මහින්ද මහතා වගබලා ගත්ත එහෙනම් .(හේ)
මේ ආණ්ඩුව බයවෙලා තියෙන තරම පේනවා නේද? (නි)
පාද යාත්‍රාව ඇහින් දැක්ක කෙනෙක් විදියට මට කියන්න පුළුවන් කිලෝ මීටර් 3කට වඩා සෙනගක් ගමන් කල මේකේ,වර්තමාන ආණ්ඩුව සමග ජනතාව විශාල වශයෙන් කලකිරිලා ඉන්නේ (අ)
කෑගල්ලේ කොයි වේලාවේද සෙනග නැත්තේ? එකනේ විකල්ප පාරකුත් හැදුවේ..මේවා ඉතින් සෙනග දැකල නැති බයියලට මැජික්.සමහරු පාදඩ යාත්‍රාවේ යන්නේ සෙනග ඉන්න නගරවල විතරයි. අනිත් වෙලාවට වාහනවල.(අ)
මහින්ද මහත්තයෝ මට ඔබතුමා ගැන අවන්කවම දුකක් ඇතිවෙනවා. අසුව දශකයේදී ඔබතුල ජීවත්වූ ඒ සොඳුරු - සරල මිනිසා මියගියේ කෙසේදැයි මට සිතාගන්නවත් බැහැ. ඔය දිවිල්ල නතරකරලා ටිකක් තනිවෙලා අතීතය මෙනෙහි කරන්න. (අ)
එයාලා උඩින්, අපි පයින්. එ්කත් හරියට අර කොටඅදින අලියි, පෙරහරේ යන අලියි වගේ තමයි. වෙනසක් නැහැ. (නි)
අනුරාධ ඔය කියන විදිහට මේ පාද යාත්‍රාව නිසා ආණ්ඩුවට බියර් වලින් සෑහෙන ආදායමක් ලැබෙන්න ඇති..... නිකන් මෝඩ කතා කියන්න එපා...(අ)
ජය වේවා මොකද කට්ටිය බය වෙලාද (අ)
දුෂ්ට පාලනය පෙරලා දාමු කොළඹට හෙට අපි එනවා (අ)
හොඳා සෙනග හිටියම කියමුකෝ. ඉතින් ඊට පස්සේ ? (බ)
සමහරු නන් දොඩවනවා. මහින්දට විරුද්ධවුණාට කමක් නැහැ, ඇත්ත ඇතිසැටියේ දකින්න පුලුවන් නම් හොඳයි. පරාක්‍රම, මොකද බයවෙලාද සෙනඟ දැකලා? චතුරි හිතේ අමාරුවෙන් වගේ ඉන්නේ. ගෙවුණු අතීතය ඔච්චර ඉක්මනට අමතක වුණාද? (නි)
මහින්ද මහත්තයාට මෙතරම් මිනිස්සු ඉන්නවා නම් ඇයි හිටපු ආණ්ඩුවේ හොරු ටික විතරක් එතුමාව වටකරගෙන ඉන්නේ? මේකෙන් දෙයක් මිනිසුන්ට තේරිය යුතුය (නි)
වැට් වැඩිවෙද්දි, සාලාව ගිනි ගනිද්දි , ආයුධ මුහුදට දාද්දි, යාපනේ ඔළු පලපු අයට ක්ෂණිකව ඇප දෙද්දි, කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි, බැඳුම්කර වංචාව වෙද්දි සද්දයක් නැති අය මෙන්න බොලේ පාද යාත්‍රාවට එළියට බැහැලා?? (නි)
මට මහලු වයසේ - පයින් ගමන් යනු කෙසේ - එබැවින් සන්තෝසේ - අතරමඟදී එක්වෙමු මෙසේ... (නි)
මෝටර් රථ සහිත යාත්‍රාවක් වගේ මේක (නි)
මේ මොන පාද යාත්‍රාවක්ද? නායකයෝ වාහන වල නැගගෙන. අහිංසක මිනිස්සු සැතපුම් ගණන් පා ගමනින් යනවා. ආනමඩුවේ මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව මහත්මය වරක් කතරගම සිට ආණමඩුවට තනිවම පයින් ආවා. දෙපයට සෙරෙප්පුත් නැතුව. යටි පතුල් වල දියපට්ට මතුවෙලා තිබුනා. එතුමා එහෙම ආවේ ආණ්ඩු පෙරලන්න නොවෙයි. ආනමඩුව ගම් උදාවට සල්ලි හොයන්නයි. වෑයම සාර්ථක වුණා (නි)
සම්පත් පතිරණ, ඔයාගේ මුල් අදහසට මෙතන කී දෙනෙක් ප්‍රතිචාර දක්වා තියෙනවද? කවුද මෝඩය කියලා දැන්වත් තේරුම් ගන්න. (නි)
මහින්දගේ අපල කාලයක් වගෙයි. අනේ කොහොම ඉන්න පුලුවන් මනුස්සයෙක්ද මේ? (නි)
මේ ගොල්ලන්ට තැඹිලි වතුර තේ හැන්ද හැන්ද දුන්නා නම් හොඳයි. පවු! දකිනකොට දුකයි (නි)
හොඳයි හොඳයි කොලෙස්ටරෝල් පුච්චන්න, කාලා කාලා හරහට මහත්ත්වෙච්ච අයට. (ර)
පාද යාත්‍රාව කිව්වට යන්නේ වාහනවල නේ... (ර)
බාධක මැද ඉමහත් සෙනගක්. (ර)
සූගාල දාහක් විතර ඇති විශාල ජනකායක් හිටියද අනේ ? ඉතුරු ටික නොපෙනෙන නිසයි ඇහැව්වේ. (ර)
කුහකයන්ට ඇත්ත පේනවා අඩුයි (නි)
මේක කවුරු කොයි විදයට දැක්කත්, ඕන ඕන විදියට කටයුතු කරන නායකයන්ට මේවගේ දේවල් වලින් හොද අවවාදයක් ලැබෙනවා. ඔය විදියට තමයි විප්ලව ඇති වෙන්නේ. (ර)