(අංජුල මහික වීරරත්න)
කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන අවස්ථාවේ රට වසා තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මැදිහත්වීම ම විශාල පින්කමක් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (1) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහි කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වැඩ වසන නාරාහේන්පිට අභයාරාමයේ දී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම විශේෂත්වයක් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ලැබූ පරාජයත් සමඟ දේශපාලන කටයුතු ඇරඹූයේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්දෙයියනේ මුල්ලේරියාව විශ්ව විද්‍යාලයට ජපන්නු ගුවනින් බෝම්බ අත ඇරලද මන්ද...කිසිදු සද්දයක්වත් ඇහුනේ නැහැ.. එත් ඒ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න මේ සරසවි සිසුන් කොහොමද පාරේ මේ විදියට වොයිස් කට් දෙන්නේ....?
ජයවේවා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවොත් දැන් දැන් වෙනසක් පෙන්වන්නේ මේ නිසා වෙන්න ඇති.සජිතුත් එකතුවුනොත් ගොඩම තමා
කවුද මේ
හාමුදුරුවෝ 2015දී ගත්තේ වැරැදි තීරණයක් බව උන් වහන්සේම කියනවා. මගේ අනාවැකිය නම් 2021දී උන් වහන්සේ හදන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ...
දැන් රනිල් ලොක්කා පාර්ලිමේන්තුවට ආවේ ආණ්ඩුවට උපදෙස් දීලා කොරෝනාව පාලනය කරන්නයි කියලා නේද ආවේ..? දැන් එයා ආවෙන් පසුව තත්වය වැඩි වුණානේ....
ඇවන්ගාර්ඩ් මහත්තතය මෙයා ට උදව් කරනවා ඇතිනේ.
එතකොට බුදුහාමදුරුවෝ මොන පක්ෂේද.?
පන්සල් වලට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. පල්ලි වල එහෙම බැහැ. පල්ලියට විරුද්දව වැඩකළ කෙනෙකුව පල්ලිය බාරගන්නේ නැහැ.
එකම ඉරෙන් තමයි රේස් එක දුවන්න පටන්ගන්නේ... එ්ත් දක්ෂයා තමයි ඉස්සර වෙන්නේ. නොණ්ඩියන් පරදිනවා...