ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට සැපැත් වූ අද (13) දිනයේ කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වි නොසිටියේය.
මෙම අවස්ථාවට පැමිණෙන්නැයි දන්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කළේ ඉකුත් 09 වැනිදාය. ඒ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරටට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ හෙයිනි.
හිටපු ජනපති එම අවස්ථාවට නොපැමිණියද අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් පාප්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා උතුම් මිනිහෙක්. වසර 5ක් යන්නට පෙර එතුමා අමතක කල කෙලෙහි ගුණ නොදත් අය වැඩිපුර සිටින තැනක ඔහු නොසිටිය යුතුයි. ඇරත් එකට කාගෙන බීගෙන ඉදල කාලයක් පූරා කුමන්ත්රණය කරලා රහස් සියල්ල පිටට දුන් ජුදාස්ලා සිටින තැන ඔහු නොසිටිය යුතුයි. ඔය ඔක්කොම ගියත් අපි එතුමා සමග ඉන්නවා. අපි හොද සිංහල බොදු ලේ ඇති අය (නදී)
දැන් ඉන්න ඇමති මණ්ඩලේ බොහෝ දෙනෙක් 1977 සිට 1984 දක්වා සිටි අය හෝ හිටපු ඇමතිවරුන්ගේ පුත්තු. අනේ මන්දන්නෙනෑ වෙනසක් කියන්නෙ මේකද කියල. මහින්ද පරාජයට පත්උනේ යූඇන්පියට නොවෙයි. තමන් සභාපතිධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒක කුමන්ත්‍රණයක්. යහපාලනය ගැන කියන්න තවම කල් මදි. (බ)
මෙතුමා ඔබ සිතන තරම් සුබවාදී පුත්ගලයෙක් නොවෙයි (නදී)
මහින්ද ට ආරාධනා කරලා නැහැ (නදී)
අශෝක,ඔයාට හරියටම විශ්වාසද ඔයාගේ කතාව? පොඩි ළමයෙක් වගේ මොනවද මේ කියන කතා (නි)
එක් පැත්තකට කඩේ යනවා කියලා චෝදනා කරන අය තමන් කරන්නේ මොකක්ද කියලත් හිතුවොත් හොඳයි. (නි)
මම නම් කියන්නේ එතුමාටග් පුද්ගලික තීරණ වලට බලපෑම් කරන්න අපිට බැහැ (නි)
ලසන්ත කුමාර, බන්දුල අදෘශ්‍යමානව වෙනත් නම් වලින්, එසැණහි තවමත් සැරිසරනවා. විශ්‍රාම ගත්තට යන්න හිත නැහැ අර කවුද වගේ. (නදී)
මොකද මේ බන්දුල මහත්තයා පේන්න නැත්තේ ?කොහේ හරි රටකටවත් පැනලද?අනේ පව් (බ)
වසර හයසීයකට පසුව රට එක් සේසත් කල නිසා ඔය නිදහස බුක්ති විදින්නේ. මහින්ද නොහිටින්න අද රටක් නෑ මෙයාලට පිනුම් ගහන්ට. එතුමා සිහසුනෙන් බැස ගිය රජ කෙනෙක් (නදී)
කුමාර්, එය වෙනස්විය යුතුයි. (නි)
රට නිදහස් කරල දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අමතක කරන්න ඒපා. (නදී)
තවමත් සමහරු තරඟයට පොරකනවා. (නි)
ආවත් ඒකටත් ඉතින් මොකක්හරි කියයි (නි)
ඔහොම ඉදිරියට යමුකෝ. පෙරහරේ කලින්ම එන්නේ කසකාරයෝනේ. දින 4 කින් උතුරේ පළාතේ ආණ්ඩුකාරයාවත් මාරුකර ගත්තා. මේකට තමයි වෙනස කියන්නේ. ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් ටිකට බලාගන්න ලැබේවි. (නි)
තේරුම්ගතයුතු වෙනස මෙතනින් පෙනෙනවා. (නි)
අපරාදේ! එතුමාට එන්නයි තිබුණේ.... (නි)
ඕකට තමයි කියන්නේ වෛරීය දේශපාලනය කියලා. (නදී)
එන නොයන එක එතුමාගේ පෞද්ගලික කැමැත්ත (නි)
ලංකාවේ සහජීවනය ඔප්පු වන අවස්ථාවක් (නදී)
අපේ මහා ලොකු සිංහලයාගේ වැදගත් කම මේකෙන්ම පේනවා. (හේ)
ආගම හා විදේශ සම්න්ධතා සම්බන්ධයෙනුත් කන් කොන් සොයන්න ගියොත් තමන්ටම නේද පාඩුව ? ඔය අනෙක් කට්ටිය යසට තමන්ගේ ආගමානුකුලව ඒ කටයුතු ඉෂ්ට කරගෙන තියෙන්නේ. (හේ)
මෙයයි වෙනස... (නි)
අශෝක, මම නම් ඒක වෛරී දේශපාලනයක් විදියට දකින්නේ නැහැ (නි)
එතුමාට මේ දවස් වල වැඩ රාහියක් තිබෙනවා (නි)
අශෝකලා වගේ අය තමයි අද කාලේ වැඩි (නි)
ඉස්සර අපිට කිව්වා වගේ දැන් බන්දුල පෙරේරාට දත්මිටි කකා ඉන්න වෙලයි තියෙන්නේ.අපි අපේ ගමන ලස්සනට යනවා. (නි)
ඉස්සර අපිට කිව්වා වගේ දැන් බන්දුලට දත් මිටි කකා ඉන්න වෙලයි තියෙන්නේ. අපි අපේ ගමන ලස්සනට යමු (නදී)
මහින්දට මෙතනට එන්න බැරුව ඇති (නදී)
කෝ දැන් බන්දුල පත්තරේ බලන්නේ නෑ වගේ. රජයට කඩේ ගියපු තවත් සල්මන් ඛාන් කෙනෙක්නෙ එයා (නදී)
අනිල් ඒ කියන්නෙ ඔයා සිංහලයෙක් නෙමෙයි නේද?. (නදී)
පහුගිය දිනවල සිදු වෙලා තියන දේත් එක්ක මුණ දෙන්න ලැජ්ජාවක් ඇති. (නදී)
බන්දුල මහින්දට කඩේ ගිය, ලසන්ත කුමාරලා දැන් මෛත්‍රීට කඩේ යන්නකෝ එතකොට හරි (අ)
කවුරු නිල උත්සවයට ආවේ නැතිවුණත් රනිල් එයාගේ යුතුකම ඉටුකළා මහත්මයෙක් වගේ. (නි)
මහින්ද මහත්තයා මංගලට, ශ්‍රීපතිට, ජේ.වී.පී එකට කළගුණ සලකපු හැටි අපිට හොදට මතකයි (නදී)
කුමාර ඔයගොල්ලන් කියන්නේ දැන් ඉස්සර රජ දවස වගේ අපේ රටේ රාජ වංශයක් ඇති වෙන්න ඕන කියලද ? ජනතාව කැමති හෝ අකමැති හෝ පියාගෙන් පුතාට එහෙමද ? මහින්ද මහතාම තමයි කිව්වේ තමන් රටේ තාවකාලික භාරකාරයා. කියලා. එතුමාම තමයි ඡන්දයක් තියලා, වෙන කෙනෙක් පත් කර ගන්න ප්‍රජතාන්ත්‍රිකව අවස්ථාව දුන්නේ. ඒ නිසා නිකන් මෝඩ රාජ කතා කියන්න එපා. අපිට තිබෙන්නේ සිංහාසනයක් නෙවෙයි. රටේ ප්‍රධාන රාජ්‍ය සේවකයාගේ ආසනය. කවුරුවත් මහින්ද මහතාව බලෙන් පැත්තකට තල්ලු කලේ නැහැ. ඔයගොල්ලන් කැමති ඇති ආයෙත් අර වැඩ වසම් යුගයක කඹුරමින් ජීවත් වෙන්න. අපි නම් කැමති නැහැ. එච්චරයි. (නදී)
මහින්ද මැතිතුමනි ඔබට රටේ 57% ඡන්දය දුන්බව අමතක කරන්න එපා. අප තාමත් ඔබ සමගයි. ඔබතුමා අප වෙනුවෙන් 57% ඡන්දයක් ඔබට දීපු ජනතාව වෙනුවෙන් නියෝජිතයා විය යුතුය (නදී)
දැන් සළුවඩන නිලමෙලා පැන් වැඩන නිලමෙලා ප්‍රශස්ස්ති කියන වන්දිභට්ටයෝ නෑනේ. (නදී)
ඒ විදියට කියන්න එපා මහින්ද මහත්තයා දිනලා දීපු නිදහසි අද කට්ටිය බුක්ති විදිනවා නේද ඒක මතක තියාගන්න. මුල අමතක කරන්න එපා (අ)
ප්‍රභාකරන් කියලා තිබුනෙ සිංහලුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සතියක විතර කාලයක් කියලා. නැත්නම්,රටට නිදහස ගෙනදුන් නායකයාට මෙහෙම ප්‍රතිචාර දක්වයිද? දිනු මහින්දට වඩා පැරදුනු මහින්දට ගොඩක් කට්ටිය බයයි වගේ කියලා දැනෙනවා (නි)
වෛරීය දේශපාලනය නොව මෙය වැදගත් දේශපාලනයකි.එතුමා ආරාධනා කළේ රටේ නායකයා විදිහට. එතුමා දැන් නායකයා නෙමෙයි. දැන් නායකයෝ ඒවාට ගියාම ඇති.කට්ටියට මහින්ද නැතුව දැන් 'අප්සට්' වගෙයි.ඔහොම නෙමෙයි, තව ඉදිරියට තවත් තේරෙයි. (නි)
ඔය දිවවල් ආයෙත් අනිත් පැත්තට නැමෙන දිනය වැඩි ඈතක නොවේ. මිනිස්සු ඕවා දැන්වත් නවත්තලා වැඩකරන්න. එතකොට රට ඉබේ හැදෙයි.(හේ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ හමුදාවට පින්සිද්ධ වෙන්න මරණයට බයනොවී මව්බිමේ ජීවත්වෙන්න පුළුවන්.ඇයි එතුමා කළ දේවල් ගැන කියන්නේ නැත්තේ? (නි)
අශෝක රළපනාව, ඔබ කෙසේද කියන්නේ වෛරීය දේශපාලනය කියා. ඔබලා ඒ ඇසින් බැලුවොත් ඔබලා තමයි වෛරීය කරන්නේ. මහින්ද මැතිතුමා තමයි පාප් වහන්සේට අාරාදනා කලේ. ඇම දෙයක්ම දේශපාලන ඇසින් බලන්න එපා. (නදී)
රේණුක, බන්දුල මෙතන ඉන්නවා. වෙනත් නම් වලින් අමුතුම භූමිකාවක් රඟ දක්වනවා. (නදී)
රේණුක මහත්මයා, බන්දුල මේ දවස් වල ආප්ප කනවා. (නදී)
මොනා උනත් මහින්දට දොස් කියනවට අපි විරුද්ද වෙන්නේ එතුමගේ වීරකම නිසා (නදී)
ඔය කව්රු මොනවා කිව්වත් කිසිම දෙයක් හරියට දන්නේ නැතිව කියවල වැඩක් නැහැ. ඒවා දන්නා බුද්දිමත් මිනිස්සු දන්නවා. (නදී)
ගිය දේවල් අත් හරිමු. ඉදිරිය ගැන හිතමු (නදී)
මහින්ද මහත්තයට ආරාධනා කරලා තියෙන්නේ හරියට හත් දවසේ දානයකට ආරාධනා කරන විදිහට. (නදී)
සමහර අදහස් ගැන නම් ඇත්තටම දුකයි (නි)
මහින්ද මහතා මුල්වෙලා මේ රටේ යුද්ධය නැතිකරලා රට සාමකාමී රටක් නොකළා නම් පාප්තුමා මේ රටට අද මේ විදියට එන්නේ කොහොමද? (නි)
මහින්දට මේ තත්වය දරාගන්න බෑ (නදී)
මහින්ද මහත්තය අාවේ නැත්තේ වෛරයකට නෙවෙයි. මොනවා උනත් එතුමා නේ පාප් වහන්සේට ආරාධනා කළේ. කාට උනත් අභිමානය කියල දෙයක් තියෙනවා නේ. අපි කව්රුත් පෘතග්ජන මිනිස්සු නේද ? ඔතෙන්ට ගිහින් දෙවෙනි තැනට වැටෙන්න එයාට හිත දෙන්නේ නැතිව ඇති (නදී)
මම නිර්මාණ සමග එකගයි. කවුරු කවුරුත් මුල අමතක නොකර ඉදිරි වැඩ කටයුතු හොදින් කර ගෙන යමු. (නදී)
අපේ හිටපු ජනපතිට ලංකාවාසී අපි සියලු දෙනා පක්ෂ බේද නොතකා සැමදා ගරු කරමු (නදී)
අශෝක වගේ අය ඉන්න රටකට ඉදිරියට යන්න බැහැ. පාප්තුමාගේ සංචාරයත් පාට කණ්ණාඩියෙන් බලන්න එපා (නි)
සංජයගේ අදහස මම අගය කරනවා. (නදී)
මෙහි අදහස් දක්වා ඇති සියලු දෙනාටම පිස්සු (නදී)
නිර්මාණ සමඟ මම දහස්වාරයක් එකඟයි. ප්‍රභාකරන් කියලා තිබුනෙ සිහලුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සතියක විතර කාලයක් කියලා. නැත්නම්,රටට නිදහස ගෙනදුන් නායකයාට මෙහෙම ප්‍රතිචාර දක්වයිද? (නි)
මහින්ද රට බේරගත්තට රටේ දුෂණය වපුරලා ගියේ. පුළුවන් තරම් රට කාලා ජාතිවාදය අවුස්සලා පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්න. දුෂණ වංචා කොමිසමෙන් හෙට අනිද්දට විභාග කරයි. එතකොට බලමු (නදී)
එතුමා නැත්නම් පාප්තුමා මෙහෙ එන්නේ නැහැ නේද? ආවේ නැත්තේ කුමක් හෝ හේතුවක් මත වෙන්න ඇති (නි)
තාක්ෂණයෙන් දියුණු ලෝකයේ නිල්, කොළ, රතු ජාති කුල ආගම් කණ්ණාඩි සියල්ලම පසෙකලා ස්වාධීන මනසකින් අන්තර්ජාලයේ සැරිසැරුවහොත් බොහෝ කරුණු සොයාගත හැක (නි)
අපේ ලොවේ රජ්ජුරුවෝ ඔබ පමණයි පියාණනි (මහින්ද මහත්තයා නියම සැබෑ වීරයෙක්) අපි සැමදා ඔබ සමඟයි. (ර)
අපේ ලෝකේ රජ ඔබයි පියාණෙනි (බ)
නිහතමානීව පරාජය පිළිගෙන හිත හදාගන්න බැරිවූ නිසයි නාවේ. (නදී)