හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරයි.
නන්ද සිරිවර්ධනගේ උපන් දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් පළ කරයි. යෝග ගුරු සිරිවර්ධන සමග තම පියා සිය 70 වැනි උපන්දිනයට පසුදා යෝග ව්‍යායාම් කරද්දී එම පින්තූරය ගත් බවත් නාමල් කියයි.
සිරිවර්ධන, නාමල්ගේද යෝග ගුරුවරයායි. එම ගුරුවරයාගෙන් තම දරුවනටත් යෝග ව්‍යායාම් ඉගෙන ගත හැකි වෙතියි නාමල් පැතුමක්ද ඉදිරිපත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසුම්ලා වගේ ගොඩක් අය බලන් ඉන්නේ මහින්ද මහතාගේ බෙල්ලට තොන්ඩුව දානකන් තමයි..ගුණ මකුවෝ (බ)
මනසින් මෙතුමා වැට්ටවිය නොහැකි බව ඉතා පැහැදිලියි .(ම)
නියම මගට එන්න කරන මෙම උත්සාහය අගය කළ යුතුයි. (බ)
ආවඩා ආයුබෝ වේවා! (බ)
පහලට බැහැපු මොලේ ආපහු ගන්න වගේ ට්‍රයි එක (ම)
කුසුම්.ඔබගේ අදහස දැකල මට බකස් ගාල හිනා ගියා.එහෙම තමයි සිද්ද වෙන්නේ.දැන් කරන්නේ පෙරහුරුවක්.(බ)
සිංහල ජාතිය බේරාගත් අපේ එඩිතර හිටපු මහරජාණනි ඔබට හිසනමා ආචාර කරමි (ම)
ටික දවසකට හරි ඔහොම ඉන්න එක හොදයි.(හේ)
මෙතුමා අමතක වෙලා දැන් කට්ටියට කරපු සේවය (ම)
අයියෝ මහින්ද මහත්තයෝ බලාගෙන. ඔබතුමාගේ වයසත් එකක් ඔය යෝගී හරියන්නේ නෑ.(හේ)
අනි කොහොම හිටිය එක්කෙනද? (ම)
අල්ල ගන්න ඔන්න වැටෙන්නයි යන්නේ.(හේ)
හරියට හොද කොමඩි ච්ත්‍රපටයක් බැලුවා වගේ.....තාමත් හිනාව නවත්වගන්න බැහැ.(හේ)
මෙහෙම දැක්කම දුක හිතෙනවා.(හේ)
කුසුම් ගේ නම කුසුම් උනාට හිත අපිරිසිදුයි (බ)
ඔතනින් බැස්සුවේ කන්ටේනර් එකක් ගෙන්නලා ද දන්නේ නැහැ (බ)
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරන්න සල්ලි තියෙනවද? (බ)
නිරෝගීව, ක්‍රියාශීලීව ජීවත්වෙන්න නම් මෙවැනි ව්‍යායාම කරන එක කාටත් හොදයි. අඩු තරමේ ගෙදර දොරේ වැඩ, කැත්තෙ උදැල්ලේ වැඩ. (බ)
ඔබතුමා උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා (ම)
ආයුබෝ වේවා! (ර)
නියමයි මහත්තයෝ.(හේ)
අපිට නම් මෙතුමාව රටක් වටිනවා.ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපේ ආයුෂත් අරගෙන ජීවත්වෙන්න ඕන .(හේ)
මේක තමයි තාත්තගෙයි පුතාගෙයි රහස (බ)
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.(හේ)
මගේ සිහියට එන්නේ රුසියාවේ පුටින්. ලෝකයේ සියලු නායකයෝ සමානයි තනි පුටින්ට. මට හිතෙන්නේ ඔහුට දුරින් හෝ එක මාර්ගයේ ගියේ මහින්ද විතරයි. ඔබට සහ අපට කෙදිනක හෝ ජය. (හේ)
අය වැයට එන්න බැරි වුනෙත් ඕකේ එල්ලිලා ලිහා ගන්න බැරිව ඉදලලු.(හේ)
මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගිහිල්ලා අනාගතයේ ඉන්න වෙන්නේ මෙහෙම තමයි ,,(හේ)
වයස අවුරුදු 70ට ඔහොම ඉන්නවා කියන්නේ කොච්චර ශක්ති සම්පන්නද?(හේ)
දැන් ඉදිරියටත් ඔහොම තමයි ඉන්න වෙන්නේ.(හේ)
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.(හේ)
බලාගෙන! කඹය ගැන සෙවිල්ලෙන් ඉන්න (නි)
මහින්ද ජනාධිපතිතුමා මොනවා වුනත් මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ පාලනයේ තිබුන අදූරදර්ශි බව නිසා මේ රටේ ජනතාව එතුමාව ප්‍රජාතන්ත්‍රවාදීව බලයෙන් ඉවත් කළා. නමුත් මේ ඡායාරූපයේ කතාව ඊට වෙනස්. දැන් කාලේ ඉන්න නව යොවුන් තරුණයෙකුටවත් මෙහෙම විනාඩියක්වත් ඉන්න බැහැ. ඒ අතින් බලපුවහම මෙතුමා නිරෝගිමත් ජව සම්පන්න සිංහලයෙක්. (හේ)
සියක් ආයූ ලැබ මගෙත් ආයූ ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.. !!!.(හේ)
දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ඔය දේ හරි කරමු.(හේ)
කොහෙද ලංකාව දැන් රජවරු ඉන්නේ ? තවත් මෝඩයෝ ඉන්නතුරු සමහරු හිතාගෙන ඉන්නෙනම් රජ වුණා කියල තමා. එ්ත් පොලවට වැටුනම තමා මෝඩකම දැනෙන්නේ. (බ)
මේ වගේ බොරු වැඩ හින්දා තමයි මහින්ද මිනිසුන්ට එපා වුනේ. (හේ)
රට ගලවාගත් මේ අපූරු උත්තම මිනිසාට මගේ උපහාර දීර්ගයුෂ ලැබේව නැවත රට බාර ගන්න එන්න (හේ)
මොලේ ඔලුවට ගෙන්න ගන්න කරන්න තියෙන අන්තිම දේ (හේ)
තමුන්ට කරන්න බැරි නම් අනුන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න..(හේ)
ප්‍රශංසා වගේම කප්පරක් නින්දා විදීමට දැනුත් සිදුවන්නේ තමුන්ගේ අතින් සිදුවුණු අකටයුතුකම් නිසා කියලා වැටහුනොත් අපි කාගේත් වාසනාව. ඇත්තටම අවංකවම වැරදි පිලිගත්දාට සහ තම වට සිටින වැරදි කරන මිනිසුන් ඉවත් කල දවසට අපි නැවතත් ඔබ තුමාට නිසි තැන දෙන්න නොපැකිලි වෙන්නේ නැහැ. (කෞ)
අනේ මන්දා මහින්ද මහත්තයත් කරන වැඩ.(හේ)
මෙතුමන්ට දීර්ගායු වේවා..! (කෞ)
මෙතුමා ඔලුවෙන් හිටියේ ඉස්සර ජනාධිපති වෙලා ඉන්න කාලෙනේ ..දැන් ඉතින් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න නිසා ..වෙන්නැති පරණ පුරුද්දට දැන් ඉඳල හිටලා හරි යෝගී වලට හරි ඔලුවෙන් හිටගන්න හදන්නේ. (බ)
නැවත වැඩ බාරගන්න ගත සිත ප්‍රබෝධ කරගන්න (බ)
ප්‍රීති ප්‍රීති (කෞ)
අනෙක් නායකයෙකුට වඩා ඔබ අපිට ගොඩක් වටිනවා. අඩුපාඩු හදාගෙන ජනතාවට නායකත්ව දෙන්න. ඔබට ජය නායකයාණෙනි! (බ)
අවුරුදු 27 කොල්ලෙක්වගේනේ නියමයිනේ (බ)
හැමෝගෙම අඩුපාඩු තියෙනවා. හොඳ වගේම නරකත් තියෙනවා. අන්ධ භක්තිකයො වගේ වෙන්නෙ නැතුව හොඳ වැඩ අගයන්නත්, නරක වැඩ විවේචනය කරන්නත් හුරු වෙන්න ඕනෙ. (කෞ)
එතුමාගේ බලය ශරීරයෙන් වුනත් පේනවා. ඒ වගේ ප්‍රබල නායකයෙක් රටට අහිමි කළ මෝඩ මිනිස්සු මොනවා කිව්වත් තවමත් අපේ නායකයා. ඔහුට ගුරුහරුකම් දෙන්නෙත් ලංකාවේ ඉන්න ප්‍රබලම කරාටේ උපදේශකවරයෙක් . ඒ නිසා කාවවත් හැල්ලුවට ලක් කරන්න එපා. (බ)
ලෝකෙටත් නැති තමන්ටත් නැති උදවිය ඉන්න රටක මෙයා කොන්දක් ඇති නායකයෙක්. (කෞ)
සිංහලයට දීර්ඝායුෂ.මෙතන අදහස් දාල තියන කුහක අය මෙහෙම හිටියොත් බාන්න වෙන්නේ කටු ටික. (බ)
මේ කොමන්ට් බැලුවම ඉර්සියා කාරයොත් ඉන්නවා , ඒ යහපාලනය පත්තියන් වෙච්ච කට්ටිය (බ)
මෙතුමා ඔක්කම හොඳයි මහජන දේපොළවලට කරපුවානම් අනුමත කරන්න බැහැ (බ)
කුසුම් විතරක් නෙමේ .වැරදි කළ අයට දඩුවම් දෙනකම් අපි හැමෝම බලන් ඉන්නවා .හොදේ. (බ)
මහින්ද මහත්මය 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ උඩු යටිකුරු වෙලාද (බ)
කුසුම් ඔයාගේ නම වෙනස් කරගන්න. (බ)
ඔබට සියළු දෙවි රැකවරණයි! (නි)
අපේ රටට නිදහස ලබාදුන් මෙතුමාට සහ රණවිරුවන්ට තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා !!!! (නි)
ජනතාවගේ දේශපාලන දැනීම හඳුනා ගැනීම සඳහා මෙම පළ කිරීම ඉතා වැදගත්ය. රටේ රජකම ලැබීමට අවශ්‍ය කුමක්ද යන්න පළවී ඇති ප්‍රතිචාර මඟින් පෙනෙන්නට ඇත. කෙනෙක් ශාරීරික ව්‍යායාම්වල යෙදීම රජකම ලබා දීමට තරම් සිතන ජනතාව ගැන කුමක් කියන්නද? (ර)
මෙහෙම ව්‍යායාම කරන්න තමන්ගේ සිතින් මෙන්ම ගතින්ද ශක්තිමත් වියයුතුයි. මහරජාණෙනි, ඔබට දීර්ඝායු! (නි)
ජාතියේ පියාණෙනි, මිනිසුන් කෙසේ කිවුවත් ඔබ නිවැරදි බව අපි දනිමු. ඔබගේ නිරෝගී බව ජාතියේ අනාගතයි. (නි)
ඔබ තමන් ගැන සිතන්න ගත් එක ලොකු දෙයක් (නි)
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා. (ම)
ඔය ගොල්ලෝ විකාර කියවන්නේ නැතුව යෝග, භාවනා ටිකක් ඉගෙන ගෙන නිරෝගී වෙන්න හිතුවොත් නරකද? නැත්නම් 70 කෙසේ වෙතත් 40 පහුවෙද්දීම ලෙඩ්ඩු වෙලා තමන්ටම බරක් වෙනවා. (කෞ)
අපි පොඩි කාලේ ඉඳලා මේ මහත්තයව දන්නවා (නි)
ජවහර්ලාල් නෙහ්රුගේ ශීර්සාසන ව්‍යායාම පිලිබඳ වාර්තා පළ වූ විට විහිලුවට ලක්කළ බටහිර නායකයන්ට නවීන ඉන්දියාවේ නිර්මාතෘවරයා ඔහු බව අද පසක්වෙනවා ඇති. මේ චරිතය පිළිබඳවත් ඔවුන්ට ඇත්තේ ඒ හා අනුරූපී අදහසක් බව අප වැටහ ගන්නා විට කාලය ඉකුත් වී නොතිබෙව යන්න අපේ පතුමයි. (කෞ)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
මෙහෙම දේවල් හැමෝටම කරන්න බැරි නිසා සමහරු ඊර්ෂ්‍යාවේ පැළෙනවා (නි)
ඔබතුමා මේ ලෙස අද සැහැල්ලුවෙන් සතුටින් සිටීම අපිටත් ලොකු සතුටක්. ඔබට ජය! (නි)
මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි වීර පුතුන් මේ ලක්මවට අවශ්‍යයි (නි)
මේ ආසනයට කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? (නි)
සමහරුන්ට මෙතුමා කළ මෙහෙම මෙතරම් ඉක්මණට අමතකවීම ගැන දුකයි (නි)
ඔබතුමාට තවත් දිරිය සහ ශක්තිය ලැබේවා! (කෞ)
යෝගී ව්‍යායාම කිරීමට මනා සංයමයක් අවශ්‍යයි. මෙතුමා මේ විදිහට තමන් ගැන සිතීම ගැන අපිට හරිම සතුටුයි. දැන් ඔබ ඔබ පිළිබඳව සිතියයුතුයි (නි)
මට නම් මෙහෙම ඉන්නවා තියා හිතාගන්නත් අමාරුයි (නි)
කුසුම්, මෙතුමා නොසිටින්න ඔය එතුමාට අදහස් දැමූ මිනිස්සු කී දෙනෙක් පොළව යට වැළලිලාද දන්නේ නැහැ. ගුණමකු මිනිස්සු. මේ මිනිසුන්ට මීට අවුරුදු හත අටකට පෙර රට තිබුණු හැටි මතක නැහැ (නි)
ඔබ මහින්දට සැබෑ ලෙස ආදරය කරයිනම් ඔහුගේ ගුණ වර්ණනා නොකරන්න. එසේ නොවුවහොත් ඔහුට තව තවත් චෝදනා එල්ලකර සිරගතකිරීමට ඉඩ ඇත. (කෞ)
කුසුම් ගැන ලැජ්ජයි (නි)
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
මොනතරම් හොඳද? ඔබට නිරෝගී සුව! (නි)
අවංකවම මෙය හොඳ ආදර්ශයක්. යෝග ව්‍යායාම චිත්ත ශක්තිය වැඩිකරනවා (නි)
ඔබතුමාට දීර්ඝායු! (නි)
නිරෝගී සිරුරක් සදහා යෝගී ක්‍රම වඩාත් ප්‍රයෝජනවත්. (කෞ)
ඔබතුමාට සොබාදහමත් ආශිර්වාද කරනවා. අපිට නම් මෙහෙම තියා විනාඩි පහක් අව්වේ ඉන්නවත් බැහැ (නි)
ඔබ කොහොම හිටියත් අපිට නම් ඔබ මහඟු සම්පතක් (නි)
ඔබට සියළු දෙවි රැකවරණයි! (නි)
ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
ෆොටෝ එක ගැහුවනම් මාව බස්සපියවූ යකුනේ . (කෞ)
මහින්ද මහතා දැකීමත් වාසනාවක් අපිට (නි)
සමහරුන්ට කළගුණ අමතකවුණාට අපිට නම් ඔබ රටක් වටිනවා (නි)
මෙතුමා නැත්නම් අද අපිට ලංකාවක් නැහැ (නි)
දීර්ඝායු වේවා! (නි)
ඔබතුමාට තවත් දිරිය සහ ශක්තිය ලැබේවා! (නි)
අපේ රජතුමාට ජය වේවා! (නි)
කුසුම්, මොහාන්, ඔබ වගේ අයට අපි අනුකම්පා කරනවා. මොකද සිංහල ජාතියට අද වෙන කිසිම පිළිසරණක් නැති නිසා හා ඔබද සිංහල ජාතියට අයත් නිසා (නි)
අපේ මිනිසුන්ගේ අදහස් දැක්කහම දුකහිතෙනවා. අතීතය අමතකකිරීමේ විපාක ඉතිහාසයේ පටන්ම ප්‍රත්‍යක්ෂයි (නි)
ඔබගේ සිතේ පවතින ශක්තිය ගැන පුදුම හිතෙනවා. ඇත්තටම ඔබ ගැන අාඩම්බරයි (නි)
සමහර අදහස් දකිනකොට නම් ඇත්තටම කණගාටුයි (නි)
සමහර මිනිසුන්ට ගැළපෙන්නේ නැත්නම් තියන ඒකට හොඳම ජීවමාන උදාහරණයක් කුසුම් කියන්නේ. අර සිංදුවකුත් තියෙන්නේ, "පින් මාලූ වළේ කුසුම්හාමි මාලු බානවා"කියලා. ඒ මනුස්සයාගේ අඩුපාඩු ඇති. ඒකහින්දා තමයි ඡන්දෙන් පැරදුනේ. ඒත් අපිට ඉන්න රටක් හදාදුන් මනුස්සයට අපහාස කරන්න එපා. ගුණමකු වෙන්න එපා. (නි)
මොනවා උනත් ඔබතුමා රටට වටිනා දායාදයක් .(කෞ)
ඔබ සැමදා සිතින් තරුණයි. අපි අගය කරන්නේත් එයමයි (නි)
නන්ද සිරිවර්දන යනු හුදෙක් යෝග උගන්වන ගුරුවරයකු නොව මුළු ලංකාවටම සටන් කලාව උගන්වන දකුණු ආසියාවේ සිටින ප්‍රබලම සටන් උපදේසක වරයෙකි. ලංකාවට ක්යෝකුෂින් සටන් කලාව හදුන්වා දීමේ එක් පුරෝගාමියෙකි. (කෞ)
මහින්ද රාජපක්ෂ කියන්නේ තිත්ත කසායක් වගේ එතුමාගේ කාලේ කරපු ලොකු වැරදි තිබුනට එතුමාගෙන් මේ රටට ඉටුවෙච්ච සේවය මහත්. (කෞ)
ඔබතුමාගේ කාය ශක්තිය ගැන ඇත්තටම ආඩම්බරයි (නි)
ඔබතුමාගේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)
මෙතන අදහස් දමා ඇති වැඩිහරියක් තනි කකුලෙන් විනාඩි 5ක්වත් ඉන්න නොහැකි වගේම, මෙතුමා වයස 70ක් වෙලත් මේ කරන වැඩ ගැනත්, තමන්ගේ නායකයින්ට මෙහෙම දෙයක් හිතන්නවත් බැරිබවත් දැනගෙන ඊර්ෂ්‍යාවට අදහස් දමා ඇතිබවයි පෙනෙන්නේ. වැඩකරුවෙක් දැක්කහම ඊර්ෂ්‍යාවේ පැළෙන්නේ නැතුව බලා ඉගෙනගන්න. (නි)
ඔබ තුමාට අපි හැමදාම ආදරෙයි. එක ආදරයක් වගේම ලොකු ගෞරවයක්. ඔබ තුමා ගැන කවුරු මොනවා කිව්වත් මහින්ද ඔබයි හැමදාම අපේ නායකයා. (කෞ)
ඔබට සුබ පැතුම් රජතුමනි! (නි)
ඔබතුමා එකපාරක් නක්ෂත්‍රය පස්සෙන් ගිහින් රජකම නැති කරගත්තා. ඉදිරියට බුද්ධිමත් තීරණ ගනු ඇතැයි අපි සිතනවා (නි)
මෙන් ශක්තිමත් නායකයින් තමයි අපේ රටට අවශ්‍ය. ඔහු සිතින් මෙන්ම ගතින්ද සවිමත් (නි)
එතුමගේ දේශපාලනය විවේචනය කළත්. මේ කාය ශක්තිය නම් පුදුමා කාරයි. ආවඩා ආයු බොහෝ වේවා!!!.(හේ)
මේක පුදුම වීමට කාරණයක් නෙමෙයි . මොකද පොඩ්ඩන්ට පුලුවන්නම් ලොක්කක්ට බැරි මොකද. (බ)
මහින්ද යුද්ධය අවසන්කළා කියලා සරත් මහතාට අපහාස කරන්න එපා. මට ඒක අහනකොට පුදුම තරහක් එන්නේ (නි)
ඔබ රටට අවශ්‍යයි මැතිඳුනි (නි)
ආයුබෝ වේවා මහරජණෙනි! (නි)
හිටපු මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා...(බ)
එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා මහරජාණනි! (නි)
මම දුටු සුන්දරතම හා අගයෙන් ඉහළම උපන්දින සුබ පැතුම මෙයයි. ඕනෑම සත්ත්වයෙකුගේ උපත, පවත, විපත යන සියලු කාල නිර්ණයන් තුල සිදුවීම් පමණක් බොහෝ දෙනා සාකච්ඡාවට බඳුන් කරනවා. මම හිතන්නේ සත්ත්වයෙක් උපදින්නනටත් පෙර සිට මනසේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම හෙවත් බාහිර ලෝකයත් සමඟ කරන ගනුදෙනුවට ඉතිහාසයක් තියෙනවා. යෝග යනු ඒ හැඟීම් භාවනාවකට පෙරලා මනස සහ කය සමබර කිරීමයි. සෑම මනුෂ්‍යයෙකුටම හොඳ යෝගියෙක් වෙන්න බැරිකමක් නැහැ. පෘතග්ජන මිනිසා යෝගියෙක් වූයේ නම් හා ඔහු පාලකයෙක් වූවානම් දේශයක් වුව නිවැරදි දිශාවට රැගෙනයා හැකියි. ඒබව පමා වී හෝ අත්දකින්නට ලැබුණු මේ උපන්දින සුබ පැතුම අනර්ඝයි. (බ)
මේ ලියන සමහරු ඊර්ෂ්‍යාවේ ලියන්නේ. එයාලා කඩේ යන අයට මේවා කරනවා තියා හිතන්නවත් බැරි ඇති (නි)
කුසුම්, ප්‍රභාකරන්ගේ බෙල්ලට ලණුව දාපු නිසා තමයි අපි නිදහසේ සංහිඳියාව ගැන කතාකරන්නේ (නි)
මහින්ද ජනාධිපතිතුමා මොනවා වුනත් මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. එනිසා ගරුකරමු. (කෞ)
ඇත්තටම සමහරු නම් ඊර්ෂ්‍යාවට අදහස් දමන බව පැහැදිලිවම පෙනෙනවා (නි)
අපේ අනෙක් සමහර දේශපාලඥයින් මෙහෙම කරන්න ගියොත් කුමක් වේවිද? (නි)
අපිට ඔබ සැමදා අපේ ජනපතියි. ඔබට දීර්ඝායු වේවා! (නි)
දීර්ඝායු! (නි)
එතුමා හිතන්නේ අවුරුදුක් ජීවත් වෙන්න. (හේ)
රටේ නායකයෙකුට තිබියයුතු එඩිතරකම, ජවය, ශක්තිය, පෙනුම, නිර්භීතකම, සංවේදිතාව මේ සියලු දෙයින් පරිපුර්ණ එකම යුග පුරුෂයා ඔබයි. ඔබ තවමත් එලෙසමයි. සමහර අයට මේවා ඉවසන්න බැහැ. (නි)
නාමල් ලංකාවේ ඉන්න සමහරක්ට පොඩි විනෝදයක් දීල බලය ගන්න වගේ දගලන්නේ. (බ)
කොහොමත් ඉදිරියට ඔබතුමාගේ අගය රටට දැනේවි (නි)
එල්ලෙන්න වැල් නැතිව කඹයක් හොයාගෙන වගේ. (බ)
දැන් මේක දැක්කම හිතන් ඉන්නේ මෙහෙම එල්ලෙන්න පුළුවන් කෙනෙක් තමයි රටේ ජනාධිපති වෙන්න සුදුසු එකම කෙනා කියල. කොහොමටත් නාමල් අන්තිමට ඔය මනුස්සය වැසිකිළියේ මලපහ කරන පොටෝ එකකුත් මේ විදියට දැම්මොත්... ඒ ගැන පුදුමයට පත් විය යුතු නෑ...(බ)
ඔය ලණුව බෙල්ලට වැටුනොත් කොහොම තියෙයිද?(හේ)
පහළට බැහැපු මොළේ හරි තැනට ගන්න කුරුණෑගල දිස්ති‍්‍රක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගන්න උත්සාහයක්...(ම)
අපේ ශ්‍රේෂ්ඨ සේනාධි නායකයාණනි ඔබට අපේ සුභ පැතුම් ඔබයි අපේ අතීතය වර්තමානය අනාගතය මැතිතුමනි! (බ)
මටනම් පෙන්නේ නිකන් ප්‍රබාකරන්ගේ අවතාරයක් වගේ? (බ)
කොහොමත් දැන් මෙතුමා ඉන්නේ ඔය විදියට උඩ යට උතුර දකුණ මාරුවෙලා. (බ)
මේ ව්‍යායාමය බොහොම හොඳා විශේෂයෙන්ම දේශපාලකයින්ට. මොළය හරි තැනට ගමන් කරනවා සති දෙකෙන්. (ම)
උඩු යටකුරු වුනහම මොහොමද දන්නැහැ දැන් ලෝකය මෙතුමාට පෙන්නේ නේද ? මොකද පසුගිය කාලේ ජනතව හිටියේ මෙහෙමනේ (බ)
අපේ මිනිසුන්ගේ අදහස් දැක්කහම දුක හිතෙනවා. අතීතය අමතක කිරීමේ විපාක ඉතිහාසයේ පටන්ම ප්‍රත්‍යක්ෂයි: ඔව් සිල්වා ඒගොල්ලන්ට හොම්බට ඇනලම ඉතිහාසය කියල දෙන්න වෙනවා. (ස)
මෙතුමාගේ ප්‍රතිපත්ති වලට අකමැති උනත් මේ අපේ රට බේරාගත් නායකයා එ්ක නිසා අපහාසයට ලක් කරන එක හොඳ නැහැ නේද? (ස)
මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා......(ම)