ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ පිරිසකගේ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ දී හිටපු ජනාධිපතිගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.
පක්ෂයේ සභාපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තබා ගැනීමේ යෝජනාවක් එහිදී ස්ථිර වූ බව දේශපාලන ආරංචි කියයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය දීමට එකග වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රටේ වීරයෙක් වෙලා සිටි කෙනෙක් නේද? ඔය තත්ත්වය දිගටම තියාගන්න. (නි)
ඔබ තුමා ටිකක් දවස් ඔහොමම ඉන්න. ලංකාවෙ ඉන්න කෙලෙහිගුන නොදන්න යුද්ධය පතන සිංහලයන්ටයි,දෙමළ අයටයි මුස්ලිම් අයටයි යහ පාලනය එපා වුන දවසට එන්න.ඒ දවස වැඩි ඈතක නෙවෙයි. අපේ මහ රජාණෙනි.ඇවිල්ල ගිය පාර වගේ එන එන අයට ඇමතිකම් දෙන්න එපා. (ස)
ඔච්චරම බලයට මිනිසුන් දඟලන්නේ ඇයි? (නි)
සිංහල හා බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට කවුරු? (ස)
එතුමා සිංහල බහුතරය අතින් ප්‍රතික්ෂේප වී නැත. එතුමාට ඡන්දය දුන් අපිට එතුමා තවදුරටත් ඕනෑ. එතුමා හිටියහම මොකද වෙන්නේ? එතුමා ඡන්දෙන් පැරදී මිස විශ්‍රාමගෙන නොමැත. එතුමාට දිනන්න උත්සාහ කරන්න අයිතියක් තිබෙනවා. (නි)
අත උස්සන්නේ නැති කට්ටියත් ඉන්නවා නේද? (නි)
අපේ හිටපු ජනාධිපතිතුමා විරල ඝනයේ නායකයෙක්. බටහිට රටවලට යටත් නොවුණ නායකයෙක්. රටේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටි නායකයෙක්. අපි එතුමා සමඟයි හැමදාම. මොකද අපි අපේ රටට ආදරෙයි. ඔබතුමාට ජය වේවා! (නි)
මේ ලොවේ කිසිවක් සදාකාලික නොවේ (නි)
කුඩැල්ලා කවුද කියලා තේරුම්යන්න තව කල්යනවා.කෙළෙහිගුණ නොදත් අයට නම් තවත් ගොඩක් කල්යයි. (නි)
කවුරුන් කෙසේ කිව්වත් මෑත කාලයේ තරුණ තරුණියෝ ලංකාවේ ඉතිහාසය හරියට නොදන්නා බව රහසක් නොවෙයි. අනෙක් අතින් බැලුවහම සිංහලයා කියන්නේ ඉතාම ඉක්මනින් සියලු දෙයම අමතක කරන ජාතියක්. යුද්ධයේ තිබුන භයානකකම අද වයස 18 අය දන්නේ නැහැ. අද ඉන්න 35-40 අය තමයි ඒක දන්නේ. 18 ය ඡන්දෙ දුන්නේ රැල්ලට මිස දුරදිග බලා නෙමෙයි. නමුත් විපාකය ඔය ඡන්දය දුන් අයට ඉක්මනින්ම පෙනේවි. මහින්ද කියන්නේ පතාක යෝධයෙක්. මහින්දට තිබෙන පෞරුෂය මම කිසිම කෙනෙක් ළඟ දැක නැහැ. මහින්ද ළඟදීම නැවතත් රටේ නායකත්වට අවශ්‍ය වෙනවා, ඉක්මනින්ම. (නි)
මට කියන්නත් කණගාටුයි අහන්නත් කණගාටුයි මේවා (නි)
ජයවේවා මැතිඳුනි! (නි)
බණ්ඩා මහත්තයෝ; මහින්ද මගත්තයාගේ "තද සැර කෙළින් ඉන්න බව" අර රටකාපු හොරුන්ටයි, මැරයන්ටයි, ස්ත්‍රී දුෂකයන්ටයි විරුද්ධව පාවිච්චි කළා නම්, අදට නොවේ තව වසර 10කට රටේ ජනාධිපති මහින්ද මහත්තයාමයි. (නි)
ඔහොම බලාගෙන ඉන්න කවුරු කවුරුත් මොකද ඉස්සරහට වෙන්නේ කියලා (නි)
ඉහත සඳහන් කර ඇති සමහර අදහස් ශ්‍රිලංකාවේ ඉපදී යුරෝපයට පරගතිකම් කරන සිංග්ලිෂ් ලට නම් හොඳ ඇති. නමුත් මේ රටේ පැවැත්ම ඇත්තේ තවමත් මහින්ද රාජපක්ෂ මත බව 47.6% වන සුද්ධ සිංහල ජනතාව අමතක කර නැත. වරක් දෙවරක් නොව සියවරක් රට වෙනුවෙන් නැගී සිටීමට අප ඔබ හා සැමදා සිටිමු....(බ)
මහින්ද මහත්තයා හොඳ නායකයෙක්.වටේ හිටිය අය නිසයි එතුමාට මේ වගේ ඉරණමක් අත්වුනේ..(අ)
යන ඕනෑම කෙනෙකුට යන්න කියන්න ඔබතුමා ලග ඉදලා ඔබතුමා විනාශ කල එකතම උන් කරලා තියෙන්නේ එනිසා ඔබ කෙලින් ඉන්න අපි සමද ඔබ සමගයි (අ)
රනිල් මහත්තයා කීවතාවක් පැරදිලා විපක්ෂ නායක පුටුව හිටියද.. එජාපයේ ඔක්කොම එහෙම තමයි. සංධානයේ සියලුම පාක්ෂිකයින් පැහැදිලිව වටහගතයුතු කරුණක් වන්නේ තව දින 100කින් මේ මෛත්‍රි පාලන සංකල්පය අහෝසිවෙයි. අවාසනාවකට ජනාධිපතිතුමාට පක්ෂයක් නොමැත ඔහු පසුපස සිටින බල ලෝබි පිරිස නැවත විධායක අගමැති දුරය ලබදෙයිද? ඔබේ වටිනා ඡන්දයෙන් රටට නායකයෙක් පත්කරගත හැක. මේ අවසථාව මගහැරියොත් එජාපය මෙන් විශාල කාලයක් විපක්ෂයේ බලසිටින්ට වේවි.. මෙය හොඳට සිතටගෙන කටයුතුකරන්න. (අ)
රාජපක්ෂගේ බලය දැන් නෑ රටට හොද අනාගතයක් . ජයවේවා! (අ)
මහින්ද මහත්තයා දැන් ඉතින් ගෙදරට වෙලා පවුලත් එක්ක "වැරදුනු කුරුමානම" බැලුවොත් නරකද? පවුලේ අය තමා මෙයාව නැති කළේ. විශේෂයෙන්ම "නල්ල මලේ" පුත්‍ර රත්න ටික. (බ)
29වතාවක් පැරදුනත් එල්ලිල හිටපු රනිල්ට නැති ලැජ්ජාවක් මහින්දට එකපාරක් පැරදිල තියෙයිද බන්...(අ)
ගොන්ගාලේගොඩ බන්ඩෝ ඔය කියන තද සැර , නාස්තිකාර පවුලේ සාමාජිකයන්ටයි වටේට ඉඳන් ගසා කාපු අයටයි පාවිච්චි වුනේ නැත්තේ මොකද කියල තමයි මම මේ කල්පනා කරන්නේ. (අ)
ගොන්ගාලේගොඩ බණ්ඩා උඩරට කැරැල්ලේ වැරදි පැත්තෙන් සටනට බැහැපු කෙනෙක් නෙවෙයි නේද ? (අ)
බලාගෙන ඉන්නකෝ. අපේ ලොකු මහත්තයා අපි අතරට නැවත එනවා (නි)
සිරා මම මරුසිරා .රනිල් මහතා,චන්ද්‍රිකාමහත්මිය කුඩල්ලන් නොවේද? (අ)
මෙතුමා නිදහසේ ඉන්න එක තමයි හොඳ (නි)
මේ පක්ෂයේ පසුපෙළ නායකුයෙකුට කවදාවත් ඉදිරියට ඒමක් නැහැ. ඊළඟට පුතාලට භාර දේවි. වැඩ වසම් ක්‍රමයට රාජකාරි කරනවා ඇරෙන්න මේ ගෝලයන්ට වෙන අනාගතයක් නැහැ. (අ)
යකෝ, මේක මාර තර්කයක්නේ, රනිල්ට පුලුවන් 17 වතාවක් පැරදි, පැරදි ඉන්න, චන්ද්‍රිකාට පුලුවන් රටින් ඒලෝලත් අාපහු ඇවිත් ඡන්ද කරන්න. මහින්ද මහත්තයට බෑ. මාර යහ පාලනයක් තමා මේක. (අ)
මෙතුමට නිදහසේ ඉන්න දෙන්න. එකට හිටිය අය කරනම් ගහනවා රට පනිනවා. (නදී)
ඔය හොරුන්ට එන්ඩ දෙන්න එපා (බ)
ඔය සභාපතිකම සම්බන්ධ ගැටළුව විසඳෙන්නේ කවදාද? (නි)
මෙහෙම ගියොත් මහින්ද මහතා තව තවත් ජනතාව අතර ජනප්‍රියත්වය අඩුවෙන තත්ත්වයකට පත්වේදෝ කියා මට සිතෙනවා. (නි)
මිනිසුන්ට එතුමාව ඕනෑ නිසයි එතුමා වටා පෙළගැසෙන්නේ. අපි ඉදිරියේදී බලමු ජනතාව කා සමඟද කියලා, අවස්ථාවාදී ඇමතිවරු ගියාට (නි)
මිනිසුනි, ලැබේද මින් සැනසීමක්? (නි)
නායකයෙකුට තිබියයුතු වැදගත්ම ගුණාංගය අවංකකමයි (නි)
මේ රටේ , මිනිසුන් අතළොස්සක් කෙසේ කිවුවත් අපි අද බිය සැක නැතුව ජීවත්වෙන්නේ ඔබතුම මේ රට බේරාගත් නිසා. ඔබතුමාට තෙරුවන් සරණ සහ සැම දෙවි පිහිටයි . (නි)
සියල්ල තීන්දු වී අවසන් වූ පසුවත් මිනිස්සු එකතුවෙනවාද? (නි)
අනේ මන්දා! මොනවා වුණත් තමාගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනෑ. (නි)
මට පෙනෙන්නේ මිනිසුන්ට නෙමෙයි, වෙන කට්ටියකටයි කරළියට එන්න ඕනෑවෙලා තියෙන්නේ. (නි)
එතුමා ඉතින් වැඩිපුර හිටියේ කොළඹනේ (නි)
මතක තියාගන්න කවුරුත්, එතුමාට (මහින්ද රාජපක්ෂ මහතාට) බොහෝ ආදරය කරන කළගුණ දන්නා මිනිසුන් කොටසක් සිටින බවත්, ඔවුන් රටේ ජනග්‍රහණයෙන් අඩකට ආසන්න බවත්. (නි)
ඔබයි සැමදා අපේ ශක්තිය! (නි)
මතක තියාගන්න, ලක්ෂ 57 මිනිස්සු එතුමාට ඡන්දය දුන්නා (නි)
රටේ ආරක්ෂාව අනාගතය සුබයි නම් ඒ හොඳටම ඇති. අපි හැමෝම එකමුතුවෙලා වැඩ කරමු. තවදුරටත් ගහ මරාගෙන වැඩක් නැහැ. (නි)
එතුමා වටා සෑහෙන ජනගඟක් ඉන්නවා (නි)
මහින්ද මහත්තයා ගැන පුදුමත් හිතෙනවා (නි)
අපි කවදත් ඔබ සමඟයි.රට කඩන්න ඉඩදෙන්න එපා. (නි)
අන්ධ වී සිටින අය ඇත්ත දන්නවා නම් මෙතන මිනිසුන් මෙහෙම අදහස් දාන්නේ නැහැ. (නි)
මිනිසුන් තවමත් සිටින එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. (නි)
ඔය මුහුණේ තිබෙන හිනහව සැමදාටම තිබේනම්... (නි)
මෙතුමාට ආදරය කරනවා කියලා වටේ හිටි සමහර හොරුන්ටත් ආදරය කරන්න ඕනෑ කියලා සමහරු හිතන එකයි ප්‍රශ්නය. (නි)
මතක තියාගන්න ලක්ෂ 62 ක් වත්මන් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. මෙයට අභියෝග කරන්න කිසිවෙකුටවත් බැහැ. (ර)
මෙතන කට්ටියක් මහින්දට බලකාමය කියලා කෑගහනවා.එහෙනම් සමහරු දිගටම පැරදිලාත් තවත් ඉන්නේ? කොහොමත් මහින්ද මහත්තයා නිකම්ම ගෙදරට කොටුවෙලා ඉන්නවට මම නම් කැමති නැහැ. (නි)
මගේ ජීවිතය අවසන් වුණත් මෙතුමාට මගේ තිබෙන ණයගැතිබව අවසන් වෙන්නේ නැහැ.හේතුව මගේ මවුබිම බේරාදුන් නුතනයේ ඉන්න එකම නායකයා මෙතුමා.අපි මෙතුමාට සදා ණයගැතියි.කිසිවෙක් ඒක අමතක කරන්න එපා.අපි මෙතුමා ආදරයෙන් රැකගනිමු (නි)
හෙට දිනය වනවිට කුමක් අසන්නට ලැබේදෝයි සිතට දැනෙන්නේ බියක් (නි)
මට නම් දැනෙන්නේ ප්‍රසන්න හැඟීමක් නෙමෙයි (නි)
ඔබතුමා පමණි අපේ නායකයා ඉදිරියටත්. හැබැයි මීළඟ පාර ඔබ වටා හොරු තියාගන්න නම් එපා. ඔබට ජය! (නි)
රටට ආදරය කරනවා නම් කුමක්ද කළයුත්තේ? (නි)
එයාට ෆයිල් එහෙම නැද්ද දන්නෙ නැහැ. (නි)
කොහොමත් ඔය රාජපක්ෂ මහතාට ගරහන අයට එතුමා නැවත ඕනෑවෙන්න පුළුවන්. ඇයි ඔයාලම නේද එතුමාට මහරජ කිවුවේ? (නි)
වෙනසක තරම පෙනේද? (නි)
දැන් ඔබතුමා ටිකක් විවේක ගත්තොත් හොඳයි නේද? (නි)
අපේ මිනිස්සු ඉතින් හැමදේටම බැන බැන ඉන්නනේ දන්නේ (නි)
ඔබතුමා දැන් ටිකක් විවේක ගත්තොත් හොඳයි කියා මම සිතනවා (නි)
ඡන්දය දුන් මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙනතුරු අපි බලාසිටිනවා (නි)
බණ්ඩා, අද අපට ඕනෑ ඔබ කියන විදියේ සැරට තදට ඉන්න කෙනෙක් නම් අද තියෙන්නේ දැන් ඔය තිබෙන සාමකාමී තත්ත්වය නොවෙන්න තිබුණා. නිකම් මෝඩ කතා එපා. (නි)
බණ්ඩා , ඔය කියන කට සැර තද ගතිය අත්‍යවශ්‍ය තැන් වලදී පාවිච්චි වුණාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. (නි)
අනේ බණ්ඩෝ, අපි දැක්කනේ තද දරදඬු නීතිය. වටේ හිටපු තරමක් හිටියේ නුගත්, අවනීතියෙන් ඔදවැඩුණු, ජරාජීර්ණ වූ, එකී මෙකී නොකී ජඩකමින් හොරකම් කළ පිරිසක් නොවේද? ඒ වගේ කට්ටියක් පාලනය කරන්න කොහොමත් ටිකක් සැරපරුෂ කෙනෙක් ඕනෑ වෙනවා. (නි)
ඇයි චතුරංග, ඔයගොල්ලන්ට පසුගිය ඡන්දෙ දීපු වතාවන් දෙකේදීම සාධාරණයක් සිද්ධවුණේ නැද්ද එතකොට? (නි)
මහින්දට තණ්හාවයි කියනවා අරක කියනවා මේක කියනවා. අද එතකොට අනෙක් අයට ඔය දේවල් කියන්නේ නැද්ද? ඒ අයට තණ්හාවක් නැති නිසාද ඔය වගේ දඟලන්නේ? සමහරු අනන්ත අප්‍රමාණ පැරදිලත් දාලා ගියේ නැහැ නේද? තවත් සමහරු ගිහිල්ලා ආයෙත් ආවේ ඇයි? මේ දේවල් වලට කට්ටිය පොඩ්ඩක් පිළිතුරු දෙනවද? මහින්ද මැතිතුමා තවම පක්ෂයේ ඉන්න ඕනෑ පුද්ගලයෙක්. (නි)
මෙතන ඉන්න වැඩි දෙනෙක් පට්ට හොරු. එයාලට පැවැත්මක් තියෙන්නේ ඒවා අනුමත කරන කෙනෙක් ඉන්නවා නම් විතරයි. එ්කයි මෙයාල තාමත් මහින්ද පස්සේ වැටිලා ඉන්නේ. නැත්නම් මෙයාලගේ හොර වැඩ ටික එලියට එනවනේ (නදී)
අපේ රටේ සමහර උදවිය ඉතාම ඉක්මනින් අපේ රටත්, ජාතියත් රැකදුන් මහින්ද රාජපක්ෂ මැතිදුන් ඉතාම ඉක්මනින් අමතකකල එක ගැන හිතන්නත් කනගටුයි. නමුත් අපි එය අමතක නොකරමි. ඔහු අපේ රටේ උපන් බලවත් පියෙක්. (ර)
අපිට බොහෝ දේ වැටහෙනවා (නි)
ඉන්දියානු ජඩවාදයට එකම පිළිතුර මහින්ද. (බ)
සැබෑ මිතුරන් හඳුනාගත්තා නම් ඔබ තවමත් අප සමඟය (නි)
"බණ්ඩා , ඔය කියන කට සැර තද ගතිය අත්‍යවශ්‍ය තැන්වලදී පාවිච්චි වුණාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ" කියලා කෙනෙක් ලියලා තිබුණා නේද? ඇයි යුද්ධය වෙලාවේ? බටහිර රටවල් කොහොමහරි මෙදාපාරත් යුද්ධය අවසන් නොකර නවත්වාගන්නට මොනතරම් දැඟලුවද? මහින්දගේ තද සැරගතිය නොතිබුනා නම් මේ දිනවල යුද්ධයේ හතරවන හෝ පස්වන අවදිය.ඒවා අමතක කරන්න එපා. (නි)
දැන්වත් සත්‍යය වටහාගන්න. දැන් ඔබ විවේක ගන්න. මේ රටේ ඉදිරි පරපුරට හොඳ කාලයක් උදාවීම ගැන සතුටු වන්න. (නි)
අපි ජය පැරදුම විඳදරා ගැනීමට පුරුදු වියයුතුයි (නි)
ගාමිණී ලක්ෂ 62න් බෙදුම්වාදයට ලැබුන ඡන්ද ගණන ගණන් කර බලන්න. (නදී)
මම ඉන්නේ පිටරට. නමුත් මම මගේ මව්බිමට ඉතාම ආදරේ. අපේ රට වසර 30 පමණ කාලයක් ලෝකෙන්ම දරුණු කල්ලියක් රට ලේවලින් වෙලාගෙන ඉද්දි ඉදිරයට ගිහින් මහජනයා සහ රට වෙනුවෙන් කැපවී මූණ දුන් එකම වීරයා මහින්ද රාජපක්ස හිටපු ජනපති. අමතක නොකරන්න. (ස)
අනේ අම්මේ මෙයාලගේ රටට තියන ආදරේ. (ස)
අපිට නම් සත්‍යය වැටහෙනවා (නි)
මේ වෙලාවේ බොහෝම කල්පනාකාරීව වැඩ කළයුතුය (නි)
සමහරු තන්හාව ගැන කියවනවා. ඔය තන්හාව කියල කියන අයගෙන් මම මේ අහන්නේ, එයාලටත් පුලුවන් නේ තමාගේ දේපල ඔක්කොම දන් දීල පැවිදි වෙන්න තන්හාව නැති කරන්න? පුලුවන්ද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. (ස)
තිලක් ඩුබායි-ඔව් ඔව් එකනේ එතුමාට ලක්ෂ 58 ක් ලැබුනේ තනියම තරඟ කරලා. (ස)
එක අතකට මේවා පුදුමවෙන්න දේවල් නෙමෙයි (නි)
අපි මැරිලා ඉපදුන මිනිස්සු නොවෙයි මහත්තයෝ (නි)
ඔබ වැනි නායකයෙක් තමයි මේ රටට අවශ්‍යය (නදී)
මින්මතු කිසිදිනක මොවුන් කිසිවෙකුට ඡන්දය නොදෙමි කියලා මම හිතලා අවසානයි (නි)
මහින්ද යනු මෙරට බිහිවුන හොද නායකයෙක් ඔහුට ගෞරව කරමු.(හේ)
එතුමා මේ රටේ කොදු නාරටිය .ඒ දෙය රටේ සියලුම මිනිසුන් දැනගත්තොත් හොදියි .සුළු අන්තවාදී ජාතීන්ගෙන් එය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ.අනික යහපාලනය කරන්න පහසු වෙන්නෙත් එතුමා ලබාදුන් නිදහස නිසා.එනිසා එතුමා මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයේ තවදුරටත් සිටිය යුතුමයි.(හේ)
මොකද මේ වෙන්න යන්නේ කියල අපිට තේරෙනවා. (ස)
මේක නම් හරිම හොඳයි (නි)
තණ්හාව ගැන සමහරු කියවනවා.එතකොට....??? (නි)
අනේ හොඳයි දෙවියනේ. මේ රට බේරගන්න පුළුවන් මේ අපේ රජතුමාට විතරයි. අන්තිමට පක්ෂයේ ඉතුරුවෙන්නේ හොඳ අය විතරයි. රොඩු සියල්ල ඉවත්වෙනවා. (නි)
අනේ මන්ද මෙහෙම බල තණ්හාවක්... දිනපු කෙනා කියනවා මේක එයාගේ අන්තිම අවස්ථාව කියල නැවත ඉල්ලනේ නෑ කියල පැරදුන කෙනා බලනවා නැවත බලය ගන්න..... (අ)
ඒක හොඳයි. රටක නායකයෙක් කෙළින් ඉන්න ඕනෑ.වංචා දුෂණත් අඩුකරන්න ඕනෑ.එතුමාට හොඳ ඉවක් තියෙනවා. ඒකයි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ (නි)
පරිණත දේශපාලකයින් රටකට වැඩි නොවේ......(ස)
සුජිත්, බෙදුම්වාදය කියන වචනයේ අදහසවත් දන්නවද? (නි)
අපිට ඔබ අවශ්‍යයි (නි)
තනි කළේ නැත ඔබ කිසිදිනේ......! (නි)
තවත් මොකටද නොන්ඩි වෙන්නේ..ගෙදර හිටියනම් ඉවරයිනේ... (අ)
මහින්ද මහත්තයා කූඩැල්ලෙක් වගේ. (ස)
නරක පුර්වාදර්ශයක් (අ)
මතක තිය ගන්න. මහින්ද මහත්තය ශක්තිමත් විපක්ෂ නායකයෙක්. ප්‍රේමදාස ගේ කාලේ පාද යාත්‍රා ගියේ මරණය පෙනී පෙනී. 1992 මාර්තු වලදී. 1992 අගෝස්තු වල ජන ගෝෂාව කළා. 1992 දීම මිනිස් දම්වැල කළා. 1993 දකුණු පළාත් සභා ඡන්දෙ ගොඩ දැම්මා. 1994 ආණ්ඩුව හදන්න ලොකු සේවයක් කළා. (නදී)
සතියක් වත් නිකම් ගෙදර ඉන්න බැරි හැටි. (අ)
ඡන්දෙදි විතරක් දුරදිග බැලුවෙ නෑ.මෛත්‍රීට අගමැති කම දෙනව කියල පොරොන්දු කර ගත්ත නම් අදත් ජනපති මහින්ද මහත්තයා. මැකියාවෙලි කිව්ව දේශපාලනය මහින්ද මහත්තයට අමතක වුණා.(බ)
එයා තවම කැරකෙනවද? (ස)
ජනතාවගෙන් 47.6% යනු එහෙන් මෙහෙන් ඇහිදපු කට්ටිය නෙවේ. රටේ ජීවත් වෙන රටට ආදෙරේ අය. මහා රජෙකු සමග රට වැසියන් රට වෙනුවෙන් 1 වරක්,2 වරක් නොව 100 වරක් උවත් නැගී සිටීමට ලෑස්තියි. (නදී)
ඇත්තට කෙනෙකුට මෙහෙම කරන්න කොහොම හිතෙනවද ? ගෙදර ගිය ගමන් වෙනින් කමිසයක් දාගෙන ආපසු දුවගෙන ඇවිල්ල වගේනේ. (ස)
මා නිවන්ත අභිකමම. නොනැවති ඉදිරියට යන්න. (නදී)
දිනුවට පසුව එකතු වෙන කට්ටිය එකතුවෙන්නේ යහපලනය සඳහාද නැත්නම් තමන්ගේ සතුට සදහාද කියල ජනතාව දන්නවා. (ස)
චන්ද්‍රිකා මැඩම් එහෙමත් බල තන්හාව නිසා එල්ලිලා ඉන්නවා.. හැමෝම එහෙම තමයි ලංකාවේ හැටි මොකද කරන්නේ උපේක්ෂාවෙන් බල ඉන්න තම අපට තියෙන්නේ මොන ක්‍රමයෙන් හරි රටේ මිනිසුන්ට නිදහසේ තමාගේ අාගම ධර්මය අදහගෙන ජීවත් වෙන්න තිබුනොත් ඇති. (අ)
මතක තියාගන්න එක දෙයක්.නායකයා කියන කෙනා තද සැර කෙලින් ඉන්න කෙනෙකු විය යුතුයි.මහින්ද එවැනි තද චරිතයක්.නැත්නම් වෙන්නේ "නිවට ඇම්බට්ටයට එළුවාත් නිකට පානවා" එක එක සංවිධාන රටවල් අපිව දැනගස්වන්න බලනවා.ගිවිසුම් ගහනවා.මේ නිසා තමයි අපි චීනය වැනි බලවත් රටවල් සමග සිටිමින් එක හැදින් ඉන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවිය යුත්තේ.හවුලේ කැදත් එපා කියනවනේ.(අ)
ජය වේවා! සැමදා අපේ රජු (අ)
ප්‍රසන්න ඔබේ කටේ මසුරන් දාන්ඩ ඕනේ. හරියට හරි ඔබ කිවූ දෙය. (අ)
එතුමා තමයි මට නම් සැමදාටම ජනපති (නි)
මේකට දාපු අදහස් බැලුවම පේනවා මහින්ද මහත්තය කොච්චර ප්‍රසිද්ධද කියල....ඒ මනුස්සය කාටවත් අමතක නෑ... (ස)