මල්වතු විහාර කාරක සංඝ සභාවෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පදවියට එහි විහාරාධිකාරී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ (41) පත්කරනු ලැබ සිටිති.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියන් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්ටද දන්වා ඇත.
මිහින්තලා රජමහා විහාරයේ උද්ගතවී ඇති අපකීර්තිමත් තත්ත්වය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට විහාරාධිපති වූ නාමල්වැවේ රතනසාර හා වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමිවරු මහනුවර මල්වතු කාරක සංඝ සභාව හමුවට කැඳැවනු ලැබූහ. රතනසාර හිමිට එරෙහිව අනුරාධපුර උසාවියේ ඇති ළමා අපචාර නඩු නඩුතීන්දුව ලැබෙන තෙක් විහාරාධිපති ධුරයේ කටයුතු ද, බුද්ධපූජා, පෙරහර හා පොසොන් උත්සව ආදී ආගමික කටයුතු ද සඳහා ධම්මරතන හිමියන්ට බලය පැවැරූ බව මල්වතු කාරක සභාව නිවේදනය කරයි.
ධම්මරතන හිමියෝ මිහින්තලා රජ මහා විහාරයේ අපවත් වී වදාළ වලවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති රතනපාල නාහිමිගේ ශිෂ්‍යෙයකි. ඒ හිමියෝ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රෙව්දී උපාධිධරයෙකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ පරක්කු වෙලා හරි හොද තීරණයක් අරගෙන තියෙන්නේ..
සාසනයට හානි කරන තවත් අය ඉන්නවා.. ඒ අය ගැනත් මේ වගේ තීරණ ගන්න බැරි මොකද?
අපේ ආගම පරිහී යනවා මෙවැනි දේ නිසා. දඩුවම් දෙන්න ඒන මේ වගේ චීවරධාරීන්ට..