අග විනිසුරු මොහාන් පීරිස් මහතා වහාම අග විනිසුරු පදවියෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි.
ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී අග විනිසුරු පීරිස් අරලිය ගහ මන්දිරයේ සිටි බව එහි ගිය රනිල් වික්‍රමසිංහ මහතා දුටු බව තමාට පැවසී යැයි නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.
එදින අරලිය ගහ මැදුරේ සිටි අය කවුදැයි සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සොයා ගත හැකි බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා මේ අතර පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අගවිනිසුරුට අනුව නම් උපුල් ජයසූරියල කරන්නනේ හිරේ දැමිය හැකි වරදක් (නදී)
රූපසිංහ අඩුගාණේ දන්නවද පත්වීම දුන්නේ කොහොමද කියලවත්? (නි)
ඉස්සෙල්ලා හිටපු අගවිනිසුරුතුමියව අයින් කලේ නම් අට පාස් අයගේ විනිශ්චයෙන්. (නදී)
මෙයාට ලැජ්ජාවක් නැහැ වගේ. හැමෝම එපා කියද්දී තාමත් බලය බලෙන් තබා ගෙන ඉන්න. මහත්මා ගති ගුණ තිබෙන කෙනෙක් නම් මෙලහට දමල ගිහින් (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූවා යයි කියා මුළු රටම කණපිට පෙරලීමේ ඇති අවශ්‍යතාවයක් නැත. පසුගිය රජය විසින් කෙනෙක් කිසියම් නිලයකට පත්කලා නම් එසේම ඔහු එම නිලයට සුදුස්සෙකෙකු නම් මැතිවරණ ජයග්‍රහණයෙන් උද්දාම වී ඔහු එම තනතුරින් පහකොට ජන්දයට සහයෝග දැක් වූ අයකු හෝ ජන්දයට පෙර වූ පොරොන්දුවක් ඉටුකිරීමකට අනුව වෙනකෙකු පත් කිරීම හරියට කීවොත් එයත් පසුගිය රජය කල දෙයම අනුව යාමක් කියා හැදින්වීමේ ඇති වරදක් නම් නැත. (නදී)