(විනිතා ඒම්. ගමගේ)
මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව තවත් 35 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය කියයි.
ඒ අනුව මෙතෙක් 75 ක් ව පැවැති මහාධිකරණ විනිසුරු තනතුරු සඛ්‍යාව 110 ක් දක්වා වැඩිවනු ඇත.
මේ සමඟම අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසී ඇති මුල්‍ය අපරාධ දුෂණ හා සංවිධානාත්මක අපරාධ නඩු විසඳීමට විශේෂිත මහාධිකරණ 3ක් ස්ථාපිත කිරීමටත් ඒවා හරහා ඒම නඩු කඩිනමින් විසඳීමටත් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
ස්වයංක්‍රිය නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරිමට මෙවර අයවැයෙන් මුදල් වෙන් වී ඇති අතර නව ක්‍රියාමාර්ග තුළින් ඉදිරියේ දී ගොඩගැසී ඇති නඩු විසඳා අවසන් කළ හැකි වන බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 35 න් අඩුම ගානේ 20 කටවත් මහාධිකරණ විනිසුරුවරුන් උතුරු නැගෙනහිරින් පත් කරන්න ඕන මොකද ඒ අය හොදට තින්දු දෙන නිසා...... කොළඹ බන්ධනාගාරවල ඉන්න දෙමළ දේශපාලන සිරකරුවන්නුත් උතුරට මාරුකරන්න ඕන, එවිට ඒ අයට හොද තින්දු ලැබෙයි.............
මේ 35 දෙනා අතරේ බැසිල්ගේ නඩු ටික අහන්න. බැසිල් මහතාව ඉල්ලන්න විනිසුරුවරුනුත් පත්කරනවද?
ඇති යන්තම් "අශ්වයෝ පැනලා යන්න ඉස්සර ඉස්තාලය වහන්න" මෙවැනි තීරණයක් ගත් එක ගැන ! අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසී ඇති මුල්‍ය අපරාධ දුෂණ හා සංවිධානාත්මක අපරාධ නඩු ඉක්මනින් අසා චූදිතයන්ට දඬුවම්දී, රට ගිය ඩොලර්, යුරෝ, පවුම් ආදිය නැව් පුරෝලා මෙරටට ගෙනැත් රට දියුණු කරන්න දැන්වත් පුළුවන් වේවි !