මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු අද (26) අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඉදිරියේ සිය ධූරවල දිවුරුම් දුන්හ.
මෙසේ දිවුරුම් දුන්නේ කොළඹ දිසා විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා, කුරුණෑගල දිසා විනිසුරු ඒ.කේ.එම්.පටබැඳි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක, ඔබ හරි. මතකනේ අධිකරණයට පසුගිය වකවානුවේ මොකද වුණේ කියලා (නි)
යහපත් සේවයක් බලාපොරොත්තු වෙමු (නි)
අලුතින් පත්වන සියලු දෙනා අග විනිසුරුතුමා ආදර්ශයට ගන්න. එතුමා ඉහළින්ම තනතුරේ ගරුත්වය රකිමින් ඉන්නවා. තමුන්ගේ අදහස්වලට අනුව නොව පවත්නා නීතියට අනුව තීන්දු දෙන්න අවශ්‍යයි. (නි)
නීතියේ යහපාලනය උදෙසා මඟ විවරවේවා!! (නි)
අපක්ෂපාති ලෙස තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ ලැබේවා. ව්‍යවස්ථාදායක සභාව පත් වුන පසු සියලු ඉහළ විනිශ්චය කාරවරු ඉල්ලා අස්ව නව පත්වීම් වලට ඉඩ දෙන මෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටිමු (බ)
අපේ සුබ පැතුම්. (බ)
හිටපු අගවිනිසුරු තුමාට අනුව යහපාලන දින 100 කින් ඇතිවිය නොහැක (ම)
තනතුර ලබාගන්න දිවුරන විට ......මේ තනතුර කුමනාකාරයෙන් ලැබුවත් යුක්තිය සාධාරණය වෙනුවෙන්ම පමණක් සේවය ඉෂ්ට කරන බවට දිවුරා පොරොන්දු වෙමි ....කියන වාක්‍යය ඇතුලත් කළොත් තමයි හොඳ.මන්ද එහෙම කිවුවේ අපි දුටුවනේ පසුගිය කාලේ තනතුරු ලබාදුන් හේතුවට සමහරු කළගුණ සළකලා මුළු පද්ධතියම උඩුයටිකුරු වුණ විදිය. (නි)
ඔබ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)