මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා පත් කරන ලද්දේ නීතිඥ සංගමයේ ලිඛිත යෝජනාවක් අනුව බවත් ඊට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය හිමි වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (15) ප්‍රකාශ කළේය.
තමා කිසි විටෙකත් තනි තීන්දු නොගන්නා බවත් විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ පත්වීම් සිදු කරන විට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය සහිතව අදාළ පත්වීම් සිදු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මහාධිකරණවල විනිශ්චයකාර තනතුරු සඳහා පසුගිය කාලයේදී පුරප්පාඩු කිහිපයක් පැවැති බවත් දෙමළ බස කතා කරන විනිසුරුවරුන්ගේ හිඟයක් පවතින බව සඳහන් කරමින් අදාළ නීතිඥවරයා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ජාතික නීති සමුළුවේ ආරම්භක සැසිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තීන්දු ගන්නේ නැති බව අපි දන්නවා. අගමැතිතුමානේ රට පාලනය කරන්නේ.
දේශපාලනඥයෝ සහ නීතිඥයෝ දෙගොල්ලොම නෛසර්ගික බොරුකාරයෝ. විශ්වාස කරන අපි මෝඩයෝ (ම)
අප දන්නවා ඔබතුමාට තනි තීරණ ගන්න බැරි බව.(ම)
එතුමාගේ හැකියාව නොහැකියාව පසුගිය මැතිවරණයෙන් ඔබට තේරුණේ නැද්ද? හිටපු ජනපතිට තරු පෙන්නපු එකම මදැයි එයා ගැන තේරුම් ගන්න. ඔහුව තේරුම් ගැනීමට ඔබට නොහැකි වීම ඔබගේ නොහැකියාව. (ම)
නීති සංගමය ට හැකියාවක් පවතීද නියමිත ක්රම වේද වලින් බැහැරව විනිසුරන් පත් කිරීමට ඉල්ලීම් කිරීමට . (ම)
වාසනාවකට දැන් ලංකාවේ හැම ඉහළම තනතුර දරන්නේ දෙමළ අය වීම වත් ඔය දෙමළ බෙදුම් වාදීන්ට පෙන්නේ නැහැනේ. (ම)