(මනෝප්‍රිය ගුණසේකර)
පුද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කළ ආර්.කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට තම සංගමයේ ලිපි ශීර්ෂයක නිර්දේශයක් යවා ඇත්තේ සංගමයේ විධායක සභාවේ අනුදැනුමකින් තොරව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට නීතිඥ සංගමය අධිකරණ සේවා සංගමයට පොරොන්දුවී ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් අතර අද (5) පැවැති සාකච්ඡාවක දී මේ බව දැනුම් දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික නිලවරණයේ තේරීම් බාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) එකඟ වූයේ ආර්.කන්නන් මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැන්වීමේ කොන්දේසිය මතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, ඔය සංගමේ සභාපති තනි මතයට මේ පත්කිරීම ඉල්ලා හිටියයි කියමුකෝ. ඒත් අනිකුත් බලධාරීන් ඒකට තමන්ගේ අනුමැතිය දීල නේ අවසානයට ජනාධිපතිතුමා ලඟට යෝජනාව ගිහින් තියෙන්නේ. කාගෙද වැරැද්ද?