අභාවප‍්‍රාප්ත මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය අද (2) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
‘‘ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ගේ අතීතීය ,වර්තමානය හා අනාගතය ’’ මැයෙන් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති සහකොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ගුණ සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීය.
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වශයෙන් සේවය කළ අවදියේදී මෙරට මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහිවූවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ කෝදාගොඩ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධීපතිවරයා වශයෙන් සය වසරක් පුරා කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහැදුරුතුමා වෛද්‍ය විද්‍යාවට වගේම සිංහල භාෂාවටත් මහා මෙහෙවරක් කළ පඬිරුවනක් (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පඬිරුවනක්". (නි)
මෙතුමා වගේම මෙතුමාගේ පුතත් ඉතාම දක්ෂයෙක්. මෙතුමාගේ පුතාට වෛද්‍ය විද්‍යාව හා නීතිය යන අංශ දෙකෙන්ම උපාධි තියෙනවා. (ම)