( සුමිත් පොතුපිටිය)
මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පවසයි.
බලපිටිය, අම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි රසික ඩිලාන් නමැති ධීවරයෙකු මෙසේ මුහුදට වැටී ඇති බව සදහන් වේ.
ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු එහි හිමිකරුට දැනුම් දී ඇති බවත් ඥාතීන්ට දැනුම් දීමෙන් පසු බේරුවල පොලිසියට පැමිණිලි කර ඇති බවත් සදහන් වේ.
හරිනි දුව 2 නමැති බහුදින යාත්‍රාවෙන් ඊයේ (25) රාත්‍රී 7.55 ට පමණ බේරුවල ධීවර වරායෙන් ධීවරයින් හය දෙනකු මුහුදු ගොස් ඇත.
බහු දින යාත්‍රාවේ රැඳී සිටි යාත්‍රා ක්‍රියාකරු ඇතුළු අනෙක් ධීවරයින් පස්දෙනා ගැඹුරු මුහුදේ සොයා බලා ඇති නමුත් හමුව නොමැති බවද සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd