(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව සහ කැනඩාවට යාමට සැඟවී සිටියදි පුත්තලම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසුරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙසැම්බර් 6 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අද(27) නියෝග කෙරිණි.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුහුදු මාර්ගයෙන් රහසේ ඕස්ට්‍රේලියාව සහ කැනඩාවට රැකියා සඳහා යාමේ අරමුණින් පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ උත්සව ශාලාවක රහසේ සැගවි සිටි යාපනය, මන්නාරම, පුදුකුඩිරිප්පු , ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසකි.
අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි මෙම සැකකරුවන් මත දෙකක් පළ කර තිබුනද පසුව අනාවර්ණය කර ගෙන තිබුනේ මොවුන් පුත්තලම ආසන්න ප්‍රදේශයක මිනිස් ජාවාරම මෙහෙයවන තැනැත්තෙකු සමග රහසේ රැකියාවන් සදහා ධිවර යත්‍රා මගින් රටින් පැන යාමට පැමිණ සිටි බවයි. අත් අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 16 ක ලාබාල පිරිමි දරුවකු සමග 50 හැවිරිදි ඔහුගේ පියාද සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හැර යන අයට යන්න දීපල්ලා .....මොකද මෝඩ චුන් පාලනයෙන් රටට වෙන සුගතියක් නැතිබව බොහෝ දෙන දන්නා නිසා
කොහොමහරි පැන්නොත් ගොඩ!