සුමතිපාල දීයගහගේ
හබරාදුව කොග්ගල සහ තල්පේදී අද දවල් මුහුදේ නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
කොග්ගල මුහුදේ නාමින් සිටි 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක මුහුදේ නාමින් සිටින විට රල පහරකට හසුවී ගසා ගෙන යන විට ජීවිතාරක්ෂක භටයින් විසින් එම කාන්තාව බේරා ගෙන රෝහල් ගත කර තිබේ. නමුත් ඇය මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
තල්පෙ මුහුදේ නාමින් සිටි 53 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකුද රල පහරකට හසුවී ගසා ගෙන යන විට ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබ රෝහල්ගතකර ඇතත් එම විදේශිකයාද මිය ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
මිය ගිය විදේශිකයින්ගේ මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ජීවිත. මොවුන් විපතට පත් වෙන්න කලිනුයි අවදානමින් වළකා ගත යුතුව තිබුනේ. සංචාරක ව්‍යාපාරයේ හෙටක් ගැන හිතන අය මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.