(තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.
මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් අතර පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.
නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියේ ය. ඊයේ (13) දිනය වන විට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ.
මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ් ඇමෙරිකා පුවත් සේවය පවසන්නේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසී යනු ඇත.
කාලයක් නැතුව හිටිය දැන් ආයෙත් පටන් අරන් වගේ
ඇවන්ට් ගාඩ් නැති අඩුව !
ඇවන්ගාර්ඩ් අයින් කරලා නාවික හමුදාවට දුන්න නේද ආරක්ෂාව. රැකියා නැතිවුණු අය රක්න ලංකා ඇවන්ගාර්ඩ් දෙකේම කීයක්ද? ඔවුන් ඉන්නකාලේ මුහුදු මංකොල්ල කාරයොන්ට අසුඋනේනැහැ.
ඇවන්ගාඩ් සමාගමේ ක්‍රියාකාරීත්වය තිබුණා නම් අද ඔය සිද්ධිය වන්නේ නැහැ.
ඔය හරියේ ආරක්ෂාවට සිටි ආරක්ෂක සේවය දැන් කෝ?
සමහරක් හිතාගෙන ඉන්නේ නාවික හමුදාවට වඩා අවන්ගාර්ඩ් ලොකුයි කියලද.