(සනත් ගමගේ)

හුංගම කළමැටිය මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි සිසුන් තිදෙනාගෙන් දෙදනකුගේ සිරුරු අද (31) කළමැටිය පැරණි මාදැල් ධිවර තොටුපල අසලින් ගොඩට ගසා ඇතැයි පොලීසිය කියයි.

මෙසේ මුුහුදේ ගසාගෙන ගොස් මියගොස් සිරුරු ගොඩට ගෙන ඇත්තේ හුංගම තුඩුව පදිංචි ඩබ්.ජී හසිඳු කැලුම් (19) සහ ආර්.පි කුෂාන් දිලුක්ෂ(13)  යන අය බව හඳුනාගෙන ඇති බවද පොලීසිය කියයි.

එක් අයකුගේ සිරුරු මෙතෙක් සොයාගැනිමට නොහැකිවී ඇත.

මෙම දරුවන් තිදෙදෙනා පවුලේ වැඩිහිටියන් සමඟ කළමැටිය මුහුදේ වෙසක් පෝයදා (30) හවස දියනෑමට ගොස් ඇති බවත්, කච්චිගල් ආර මෝය කට ආසන්නයේ මුහුදේ දියනාමින්  සිටි අවස්ථාවේ දි මුහුදු රළට හසුවී ගසාගෙන ගිය බවත්, හතර දෙනෙක් ගසාගෙන ගිය අතර එක් කෙනෙක් ගොඩ ගසාගෙන ඇවිත් අනික් තුන්දෙනා මුහුදට ගසාගෙන වේගයෙන් ගිය බව දියනෑමට එක්ව සිටි සිද්ධිය ඇසින් දුටුවකු සඳහන් කලේය.