මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය.
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන මහතීර් මොහොමද් මේ වනවිට 92 වැනි වියේ පසුවෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දශක ගණනාවක් මුළුල්ලේ එරට බලය හොබවන බරිසාන් නැෂනාල් සන්ධානයට අභියෝග කරමිනි. එම පක්ෂය මැලේසියාව නිදහස ලැබූ 1957 වසරේ සිට බලයේ පසුවෙයි.
දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසු මහතීර් මොහොමද් විපක්ෂයේ කටයුතු කළේය. මහතීර් මොහොමද්ගේ ප්‍රතිවාදියා වූයේ අගමැති නජීබ් රාසක්ය. නජීබ් රසාක්ට දේශපාලන ගුරුහරුකම් කියා දී ඇත්තේ මහතීර් මොහොමද්ය. කෙසේ වෙතත් නජීබ් රසාක්ට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පරාජයෙන් පසු මෙතෙක් ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැත.
තම සන්ධානය ‘නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනවා’ යැයි ජයග්රහණයෙන් පසු මහතීර් මොහොමද් කීවේය.
මහතීර් මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘පකතාන් හරපාන්’ පක්ෂය ප්රමුඛ ‘බලාපොරොත්තුවේ සන්ධානය’ නැමැති සන්ධානයෙනි.
ඒ.එෆ්.පී/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට රනිල්ට හරි මහින්දට හරි ගෙදර යන්න හිතෙනවද?
මෙතුමා බලයේ ඉන්න කාලයේදී තමන්ගේ විරුද්ධවාදීන්ට සලකපු ආකාරය මතක් වෙනවා.
මෙන්න නායකයෝ...
ලෝකෙටම හොඳ ආරංචියක්.
පිම්පියෝ රට පාලනය කරන විට ඒ රට අනතුරේ වැටෙනකොට තම මවුබිම අනතුරේ නිසා රටට ආදරේ ජනතාව තමන් දන්නා හොදම හිටපු නායකයා හොයාගෙන යනවා. සමහරු කලබල වෙන්න එපා. මම මේ කියන්නේ මැලේසියාව ගැන.
මහින්ද මහත්තයත් මේ නිව්ස් එක දැකල තවත් ටිකක් තිරිහන් වෙනවා. එයාට තවම 72 යි 2020 දී 74 යි. මහතීර්ගේ රෙකෝඩ් එක කඩන්න මහින්ද මහත්තයට අනිවාර්යයෙන් පුළුවන් 2040 දී.
මැලේසියාවේ අගමැතිට මෙම පරාජය අත්වීමට බංගලාදේශයේ රෝහින්ග්‍යා ත්රස්තවාදීන් මැලේසියාවට ගෙනත් එරට පුරවැසිභාවය ලබාදීම එක හේතුවක්. එයට මැලේසියාවේ බොහෝ මුස්ලිම් මිනිස්සු පවා විරෝධය පෑවා. බොහෝ පිරිසිදු පරිසරයක් ඇති මැලේසියාවේ රෝහින්ග්‍යා ත්රස්තවාදීන් අපිරිසිදු කිරීම... උත්සන්න වන මුස්ලිම් අන්තවාදය මැලේසියාවේ ආරක්ෂාව අනතුරකට ලක් කිරීම මෙම පරාජයට හේතුවක්. මැලේසියාවේ ජීවත්වන චීන සම්භවයක් සහිත ජනතාව, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතික ජනතාවගේ දීර්ඝ කාලීන විරෝධය රසාක්ගේ පරාජයට හේතුවක්...