මුහුණු පොතෙන් යාළු වී උපන් දිනයට රන්බඩු පාර්සලයක් එවන බව පවසා බදුල්ලේ විවාහක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 43ක මුදලක් වංචා කළ බව කියන නයිජිරියා ජාතික 22 හැවිරිදි තරුණයකු බදුල්ල පොලිසිය විසින් පෙරේදා (8) මාලබේ දී අත්අඩංගුවට ගෙන අද (09) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත් රසාංජන ජයසේකර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාලබේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබමින් සිටි 22 හැවිරිදි ශිෂ්‍යයකු වන බෙන්සන් ඬේවිඩ් නමැත්තෙකි.
මෙම සිද්ධියේ පැමිණිලිකාරිය බදුල්ල, කනුපැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක බවත් ඇයගේ සැමියා විදේශගත වී සිටින බවත් පොලිසිය කියයි.
කාන්තාව මුහුණු පොත (ෆේස්බුක්) හරහා මෙම නයිජීරියා තරුණයා හඳුනාගෙන ඇති අතර දෙදෙනා වීඩියෝ ඇමතුම් මගින් නිතර සංවාදවල යෙදී දැඩි මිත්‍රත්වයක් ඇතිකරගෙන තිබෙන බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නයිජීරියාවේ රන් බඩු ඉතාමත් හොඳ තත්ත්වයේ ඒවා බවත් ඒවා ලාභ බැවින් කාන්තාවගේ උපන්දිනයට රන්බඩු කට්ටලයක් ත්‍යාග වශයෙන් ලබාදෙන බවත් තරුණයා ප්‍රකාශ කර ඇති අතර කාන්තාවද එයට සිය කැමැත්ත පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇය වෙනුවෙන් මිලදී ගත් බව ප්‍රකාශ කරමින් තරුණයා මුහුණු පොත ඔස්සේ ඇයට ස්වර්ණාභරණ කට්ටලයක් පෙන්වා මෙම රන්බඩු නයිජීරියාවේ සිට ලංකාවට එවීමට විශාල බදු මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඒ සඳහා තමාට මුදල් අවශ්‍ය බව පවසා ඇතැයි කියති.
ඒ අනුව මෙම කාන්තාවට තරුණයා ලබාදුන් ගිණුම් අංක තුනකට පසුගිය දෙසැම්බර් මස 15-18 අතර කාලය තුළ වරින්වර රුපියල් 43,60,000ක මුදලක් බැරකර ඇතත් තරුණයා ඇගේ උපන්දිනයට තෑගි කිරීමට පොරොන්දු වූ රන් බඩු එවා නොතිබිණි. කාන්තාව මේ පිළිබඳව සොයා බැලීමේදී තරුණයා ඔහුගේ මුහුණ පොතෙන්ද ඇය ඉවත්කර තිබිණියැයි පැවසේ.
තමන් වංචාකරුවකුට හසු වූ බව දැනගත් කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පරීක්ෂණ පවත්වා මෙම තරුණයා මාලබේ ප්‍රදේශයේ දී පෙරේදා (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම තරුණයා කාන්තාවට මෙසේ වංචාවක් කර ඇත්තේ නයිජියාවේ සිට නොව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවේදී බවද පොලිසිය පවසයි.
සැකකරු ඇයගෙන් රුපියල් ලක්ෂ 43ක මුදලක් වංචා කළ බවට කාන්තාව පැමිණිලි කර තිබුණත් ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබුණේ රුපියල් ලක්ෂ 18ක මුදලක් බව පොලිසිය කියයි.
බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාවට මෙහෙම වෙලා මදි! විදේශගතව සිටින සැමියාට තියෙන්නේ වහාම ආපසු පැමිණ ඇයට නිසි දඬුවම් ලබාදීමයි. (නි)
මැදි වයසේ ඇන්ටිලාට මොනවා වෙලාද මේ? (නි)
මේ තරුණයා අධ්‍යාපනය ලබමින් සිටි මාලඹේ පුද්ගලික අධ්‍යාපන ආයතනය මොකද්ද? (නි)
බමුණුආරච්චි, ඔය වගේ දේකට දික්කසාදයට යනවා නම්, කවදාවත් කාන්තාවක් එක්ක පවුල් කන්න වෙන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ, තමන්ගේ නොහැකියාව මිස අන් කිසිවක් නෙමෙයි. (නි)
මොන බොරුද, මදන විසේ ගහලද කොහෙද. (බ)
හොඳ පාඩමක් තමන්ගේ ස්වාමියා හම්බකරන සල්ලි නොදන්නා මුහුණු පොතේ ඉන්න හොරුන්ට දුන්නට. සල්ලිත් නැහැ පවුලත් ඉවරයි (බ)
මැයට උපන්දිනේට දෙන්න ඕනේ අන්තට්ටුවක් (බ)
මෙහෙමත් හරක් ලංකාවේ ඉන්නවා ද ? (බ)
රත්තරන් වලටත් වඩා මේ ගෑණිට වෙන විසයක් තියෙන බව පැහැදිලියි. අහල පහල ගැහැනුන් තම ස්වාමියන්ව පරිස්සම් කර ගන්න.(බ)
කාන්තාවක් කියන්න බැහැ ගොන් ගහක් කියනවා හැර. (බ)
ටෙනිසන්, දඬුවම ලැබෙන්නේ පිටරට ඉඳන් මුදල් ඉපයූ මිනිහගෙන් (නි)
මේ මනුස්සයා වයස 22 දී මෙහෙම රවටන්න දක්ෂ නම් මිනිහා විතර ලංකාවේ දේශපාලනේට සුදුස්සෙක් තවත් නැහැ. ඔය වැලේ වැල් නැති පක්ෂෙකට බඳවා ගත්තොත් හය මාසෙන් ගොඩ ගනියි. (නි)
මිලානෝ වල පිටිගලට මේ වගේ දේවල අත්දැකීම් තියනවා වගේ (නි)
පොදුවේ ඕනෑම දෙයකදී රැවටෙන අය ඉන්නකම් රවටන අයගෙන් අඩුවක් නැහැ. ඒකනේ යන්ත්‍ර මන්ත්රකාරයෝ, පේන-ශාස්ත්‍ර කියන උදවිය, ජ්‍යොතිෂ්‍යය බලන පප්පලා, වගේ අයගෙන් අඩුවක් නැත්තේ (නි)
අනේ මෙහෙම මෝඩ ගැහැණු! (නි)
කාන්තාව ගැන කළකිරෙමි (නි)
ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් පමණි. දැනුම මනින්න බැහැ එ්කෙන්. මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නවද (නි)
ෂික්! ලංකාවේ කියන්නත් ලැජ්ජයි. මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද (නි)
මොන මෝඩයද එච්චර සල්ලියක් කවදාවත් නොදැකපු මිනිහෙකුට දෙන්නේ. (නි)
හොඳ වැඩේ සැමියාගේ සල්ලි වලින් විනෝද වෙන්න ගියාට (නි)
මොළේ තමා මොළේ! (නි)
තම ස්වාමියා දුක්මහන්සියෙන හම්බ කරලා එවන මුදල කිසිම පැකිලීමකින් තොරව සිය විනෝදය පිණිස යොදවන ස්ත්‍රීන් (නි)
මොකටද එක අතකට නඩු කියන්නේ? කාන්තාවගේ මෝඩකමට හොඳ දඩුවම. අනෙක් අතට හොඳ පාඩමක් (නි)
හුසේන් මොහමඩ් -රියාද් ඔබ පිටරට ඉඳන් හම්බකරපු සල්ලි ඔබ ගෙදර යනවිට ඒ ගැහැණිය වෙන මිනිහෙකුට දීල තිබුනොත් ඒ ගැහැනියව තවත් තියා ගන්නවද. එ් ගැහැනියගෙන් ඇතිවැඩේ මොකක්ද? මෝඩ කතා කියන්න එපා. (අ)
මෙයා මගේ බිරිඳ නම් මෙයාව මම වහාම දික්කසාද කරලා (නි)
මේ වගේ මෝඩ තකතීරු ගැහැනියක් විසිකරලා දාන්න බැරිනම් එක තමන්ගේ නොහැකියාව මිස අන් කිසිවක් නෙමෙයි. (අ)