උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද ප‍්‍රකාශ කෙළේය. ඒ අනුව අනුරාධපුර ”අපි පුරවැසියෝ” සංවිධානය ගොනු කළ පෙත්සම ඉවත දැමිණි. මහජන දේපළ අනිසි ලෙස භාවිතා කරන පිරිස් මහජනතාව විසින් ගල් ගසා පන්නා දැමිය යුතුයි. වගඋත්තාකාර නිලධරයන් අමතමින් පැවසූ විනිසුරු රජයේ නිලධරයන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නේ නම් මෙවැනි ප‍්‍රශ්න මතු නොවෙතියි ද අවධාරණය කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි? (නි)
ගල් ගසා රටින් පන්නා දැමිය යුතුය. (නි)
ඉතිං දන්නවා නම් කියන්නකෝ. (නි)
කුමාර මහත්තයා ගල් ගැන දන්නවාද?(නු)
කාටද අප්පා මේවා කියන්නේ? (නි)
ඔහොම පැන්නුවොත් පාර්ලිමේන්තුවේ පුටු විතරයි ඉතුරුවෙන්නේ .(අ)
යමෙක් රජයේ දේපළ කමින් සිටියදී ගල් ගසා ඔබතුමා හමුවට ඉදිරිපත් කළහොත්, මොකද කරන්නේ? (නි)
එහෙනම් සෑහෙන්න පිරිසකට ගල් පහරවල් කන්න වෙයි. (නි)
අයියෝ අයියෝ! (නි)
ඒ කියන්නේ ගල් ගහන්න නීතියෙන් අවසර තියෙනවද? (නි)
මෙතුමා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන උත්තමයෙක්. (නි)
ඔහොම පැන්නුවොත් කවුද ඉතුරු වෙන්නේ..(ස)
විනිසුරුතුමා කියන විදියට කටයුතු කිරීම තමයි ඒ පැත්තෙ ජනතාව දැන් කරන්න ඕනෑ. (නි)
කාට තාටත් ගල් පහරවල් වදිද්දි තේරෙයිනේ. (නි)
වචන වලට පමණක් සීමා නොවුනොත් හොදයි. (නි)
අනේ අපේ මැති ඇමති වරු පව් (ස)
මාර තර්කයක්නේ. මැතිවරණ නීති රටේ නීති නොවෙයිද ඒ කියන්නේ? මහාධිකරණය ලංකාවේ ව්‍යවස්ථාපිත අධිකරණයක් නොවෙයිද ? (නි)
අනේ අපේ මුදල්? (නි)
එහෙනම් ඉතින් ඔක්කොම ගල් ගහලා පන්නන්න වෙනවා. රජයේ දේපල අයුතු ලෙස පරිහරණය උග්‍ර අපේ රටේ සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකිද ? (නි)
ජය වේවා! (නි)
එතකොට ගල් ගැසූ අය නීතිය ඉදිරියට ගේනවද ආයිබෝවන්? (නි)
ගල් ගැහුවොත් අපිට වෙන්නේ ඉතින් ඊටපස්සේ කූඩුවේ කූරු ගනින්නනේ (නි)
ඒක තමයි. පන්නලා දාන්න. (නි)
ඔබතුමාට මගේ ආචාරය..(ස)
ගල් ගහල මදි..(ස)
ගල් ගසා පන්නන්න පුලුවන් නම් පොලිසිය, අධිකරණය මොකටද මහත්තයෝ? (නි)