(සුජිත් හේවාජුලිගේ )
පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් ) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
තමා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.
විජේසේකර මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමිනි.
ජනක රත්නායක මහතා එම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පරීක්ෂණ මොන එහෙකටද? එතුමා සියලු ලිඛිත සාක්ෂි සහිතව තමයි ඒ දේවල් ඔප්පුකොට සිටියේ. සමහර දෙනාගේ රෙදි ගැලවුණා සත්‍ය හෙලිකිරීම ඉදිරියේ...