පොලොන්නරුවේ ජයන්තිපුරයේ ඉපිද ඇමරිකාවේ පුරවැසිභාවය ලැබූ මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් යුනෙස්කෝ සංවිධානයේ ඇමරිකා කොමසාරිස්වරයකු ලෙස රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පත් කරනු ලැබීය. මෙම තනතුරේ වගකීම වන්නේ යුනෙස්කෝ හා බැඳුණු කටයුතුවලට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දීමය. මොහු අවම වශයෙන් ඉදිරි වසර තුනක් මේ තනතුරේ සේවය කරයි. අධ්‍යාපනඥයකු තානාපතිවරයකු ගත්කතුවරයකු හා රාජ්‍ය සේවයේ විධායකයකුවන ඔහු බෙන්ජමින් පුදක්ලින් සම්මානයෙන්ද පුද ලද්දේය.
ඇමරිකාව නියෝජනය කරමින් මේ තනතුරට පත් වූ ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා මොහු වන අතර මෙම පත්කිරීමට පෙර ඔහු ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා විෂය ඉගැන්වූ මහචාර්යවරයා විය. එමෙන්ම මොහු වර්ජිනියා හි ජෝර්ප් මේසන් විශ්ව විද්‍යාලයේ මහජන හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි. තවද, ඔහු යේල් හා මේරිලන්ඞ් යන විශ්ව විද්‍යාලවලද සේවය කර ඇත.
ලෝ සුපතල මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් මහතා ජාත්‍යන්තර රාජ්‍ය ආයතන ගණනාවක සම්මාන සාමාජිකත්වය දරන අතර ඔහු ලෝක සම්මාන ගණනාවකටද හිමිකම් දරයි.
විකීපීඩියා විශ්වකෝෂය මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස්ගේ නව පත්වීම පිළිබඳව පිටුහයක විස්තරයක් පළ කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්ඩිස් මහත්තයෝ ,අපිට ඔබ ගැන ආඩම්බරයි.... (ස)
ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්.(නු)
විශිෂ්ඨයි.. මට ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන..!(නු)
ඔබ රටට ආඩම්බරයක්. සුභ පැතුම් (දී)
අපේ ස්කොලේ මෙන්ඩිස් මහතාට සුබ පෙතුම් (දී)
ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්. (දි)
ඔබට සුභ පැතුම්..... සිංහලයන් බොහෝ ප්‍රමාණයක් ඇමරිකාව වැනි රටවල ධනවත්ව හා බලවත්ව හිටියානම් අද රටට ප්‍රශ්න ගොඩක් නැ..... හොඳම උදාහරණය ඊස්‍රායේලය (දී)
ඔබට සුබ පැතුම් . (දී)
සුබ පැතුම් විද්දවතාණෙනි, වැඩවලින් ඔබ බැබලුනා
අර්චාර්ය මහාචාර්ය වරු ලංකාවෙත් වැහි වහල ඉන්නේ .පදුරකට ගැහැව්වත් විසි වෙන්නේ අර්චාරය මහාචාර්ය වරු . (දී)
පුංචි උනත් හරිම සරයි ගම්බිරිස් ඇටේ (දී)
අපි ඔබ ගැන ඉතාම ආඩම්බර වෙමු.. මක් නිසාද යත් අපි ශ්‍රී ලංකිකයෝ.. ඒ වගේම ඔබත් මාත් පොලොන්නරුවෙ වීම ගැන!!(නු)
සුදුස්සාට සුදුසු තැන (දී)
ගොඩාක් සතුටුයි.... නිකමට වගේ ගම් පළාතෙත් ඇවිත් ගියොත් නරකද? (නි)
ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඇමරිකාවට සේවය කිරීමට සිදුවීම ගැන කණගාටුයි..!!(නු)
බොහොම ආඩම්බරයි.. නමුත් මේ තනතුර දීපු කාන්තාව ගැන සැළකිලිමත්ව ඉන්න. අපේ රටට විරුද්ධව ඔබව මෙහෙයවන්න පුළුවං... (නු)
ශ්රී ලාංකිකයෝ හැටියට අපි ඔබ ගැන සතුටු වෙනවා. ඔබට ජය වේවා (දී)
ඔබ අපේ රටට වගේම අපේ ප්‍රදේශයටත් ලොකු ආඩම්බරයක්.. පොලොන්නරුවෙ අපි ඔබ එනකං බලාගෙන ඉන්නවා.. අපේ සුභ පැතුම්..!!(නු)
කෝ අරයා ????????? (ස)
නමුත් අමතක කරන්න එපා මේ ඔබේත් මගේත් රට සහ ගම්මානය.. රටට සහ ලොවට හොද දෙයක් කරන්න..(නු)
මානම් සතුටු වෙන්නෙ ඔබ තුමා ලාංකිකයෙකු වීම ගැන... ඔබගේ සේවය අපේ රටට අවශ්‍යව ඇත. පොලොන්නරුව වගේ දුෂ්කර පලාතක අධ්‍යාපනය ලබාගෙන ඔබතුමාට මේ තරම් ඉහළට යාමට හැකිවීම ගැන අපි පොලොන්නරැවෙ වැසියන් වශයෙන් ගොඩක් සතුටු වෙනවා..අපි ඔබතුමාට සුභ පතනවා.. බුදුසරණයි..!! ලංකාදීප ඔබසැමටත් ස්තුතියි...!! (නු)
පව් අහිංසක මිනිස්සු. (දී)
ඔබ ඇමෙරිකානු ජාතිකයෙක් වුවත් ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේය. (නි)
ගැමිකම අමතක නොකර ගමරට අවිත්යන්න (දී)
ආඩම්බරයි , සතුටුයි. එත ඔබ තුමා ලංකාවේ දේශපාලනයට සම්භන්ද වෙන්න එපා. විනාශ වෙනවා සිකුරුයි.(දී)
සුසන්ත, හඳ දිහා බලන් තමන් ළඟ ඇති පහනට පයින් ගහන්න එපා 'ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩයි මිනිසා' ඒ ඔබ වගේ අයයි. (නි)
මෙන්ඩිස් මහත්තයෝ බලල්ලු ලව්ව කොස් ඇට බාවන කතාව අසුවේ කුඩා කාලෙනේ. අමතක කරන්න එපා ඔක දීපු නෝනා ගෙන් පරිස්සමෙන් (අ)
මොනාද මෙයාට කරන්න තියෙන්නේ. උපදෙස් දෙන්නේ මොනවාටද? (අ)
මේ වගේම උගත් කීර්තිමත් ශ්‍රී ලංකික පුතුන්ගෙ ප්‍රසංශනීය සේවය රටට හිමි වෙලා.. දිනෙන් දින දියුණුවේවා..!! ඔබතුමා විදේශයක හිටපු නිසා තමයි ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍රවුණේ.. ලංකාවෙ හිටියනං කිසි දියුණුවක් නැහැ.. මඩ ප්‍රචාර විතරක් තියෙයි.. ඉතාම ආඩම්බරයි ඔබ ගැන.. බුදු සරණයි..!!(නු)
බොහොම සතුටුයි . උපන් රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නම් අපිට තවත් ආඩම්බර විය හැකියි.....(ස)
ඔබ ගැන අපට ආඩම්බරයි..(ස)
සුභ පැතුම් සර්....(ස)
අයියෝ ඔහෙට වෙලා ඉන්නේ එන්නකෝ ලංකාවට....(ස)
පොළොන්නරුව ජනතාව ඔබ එනතුරු බලා හිඳී ....(ස)
ඔබ අපේ රටට ආඩම්බරයක් . අපේ උණුසුම් සුභ පැතුම්..(ස)
වැඩ කරනකොට තැන ඉබේම එනවා .(ස)
සුභ පැතුම් අපෙන්! (නි)
ඇයි ආයේ ලංකාවට එන්න කියන්නේ ...මෙහේ උගතුන්ට තැනක් නෑ නේ..!!! (ස)
ඔබතුමාට මගෙ ප්‍රණාමය.. ලංකාවෙ ඔයා වගේ දෙයක් ලැබෙන එකක් නම් නැහැ.. (නු)
ඉෂාන් පොළොන්නරු වැසියන්ගේ ආචාරය ඔබට නිසැකවම හිමිවෙනවා..!!(නු)
අනේ ලංකාවට නම් එන්න එපා. (නි)
උණුසුම් සුභ පැතුම් .. නිදහස් අධ්‍යාපනයෙන් ලද වරමෙන් අපේ මව්බිමටත් ඔබගේ සේවය අවශ්‍යයි.. ඔබ අපේ රටට ආඩම්බරයක්!! (නු)
ලාංකිකයන්ට ආඩම්බරයක්, ඔබට සුභ පැතුම්...(ස)
අපේ සුජිත් ආචාර්යයට මේ වගේ තණතුරක් ලැබුණොත් කොහොමද? අපිට ඉන්නම ලැබෙන එකක් නැහැ..(නු)
සුභ පැතුම් මහත්මයාණෙනි! (නි)
අපි ලාංකිකයන් විදියට ඔබ ගැන ආඩම්බර වෙමු. (නි)
ඔක්කොම පිට රටට තමයි ඉතිං. ලංකාවෙ උගතුන් මෙහෙම නිසා තමයි මේ රට හැමදාම අගාධයට යන්නෙ. නිදහස් අධ්‍යාපනය තුලින් උගෙන රට අමතක කරන අයට හොඳක් නම් වෙන්නේ නැහැ. (නි)
ඇමෙරිකාව දැන්ද අපෙන් උපදෙස් ගන්නේ? (නි)
මෙනක නියමයි.... (ස)
මෙන්ඩිස් මහතාණෙනි.....ඔබ අපිට ආඩම්බරයකි....ජාත්‍යන්තරයෙන් අපේ පුංචි මව්බිමට එන බලපෑම් ගැනත් සිතන්න..... (ස)
මෙන්ඩිස් මහතාණෙනි ඔබ අපට ආඩම්බරයකි.. ජාත්‍යන්තරව අපේ පුංචි මුතුකැටයට එන බලපෑම් ගැනත් සිතන්න..!!(නු)
හිස නමා ආචාර කරමි උත්තමයානෙනි, ශ්‍රී ලාංකිකයකු වීම ගැන ආඩම්බරයි.. !!(නු)
ඔබ වැනි උගතුන්ගෙන් වැඩ ගැනීමට ලංකාවෙ අයට නොහැක. (නු)
බුද්ධි ගලනය නිසා රටට අත්‍යාවශ්‍ය කෙනෙක් ඇමරිකාවෙ...(නු)
අපිට ඔබ ගැන ආඩම්බරයි සොයුර... සුභ පැතුම්...!!(නු)